💦 Water Cannon Salute එකක් අතරතුර සිදු වූ අනපේක්ෂිත අනතුරක්!
©️Credits to the respective owner!
Aviation.lk
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් යානා තාක්ෂණික පිටුව සහ වෙබ් අඩවිය. How They Fly is an educational sector which comprises of a page and a web site.
We educate people about each and every field relates to aviation. Mostly about,
Flight Testing
Aircraft Engineering
Aircraft Maintenance
Air traffic Controlling
Ground Handling
05/06/2026
💦 Water Cannon Salute එකක් අතරතුර සිදු වූ අනපේක්ෂිත අනතුරක්!
මැඩ්රිඩ් බලා පිටත්වීමට සූදානම් වූ Iberia සමාගමට අයත් Airbus A350-941 (EC-NXD) ගුවන් යානයක් Guayaquil ගුවන් තොටුපළේදී සාම්ප්‍රදායික Water Cannon Salute අවස්ථාවකට මුහුණ දෙමින් සිටියදී අනපේක්ෂිත අනතුරකට ලක්ව තිබෙනවා. 😳
එහිදී ගුවන් යානයේ වම් පියාපත (left wing), එතැන තිබූ ගිනි නිවන රථයක ගැටී ඇත.
#ගුවන් #සිංහල
05/06/2026
ලුෆ්තන්සා B787 ගුවන් යානයකට අනපේක්ෂිත අනතුරක්! ⛔️
ලොස් ඇන්ජලීස් බලා පිටත්වීමට සූදානම් වෙමින් තිබූ ලුෆ්තන්සා සමාගමට අයත් බෝයිං 787-9 ඩ්‍රීම්ලයිනර් (Boeing 787-9 Dreamliner) ගුවන් යානයක්, ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළේදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දී තිබෙනවා.
වාර්තාවලට අනුව, භාවිතයට ගෙන වසරක් පමණක් වන මෙම නවීන ගුවන් යානය මගී පර්‍යන්තයේදී නවතා තිබියදී එහි ඉදිරිපස රෝද පද්ධතියේ (Nose Landing Gear) බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස එම ගුවන් ගමන අවලංගු කිරීමට ලුෆ්තන්සා ආයතනයට සිදුවුණා. 👇
මෙම අනතුරෙන් කිසිවෙකුටවත් තුවාල සිදුවී නොමැති අතර, තාක්ෂණික කණ්ඩායම් මේ වන විට යානය නැවත පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා.🔧
ලොව දියුණුම සහ නවීනතම ගුවන් යානා පවා මෙවැනි අනපේක්ෂිත තාක්ෂණික ගැටලුවලට මුහුණ දිය හැකි බවත්, සියලුම ගුවන් යානා තාක්ෂණික ශිල්පීන්ගේ පරීක්ෂාවට ලක්වීමේ ඇති වැදගත් කම මෙයින් පැහැදිලිව පසක් කර දෙයි.
📸: From the internet
#සිංහල #ගුවන්
මිනිසුන් රහිතව උඩු ගුවනේදී ඉන්ධන ලබා ගැනීම! 😳
X-47B Autonomous Aerial Refueling (AAR) Explained.
#සිංහල #ගුවන්
03/06/2026
පොඩි challenge එකක් හැමෝටම 😃
Aviation LK වට්ස් ඇප් සමූහයට ගිහින් poll එකට හරි උත්තරය දෙමු බලන්න 👇
Link එක පළවෙනි comment එකේ!
03/06/2026
ලොකයේ දිගම ගුවන් ගමනට එන A350-1000ULR 🤩✈️
Airbus මA350-1000ULR ගුවන් යානය සිය ප්‍රථම පියාසර වාරය සාර්ථකව අවසන් කරමින්, මාස දෙකක පියාසර පරීක්ෂණ මාලාව නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා!
ULR මාදිලිය මගින් A350-1000 යානයේ ගමන් පරාසය (range) තවත් නාවික සැතපුම් 1,000 කින් වැඩි කිරීම සඳහා අමතර පසුපස ඉන්ධන ටැංකියක් (rear centre tank) සවි කර තිබෙනවා.
මේ නිසා ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිඩ්නි නුවර සිට ලන්ඩන් හෝ නිව්යෝර්ක් දක්වා කිසිදු නැවතුමකින් තොරව (non-stop) ඍජු ගුවන් ගමන් වාර ලබා දීමට Project Sunrise හරහා Qantas ගුවන් සමාගමට හැකියාව ලැබෙනවා.
#සිංහල #ගුවන්
යානා දෙකකට එකවර උඩු ගුවනේදී ඉන්ධන ලබා දෙන A330 MRTT යානය! 😳✈️
Airbus A330 MRTT Multi-Point Aerial Refuelling.
-refuelling #ගුවන් #සිංහල #ශ්‍රීලංකා
01/06/2026
ඇත්තද මේ කියන්නෙ? 🤔😬
#ගුවන් #සිංහල
29/05/2026
වැස්ස වෙලාවට ප්ලේන් එකක් යටට වෙලා ඉන්නවා කියන්නෙ වෙනමම feeling එකක්! ☺️🤩
#ගුවන් #සිංහල
27/05/2026
B-52 යානයේ මාරාන්තික බලය! ☠️ ✈️
රූපයේ දැක්වෙන්නේ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් B-52H Stratofortress යානයක්, එහි බාහිර රඳවනයන් (External Pylons) මත AGM-158 JASSM වර්ගයේ කෲස් මිසයිල කිහිපයක් සවිකරගෙන පියාසර කරන අයුරුයි.
සතුරන්ගේ ගුවන් ආරක්ෂක සීමාවන්වලට පිටතින් සිට ප්‍රහාර එල්ල කිරීම සඳහාම (Stand-off strike configuration) සකස් කර ඇති මිසයිලයක් වන මෙම AGM-158 JASSM (Joint Air-to-Surface Standoff Missile) මිසයිලය, සතුරු රේඩාර්වලට හසුනොවී (Stealth), ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව දුරස්ථ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි කෲස් මිසයිල වර්ගයකි.
මෙහි ඇති මාදිලි අනුව, කිලෝමීටර් 370 (JASSM) සිට කිලෝමීටර් 900 (JASSM-ER) කට වඩා වැඩි දුරක් දක්වා වුවද ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතී. 🎯
GPS ආධාරක සහිත Navigation පද්ධතියක් සහ අවසාන ඉලක්කය හඳුනාගැනීම සඳහා අධෝරක්ත කිරණ සෙවුම් පද්ධතියක් (Infrared Seeker) මෙහි භාවිත කෙරේ. මෙහි ඇති රේඩාර්වලට හසු නොවන සුවිශේෂී සැලසුම (Low-observable design) සහ ස්වයංක්‍රීය ඉලක්ක හඳුනාගැනීමේ හැකියාව නිසා, සතුරන්ගේ දියුණු ගුවන් ආරක්ෂක පද්ධති පවා විනිවිද යමින් ප්‍රහාර එල්ල කිරීමට මේ මිසයිලයට සුවිශේෂී හැකියාවක් ඇත.
#ගුවන් #සිංහල
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
9 Aviation Park Road
Singapore
498760