25/08/2026
සෞන්දර්ය කල විශ්වවිද්‍යාලයේ සංගිත පීඨයේ සිව්වන වසර ඉගෙනුම ලබන සෞම්‍යා වැලිකල සොයුරියගේ ආදරණීය පියාණන්ගේ අභාවය පිලිබද අපගේ බලවත් ශෝකය.!
UVPA STUDENT COUNCIL - FACULTY OF MUSIC
25/08/2026
සෞන්දර්ය කල විශ්වවිද්‍යාලයේ සංගිත පීඨයේ සිව්වන වසර ඉගෙනුම ලබන සෞම්‍යා වැලිකල සොයුරියගේ ආදරණීය පියාණන්ගේ අභාවය පිලිබද අපගේ බලවත් ශෝකය.!
21/08/2026
දශක ගණනාවක් පුරා සිය මධුර ස්වරයෙන් හෙළ සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ, 'ජාතියේ යශෝරාවය' ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දා මාලිනී මැතිණියනි, ඔබට උතුම් නිවන් සුව!
සංගීත පීඨ ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
07/08/2026
2024/25 අධ්‍යන වර්ශයේ පළමු වසර සදහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ ලියාපදිංචි වන ඔබ සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්......!
විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වීමේදී ඇතිවන ගැටලු සදහා විමසන්න
චතුමින - 071 369 8425
තීක්ශන - 071 638 7562
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සංගීත පීඨ ශිෂ්‍ය සංගමය
දෘශ්‍ය කලා පීඨයට අලුතින් එක්වූ ආදරණීය නංගීලා මල්ලීලාට, සංගීත පීඨයෙන් හිමිවූ ඒ සුන්දර පිළිගැනීම 🤍
සංවිධානය - දෘශ්‍ය කලා පීඨ ශිෂ්‍ය සංගමය
සංගීත පීය ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
13/07/2026
13/07/2026
මාධ්‍ය නිවේදනයයි!
කොළඹ දිස්ත්‍රික්කය පුරා මේ වන විට ඩෙංගු රෝගය දරුණු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර, දෛනිකව රෝගීන් 1500 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතී. කොළඹ අවට රෝහල් පවා ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් ඇති මෙවන් අධි අවදානම් වටපිටාවක, නිසි සෞඛ්‍යාරක්ෂිත පියවරකින් හෝ තක්සේරුවකින් තොරව එළඹෙන 20 වනදා විශ්වවිද්‍යාලය යළි විවෘත කර සංගීත පීඨයේ වසර හතරේම විභාග කටයුතු පැවැත්වීමට පරිපාලනය සූදානම් වේ.
විභාග කටයුතු කඩිනමින් අවසන් කිරීම වෙනුවට, මේ මොහොතේ මූලිකත්වය දිය යුත්තේ විද්‍යාර්ථීන්ගේ සෞඛ්‍යය සහ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා බව අපි තරයේ විශ්වාස කරමු.
මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගමයක් ලෙස අපගේ ස්ථාවරය, වර්තමානයේ විද්‍යාර්ථීන් මුහුණ දී ඇති සැබෑ අවදානම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් පරිපාලනය වෙත අප ඉදිරිපත් කළ යෝජනාවලිය ඇතුළත් සම්පූර්ණ නිල ලිපිය පහතින් දක්වා ඇත.
සංගීත පීඨ ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
09/07/2026
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය , පීඨ ශිෂ්‍ය සංගම් ත්‍රිත්වය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා අතර පැවති විශේෂ සාකච්ඡාව.
කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් මේ වන විට මුහුණ දෙමින් සිටින දැවෙන ගැටලු පිළිබඳව බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමේ සහ ඒවාට කඩිනම් විසඳුම් ලබාගැනීමේ අරමුණින්, විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් 2026.07.08 වන දින පවත්වන ලදී.
මෙහිදී නියෝජිතයින් විසින් ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව බලධාරීන් සමග දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරන ලද අතර, විශේෂයෙන්ම පහත කරුණු කෙරෙහි එහිදී දැඩි අවධානයක් යොමු කෙරිණි:
📌 නේවාසිකාගාර අයිතිය අහිමි කිරීමේ අර්බුදය:
2026.06.03 දිනැතිව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ගනු ලැබූ අත්තනෝමතික තීරණයකට අනුව, අප විශ්වවිද්‍යාලයේ දෙවන සහ තෙවන වසර විද්‍යාර්ථීන් සඳහා මෙතෙක් කල් හිමිව තිබූ නේවාසිකාගාර පහසුකම් හදිසියේ අහෝසි කිරීම සහ ඒ හරහා සිසුන් පත්ව ඇති දැඩි අසීරුතාවය පිළිබඳව මෙහිදී බලධාරීන්ට කරුණු මැනවින් පැහැදිලි කරන ලදී.
📌 පොදු නේවාසිකාගාර ගැටලු:
දැනට නේවාසිකාගාර තුළ පවතින අනෙකුත් යටිතල පහසුකම් අවම වීම සහ ඊට අදාළව පවතින පරිපාලනමය ගැටලු පිළිබඳව.
📌 අධ්‍යයන සහ සුබසාධන ගැටලු:
විද්‍යාර්ථීන්ට සිය අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමේදී දෛනිකව මුහුණදීමට සිදුවන අධ්‍යයන ගැටලු මෙන්ම, විශ්වවිද්‍යාලය තුළ පවතින සුබසාධන පහසුකම්වල දැඩි අඩුපාඩුකම් සහ ඒවා කඩිනමින් ප්‍රතිසංස්කරණය වීමේ අවශ්‍යතාවය පිළිබඳව.
සංගීත පීඨ ශිෂ්‍ය සංගමය වශයෙන් අප, මහා ශිෂ්‍ය සංගමයේ ස්ථාවරය සමඟ දැඩිව සන්නද්ධ වෙමින්, මෙම ශිෂ්‍ය සුබසාධන හා අධ්‍යාපන කප්පාදුව දැඩි සේ හෙළා දකිමු. විද්‍යාර්ථීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම අප නොපැකිළිව ගන්නා බව දන්වා සිටියෙමු. මෙම සාධාරණ ගැටලු සඳහා කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් බලධාරීන්ගෙන් අපේක්ෂා කරන අතර, ශිෂ්‍ය අයිතීන් දිනාගැනීමේ සටනේදී අප කිසිවිටෙකත් පසුබට වන්නේ නැත.
සංගීත පීඨ ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
05/07/2026
අනිච්චාවත සංඛාරා...!
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයෙ තෙවන වසර ඉගෙනුම ලබන විදූශා රාජගුරු සොයුරියගෙ මවගේ හදිසි අභාවය පිළිබද අපගේ බලවත් ශෝකය..!
සංගීත පීඨ ශිෂ්‍ය සංගමය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
30/06/2026
⭕ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය වර්තමාන පරිපාලනය විසින් 2026.06.03 දිනැති නිවේදනය මගින්, මීළඟ අධ්‍යයන වර්ෂයේ සිට නේවාසිකාගාර පහසුකම් ලබන දෙවන හා තෙවන වසරවල සියලු විද්‍යාර්ථීන්ට මෙන්ම රාජගිරිය කාන්තා නේවාසිකාගාරයේ තාවකාලික පදනම මත රැඳී සිටින ශිෂ්‍යාවන්ටද මාසයක් ඇතුළත ඉන් ඉවත්ව විකල්ප නේවාසික පහසුකම් සොයාගන්නා ලෙස දන්වා ඇත.
⭕ මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, ඉන් සංගීත පීඨයේ විද්‍යාර්ථීන් අධික සංඛ්‍යාවකට සිය නේවාසිකාගාර අයිතිය අහිමි වීමේ බරපතල ඛේදවාචකයකට මුහුණ දීමට සිදුව ඇත.
⭕ නේවාසිකාගාර අවස්ථා පුළුල් කිරීමට සහ පහසුකම් නැංවීමට අවස්ථා ගණනාවකදී පරිපාලනය සමඟ සාකච්ඡා කළද, ඒ සඳහා සාධනීය විසඳුමක් දීමට විශ්වවිද්‍යාලයීය පරිපාලනය අසමත් වී ඇත. මෙම කප්පාදුව හරහා පෙනී යන්නේ, අධික ඉල්ලුමක් පැවතියද පවතින පහසුකම් ප්‍රමාණවත් බව ආණ්ඩුවට ඒත්තු ගැන්වීමට සහ තමන්ගේ පරිපාලන දුර්වලතාවය වසා ගැනීමට බලධාරීන් උත්සුක වන බවයි.
සංගීත පීඨයේ විද්‍යාර්ථීන්ට එල්ල වී ඇති සුවිශේෂී බලපෑම:
කලාව, විශේෂයෙන්ම සංගීතය හදාරන විද්‍යාර්ථීන්ට නේවාසිකාගාර පහසුකම් යනු හුදෙක් ලැගුම්ගෙයක් පමණක් නොවේ; එය ඔවුන්ගේ ප්‍රායෝගික පුහුණුවීම් සඳහා අත්‍යවශ්‍ය පරිසරයකි. පරිපාලනයේ මෙම ක්‍රියාකලාපය නිසා සංගීත පීඨයේ සිසුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු මෙසේය:
සිසුන්ගෙ නේවාසිකාගාර අයිතිය අහිමි වීම: සංගීත පීඨයේ පමණක් දෙවන, තෙවන වසර සහ තාවකාලික පදනම මත සිටි සිසුන් 250කට අධික පිරිසක් එක රැයින් මහමඟට ඇද දැමීමට පරිපාලනය කටයුතු කර ඇත.
කොළඹ 07 කලාපයේ අධික ජීවන වියදම සහ දරාගත නොහැකි බෝඩිම් ගාස්තු: විශ්වවිද්‍යාලය පිහිටා ඇති කොළඹ 07 වැනි කලාපයක් තුළ විකල්ප නවාතැනක් සොයාගැනීම වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ සිසුන්ට කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. මෙම ප්‍රදේශයේ බෝඩිම් කුලිය අතිශය අධික වන අතර, නවාතැන් හිමියන් විසින් මාස හයකට (06) වඩා වැඩි කාලයක අත්තිකාරම් මුදලක් (Key money) එකවර ඉල්ලා සිටියි. රටේ පවතින දැඩි ආර්ථික බිඳවැටීමත් සමඟ බොහෝ දෙමාපියන්ගේ ආදායම් මාර්ග දැඩි ලෙස කඩා වැටී ඇති අතර, පවුලේ එදිනෙදා වියදම් පවා පියවා ගන්නේ අතිමහත් දුෂ්කරතා මධ්‍යයේය. මෙවැනි අමිහිරි යථාර්ථයක් තුළ, ලක්ෂ ගණනක අත්තිකාරම් මුදල් ගෙවා බෝඩිම් සෙවීමට සිසුන්ට බලකිරීම යනු වක්‍රාකාරයෙන් ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය උදුරා ගැනීමකි.
බාහිර නේවාසික පරිශ්‍රවල (බෝඩිම්) පුහුණුවීම් තහනම: නේවාසිකාගාර අහිමි වී බාහිර බෝඩිම් කාමරවලට යාමට සිදුවන සිසුන්ට, එම පරිශ්‍රවල පවතින සීමාවන් සහ අවට පදිංචිකරුවන්ට සිදුවන බාධා කිරීම් හේතුවෙන් සිය සංගීත භාණ්ඩ වාදනය කරමින් හෝ ගායනා කරමින් පුහුණුවීම් කටයුතු (Practicals) සිදු කිරීමට කිසිසේත්ම ඉඩකඩක් නොමැත.
විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ රාත්‍රී කාල සීමා පැනවීම: බෝඩිම්වල පුහුණුවීම් කළ නොහැකි තත්ත්වයක් තුළ, විශ්වවිද්‍යාලය තුළ හෝ රැඳී සිටීමට සිසුන්ට අවස්ථාව තිබිය යුතුය. නමුත් වර්තමාන පරිපාලනය රාත්‍රී 10න් පසු විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ රැඳී සිටීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
"පුහුණුවීම් සඳහා බෝඩිම් කාමරවල ඉඩක් නැති, රාත්‍රී 10න් පසු විශ්වවිද්‍යාලයේ රැඳෙන්නට දෙන්නේ නැති සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයකින් බිහිවන 'සංගීතඥයා' කවුදැයි අප පරිපාලනයෙන් ප්‍රශ්න කර සිටිමු!"
සිසුන්ගේ ප්‍රායෝගික අධ්‍යාපන අවශ්‍යතා පිළිබඳ කිසිදු තේරුම් ගැනීමක් නොමැති මෙවැනි තීරණ හරහා සිදුවන්නේ සමස්ත සංගීත පීඨයේම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ උපාධියේ ගුණාත්මකභාවය සම්පූර්ණයෙන්ම බිඳවැටීමයි.
සංගීත පීඨ ශිෂ්‍ය සංගමය වශයෙන් අප, මහා ශිෂ්‍ය සංගමයේ ස්ථාවරය සමඟ දැඩිව සන්නද්ධ වෙමින්, මෙම ශිෂ්‍ය සුබසාධන හා අධ්‍යාපන කප්පාදුව දැඩි සේ හෙළා දකිමු. සමස්ත විද්‍යාර්ථීන්ගේ පුහුණුවීම් අයිතිය දිනා ගන්නා තෙක් මෙම දුර්වල, අත්තනෝමතික පරිපාලන තීරණවලට එරෙහිව සමස්ත විද්‍යාර්ථීන් පෙරටු කරගත් දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිමු!
සංගීත පීඨ ශිෂ්‍ය සංගමය-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය