26/08/2026
මායාදුන්නේ රජුගේ පුතු ටිකිරි කුමරු තම පියා අසනීප වීමත් සමග වයස අවුරුදු 12 ඉතා ලාබාල වියේ පළමුවන රාජසිංහ නමින් සීතාවක රාජධානියේ රජ වූහ.
දැඩි දේශප්‍රේමියෙකු වූ රාජසිංහ රජු ලාබාල වියේදීම යුධ හමුදා කටයුතුවලට සහ පියාගේ (මායාදුන්නේ රජුගේ) යුධ මෙහෙයුම්වලට සම්බන්ධ වෙමින්, ඉතා ඉක්මනින්ම විශිෂ්ට යුධ සෙන්පතියෙක් බවට පත් වූහ. රාජසිංහ රජු පෘතුගීසීන්ට විරුද්ධව දැඩි ලෙස යුද මෙහෙයුම් දියත් කළ අතර සෑම යුද්ධයකම පෘතුගීසි හමුදාවේ පෘතුගීසි බලකොටු වෙත අනතුරු අඟවා පණිවිඩ යැවීමට කිහිප දෙනෙක් ඉතිරි කර සියලු දෙනා සමූල ඝාතනය කරනු ලැබූවා.
පෘතුගීසීන් සමග දරුණු ගැටුම් ඇති වී තිබෙන අතර තුර තම නායක භික්ෂූන් තමන්ව බලයෙන් නෙරපීමට හා සීතාවක රාජධානිය බිඳ දැමීමට උඩරට රාජධානිය සමග කුමන්ත්‍රණ හා කැරලි දියත් කරන බවට රාජසිංහ රජුට සැලවුණි. කෙසේ වෙතත් ඒවා ගණන් නොගෙන දිගටම පෘතුගීසීන්ට එරෙහිව යුද මෙහෙයුම් දියත් කළහ.
ටික දවසකට පසු රාජසිංහ රජුට තමන් තමන්ගේ පියා ඝාතනය කර රජවූවා කියා බොරු කට කතා කිසියම් පිරිසක් විසින් පතුරන බවත් උඩරට රාජධානිය තමන්ව මරා දැමීමට පෘතුගීසීන්ට හොර රහසේ සම්බන්ධතා පවත්වන බවට සැලවීමත් සමග දැඩි ලෙස කෝප වූ රජතුමා සිංහල නායක භික්ෂූන්ව සැක කිරීමත් භික්ෂූන් සමග විරසකයක් පටන් ගත්හ. කෙසේ වෙතත් භික්ෂූන්ද රාජසිංහ රජු තම පියාව මරාදැමුවා කියා දැඩි ලෙස විවේචනය කරන විට භික්ෂූන් ගැන කලකිරීමකට හා භික්ෂූන් ගැන දැඩි වේරයක් ඔහුගේ හිත තුළ ඇති වුණි. තම රාජධානියේ ස්ථාවර භාවය රැකගැනීමට කැරලි සහ කුමන්ත්‍රණ මැඩ පැවැත්වීමට නායක භික්ෂූන් ඇතුලු පිරිස ඝාතනය කිරීමට රාජසිංහ රජු පසුව අණ ලබා දුනි.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු රාජසිංහ රජු දැඩි ලෙස මානසික ආතතියට තමන් ගැන කලකිරීමකට පත් වූ බවට ඉතිහාසයේ සඳහන් වෙයි.
කෙසේ වෙතත් රාජසිංහ රජු තම රට වෙනුවෙන් නැවත සටන් ආරම්භ කරන ලදී. මුල්ලේරියාම සටන, කොළඹ කොටුව වැටලීම, උඩරට රාජධානිය සමග ගැටුම් ඇති කර ගැනීම එතුමා නියම රජෙක් විදියට සාර්ථකයි කියන්න ප්‍රධාන සාක්ෂි වෙයි.
කෙසේ වෙතත් එතුමා යුද්ධයකට පසු නැවත පැමිණෙමින් සිටියදී උණ කටුවක් ඇනී ඇති වුණ තුවාලයක් හේතුවෙන් මිය ගියහ. කෙසේ වෙතත් රාජසිංහ රජු විසින් තම පියා මරා දමා රජ නොවූ බවටත්, මායාදුන්නේ රජු වයසට යාමත් සමග වයස අවුරුදු 80 පමන වන විට මිය ගිය බවත් සීයට සීයක් තහවුරු වී තිබෙනවා.
කතෘ අයිතිය -Lionharted warrior
゚viralシ