25/09/2026
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව මඟින් සංවිධානය කරන ලද 'දහසක් බුදුපුත් ප්‍රව්‍රජ්‍යාභිෂේක ජාතික මහෝත්සවයට' සමගාමීව, වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරිවෙන නියෝජනය කරමින් කුල දරුවන් තිදෙනෙකු ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේදී උතුම් පැවිදි දිවියට ඇතුළත් වීම සිදු විය.
වාරියපොල ශ්‍රී ශෛලතලාරාමය ඇතුළු වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති, ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සහ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් මහෝපාධ්‍යාය, නික /වාරි / වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරිවෙනේ පරිවේණාධ්‍යක්ෂක, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති, අග්ගමහාපණ්ඩිත, ග්‍රන්ථ වාචක, සාහිත්‍ය කීර්ති, සාහිත්‍ය චක්‍රවර්තී, මහාචාර්ය, අතිගෞරවාර්හ තුඹුල්ලේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල සීලක්ඛන්ධාභිධාන ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය, උපාධ්‍යායත්වයෙන්,
එල්. ඇම්. ධනුජ බණ්ඩාර කුල කුමරුවා ඉසින්බැස්සගලගම සුබෝධසීල හිමි නමින්ද,
ආර්. එම්. සමියුරු ඉඳුවර කුල කුමරුවා මුතුකණ්ඩියේ සුමනරතන හිමි නමින්ද,
ආර්. එම්. යසන්ත අනුහස් කුල කුමරුවා මුතුකණ්ඩියේ ඉන්දරතන හිමි නමින්ද පැවිදි දිවියට පත්වූහ.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වූ නවක පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරම ,
දරුවන් සසුන්ගත කිරීමට මඟපෙන්වූ පින්වත් මව්පියන්ට සහ ආචාර්යෝපාධ්‍යාය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට උතුම් තෙරුවන්ගේ සරණින් මෙලෙව පරලෙව යහපත උදා වේවා!.