11/08/2025
🙏🙏🙏
This is official social page of ISIWARA ASAPUWA ඉසිවර අසපුව
11/08/2025
🙏🙏🙏
09/15/2025
Blessings of Lord Ganesha bring peace and joy to all!😊 Wishing you a happy and prosperous Ganesha Chaturthi! 🙏🍃🐘
“Vakratunda Mahakaya Suryakoti Samaprabha
Nirvighnam Kuru Me Deva Sarva-Kaaryeshu Sarvada
09/15/2025
ඕනම් උත්සවය
ඕනම් යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය පුරාණ ජනප්‍රවාද, පොහොසත් සම්ප්‍රදායන් සහ සමාජයේ සාමූහික සතුට සමඟ ගෙතුණු අපූරු කලා නිර්මාණයකි. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දින දහයක් පුරා සමරන ඕනම්, මිත්‍යාමය රජෙකුට ගෞරව කරන, ස්වභාවධර්මයේ ත්‍යාග සමරන සහ මිනිසුන් එකමුතු කරන අස්වැන්න උත්සවයකි.
මහාබලි රජුගේ පුරාවෘත්තය
ඕනම් උත්සවයේ හදවත වන්නේ මහාබලි රජුගේ කතාවයි. ජනප්‍රවාදවලට අනුව, ඔහු තම රාජ්‍යයට සමෘද්ධිය සහ සමානාත්මතාවය ගෙන ආ සාධාරණ හා ත්‍යාගශීලී පාලකයෙකි. ඔහුගේ ජනප්‍රියත්වය වැඩිවීම නිසා, දෙවියන් පවා ඔහුට ඊර්ෂ්‍යා කළ අතර, ඔහුව පරීක්ෂා කිරීමට විෂ්ණු දෙවියන් වාමන බමුණෙකු ලෙස පැමිණියා. වාමනයා, පියවර තුනක් තබන්නට ඉඩ ඉල්ලූ විට, මහාබලි එකඟ වුණා. වාමනයා විශාල රූපයක් බවට පත් වී, තම පළමු පියවරෙන් මුළු පොළොවම සහ දෙවන පියවරෙන් මුළු අහසම ආවරණය කළා. තුන්වන පියවරට ඉඩක් නොමැති වූ විට, නිහතමානී මහාබලි තම හිස ඉදිරිපත් කළා. ඔහුගේ භක්තිය සහ නිහතමානීකම ගැන පැහැදුණු විෂ්ණු දෙවියන්, ඔහුට වසරකට වරක් තම රාජධානියට පැමිණ ජනතාව බැලීමේ වරමක් ලබා දුන්නා. ඕනම් යනු ඒ දිනයයි.
වර්ණ සහ රසයන්
ඕනම් යනු සංවේදනයන් පිනවන උත්සවයකි. හැමදාම මිනිසුන් තම නිවෙස් ඉදිරිපිට පූකාලම් නමින් හැඳින්වෙන මල් රටා නිර්මාණය කරන්නේ මහාබලි රජු පිළිගැනීමටයි. දවසින් දවස මේ නිර්මාණ වඩාත් විශාල හා සංකීර්ණ වනවා. උත්සවය අවසන් වන්නේ තිරුවෝනම් දිනයේදී, ඕනසද්‍යා නම් විශාල භෝජන සංග්‍රහය සමඟයි. එයට විවිධ නිර්මාංශ කෑම වර්ග 24-30ක් පමණ ඇතුළත් වන අතර, ඒවා කෙසෙල් කොළයක් මත පිළිගන්වනවා.
ක්‍රීඩා සහ සැමරුම්
ඕනම් උත්සවය එහි සාම්ප්‍රදායික ක්‍රීඩා සහ සංස්කෘතික අංග නොමැතිව අසම්පූර්ණයි. වල්ලම්කලී නැතිනම් සර්ප ඔරු තරග, ඇදහිය නොහැකි තරම් ආකර්ෂණීය දසුනක් වන අතර, ඒවා සංවිධානාත්මකව ජලය මතින් ලිස්සා යන ආකාරය දැකීම අතිශයින්ම සිත්ගන්නා සුළුය. තවත් වැදගත් අංගයක් වන්නේ පුලිකාලි නැතිනම් 'කොටි නැටුම'යි. මෙහිදී මිනිසුන් තම සිරුර කොටියෙකු මෙන් වර්ණ ගන්වා, රිද්මයානුකූල බෙර වාදනයට අනුව නටමින් ප්‍රේක්ෂකයින් වශී කරනවා.
11/26/2023
රාම රාවණා යුද්ධයේ ඇත්ත කතාව පැරණි පුස්කොලපොතකින් හෙළිවේ|රවණා රාමා එක්ක යුද්ධ කරලා නැහැ|ඉසිවර අසපු
රාම රාවණා යුද්ධයේ ඇත්ත කතාව පැරණි පුස්කොලපොතකින් හෙළිවේ|රවණා රාමා එක්ක යුද්ධ කරලා නැහැ|ඉසිවර රාම රාවණා යුද්ධයේ ඇත්ත කතාව පැරණි පුස්කොලපොතකින් හෙළිවේ|රවණා රාමා එක්ක යුද්ධ කරලා නැහැ|ඉසිවර අසපුවඉ...
11/19/2023
ජීවිතය වෙනස් කරන රහස් 7 ක්|mind programming |isiwara asapuwa|2023|universe ඉසිවර අසපුව Youtube Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී න.....
10/28/2023
අද වප් පුර පසළොස්වක පොහොය දිනයයි..!!!
වස්සාන කාලයේ පෙර වස් එළැඹුනු භික්‍ෂූන් වහන්සේ කුසල් දම් පුරා තෙමසකින් වස් පවාරණය කරන වප් පුර පසළොස්වක පොහොය වන්නේ අදයි.
සීමාමාලකයට රැස්වෙන උපසම්පදා කාලයෙන් අඩු වූ භික්‍ෂූන් වහන්සේ මධ්‍යයේ උක්කුටිකව වැඩ සිටින නායක තෙරණුවෝ විනය වාක්‍ය වදාරමින් පෙර වස් පවාරණය වන්නේ අද දිනයේ ය. “ඔබ වහන්සේලා මාගේ යම් වරදක් දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ එසේ නොවේ නම් මා ගැන යම් සැකයක් ඇත්නම් හෝ එය පහදා දෙනු මැනව. වරදක් සිදු වී ඇත්නම් එය සත්‍ය නම් වරද නිවැරැදි කර ගනිමි,යි” පොරොන්දු වන නායක තෙරුන් වහන්සේ රැස් වූ පිරිස මධ්‍යයේ වස් පවාරණය වන්නේ අද දිනයේ දී ය. මෙහිදී උපසම්පදාවෙන් කාලය අඩු වූ අනෙකුත් භික්‍ෂූන් වහන්සේලා ද ‘සංඝයා වහන්සේ පවාරේමි’…. යනුවෙන් තෙවරක්ම වදාරමින් වස් පවාරණය වන්නේ වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
බුදු වදනට අනුව ළඟම ඇසුරෙන් තම අඩු පාඩු සකසා ගත හැකි යැයි උදාන පාලියෙහි දැක්වෙන සප්ත ජටිල සූත්‍රයෙන් ද මාතිකමාතා කතාවෙන් ද සඳහන් වෙයි. සාකේත නුවර තිස්නමක් භික්‍ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසුව බුදුරදුන්ගෙන් බණ ඇසීමට කැමැත්තෙන් සැවැත්නුවර දෙව්රම් වෙහෙර වෙත වැඩම කළහ. මෙහිදී අතරමඟදී ඇද හැලුණු මහා වැස්සෙන් දැඩි අපහසුතාවයට පත් වූ භික්‍ෂූහු තෙත් බරිත වූ කසාවත් දරාගෙන සීතලයට ගැහෙමින් ක්ලාන්තව පසුවූහ. මෙයින් දැනුම්වත් වූ බුදුපියාණන් වහන්සේ ‘මහණෙනි, කඨිනය අනු දනිමි’ යි වදාළ සේක.
එදා බුදු වදන අදටත් සුරැකෙමින් පෙර වස් එළැඹී පවාරණය කරන භික්‍ෂූන් වහන්සේට කැප වූ කඨින චීවරය රැගත් පෙරහර ගම්වාසීන්ගේ සාධු නාදය මධ්‍යයේ ගම් නියම් ගම් කරා පිවිසෙන චීවර මාසයේ ආරම්භක පොහොය වන්නේ අදයි. වප් පුර පසළොස්වක පොහොය දිනයේ සිට ඇරැඹෙන එකුත් තිස් දිනය කඨිනාස්තරණ කාලය යැ’යි දේශනා පාඨයෙහි සඳහන් ය. කිඹුල්වත්පුර කෙත් යායෙහි නියර හා ලියදි පිහිටා ඇති රටාවට අනුව චීවරය සකසා ගත යුතු යැයි බුදු වදනෙහි සඳහන් ය. මේ උතුම් චීවරය පිදුම් දෙන දායකයා මෙන්ම භික්‍ෂූන් වහන්සේ ද ලබන කඨින ආනිසංස බලවත් යැයි පංචානිසංස විනයෙහි මහා වග්ග පාලියේ කඨිනාක්ඛන්ධකයෙහි සඳහන්ව තිබෙයි.
නාගිත මහරහතන් වහන්සේ තමා පෙර භවයක සිදු කළ කඨින පින්කමේ උසස් ආනිසංස බලයෙන් සසරේ ලැබූ සැප සම්පත් අපමණ යැ’යි නාගිතපදානයෙහි ද සඳහන් ය. එය ලොවුතුරු සැප උදාකරවන මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නොවන මහා මේරු පර්වතය මෙන් බලවත් ය. චණ්ඩ මාරුතයටවත් නොසෙල්වන ඒකඝන වජ්‍රපර්වතය මෙන් නොබිඳෙන අටමහා කුසල්වලින් බලගතුම පින්කම ය. දියමන්තියක් කපා දැමීමට එවැනිම දැඩි සේ සවිමත් දියමන්තියක් අවශ්‍ය සේම බලගතු ආනිසංස සහිත කුසල කර්මයක් යටපත් කිරීමට හැකි වන්නේ එවැනි ම බලගතු වූ ආනන්තරීය පාප කර්මයකට පමණය. සුළු පාප කර්මයන් වැළකීමට අවශ්‍ය බලගතු වූ එකම පින්කම වන්නේ ද කඨින පින්කමය. දුගතියක් නොදත් මනුෂ්‍ය ලෝකයේ ඉප දී මිනිස් සම්පත් ද දිව්‍ය ලෝකයේ පහළ වී දිව්‍ය සම්පත් ද විඳීමට සමත් වූ ආනිසංස සපිරි කඨින පින්කම ඇරැඹෙන අද දිනය බෞද්ධයාට මහා කුසල් රැස් කරගත හැකි සුවිශේෂී වූ පොහොය දිනයකි.
බුද්ධත්වයෙන් සත්වන වස තව්තිසා දෙව්ලොව වස් විසූ බුදුපියාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනා කර රන් ඉනිමඟක් මතින් පෙළහර පා දඹදිව සංකස්ස පුරට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය. බුදුරදුන්ගේ මෙම දෙව්ලොව චාරිකාව පිළිබඳ විස්තරය දේවාවරෝහණ වර්ණනාවෙහි සඳහන් වෙයි. මෙසේ වැඩම කළ බුදුපියාණන් වහන්සේ පුන්සඳ මඬලක් සේ දිදුළමින් සවණක් ගන බුදු රැස් මාලාවන් දස අත විහිදුවා ලූ සේක. මේ අසිරිමත් දසුනින් පළමුවරට ඔද වැඩුණු සැරියුත් තෙරණුවෝ සිරිපා කමල මත වැඳ වැටුණේ උතුරා යන බුද්ධාලම්භන පී‍්‍රතියෙනි. මෙහි දී රැස් වූ දෙව් බඹුන් මිනිසුන් මධ්‍යයේ බුදුහිමියන් විමසූ ප්‍රශ්න රැසකට ප්‍රති පිළිතුරු දීමට සමත් වූ සැරියුත් හිමියෝ ප්‍රඥාවන්තයන් අතුරින් අග්‍ර වූයේ වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
සොලොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පසු මතු බුදුවන මෛත්‍රී බෝසතාණෝ මෙම ධර්ම සංවාදය ඇසීමෙන් අපමණ සතුටට පත් වී ගෞතම බුදු සසුනෙහි පැවිදි වූයේ වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.
බු.ව. 236 දී ලක්දිවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම මෙරට ස්ථාපිත කිරීමට කළ මෙහෙවර උදාරය. ලාංකික මවුපියන්ට දාව උපත ලබා ලක් බිමේ මුල්ම රහතන් වහන්සේ වූ අරිට්ඨ මහ රහතන් වහන්සේ ලංකාවේ ඉගෙන ගත් විනය පිටකය ථූපාරාම සීමා මාලකයේ දී සංගායනා කළේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
ලක්දිව බුදු දහම තවත් බැබළවීමට ඇප කැප වූ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ඔවදනත් දේවානම් පියතිස්ස රජතුමාගේ රාජ අනුග්‍රහයත් අපමණය. සංඝමිත්තා මහ රහත් තෙරණියන් වහන්සේත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකුත් මෙරට වැඩම කිරීමට අවශ්‍ය බව දන්වන සංදේශය රැගත් අරිට්ඨ කුමරු සමඟ රාජකීය දූත පිරිස දඹදිව රම්‍ය වූ පැළලුප් නුවරට පිටත් වූයේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදීය. සංදේශය ලබා ගත් අශෝක රජතුමා මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙසින් බුද්ධ අධිෂ්ඨානය සිහි ගන්වමින් බෝ සමිඳුන් වෙත පිවිසියේ ය. ඇදිලි බැඳ ගත් රජුගේ දෑසින් කඳුළු වැගිරෙද්දී ම මහා ප්‍රාතිහාර්ය පාමින් බෝ සමිඳුන්ගෙන් වෙන්වුණු දක්‍ෂිණ ශාඛාව මුල් සියයක් අද්දවමින් රන් කටාරමෙහි පිහිටියේ අද වැනි පින්බර වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය. මෙසේ බොදු සිත ප්‍රබෝධවත් කළ වප්මහේ පුර පසළොස්වක පොහොය බෞද්ධයාට සුපින්බර දිනයයි.
මසකට වරක්වත් උදාවන පුර පසළොස්වක පොහොය දිනකටවත් ගමේ විහාරස්ථානය වෙත නොයන බහුතරයක් නාමික බෞද්ධයන් වෙත් නම් අද වැනි පොහොය දිනයක ඇති නිසි වටිනාකම තේරුම් ගෙන වසරකට වරක් සිදු කරන මහත්ඵල මහානිසංස සහිත වූ කඨින පින්කමට සහභාගී වීමට පෙළඹිය යුතු ය.
තෙරුවන් සරණයි...!!!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා..!!!
ඊශ්‍රායලය විශ්ව ශක්තියෙන් වැඩ ගන්නවාද? බලන්ගොඩ හිමියන් පැවසු දේ මෙන්න|isiwara asapuwa|israel|2023
https://youtu.be/IFEOgJJ2KtE
10/27/2023
ඊශ්‍රායලය විශ්ව ශක්තියෙන් වැඩ ගන්නවාද? බලන්ගොඩ හිමියන් පැවසු දේ මෙන්න|isiwara asapuwa|israel|2023
ඊශ්‍රායලය විශ්ව ශක්තියෙන් වැඩ ගන්නවාද? බලන්ගොඩ හිමියන් පැවසු දේ මෙන්න|isiwara asapuwa|israel|2023 https://www.gossip99.com/2018/05/balangoda-ananda-maitreya-thero.html?m=1ඊශ්‍රායලය විශ්ව ශක්තියෙන් වැඩ ගන්නවාද? බලන්ගොඩ හිමියන් පැවසු දේ මෙන්න..ඊශ්‍රායල යුද්....
ඊශ්‍රායලය නිසා ලංකාවේ බුදු දහම ආරක්ෂා වෙන හැටි|israel | isiwara asapuwa |2023
ඉසිවර අසපුව page එක සමඟ එකතුවන ඔබට දැනුම, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
Thanks for watching My videos..!!!
02/01/2023
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa|isiwara asapuwa|2023
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa|isiwara asapuwa|2023 ුන් සූත්‍රයThun Suthra Deshanawa|isiwara asapuwa|2023මේ පිරිත හැමදාම උදේ ,සවස ශ්‍ර්‍රවනය කරන්න . තවමත් ඉසිවර අසපුව Yout...