Academy of Soft Skills Sri Lanka

Academy of Soft Skills Sri Lanka

Share

Our institute is dedicated to providing specialized educational support for children and families.

We offer tailored programs for homeschooling and learning difficulties with a strong commitment to fostering individual well-being and success.

23/09/2025

දරුවන්ට ඇතිවිය හැකි ඉගනීමේ අපහසුතා

අද ඉදලා මම මේ ලිපි පෙළින් ලියන්නේ දරුවන් අතර දකින්න පුලුවන් ඉගැනීමේ අපහසුතා සහ දෙමව්පියෝ සහ ගුරුවරු හැටියට අපි ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය.
මුලින්ම බලමු මොනවද දරුවන් අතර අපි නිතරම දකින්න ඉගැනීම හා සම්බන්ද අපහසුතා කියලා.

1. Dyslexia/ ඩිස්ලෙක්සියා

මේ කියන්නේ කියවීමේ අපහසුතා ගැන. ඩිස්ලෙක්සියා ඇති දරුවන්ට අකුරු හඳුනාගැනීමට, වචන ශබ්ද නගා කියවීමට, හෝ කියවූ දේ අවබෝධ කරගැනීමට අපහසුයි. මේ අපහසුතාව ඇති දරුවන්ට සමහර වෙලාවට කියවන්න ඉගන ගන්න එයාලගේම වයසේ අනික් දරුවන්ට වඩා වැඩි කාලයක් යන්න පුලුවන්.
හැබැයි කාලයත් එක්ක එයාලාට නිවැරදි උපකාර ලැබුනාම එයාල කියවන්න, කියවන දේවල් තේරුම් ගන්න ඉගන ගන්නවා, හුරු වෙනවා.

2. Dysgraphia/ ඩිස්ග්‍රාෆියා

මෙතනදි අපි කතා කරන්නේ ලිවීමේ අපහසුතාව ගැන. මේ වෙලාවෙදි දරුවන්ට අකුරු ලියන්න, එයාලගේ සිතුවිලි වචන වලට හරවලා ඒවා ලියන්න, නිවැරදි spellings ලියන්න අපහසු වෙන්න පුලුවන්.

3. Dyscalculia/ ඩිස්කැල්කියුලියා

මේ කියන්නේ ගණිතයේදී, අංක භාවිතයේදී ඇතුවන අපහසුතා. අංක සහ ගණිත සමීකර්ණ තේරුම් ගැනීම සහ මතක තබා ගැනීම අපහසු වීම, ගණිත ගැටලු විසදීම සහ ඒ හා සම්බන්ද තොරතුරු මතකතබා ගැනීම අපහසුවීම, වෙලාව කියවීම හෝ මුදල් ගණනය කිරීම අපහසු වීම ඩිස්කැල්කියුලියා තත්වයේදී අපිට දකින්න පුලුවන්.

මම මෙතන ලියලා තියෙන්නේ නිතරම අපිට දකින්න ලැබෙන අපහසුතා කීපයක් ගැන විතරයි. මේ ඇර ඉගනීමේ කටයුතු වලට අවදානය ලබාදීමේ සහ පාඩම් මතක තබාගැනීමේ අපහසුතා දකින්න පුලුවන්. මේ හැම දෙයක්ම ගැඹුරින් හරියට දැන ගත්තොත් තමයි අපිට අපේ දරුවන්ට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම ලබා දෙන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම අපි හැමවෙලාවෙම මතකතියා ගන්න ඕනේ දේ තමයි ඉගනීමේ අපහසුතාවයක් තිබුන පලියට කිසිම දරුවෙක් අදක්ශයෙක් වෙන්නේ නෑ. මේ දරුවන්ව හරියට තේරිම් අරගෙන, ඉවසීමෙන් එයාලට ඕනේ වෙන උපකාර සහ කාලය දෙන්න පුලුවන් නම් මේ දරුවන්ට ජීවිතේ ලොකු දුරක් යන්න පුලුවන්.

Want your school to be the top-listed School/college in Brisbane?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Brisbane, QLD