13/07/2023
Congratulations! වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ ආදිශිෂ්‍ය නදීෂාගේ රන් පදක්කම
නදීෂා රාමනායක (වයස 28) ආසියානු ශූරතාවලියේ ඒකල රන් පදක්කමක් දිනූ 8 වැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වෙයි!
ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ ආසියානු ශූරතාවලියේදී වත්මන් ශූරතා වාර්තාවට හිමිකම් කියන දමයන්ති දර්ශා විසිනි. ඒ අනුව එය වසර 23කට පසුව ලැබූ රන් පදක්කමයි.
නදීෂා තත්ත්පර 52.61ක් වාර්තා කළාය. එය ඇගේ නව පුද්ගලික හොඳම දක්ෂතාව වන අතර එය මීටර් 400 ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ගේ තුන්වැනි හොඳම දස්කම වේ.
ඇයගේ පළමු ජාත්‍යන්තර පදක්කම වූයේ 2013 වසරේ පැවති දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේදී මීටර් 800 රිදී පදක්කමයි.