PhysioMed

PhysioMed Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PhysioMed, New Road, Wennappuwa.

A Magical Touch of Care

“Helping you move better, feel stronger, and live pain-free! 🌟 Expert physiotherapy services for recovery, rehabilitation, and wellness in Sri Lanka.”

08/09/2026
“වළලුකර ටිකක් ඇඹරුණා විතරයි… දවස් දෙක තුනකින් හොඳ වෙයි.”Ankle Sprain එකක් වූ පසු බොහෝ දෙනෙක් මෙලෙස සිතනවා. නමුත් නිසි ලෙ...
09/08/2026

“වළලුකර ටිකක් ඇඹරුණා විතරයි… දවස් දෙක තුනකින් හොඳ වෙයි.”

Ankle Sprain එකක් වූ පසු බොහෝ දෙනෙක් මෙලෙස සිතනවා. නමුත් නිසි ලෙස ප්‍රතිකාර නොකළ ankle sprain එකක් නිසා පසුවත් වේදනාව, වළලුකරේ අස්ථිර බව සහ නැවත නැවත පාදය ඇඹරීම වැනි ගැටලු ඇති විය හැකියි.

🦶 Ankle Sprain එකක් සිදුවන්නේ කොහොමද?

පාදය හදිසියේ ඇතුළට හෝ පිටතට ඇඹරීමෙන් වළලුකර සන්ධිය වටා ඇති ligaments අධික ලෙස ඇදීම හෝ ඉරීම සිදුවිය හැකියි.

මෙය බොහෝවිට සිදුවන්නේ:

▪️ දිවීමේදී හෝ ක්‍රීඩා කිරීමේදී
▪️ පඩිපෙළකින් බැසීමේදී
▪️ අසමතුලිත මතුපිටක ඇවිදීමේදී
▪️ වැරදි ලෙස පාදය තැබීමේදී

⚠️ තුවාලයෙන් පසු ඇති විය හැකි ලක්ෂණ

🔸 වේදනාව
🔸 ඉදිමීම
🔸 තැලීම්
🔸 ඇවිදීමට අපහසු වීම
🔸 වළලුකර චලනය කිරීමේදී වේදනාව
🔸 වළලුකරේ අස්ථිර බවක් දැනීම

❌ “වේදනාව නැති වුණා නම් සම්පූර්ණයෙන්ම සුවයි” කියා සිතන්න එපා!

වේදනාව අඩු වුවත් වළලුකරේ balance, strength සහ stability සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වී නොතිබිය හැකියි.

ඒ නිසා තුවාලයෙන් පසු ක්‍රමයෙන්,

✅ Range of motion exercises

✅ Muscle strengthening exercises

✅ Balance & proprioception exercises

✅ Functional exercises

වැනි පුනරුත්ථාපන ක්‍රියාමාර්ග වැදගත් වේ.

💙 නිසි rehabilitation program එකක් මඟින් නැවත සාමාන්‍ය ක්‍රියාකාරකම් වෙත ආරක්ෂිතව පැමිණීමටත්, නැවත ankle sprain වීමේ අවදානම අඩු කිරීමටත් උපකාරී වේ.

Ankle sprain එකක්/ කකුල පෙරලීමක් සිදුවූ පසු වේදනාව දිගටම පවතී නම් හෝ නැවත නැවත පාදය ඇඹරේ නම්, නිසි physiotherapy assessment එකක් ලබාගන්න.

R. A. P. Sandakelum
B. Sc. (Hons) in Physiotherapy
SLMC Reg No: 1323
Faculty of Allied Health Sciences
University of Peradeniya

⚡️ ඔබට කොන්දේ පහළ කොටසේ වේදනාවක් සමඟ පාදය දක්වා පැතිරී යන වේදනාවක්, හිරිවැටීමක් (numbness) හෝ පාදයේ දුර්වලතාවයක් දැනෙනවා...
30/07/2026

⚡️ ඔබට කොන්දේ පහළ කොටසේ වේදනාවක් සමඟ පාදය දක්වා පැතිරී යන වේදනාවක්, හිරිවැටීමක් (numbness) හෝ පාදයේ දුර්වලතාවයක් දැනෙනවාද? එසේ නම්, එයට හේතුව Lumbar Radiculopathy විය හැකිය.

🔵 Lumbar radiculopathy යනු කුමක්ද?

👉 අපගේ කොන්දේ පහළ කොටසේ සිට පාදවලට යන ස්නායු මතට(Nerve Roots) පීඩනයක් ඇතිවූ විට හෝ එම ස්නායු පිටවන ස්ථාන ආශ්‍රිතව ආසාදනයට ලක් වූ විට මෙම තත්ත්වය ඇතිවේ. බොහෝවිට මෙයට හේතුව වන්නේ:

✅ ඩිස්ක් ඉදිරියට පැමිණීම (Disc Prolapse / Slip Disc)

✅ වයස්ගතවීමත් සමඟ කොන්දේ සිදුවන වෙනස්කම් (Degenerative Changes)

✅ Spinal Stenosis

✅ ආබාධ හෝ තුවාල

🔵 පොදු රෝග ලක්ෂණ

🔸කොන්දේ පහළ වේදනාව
🔸තට්ටමේ සිට පාදය දක්වා පැතිරී යන වේදනාව
🔸හිරිවැටීම
🔸පාදයේ මාංශ පේශි දුර්වලතාව
🔸දිගු වේලාවක් වාඩි වී සිටීම, නැමීම හෝ බර උස්සන විට වේදනාව වැඩිවීම

🔴 Lumbar Radiculopathy තත්ත්වයේදී පීඩනයට ලක්වන ස්නායුව අනුව වේදනාව හෝ හිරිවැටීම ඇතිවන ප්‍රදේශය වෙනස් වේ.

🔹 L1 - L3 Nerve Root

➡️ උකුල, ඉකිලි හෝ ඉදිරි කලවා (Front of the upper thigh) ප්‍රදේශයේ වේදනාව හෝ හිරිවැටීම.

🔹 L4 Nerve Root

➡️ දණහිසෙන් පහළ කකුලේ ඇතුල් පැත්ත (Medial leg) සහ ඇතුල් වළලුකර (Medial ankle) දක්වා වේදනාව හෝ හිරිවැටීම.
දණිස දිග හැරීමට අපහසුතාවයක් ඇතිවිය හැක.(weakness of knee extension)

🔹 L5 Nerve Root

➡️ කකුලේ පිටත පැත්ත (Lateral leg), පාදයේ උඩපැත්ත (Dorsum of foot) සහ මහපට ඇඟිල්ල (Big toe) දක්වා වේදනාව.
➡️ මහපට ඇඟිල්ල ඉහළට එසවීමට දුර්වලතාවයක්ද ඇති විය හැක.

🔹 S1 Nerve Root

➡️ තට්ටමේ සිට කකුලේ පිටුපස (Back of the leg) හරහා විලුඹ සහ පාදයේ පිටත දාරය (Lateral foot/Little toe) දක්වා වේදනාව.
➡️ ඇඟිලි වලින් සිට ගැනීමට අපහසු වීම.

⚠️ මතක තබා ගන්න: පාදයට යන සෑම වේදනාවක්ම Sciatica හෝ Lumbar Radiculopathy නොවේ. නිවැරදි හේතුව සොයා ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හෝ භෞතචිකිත්සකවරයෙකුගේ සම්පූර්ණ ඇගයීමක් අවශ්‍ය වේ.

🔵 Physiotherapy උපකාර වන්නේ කෙසේද?

✅ නිසි පරීක්ෂාවකින් පසු රෝගියාට සුදුසු ප්‍රතිකාර සැලසුමක් ලබා දිය හැකිය.

✔️ වේදනාව පාලනය කිරීමට ප්‍රතිකාර
✔️ ස්නායු චලන ව්‍යායාම (Neural Mobilization)
✔️ කොන්ද සහ උදර මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම
✔️ නිවැරදි ඉරියව් සහ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳ උපදෙස්
✔️ තනි රෝගී තත්ත්වයට ගැලපෙන ව්‍යායාම වැඩසටහන්

⭕️⭕️ වැදගත්:
පාදයේ දැඩි දුර්වලතාවයක්, මුත්‍රා හෝ මල පාලනයේ වෙනස්කම් ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

✨ කොන්දේ වේදනාව සහ පාදයට යන වේදනාව නොසලකා හරින්න එපා. නිසි ඇගයීමක් සහ ප්‍රතිකාර මගින් ඔබේ දෛනික ජීවිතය නැවත සුවපහසු කරගත හැකිය.

R. A. P. Sandakelum
B. Sc. (Hons) in Physiotherapy
SLMC Reg No: 1323
Faculty of Allied Health Sciences
University of Peradeniya

🏃‍♂ඔබට දිවීමේදී, පඩි නැගීමේදී, බයිසිකල් පැදීමේදී හෝ දිගු වේලාවක් ඇවිදීමේදී දණහිසේ පිටත පැත්තේ වේදනාවක් දැනෙනවාද?එසේ නම් ...
16/05/2026

🏃‍♂ඔබට දිවීමේදී, පඩි නැගීමේදී, බයිසිකල් පැදීමේදී හෝ දිගු වේලාවක් ඇවිදීමේදී දණහිසේ පිටත පැත්තේ වේදනාවක් දැනෙනවාද?

එසේ නම් ඔබට 𝐈𝐥𝐢𝐨𝐭𝐢𝐛𝐢𝐚𝐥 𝐁𝐚𝐧𝐝 𝐒𝐲𝐧𝐝𝐫𝐨𝐦𝐞 තිබිය හැක.

✨ Iliotibial band (IT band) යනු උකුලේ සිට දණහිසේ පිටත පැත්ත දක්වා දිවෙන ශක්තිමත් connective tissue පටියකි. දණහිස නවන දිගහරින අවස්ථාවලදී මෙම IT band එක දණහිසේ පිටත ඇති අස්ථිමය කොටස සමඟ (lateral femoral condyle) ස්පර්ශ වේ. දණහිසේ චලනය නැවත නැවත සිදුවීමේදී හෝ IT band එක අධික ලෙස තද වී තිබීම නිසා tissue එකට wear and tear හානියක් ඇතිවිය හැකියි. මෙම හානිය සුව කරගැනීමට ශරීරයේ Inflammatory response එකක් ඇතිවේ. එහි ප්‍රතිඵලයක් ලෙස දණහිසේ පිටත පැත්තේ වේදනාවක් ඇතිවේ. එය Iliotibial band syndrome ලෙස හඳුන්වයි. මෙම තත්වය බොහෝවිට සයිකල් පදින්නන්, ධාවකයින් අතර බහුලව දැක ගත හැකිය.

💥 රෝග ලක්ෂණ:-

🔹 දණහිසේ පිටත පැත්තේ තියුණු හෝ දැවිල්ලක් ආකාරයේ වේදනාවක් ඇතිවීම.

🔹 දිවීම, දිගු වේලාවක් ඇවිදීම, පඩි නැගීම වැනි ක්‍රියාකාරකම් වලදී වේදනාව වැඩිවීම.

🔹 දණහිසේ පිටත පැත්ත ස්පර්ශ කිරීමේදී වේදනාවක් දැනීම. (Tenderness)

🔹 දණහිස චලනය කිරීමේදී clicking sensation එකක් දැනීම.

🔹වේදනාව උකුල දක්වා හෝ කකුල දිගේ පහලට ගමන් කිරීම.

💥Iliotibial band syndrome ඇතිවීමට හේතු:-

▪️ උකුල හා තට්ටම් ප්‍රදේශයේ මාංශපේශී වල (Hip & Gluteal muscles) දුර්වල බව

▪️ අධික ලෙස දිවීම හෝ සයිකල් පැදීම

▪️ Stretching ව්‍යායාම නොකිරීම

▪️හදිසියේ ඔබ කරන ක්‍රියාකාරකම්වල වැඩිවීමක් සිදුවීම

▪️ වැරදි ඉරියව් වලින් ඇවිදීම

⭕️ මුල් අවධියේදීම නිසි ලෙස ප්‍රතිකාර නොකෙරුවොත් මෙම IT band syndrome එක දිගුකාලීන දණහිස් වේදනාවන් වලට හේතුවේ.

💥 Iliotibial band syndrome සඳහා physiotherapy ප්‍රතිකාර:-

🔸 වේදනාව අඩුකිරීම

🔸Stretching සහ mobility ව්‍යායාම

🔸උකුල හා තට්ටම් ප්‍රදේශයේ මාංශපේශී ශක්තිමත් කිරීම

🔸 Posture සහ movement නිවැරදි කර ඇවිදීමේ රටාව සකස් කිරීම

✅ දිගුකාලීනව පීඩාදෙන දණහිස වේදනාවක් බවට මෙය පත්වීමට ඉඩ නොදී වේදනාව දැනෙන මුල් කාලයේදීම ප්‍රතිකාරවලට ඔබත් යොමුවෙන්න.

⭕️ වැඩිදුර විස්තර දැනගැනීමට,
📞 071 2620334 / 076 3434098
R. A. P. Sandakelum
B. Sc. (Hons) in Physiotherapy
SLMC Reg No: 1323
Faculty of Allied Health Sciences
University of Peradeniya

Address

New Road
Wennappuwa
61170

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94712620334

Website

Alerts

Be the first to know and let us send you an email when PhysioMed posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share