B/welimada Vijaya Vidyalaya

B/welimada Vijaya Vidyalaya

Share

දැනුමෙන් පෙරට විනයෙන් මුලට

06/06/2026

🏆🥁 අභිමානවත් ඓතිහාසික ජයග්‍රහණයක්..!

සමස්ත ලංකා නර්තන තරගාවලිය – 2026
(පළාත් මට්ටම)

බ/වැලිමඩ විජය විද්‍යාලය ඉතිහාසයේ ප්‍රථම වරට බෙර වාදන අංගයෙන් – ගැහැණු යුගල අත්‍යාබෙර වාදනය සඳහා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. 🌟

මෙම ජයග්‍රහණය සඳහා අතිශය කැපවීමෙන් පුහුණු කිරීම් සිදු කළ මයුමි ගුරුතුමිය හා බුද්ධිකා ගුරුතුමියන් දෙපළට, දක්ෂතා දැක්වූ ආදරණීය දියණියනියන්ට සහ ඔවුන්ට ශක්තියක් වූ දෙමාපියන්ට අපගේ සුබ පැතුම්.

මෙය බ/වැලිමඩ විජය විද්‍යාලයේ ඉතිහාසයට එක් වූ තවත් ස්වර්ණමය සන්ධිස්ථානයකි.

"දක්ෂතාවය, කැපවීම හා අධිෂ්ඨානය එක් වූ තැන ජයග්‍රහණය නිරතුරුවම බිහිවේ." ✨

💃ඔබ සැමට ඉදිරි තරගවලදීත් තවත් විශිෂ්ට ජයග්‍රහණ හිමිවේවා...!

06/06/2026
05/06/2026

වසර ගණනාවක් පුරා දරුවන්ගේ නැණ නුවණ පෝෂණය කරමින්, ආදරයෙන් හා කැපවීමෙන් ගුරු සේවය ඉටු කළ චින්තා හේරත් ගුරුතුමියණි, ඔබට සුබ විශ්‍රාම දිවියක් වේවා.

ඔබ ගුරු දිවිය තුළ සිදු කළ උතුම් සේවය අනාගත පරපුරට අගනා දායාදයක් වනු ඇත. සතුට, නිරෝගී බව, සැනසීම හා සියලු යහපත් පැතුම් ඉටුවන සුබදායී විශ්‍රාම දිවියක් ඔබට ප්‍රාර්ථනා කරමු.

💐 ඔබගේ ඉදිරි දිවිය සුවපත්, සාර්ථක හා සතුටින් පිරි එකක් වේවා...! 💐

“ගුරුවරයෙකුගේ සැබෑ උරුමය වන්නේ ඔහු ගොඩනැඟූ ජීවිතයන්ය.”

Photos from B/welimada Vijaya Vidyalaya's post 05/06/2026

🏅🌟 වැලිමඩ කලාප පාසල් ක්‍රීඩා තරඟාවලිය 2026 – අපේ පුංචි ක්‍රීඩා ශූරයන්ගේ විශිෂ්ට ජයග්‍රහණ..! 🌟🏅

2026.06.03, 04 සහ 05 යන දිනයන්හි පැවති වැලිමඩ කලාප පාසල් ක්‍රීඩා තරඟාවලියේදී, ප්‍රමාණවත් ක්‍රීඩා පිටියක් නොමැතිව සීමිත පහසුකම් මධ්‍යයේ වුවද අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් පුහුණුවී අප පාසලට අභිමානයක් එක් කළ දරුවන්ගේ ජයග්‍රහණ සැබවින්ම අගය කළ යුතුය.

🏃‍♂️ නදිත් (8 ශ්‍රේණිය)
🥈 මීටර් 60 – දෙවන ස්ථානය (14න් පහළ)
🥈 මීටර් 100 – දෙවන ස්ථානය (14න් පහළ)

🏃‍♀️ ජිතුනි (6 ශ්‍රේණිය)
🥉 දුර පැනීම – තෙවන ස්ථානය (12න් පහළ බාලිකා)

🏃‍♀️ ගයේෂා (8 ශ්‍රේණිය)
🥉 දුර පැනීම – දෙවන ස්ථානය (14න් පහළ බාලිකා)

🏃‍♂️ බුත්සඳ (6 ශ්‍රේණිය)
🥉 මීටර් 60 – තෙවන ස්ථානය (12න් පහළ බාලක)
🥈 මීටර් 100 – දෙවන ස්ථානය (12න් පහළ බාලක)

🏃‍♂️ මිහිසර (8 ශ්‍රේණිය)
🥈 දුර පැනීම – දෙවන ස්ථානය (14න් පහළ බාලක)

🏃‍♂️ 14න් පහළ බාලක මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායම
🥉 තෙවන ස්ථානය

🎉 මෙම විශිෂ්ට ජයග්‍රහණ සඳහා කැපවීමෙන් දරුවන් පුහුණු කළ ප්‍රධාන පුහුණුකරු ශිරාන් කාංචන මහතා ඇතුළු ක්‍රීඩා අංශයේ සියලුම ගුරුභවතුන්ටත්, දරුවන්ට නිරන්තර ශක්තියක් වූ දෙමාපියන්ටත්, අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු.

🌟 අපේ දරුවන්ගේ උත්සාහය, කැපවීම සහ ජයග්‍රාහී මානසිකත්වය ඉදිරියේදීත් තවත් ජය කෙහෙළි රැසක් නංවනු ඇතැයි විශ්වාස කරමු.

🏆 ඔබ සැමට උණුසුම් සුබ පැතුම්...!
ජයග්‍රාහී ගමන තවදුරටත් සාර්ථක වේවා...! 🏆

🏅🏃‍♀️🏃‍♂️🏆✨

Photos from B/welimada Vijaya Vidyalaya's post 05/06/2026

🌼🙏 සම්බුද්ධ පූජාව 🙏🌼

2026.06.05 දින 3F ශ්‍රේණියේ ආදරණීය දරුවන්ගේ උද්යෝගිමත් සහභාගීත්වයෙන් හා දෙමාපියන්ගේ අගනා සහයෝගයෙන් , ශ්‍රේණියභාර දුලාංජනී ගුරුතුමියගේ මගපෙන්වීමෙන් සම්බුද්ධ පූජාව සාර්ථකව පැවැත්විණි.

මෙම පුණ්‍යමය අවස්ථාව සඳහා කැපවීමෙන් දායක වූ සියලු දරුවන්ටත්, ඔවුන්ගේ කටයුතු සාර්ථක කරගැනීමට නිරන්තරයෙන් අත්වැලක් වූ දෙමාපියන්ටත් ස්තුතිය පුද කරමු.

මෙවැනි උතුම් ආගමික කටයුතු තුළින් දරුවන්ගේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික ගුණාංග වර්ධනය වී යහපත් අනාගතයකට මඟ පෑදේවායි ප්‍රාර්ථනා කරමු.

🙏 බුදු සරණින් සියලු දෙනාට සෙත්, ශාන්තිය, සතුට සහ යහපත උදාවේවා...! 🙏

🔹2026.06.05 🌷

Photos from B/welimada Vijaya Vidyalaya's post 04/06/2026

🌷 ගුරු දිවියෙන් විශ්‍රාම ලබන මල්ලිකා තෙන්නකෝන් ගුරුතුමියණි ඔබට සුබ විශ්‍රාම දිවියට ආසිරි...! 🌷

"ගුරු සේවය යනු වෘත්තියක් නොව, පරපුරක් ගොඩනඟන උතුම් මෙහෙවරකි."

වැලිමඩ විජය විද්‍යාලයේ දීර්ඝ කාලයක් පුරා ඔබතුමියගේ කැපවීම, ආදරය, දැනුම හා මඟපෙන්වීම තුළින් බිහිවූ දරුවන්ගේ ජීවිත ජයග්‍රහණ ඔබගේ උතුම් සේවයේ සදාකාලික සලකුණු වේ. ගුරු වෘත්තියට කළ අනර්ඝ දායකත්වය වෙනුවෙන් අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරමු.

ඔබගේ විශ්‍රාම දිවිය සුවයෙන්, සතුටින්, නිරෝගී සම්පන්නව හා සැනසිල්ලෙන් පිරි සුන්දර දිවියක් වේවා....!

2026.06.04
බ/වැලිමඩ විජය විද්‍යාලය

03/06/2026

🌹 උණුසුම් සුබ පැතුම්...! 🌹

වැලිමඩ විජය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ නව අංශ ප්‍රධාන තනතුරට පත් වූ බන්දුමතී මැණිකේ දිසානායක මහත්මියට අපගේ සුබ පැතුම් එක්කරමු.

ඔබතුමියගේ කැපවීම, දැනුම හා නායකත්වය තුළින් ප්‍රාථමික අංශයේ දූ දරුවන්ගේ අනාගතය තවදුරටත් ආලෝකමත් වේවා.....!
නව තනතුරේ සියලු කාර්යයන් සාර්ථකව ඉටුකරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට අගනා සේවයක් ඉටු කිරීමට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

🌷 ඔබතුමියට සුබ අනාගතයක් හා සාර්ථක සේවා දිවියක් වේවා...! 🌷

Photos from B/welimada Vijaya Vidyalaya's post 02/06/2026

අසිරිමත් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් වැලිමඩ නගරයේ දී සංවිධානය කළ වෙසක් කලාපයේ බොදු බැති ගී සරණියට ආලෝකයක් එක්කරමින් සංගීතමය දායකත්වය ලබාදුන් වැලිමඩ විජය විද්‍යාලයේ සංගීතාචාර්ය අසංග ඒකනායක මහතා ඇතුළු වාද්‍ය වෘන්දයටත්, මධුර ස්වරයෙන් බොදු බැති ගී ගායනා කළ ආදරණීය දූ දරුවන්ටත්, සිය නිවේදන කුසලතාවයෙන් වැඩසටහනට අමතර අගයක් සුසංයෝගයෙන් එක් කළ වැලිමඩ අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන නිලධාරී කෞෂිකා සාරංගි මහත්මියටත්, වැලිමඩ විජය විද්‍යාලයේ ආචාර්ය සමන් කුමාර මහතාටත්, අපගේ සුබ පැතුම් එක්කරමු.

ඔබ සැමගේ කැපවීම, උනන්දුව සහ සද්භාවයෙන් සිදු කළ මෙම දායකත්වය වෙසක් කලාපයට ආධ්‍යාත්මික අර්ථයක් එක් කළ අතර, එහි පැමිණි සැදැහැවතුන්ගේ සිත් සතන් සැනසිල්ලෙන් පිරවීමට සමත් විය.

මෙවන් බෞද්ධ සංස්කෘතික හා ආධ්‍යාත්මික කටයුතු තුළින් බුදු සසුනේ අභිවෘද්ධියට තවදුරටත් දායක වීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය, තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

Want your school to be the top-listed School/college in Welimada?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Welimada
Welimada