Tea Nursery

Tea Nursery Can you buy good quality tea plants which include different clones....

10/08/2022
08/08/2022
04/07/2022

ඩොලර් - ඉන්ධන ගැටලුවට හොඳම විසඳුම ‘Ceylon Tea’

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විටත් කඩා වැටිලා. විශේෂයෙන්ම රටේ සෑම ක්ෂේත්‍රයකටම තදින්ම බලපාන ඉන්ධන ප්‍රශ්නෙ එක්ක රට එක තැන නැවතිලා. කවුරුත් කියන්නේ මේ ප්‍රශ්නෙට තාම හරි විසඳුමක් නැති බවයි. තෙල් නැව් එන එකත් බාලගිරි දෝෂය වගේ....අද නොවේ හෙට. අනිත් අතට රටේ සම්පත් විකුණා ප්‍රශ්නෙට විසඳුම් සෙවීමත් අතීසාරයට අමුඩය ගැසීමකි. ජීවත්වීමේ අරගලයත් උග්‍ර වෙද්දි හෙටක් ගැන අපි කාටත් බලාපොරොත්තු තියාගන්න පුලුවන්ද? කියන එකත් ලොකු ප්‍රශ්නයක්.

ඇත්තෙන්ම දැන් මේ තෙල් ප්‍රශ්නෙටත්, අත්‍යවශ්‍ය රසායනික පොහොර ප්‍රශ්නෙටත් මැලේසියන් ඉන්දියන් වගේ තාවකාලික පැලැස්තර ගැහුවා හොඳටම ඇති. දැන්වත් අපි හරි දිගුකාලීන සැලැස්මක් හදා නොගත්තොත් ජාත්‍යන්තරයේ ඉදිරියේත් එන බොහෝමයක් අවිනිශ්චිත තත්වයන් යටතේ අපි ආපහු ලොකු අමාරුවක වැටිය හැකියි.

මැලේසියන්-ඉන්දියන් තාවකාලික පැලැස්තර තවත් එපා!

මැදපෙරදිගට රුසියාවට තේ දීලා හරි තෙල් ටික ගේන්න

තේ වෙන්දේසිය ඩොලර් වලින් තියන්න!

තේ වලින් ගෙනා ඩොලර් ටිකට මොකද වුණේ??

දැනට තියෙන ප්‍රායෝගික හොඳම විසඳුම මේ වනවිට තේ කර්මාන්තශාලා හිමියන් හා කුඩා තේ වතු හිමියන්ගේ සංගම් හරහා මෙයට වෙලාවේ හැටියට ගැලපෙනම හොඳ යෝජනාවකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තමයි අපේ තේ අපනයනයේදී විශේෂයෙන්ම අපේ රටේ තේ ගැනුම් කරුවන් වූ ඒ වගේම ලෝකයේත් වැඩිපුරම තේ පරිභෝජිත රටක් වූ ඉරානය වගේ මැදපෙරදිග රටවලට Ceylon Tea ( * එය අපේ රටේ නිෂ්පාදිත ඕනෑම අපනයන භාණ්ඩයක් හෝ බෝගයක් ද විය හැකියි) යම් ප්‍රතිශතයක් දීලා ඉන්ධන හුවමාරුවකට යන එක.

ඉරානය, රුසියාව වගේ රටවල් හරහා මේ සැලැස්ම පටන් ගන්න පුලුවන් වෙයි. රසායනික පොහොර ගැටලුවටත් එය විසඳුමකි. එවැනි ද්විපාර්ශවීය ගිවිසුම් වලදී, ගුණාත්මක භාවයන් ප්‍රමිතින්, මිල හා රටවල් වල ඇති සම්බාධකයන් ගැන ද සොයා බලා අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකි අතර ඉන් මේ ගැටලුවලට යම්තාක් දුරට සැළකිය යුතු විසඳුමක් ගෙන එයි.

තේ වලින් පසුගිය කාලයේදී අපනයනයෙන් ගෙනා ඩොලර් වලට මොකද වුණේ? එහි විනිවිදභාවයක් ඇතිකිරීම අතිශයින්ම වැදගත් අතර ‘’තේ වෙන්දේසිය ඩොලර් වලින් ගෙවන්නැයි “ කියා මේ තරම් ඉල්ලීම් කරන්නේ ද ඒ නිසයි. එවිට තේ කර්මාන්තශාලා හිමියන් හා තේ ගොවියාට ඩොලරයේ වාසිය ලබාදී ඉහළ යන රසායනික පොහොර යෙදවුම්, ඉන්ධන, යන්ත්‍රසූත්‍ර සාධාරණ ලෙසට ඩොලර් වලින් මිලට ගැනීමට හැකිවී ක්ෂේත්‍රයේ බොහෝ ගැටලු වලට විසදුම් ලබාගත හැකි වනු ඇති. එසේ නොමැතිව අනීතික ඩොලර් ගනුදෙනු කිරීම් වලට ඉන් ඉඩ නොලැබෙන පරිදි රටේ නීතීන්ට යටත්ව එය සිදුකළ හැකියි.

විනිමය පනත සංශෝධන කළ යුතු තැන් ගැන ද දැන් විවිධ සමාජ කතිකාවත් ඇතිවී තිබේ.

දැන්වත් අපි මේ ගැන සිතාබැලීම අවශ්‍යයි. ප්‍රමාදය පසුතැවීමට හේතුවිය හැක. අපේ ජාත්‍යන්තර තේ වෙළඳපොලවල් අලුත් රටවල් ගැනුම්කරුවන් හොයන් මීට වඩා ප්‍රවර්ධනයක් කරගත යුතුයි. ටයි කෝට් ගහන් නිකන්ම වගේ රටවල් වලට ගිහින් වාඩිවෙලා ඉන්න තානාපතිලට ඒ වැඩේ කරන්න බැරි ඇයි??

මේ යෝජනාව වඩාත් කාලෝචිතයි. ඒ නිසා අපේ රටේ සල්ලි, ණයවර ලිපි බැංකු ගැන ජාත්‍යන්තරයේ විශ්වාසය අඩුවෙලා යද්දි ඉන් ගැටලු දිනෙන් දිනම වැඩිවෙමින් යන මේ අවස්ථාවෙදි...පරක්කු නොවීම අදාළ බලධාරින්ගේ අවධානය මීට යොමුවිය යුතු බව බහුතරයකගේ මතය වී තිබෙනවා.

03/07/2022

කුඩා තේ වතු හිමියනි ,තේ කර්මාන්තශාලා හිමියනි,තේ කර්මාන්තයේ නියැලී සියළු දෙනා වහාම පාරට බසිමු ඉන්ධන නොදී කරන තේ කර්මාන්තයේ විනාශයට !

2022 මැයි මාසයට අදාළ තේ දළු මිල.....
17/06/2022

2022 මැයි මාසයට අදාළ තේ දළු මිල.....

2022 මැයි මසට අදාල දළු මිල......
17/06/2022

2022 මැයි මසට අදාල දළු මිල......

Address

Weligepola, Balangoda
Weligepola

Opening Hours

Monday 00:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94702237165

Website

Alerts

Be the first to know and let us send you an email when Tea Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share