BD/Welimada Central College

BD/Welimada Central College

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BD/Welimada Central College, High School, Badulla Road, Welimada, Welimada Town.

Photos from Dr.Palitha Rajapaksha's post 31/12/2023
08/12/2019

නේපාලයේ පැවැති SAG 2019 | 400*4 සහය දිවීමේ තරඟ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගනිමින් #ලක්මව #රනින් #බැබල වූ ,

වැලිමඩ මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ඔමායා උදයංගනී දියණිය හා සියළු ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්! ❤️

24/10/2018

වැලිමඩ #පාසල්_ළමුන් ඉලක්ක කර #ගංජා අලෙවිකල යුවල කොටු

වැලිමඩ නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසල් දෙකක් ආසන්නයේ පාසල් ළමුන් ඉලක්ක කර ගංජා අලෙවියේ නිරත වු යුවලක් වැලිමඩ පොලිසියෙන් අද දහවල් ( 24 දා ) අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිමඩ පොලිසියට ලද තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ නිළ සුනඛ ඒකකයේ ඔලී සුනඛයාගේද සහය ඇතිව අදාල නිවස පරික්ෂා කිරීමේදී මෙම ගංජා තොගය හසුව තිබේ. ගංජා පැකැට් 130 ක් මෙම වැටලීමේදි පොලිසියට සිය භාරයට ගැනිමට හැකිව තිබෙන අතර මෙම එක් ගංජා පැකැට්ටුවක් රුපියල් පන්සියයක මුදලකට පාසල් සිසුන්හට ඉතා දිගු කලක් තිස්සේ අලෙවි කර ඇති බවද මූලික විමර්ශණවලදි අනාවරණය වී තිබේ.

බණ්ඩාරවෙල කොට්ඨාශභාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මුලිකත්වයෙන් උප පොලිස් පරික්ෂක වරුන් වන ලක්මාල් හා කෞෂල්‍ය , පො:කො: 79751 අසංක , පො:කො: 13367 ජයසුන්දර , පො:කො:රි: 15572 රිෆ්කාන් , පො:ආ:ස: 2067 රණසිංහ , සහ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ නිළ සුනඛ ඒකකයේ ඔලී සුනඛයා භාරව කටයුතු කරන පො:කො: 75941 පුෂ්පකුමාර යන නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කරයි.

සැකකරුවන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිමඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරති.

Source: Badullanews.lk

Admin -
2015 © All Rights Reserved
█║▌│█│║▌│█║
"Welimada-වැලිමඩ" අපේ පිටුවට ලයික් එකක් දාල සෙට් වෙන්න ♥✅
"Welimada-වැලිමඩ" අපේ පිටුව
යාළුවන් සමග බෙදා ගන්න [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e̲̅ කරන්න.
Like ✔Comment ✔Tag ✔Share

Photos from වැලිමඩ ජාතික පාසල/Welimada central set aka's post 02/04/2018
ABIMAN '17 - Welimada Central College 19/12/2017

Photographer : Ravindu Madhawa Processed By : Ravindu Madhawa.Welimada Central College ABIMAN '17 on 06 th of December at Welimada Central College Welimada.All Images Shown here are Copyrighted by the Photographer who capture them.All images what is in this collection are completely possessed by Shootme.lk Photography™

18/11/2017
Photos 08/04/2017


Welimada Central එකේ 2013 A/L කරපු යාළුවොන්ටයි 2010 O/L කරපු යාළුවොන්ටයි එකතුවෙන්න තියෙන හොඳම දවස හෙට. හෙට එයාලාගෙ gettogether එක. 😃 සෙට්වෙන්න කැමති යාළුවෝ දිවිතොටවෙල එකට set වෙන්න. ඔන්න යාළුවෝ හැමෝම බලාගෙන ඉන්නවා සද්දෙට නටලා විනෝදවෙන්න.😃😃😃😃
Date: on 2017-04-09
Venue at Diwithotawela Jayanatha Hotel
Time: 9 to 10

ටිකට්පත් එදින දොරටුවෙන්
Post by Centralization2k13 Organizing Team

Photos 06/12/2016

#සිංහ_පුරයෙන්_සාෆ්_ගිය_ඔමයා

ජීවිතයේ සියල්ල අංග සම්පූර්ණව මෙලොව උපත ලබන්නේ මිනිසුන් අතරින් අතළොස්සකි. එහෙත් මිනිසුන් ගේ මතකයේ රැඳෙන බොහෝ මිනිසුන් දුක් කම්කටොලු දහසක් ජයගනිමින් අසීරුවෙන් පෙරට ආ මිනිසුන් වගට ඉතිහාසය සාක්ෂ්‍ය දරනවා.

සහජ උරුමය ලෙසින් කටුක ජීවන රටාවක වත්කම ද සමග ඔමයා උදයාංගනී මෙලොව එළිය දකින්නේ ශී‍්‍ර ලංකාවේ නැඟෙනහිර පළාතේ අම්පාර අරුගම්බේ ප‍්‍රදේශයේ දී යි. ඒ 1997 වසරේ. ඉතා සාමාන්‍ය පවුලක දෙවැනි දියණිය ලෙසින් ඇය උපත ලබන්නේ සොයුරු සොයුරියන් පස් දෙනෙකු අතරේයි.

අම්පාර සිංහපුර සිංහල විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියේ දී ඔමායා කී‍්‍රඩාවේ මුල් අත්පොත තබන්නේ පාසලේ කී‍්‍රඩා ආචාරිනී කල්යානි මහත්මියගේ ඇසුරේ දී යි. සිහින්, ශක්තිමත් සිරුරක් හිමි ඇය ඉතා කෙටි කාලයක දී මීටර් 100,200 සහ 400 ධාවන ඉසවුවලදී කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් වනවා.

පාසල් පිටියේ දී මේ හුරුබුහුටි කී‍්‍රඩිකාවගේ දස්කම් දුටු කී‍්‍රඩා උපදේශක දුලින්ද අබේලංකා මහතා 2012 වසරේ ඇය වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ කී‍්‍රඩා පාසල වෙත යොමු කරනවා. මෙතෙක් ගෙවා ආ කටුක දිවිමගේ සුවිශේෂතම කඩඉම එය බවයි ඔමායා පවසන්නේ.

ධාවන ශූර චමින්ද විජේකෝන් වැනි කී‍්‍රඩා තරු රටට දායාද කළ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාල කී‍්‍රඩා පිටියේ තවත් ජාතියේ කී‍්‍රඩා සම්පතක් බවට ඔමායා පත් කිරීමේ වගකීම භාර ගන්නේ කී‍්‍රඩා උපදේශක එස්.කුලතුංග මහතායි.

ඒ අනුව 2013 වසරේ ශී‍්‍රමත් ජෝන් ටාබට් මලල කී‍්‍රඩා උලෙළේ මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනිමින් ජාතික තලයේ පළමු වරට ඔමායා සිය නම සනිටුහන් කරනවා.

ඒ වසරේදීම මැලේසියාවේ පැවති පළමු ආසියා පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය සිය පළමු ජාත්‍යන්තර තරග අත්දැකීම කරගන්නා ඇය මීටර් 400 සහය ඉසව්වේ රිදී පදක්කම ලක්මවට දෙන්නට ධාවනයේ යෙදෙනවා.

එසේ ඇරඹෙන ජයග‍්‍රාහී ගමනේ තවත් කඩඉමක් පසුකරන්නට 2015 දකුණු ආසියා තරගාවලියට මෙරට සුදුස්සන් තේරීමේ තරගාවලියේ දී ඔමායා සමත් වනවා.

අත්දැකීම බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමග ධාවන පථයට පිවිසුණු මේ යොවුන් ක‍්‍රීඩිකාව මීටර් 400 ඉසව්වේ කනිෂ්ඨ ජාතික වාර්තාව සටහන් කර ගන්නේ අගනුවර සුපිරි පහසුකම් අතරේ පුහුණුව ලද බොහෝ දෙනෙකු පසුකර යමින්.

පසුගිය වසරේ දෙවනවරට පැවති ආසියා පාසල් මලල කී‍්‍රඩා තරගාවලියට එක් වූ ඔමායා පසුකර යන්නට සමත් වූයේ එක් මැලේසියා ක‍්‍රීඩිකාවක් පමණයි. එහි දී යළිත් වරක් ලක් මව රිදියෙන් සරසන්නට ඔමායා සමත් වනවා.

“ගොඩක් අය කියන්නේ හොඳ කී‍්‍රඩිකාවක් වෙන්න අගනුවර හොද කී‍්‍රඩාපිටිවල පුහුණු වෙන්න ඕනේ කියලා. විදේශ පුහුණුකරුවන්ගෙන් උපදෙස් ගන්න ඕනේ, කියලා. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. මොන පළාතක උනන්දුව, කැපවීම එක්ක හොඳ ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම ලැබෙනවා නම් ජයග‍්‍රහණයට ඕනේ කරන්නේ ඒ ටික විතරයි. ගොඩක් අය මානසිකව වට්ටන්න පුළුවන් කියලා බලන්න එක එක දේවල් කළා. මට අවශ්‍ය වුණේ කොහොම හරි දිනලා පෙන්නන්න. මම ඒ දේ කළා.“ සිය පාසලේ කී‍්‍රඩා පිටිය කෙළවරක හිඳගෙන ඔමායා එසේ ප‍්‍රකාශ කළා.

අධිෂ්ඨානය අන් සියල්ලට ම වඩා ශක්තිමත් වග සාෆ් ධාවන පථයේ දී ඔප්පු කර පෙන්වූ ඔමායා ඊට වැය කළේ තත්පර 54.7 ක කාලයක්. මීටර් 400 අවසන් තරගයේ තෙවැනියා ලෙසින් ඉසව්ව නිමා කල ඔමායා තවත් ලෝකඩ පදක්කමකින් ලක්මවට ගෞරවය ගෙන දුන්නා.

https://www.facebook.com/omaya.udayngani

Source: IridaPaper.lk

Want your school to be the top-listed School/college in Welimada Town?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Badulla Road, Welimada
Welimada Town
90200

Opening Hours

Monday 06:00 - 13:30
Tuesday 06:00 - 13:30
Wednesday 06:00 - 13:30
Thursday 06:00 - 13:30
Friday 06:00 - 13:30