14/06/2026
"අභිසෙස් 2026"
කෑ/දෙහි/සිරිවර්ධන මහා විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සාමාජික පදක්කම් පැලඳවීමේ උත්සවය 2026 ජූනි මස 12 වන දින විද්‍යාලයීය පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ගරු විදුහල්පති ගමගේ සුනන්ද මහතා, නියෝජ්‍ය විදුහල්පතිනී එන්. එච්. එස්. කුමාරි මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ගේ මගපෙන්වීම හා අඛණ්ඩ සහයෝගය මධ්‍යයේ, විද්‍යාලයේ පෝතක බාලදක්ෂ ආචාරිනීන් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිත අමුත්තන් ලෙස,
🔹 විශ්‍රාමික අවිස්සාවේල්ල දිසා කොමසාරිස් සුධර්මා රත්නායක මහත්මිය
🔹 සහය දිසා කොමසාරිස් (යටියන්තොට) සමරසිංහ මහතා
🔹 හිටපු විධායක සභාපති යසපාල මහතා
🔹 කෑ/දෙහි/සිරිවර්ධන මහා විද්‍යාලයේ හිටපු ප්‍රාථමික අංශ ප්‍රධානී ආර්. වී. පුෂ්පරානි මහත්මිය
🔹 කෑ/දෙහි/රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේ පෝතක බාලදක්ෂ ආචාරණී ඩබ්. ඩී. පී. උදයංගනී මහත්මිය
සහභාගී වී, පෝතක බාලදක්ෂ දරුවන්ගේ මෙම වැදගත් කඩඉම අලංකාරවත් කළහ.
නව සාමාජික පදක්කම්ලාභී සියලුම පෝතක බාලදක්ෂ දරුවන්ට අපගේ උණුසුම් සුබපැතුම්! 🎉
"ABHISES 2026"
The Membership Badge Investiture Ceremony of the Cub Scout Pack of Sirivardhana Maha Vidyalaya, Dehiowita, was held successfully on 12 June 2026 within the school premises.
The event was organized by the Cub Scout Leaders of the school under the guidance and support of the Principal, Mr. Gamage Sunanda, the Deputy Principal, Mrs. N.H.S. Kumari, and the dedicated teaching staff of the school.
The ceremony was graced by the presence of distinguished guests:
🔹 Mrs. Sudharma Ratnayake – Retired Avissawella District Commissioner
🔹 Mr. Samarasinghe – Assistant District Commissioner, Yatiyantota
🔹 Mr. Yasapala – Former Executive Chairman
🔹 Mrs. R.V. Pushparani – Former Head of the Primary Section, Sirivardhana Maha Vidyalaya
🔹 Mrs. W.D.P. Udayangani – Cub Scout Leader, Ruwanwella Primary School
Their presence added great value to this memorable occasion, marking an important milestone in the scouting journey of our Cub Scouts.
Congratulations to all newly invested Cub Scouts on receiving their membership badges. We wish them success as they continue their scouting journey with dedication, discipline, and enthusiasm. ⚜️🎉
#අභිසෙස්2026