08/03/2026
📢අ.පො.ස. (සා/පෙළ) ප්‍රතිඵල කුමක් වුවත්, 13 වසරක සහතික කළ අධ්‍යාපනයක්!
✍️අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (12 ශ්‍රේණිය) සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් දැන් කැඳවා ඇත. (2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා)
📌 මෙම විෂය ධාරාවට ඇතුළත් වීමේදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵලය කිසිසේත්ම සලකා බලනු නොලැබේ. ඕනෑම සිසුවෙකුට වෘත්තීය සුදුසුකම් සහිතව අනාගතය ජය ගැනීමට ඇති හොඳම අවස්ථාව මෙයයි.
✅ ඔබට ලැබෙන අවස්ථා
🤝13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ පාසල් අධ්‍යාපනය.
🤝දෙස් විදෙස් පිළිගැනීමක් සහිත NVQ 4 මට්ටමේ වෘත්තීය සුදුසුකම.
🤝රජයේ වෘත්තීය පුහුණු ආයතනයක මෙන්ම රැකියා ස්ථානයක ප්‍රායෝගික පුහුණුව.
🤝දේශීය/විදේශීය රැකියා, උසස් අධ්‍යාපනය හෝ ව්‍යවසායකත්වයට පිවිසීමේ හැකියාව.
📌 අයදුම් කළ හැක්කේ කාටද?
2025(2026) වසරේ හෝ පසුගිය වසර 3ක් ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙකුට අයදුම් කළ හැකිය.
🛠️ පුහුණු විය හැකි ක්ෂේත්‍ර :
✍සංචාරක හා ආගන්තුක සත්කාරය
✍️මෝටර් රථ / රථ වාහන තාක්ෂණ ශිල්පය
✍️තොරතුරු තාක්ෂණය
✍️සෞඛ්‍ය හා සත්කාර සේවා
✍️මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය
✍️රූපලාවන්‍ය
✍️ප්‍රාසාංගික කලා ඇතුළු ශිල්ප
✍️ආහාර නිෂ්පාදනය
✍️ඇඟලුම්
✍️විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
✍️ලෝහ පිරිසැකසුම්කරණය
✍️පෑස්සුම් ශිල්පය
✍️යන්ත්‍ර ක්‍රියාකරවීම
✍️ඉදිකිරීම් කර්මාන්තය
✍️ගෘහ අලංකරණය
✍️උද්‍යාන අලංකරණය
✍️කෘෂි හා වැවිලි කර්මාන්තය
✍️ජලජ සම්පත් තාක්ෂණ ශිල්පය
✍️ක්‍රීඩා
✍️ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්ප
✍️වෙළඳ හා සැපයුම්
📝 අයදුම් කරන්නේ කෙසේද?
අයදුම් පත්‍රය, අදාළ පාසල් ලේඛනය සහ අනෙකුත් තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ විශේෂ දැන්වීම් යටතේ පළ කර ඇත.
ඔබේ සා/පෙළ ප්‍රතිඵලය කුමක් වුවත්, අධ්‍යාපනය අතරමග නතර නොකර, 13 වසරක් අඛණ්ඩව ඉගෙන ගනිමින්, NVQ 4 මට්ටමේ වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට ලැබෙන මෙම අවස්ථාව මග හැර ගන්න එපා