04/02/2026
Wewegama Maha Vidyalaya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wewegama Maha Vidyalaya, School, Wewewgama, Ambagahawatta, Welimada Town.
04/02/2026
28/01/2026
ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී ආචාර්ය පූජ්‍ය ඇත්කඳවක සද්ධාජීව ගරු කටයුතු ස්වාමීන් වහන්සේ හා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක හීතෘෘ නුවර අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වදුරඹ කස්සප ස්වාමීපාදයානන් වහන්සේගේ ගෞරව පූර්වක මැදිහත් වීමෙන් දිට්වා සුලිකුණාටුවෙන් පීඩාවට පත් ඌව පරණගම පාසල් 13ක දුවා දරුවන් 500කට ආසන්න පිරිසකට රුපියල් ලක්ෂ 40ක් වටිනා පාසල් උපකරණ බෙදාදීම 2025/01/23 තුප්පිටිය විද්‍යාලයේ දී සිදු කෙරිනි..වැඩසටහන ඌව පරණගමට රැගෙන ආ මහා බ්‍රිතාන්‍යයේ පදිංචි උපන් බිමට ආදරය කරන H M ජනක නිලන්ත හේරත් මහතාට
සම්බන්ධීකරණ කටයුතු සිදුකළ තුප්පිටිය විද්‍යාලයේ විදුහල්පති තුෂාර සම්පත් මහතාට හා අප පාසලේ දරුවන් සම්බන්ධීකරණය කල කේශාණී රාමනායක ගුරුතුමියටත් විශේෂ ස්තූතිය.......
පිං..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
"අධ්‍යාපනයට උදව් දෙන්නෝ අමරණිය වන්නේ ය."
21/01/2026
අලුත් වෙලා...
අපේ ළමයි...
හරි හරියට...
අකුරට ආවැයි...
ආයෙත්...
2026 වර්ෂයේ 06 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කර ගැනිම ජනවාරි 21 දින.......
01/01/2026
ව්‍යසනය මැද මනුස්සකම" අසිරි හදවත සංවිධානය මගින් අප පාසලේ දරුවන් 361 සදහා පාසල් උපකරණ ලබා දීම 2025/12/31 දින පාසලේ දී පැවැත්විනි . මනුස්සකම රැගෙන පැමිණි, Chamaka Herath, , , , සමග කණ්ඩායම ට පාසලේ ස්තූතිය
22/12/2025
"නැණ දිරි මෙහෙයුම " දෙවන දිනය
21/12/2025
දිට්වා පරදවමින් පස් කඳු යට අකුරු සොයන
"නැණ දිරි මෙහෙයුම"
දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ ඌව පළාතේ පාසල් යළි ඵලදායි ඉගෙනුම් පරිසරයක් සහිතව ආරම්භ කිරීමේ මෙහෙයුම යටතේ අද දින ශ්‍රමදාන කටයුතු පැවැත් වේ.
21/12/2025
දිට්වා පරදවමින් පස් කඳු යට අකුරු සොයන
"නැණ දිරි මෙහෙයුම"
දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ ඌව පළාතේ පාසල් යළි ඵලදායි ඉගෙනුම් පරිසරයක් සහිතව ආරම්භ කිරීම සදහා වන වැඩසටහන අද ආරම්භ විය.
18/12/2025
දිට්වා සුලි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ දරුවන් 155 සදහා පාසල් උපකරණ ලබා දීම 2025/12/16 දින සිදු විය.මේ සදහා සම්බන්ධ වූ Mayura Sri Bandara, Charitha Lakmala Gamage හා Chamika Marambage ගුරුපියවරුන්ටත්, සම්බන්ධීකරණය කල Raveendra K. Weerasingha ගුරු පියානන්ටත් ස්තූතිය
07/12/2025
"දිට්වා" සුලිකුණාටුව නිසා ආපදාවට ලක් වූ දරුවන්ගේ නිවාස වල තත්ත්වය හා දරුවන්ගේ සුවදුක් විමසා බැලීමට වැවේගම ,ඉලුක්වෙල,කිදිගොඩ, හත්කිද, දිබුලන, කුරුපනාවෙල,මඩුල්ල ,රිටිකුබුර,යාලගමුව,මස්පන්න මැදිපොකුන, දලුක් ඇල්ල,,වෑතලාව යන ග්‍රාමනිළධාරි වසම් වෙත විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා හා ගුරුමව් පියවරුන් සංචාරය කිරීම
09/11/2025
Both the school and your parents expect a lot from you.
06/11/2025
පාසලේ 11 ශ්‍රේනියේ දරුවන් ඉලක්ක කරගෙන වෘත්තීය මාර්ගෝප දේශන වැඩසටහනක් 2025/11/06 දින පැවැත්විනි.මේ සදහා සහභාගි වූ ඌවපරණගම ප්‍රාදේශිය ලේකම්කාර්‍යාලයේ නිපුනතා සංවර්ධන නිලධාරී දමිත සිසිර කුමාර මහතාටත් මානව සම්පත් සංවර්ධන නිලධාරි ධම්මික රාජපක්ෂ මහතාත් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි රුවන් කුමාර මහතාටත් විශේෂ ස්තූතිය
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Contact the school
Telephone
Website
Address
Wewewgama, Ambagahawatta
Welimada Town
90326