Sarath Driving School Welimada

Sarath Driving School Welimada රියදුරෙකු නොව රියදුරු මහත්මයෙකු වන්න
ඉගෙන ගන්න වැලිමඩ එකම තැන....☝️

වටින පණිවිඩ👌👇👇👇👇👇👇👇👇🛑 "ලයිසන් එක ගෙදර දාලා එන්න එපා!" — රුපියල් 25,000 ක දඩයෙන් බේරෙන ඩිජිටල් රහස දන්නවද? මෙන්න! 😱👇අද හව...
23/04/2026

වටින පණිවිඩ👌👇👇👇👇👇👇👇👇

🛑 "ලයිසන් එක ගෙදර දාලා එන්න එපා!" — රුපියල් 25,000 ක දඩයෙන් බේරෙන ඩිජිටල් රහස දන්නවද? මෙන්න! 😱👇

අද හවස ඔයා ඔෆිස් එකේ ඉඳන් එද්දී, එහෙමත් නැත්නම් හදිසියකට ටවුන් එකට යද්දී පොලිසියෙන් අත දැම්මොත්... පර්ස් එකේ ලයිසන් එක නැති බව මතක් වුණොත් දැනෙන ඒ "කඩියෙක් කෑවා වගේ" හැඟීම අපේ හැම රියදුරෙක්ම අත්විඳලා ඇති.

පරණ කාලේ නම් "අනේ සර්, ගෙදර අමතක වුණා" කියලා පොඩි සිනහවකින් බේරෙන්න තිබුණා. හැබැයි 2026 අවුරුද්දේ ඒ සිනහවට රුපියල් 25,000ක වන්දි ගෙවන්න වෙන බව ඔබ දන්නවද?

අවුරුද්ද ඉවර වෙලා සාක්කුව හිස් වෙලා තියෙන මේ කාලේ, එක දඩ කොළයක් කියන්නේ ඔයාගේ පවුලේ මාසෙක පෙට්‍රල් වියදම හෝ හාල් කිලෝ 120ක වටිනාකම. ඒක පාරේ "පූජා" කරන්නේ නැතුව, නීත්‍යානුකූලවම බේරෙන්න තියෙන එකම විදිහ තමයි ඩිජිටල් රියදුරු බලපත්‍රය (Digital Driving License).

හැබැයි ගොඩක් අය කරන ලොකුම වැරැද්ද මෙන්න:
❌ ෆෝන් එකෙන් ලයිසන් එකේ ෆොටෝ එකක් ගැහුවා කියලා ඔයාට දඩයෙන් බේරෙන්න බෑ. Screenshots පොලිසිය පිළිගන්නේ නෑ.
✅ ඒකට තියෙන්නේ වෙනම නීත්‍යානුකූල ක්‍රමයක්.

නීත්‍යානුකූලව "ඩිජිටල්" වෙන විදිහ පියවරෙන් පියවර මෙන්න:

📱 1. "e-Locker" සහ "DMT" ඇප් එක:
මුලින්ම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට රජයේ නිල "e-Locker" ඇප් එක හෝ "DMT Sri Lanka" ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක ඇතුළේ තමයි ඔයාගේ නියම ඩිජිටල් ලයිසන් එක ලෝඩ් වෙන්නේ. මෙතනදී QR කේඩ් එකක් ජෙනරේට් වෙනවා. පොලිසිය ස්කෑන් කරන්නේ අන්න ඒකයි.

🛡️ 2. ලියාපදිංචි වෙන්නේ කොහොමද?
ඇප් එකට ඔයාගේ NIC අංකය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරපු ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න. ඔයාගේ ලයිසන් එක තවම ප්‍රින්ට් වෙලා නැති වුණත්, සිස්ටම් එකේ තියෙන තොරතුරු මේ හරහා පොලිසියට පෙනෙනවා.

⚖️ 3. "Dead Battery" එකට මොකද කරන්නේ?
"සර් ෆෝන් එක ඕෆ් වුණා" කියන එක පොලිසිය පිළිගන්නේ නෑ. ඒක "රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමක්" විදිහට තමයි සලකන්නේ. ඒ නිසා හදිසියකට රිපෝට් එකක් පෙන්නන්න බැරි වුණොත්, රුපියල් 25,000 සිට 30,000 දක්වා දඩයකට ලෑස්ති වෙන්න වෙනවා.

දැන් ලංකාවේ පාරවල් වල වැඩ කරන්නේ වීඩියෝ ගේම් එකක වගේ "Life Bar" එකක්:

අලුත් නීතියට අනුව හැම රියදුරෙක්ටම "ප්‍රසාද ලකුණු" (Demerit Points) 24ක් තියෙනවා. ලයිසන් එක ස්කෑන් කරපු ගමන් ඔයාගේ පරණ පව් ඔක්කොම පොලිසියට පේනවා.
🚩 අධික වේගය (+50%) - ලකුණු 6-8ක් කැපෙනවා.
🚩 බේබදුකම - ලකුණු 8ක් හෝ සම්පූර්ණ තහනමක්.
🚩 ඉර කැපීම - ලකුණු 2ක්.

ලකුණු 24ම ඉවර වුණු දවසට, අවුරුද්දක කාලයකට ලොවෙත් ලයිසන් එක කැන්සල් වෙනවා. හිතන්න, ඒ කියන්නේ අවුරුද්දක් යනකම් ඔයාට වීල් එකක් වත් අල්ලන්න තහනම්!

දැන් දඩය ගෙවන්න තැපැල් කන්තෝරු පස්සේ දුවන්න ඕනෙත් නෑ. පොලිස් නිලධාරියා දෙන QR එක ස්කෑන් කරලා, ඔන්ලයින් බැංකු ඇප් එකකින් හෝ eZ Cash හරහා විනාඩි 2කින් දඩය ගෙවන්න පුළුවන්. දඩ කොළේ එන්නේ ඔයාගේ ෆෝන් එකට SMS එකක් විදිහට.

💡 Sri Lands වෘත්තීය රෙකමදාරුව:
ලංකාවේ සිස්ටම් එක දැන් ඉක්මනින් ඩිජිටල් වෙන්න හදන්නේ. ඒක එක්තරා විදිහකට හොඳයි, මොකද "පගාවට" තියෙන ඉඩ ඇහිරෙනවා. හැැබැයි ඔයා තාක්ෂණය ගැන දැනුවත් නැති වුණොත්, පොඩි වැරැද්දටත් ලොකු මිළක් ගෙවන්න වෙනවා.

අමතක වෙන්න කලින් දැන්ම ඔයාගේ ලයිසන් එකේ ඇත්තම තත්ත්වය දැනගන්න:
ඔයාගේ NIC අංකය ගහලා, DMT [හිස්තැනක්] DL [හිස්තැනක්] [NIC අංකය] සඳහන් කරලා 1919 අංකයට SMS එකක් යවන්න. ඔයාගේ තොරතුරු සිස්ටම් එකේ නිවැරදිව තියෙනවද කියලා ඒකෙන් චෙක් වෙයි.

පස්සේ කාලෙක දඩයක් කෑවට පස්සේ මේක හොයන්න වෙලාවක් නැති වෙයි. ඒ නිසා දැන්ම මේ තොරතුරු Save කරලා තියාගන්න.

වාහනයක් පදවන, හැමදාම පාරට බහින ඔයාගේ හිතවත්ම යාලුවෙක්ව පල්ලෙහායින් Tag කරන්න. පාරේදී පොලිසියෙන් අත දැම්මොත් බය නැතුව ඉන්න මේ දැනුම එයාටත් දෙන්න! 👇

Sri Lands - මහපොළොවේ හැංගුණු විද්‍යාව සහ ස්මාර්ට් ජීවන රහස් කියාදෙන තැන. 🇱🇰



⚠️ මෙම තොරතුරු සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ අලුත්ම නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන්න. ©️ Sri Lands | සියලු අයිතිවාසිකම ඇතුළත් වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කර රථ වාහන ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එ...
16/04/2026

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කර රථ වාහන ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන, සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ. සේනාධීර සඳහන් කළා.

අලුතින් ලියාපදිංචි කෙරෙන වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන් සිදුනොකරන පසුබිමක ඇතැම් ජාවාරම්කරුවන් නීතිවිරෝධී ක්‍රියා සිදුකරගෙන යාමට මෙය අවස්ථාවක් කරගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම අලුතින් වාහන ලියාපදිංචි කරන මෝටර් රථ හිමියන් විවිධ පැහැයෙන් යුත් අංක තහඩු සවිකර මෝටර් රථ ධාවනය කරන අතර එය නියාමනය කරන ලෙස පොලිස්පතිවරයා මෝටර්රථ කොමසාරිස් ජනරාල් දැනුවත් කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

11/04/2026
481 වන කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් ❤️‍🩹💐2026:04:06 බක්මහ ට්‍රයල් සමස්ථ ප්‍රථිඵල✅✳️සැහැල්ලු වාහන පන්ති      190 න් 185 සම...
06/04/2026

481 වන කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් ❤️‍🩹💐

2026:04:06 බක්මහ ට්‍රයල්

සමස්ථ ප්‍රථිඵල✅

✳️සැහැල්ලු වාහන පන්ති
190 න් 185 සමත්

✳️බරවාහන 10/10 සමත්

කයිවාරු වෙනුවට වැඩ විතරයි 💯

නව බස් ගාස්තු
24/03/2026

නව බස් ගාස්තු

💚🕌🌙
20/03/2026

💚🕌🌙

හෙට සිට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්.....
18/03/2026

හෙට සිට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්.....

🎉 සුභ පැතුම් 480 වන කණ්ඩායමට ! 🎉 - 2026 මාර්තු 16 සදුදා  ට්‍රයල් -සැහැල්ලු වාහන බරවාහන ප්‍රායෝගික පරීක්ෂණයසාර්ථකව සමත් ව...
16/03/2026

🎉 සුභ පැතුම් 480 වන කණ්ඩායමට ! 🎉

- 2026 මාර්තු 16 සදුදා ට්‍රයල් -

සැහැල්ලු වාහන බරවාහන ප්‍රායෝගික පරීක්ෂණය
සාර්ථකව සමත් වූ ඔබට,
Sarath driving school welimada
අපගේ උණුසුම් සුභ පැතුම්! 💯🎖♥️
🌟🚗


👉 https://fuelpass.gov.lk/Vehicle Login  - වලින් ඉස්සල්ලා රෙජිස්ටර් වෙලා තිබුන  phone  නම්බර් එක මගින් ලබා ගන්න පුලුවන්....
15/03/2026

👉 https://fuelpass.gov.lk/

Vehicle Login - වලින් ඉස්සල්ලා රෙජිස්ටර් වෙලා තිබුන phone නම්බර් එක මගින් ලබා ගන්න පුලුවන්.

වාහන අංක තහඩු මුද්‍රණය යළිත් ඇරඹේ.!ගොඩගැසී තිබෙන අංක තහඩු නිකුත් කිරීම හැකි ඉක්මණින්...!--------------------------------...
10/03/2026

වාහන අංක තහඩු මුද්‍රණය යළිත් ඇරඹේ.!

ගොඩගැසී තිබෙන අංක තහඩු නිකුත් කිරීම හැකි ඉක්මණින්...!
--------------------------------------------------------------------------

පසුගිය වසරේ පටන් අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය කිරීම නැවත සක්‍රීය කිරීමට, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නව සමාගමක් සමඟ ගිවිසුම්ගත වීම අද දින සිදුවිය.

ඒ අනුව අද (10) පෙරවරුවේදී ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජ්‍යේෂඨ මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරසිහ මහතා සහ සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම අතර මෙම නව ගිවිසුම් අත්සන් තැබීම සිදු කෙරිණි.

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ දී පැවති මෙම අවස්ථාවට, මෝටර් රථ දෙපාරේතමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඒෂියන් ටෙක්නොජි සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මාස 10ක පමණ කාලසීමාවක් වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නැවතී තිබූ අතර ඒ හේතුවෙන් මේ වනවිට අංක තහඩු විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරීම ගොඩගැසී තිබේ. මෝටර් රථ දෙපාර්තමේන්තුව සමග අද දිනයේ නව ගිවිසුම්ගත වූ සමාගම විසින් මුද්‍රණ යන්ත්‍ර ප්‍රමාණය 10 දක්වා වර්ධනය කර එම ගොඩගැසී තිබෙන අංක තහඩු සියල්ල කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව පැවසීය.

“On this sacred Medin Poya Day, may the light of the Dhamma guide our hearts toward peace, kindness, and wisdom.”**Sarat...
02/03/2026

“On this sacred Medin Poya Day, may the light of the Dhamma guide our hearts toward peace, kindness, and wisdom.”
**Sarath Driving School**🍃☸️🚦🚎

Address

නව සමූපාකාර ගොඩනැගිල්ල , නව පාලම අසල, නුවරඑළිය පාර, පාර, වැලිමඩ(තුෂාර හාඩ්වෙයාර් අසල)
Welimada Town
90200

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 19:30 - 17:00
Wednesday 19:30 - 17:00
Thursday 19:30 - 17:00
Friday 19:30 - 17:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Telephone

+94772008889

Website

Alerts

Be the first to know and let us send you an email when Sarath Driving School Welimada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sarath Driving School Welimada:

Shortcuts

Share

Category