12/04/2026
🫵 ඔයත් සතුන්ට පරිසරයට ආදරය කරන කෙනෙක් නම් මේ ගැනත් සිතන්න,
විශේෂයෙන් බල්ලන්, බළලුන් වැනි සතුන්ට ශබ්දයට ඉතා සංවේදී නිසා ඔවුන් බයවීම සහ මානසික ආතතිය වැඩිවීම සිදු වේ.
🐶🐱
⚠️️1. දැඩි බිය (Fear & Panic)** 🫨
* අධික ශබ්ද නිසා සතුන් හදිසියේ බියට පත්වෙයි
* සැඟවීමට උත්සාහ කරයි (bed under, corner, cupboard)
*⚠️️2. මානසික ආතතිය (Stress)*
* හද ගැස්ම වැඩිවීම
* වෙව්ලීම, හුස්ම ගැසීම වේගවත් වීම
*⚠️️3. පලා යාම (Running Away)*
* බිය නිසා ගෙදරින් පැන යාම
* බල්ලන්ට මෙය බහුලයි
⚠️️4. ශරීරික බලපෑම්
* ආහාර නොගැනීම
* වමනය හෝ දුර්වලතාවය
* හද ගැස්ම අසාමාන්‍ය වීම
⚠️️5. දිගුකාලීන බිය හැසිරීම
* රතිඤ්ඤා ශබ්ද ඇසූ විට නැවත නැවත බිය වීම
👍ඔබට කළ හැකි දේ❗
* සතුන් ගෙදර ඇතුළත, සුරක්ෂිත ස්ථානයක තබන්න
* ජනෙල් දොර වසා ශබ්ද අඩු කරන්න
* සතුන්ට සැනසිලිදායකව කතා කරන්න
* අල්ලාගෙන හෝ බලහත්කාරයෙන් පිටතට නොගෙන සිටින්න.
🐿️🐤🐦🐦⬛🦉 පක්ශී සතුන් සහ වෙනත් ජීවීන්ට වන බලපෑම් 🥺
🔊 1. අධික ශබ්දය (Noise Stress)
රතිඤ්ඤා පුපුරන විට ඇතිවන තද ශබ්දය පක්ෂීන්ට භීතියක් ඇතිකරනවා.
➡️ ඔවුන් හදිසිව පියාසර කරලා ගැටීම්වලට ලක්වෙන්න පුළුවන්.
🌙 2. රාත්‍රී කාලයේ අවුල්වීම
බොහෝ සතුන් රාත්‍රීයේ විවේක ගන්නවා.
➡️ රතිඤ්ඤා නිසා ඔවුන්ගේ නිදාගැනීම බිඳ වැටෙනවා
🐣 3. කූඩු (Nests) අත්හැරීම
බිය නිසා
➡️ මවි සතුන් තම කූඩු අත්හැර යන්න පුළුවන්
➡️ බිත්තර හෝ කුඩා පැටවුන් මරණයට ලක්වෙන්න ඉඩ තියෙනවා
🌫️ 4. වායු දූෂණය
රතිඤ්ඤා වලින් නිකුත් වන දූෂිත දූලි සහ රසායනික ද්‍රව්‍ය
➡️ සතුන්ගේ ශ්වාස පද්ධතියට (lungs) හානි කරයි
💡 5. ආලෝකය නිසා මඟ වැරදීම
දිදුලන ආලෝකය නිසා
➡️ විශේෂයෙන් සංක්‍රමණය (migration) කරන පක්ෂීන් මඟ වැරදෙන්න පුළුවන්
🟢 Message:
👉 “අපේ සතුට වෙනුවෙන්, සතුන්ගේ ජීවිත විනාශ නොකරමු!” 🤝❤️
👧👦දරුවන් තමයි රතිඤ්ඤා පත්තු කිරීමට ගොඩක් කැමති එයාලට මේ දේවල් කියලා දෙන්න, අනාගතය කවදක හරි පරිසර හිතකාමී උත්සව සමයක් බිහිවේවි. ❤️
AL Agri - බෙන්සි කුමාර