Agri with RADU

Agri with RADU

Share

උසස්පෙළ කෘෂි විද්‍යාව දරුවන්ට විභාගය ජය ගැනීමට අත්වැළක් ❤️❤️

07/06/2024
Photos from Agri with RADU's post 04/05/2024
Photos from Agri with RADU's post 29/04/2024

සිරස් වගාව
සිරස් වගාව යනු නාගරික ප්‍රදේශයන්හි උස් ගොඩනැගිලි වල කෙරෙන කෘෂිකාර්මික ක්‍රම වේදයකි. මෙම ගොඩනැගිලි වල හරිතාගාර ක්‍රම උපයෝගි කර ගනිමින් වසර පුරා සම්පත් ප්‍රතිචක්‍රීකරණය කරමින් අනාගත නගර ස්වයං පෝෂිතව පවත්වා ගෙන යාම පිණිස පළතුරු එළවලු වගාව මෙන්ම මසුන් ඇති කිරීම සහ සත්ව පාලනයද කළ හැකිය.

මෙම සංකල්පය සඳහා කෙරුණු පර්යේෂණ වල මූලිකයා ලෙස හැඳින්වෙන්නේ නිව් යෝර්ක් හි කොලම්බියා විශ්ව විද්‍යාලයේ ඩික්සන් ඩෙස්පොමියර් නම් වූ පාරිසරික සෞඛ්‍ය විද්‍යා මහාචාර්යවරයාය. ඩික්සන්ගේ සිරස් වගාව නැමැති සංකල්පය අඩංගු ලිපිය නිව් යෝර්ක් මැගසින් නම් සඟරාවේ පළ වීමත් සමග ලොස් ඇන්ජලීස් හි (යුනයිටඩ් ෆියුචර් හි නිර්මාණ අධ්‍යක්ෂ) ක්‍රිස් ජේකබ් විසින් සැලසුම් කරන ලද මෙම ක්‍රමය කැලිෆොර්නියාව විසින් ලෝකයේ අවධානයට යොමු කරනු ලැබීය.

සිරස් වගා ක්‍රමයේ බලාපොරොත්තු විය හැකි වාසිදායක තත්වය නම් කැලැ එලි කිරීම වැලැක්වීම සහ කාන්තාර ඇතිවීමේ තත්වය වැලැක්වීමයි. ජනාවාස ප්‍රදේශ තුලම ආහාර නිෂ්පාදනය කර ගැනීමෙන් ඈත තිබෙන ගොවිබිම් වලින් ආහාර වර්ග ප්‍රවාහනයේදි ඇති විය හැකි දූෂණ තත්වයන්ද අවම කර ගත හැකිය. මනාව සකස් කරන ලද හරිතාගාරයක් පාවිච්චි කිරීමෙන් අස්වැන්න වැඩිපුර ලබා ගත හැකි අතර කෘමිනාශක වල් පැලැටී නාශක සහ පොහොර භාවිතයද අවම කළ හැකිය. දැනට පෙනෙන අන්දමට ඉදිරියේදි මෙම සිරස් ගොවිපල වල අප ජලය පිරිසිදු ජලය බවට පත් කර අප ද්‍රව්‍ය වලින් විදුලියද නිපදවා එම අංශ වලින් ස්වයං පෝෂිත තත්වයට පත් වනු ඇත.

මහාචාර්ය ඩෙස්පොමියර් මෙම සිරස් ගොවිපලවල් බිහි කිරීමේ තාක්ෂණය දැනට අප සතු බව කියයි. ඔහු කියන්නේ මෙම ක්‍රමය ලාභ හා ප්‍රතිඵල දායී බවයි. දළ ඇස්තමේන්තුවකට අනුව 35000 ක පිරිසකගේ ප්‍රයෝජනයට ගත හැකි සිරස් ගොවිපලක් බිහි කිරීමට වැය වන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 84 කට වඩා අඩු මුදලකි. දැනට ටොරොන්ටෝ නගරයෙහි මෙවැනි ගොවිපලක් තැනීමට සැළසුම් ශිල්පි ගෝර්ඩන් ග්‍රාෆ් සැළසුම් කර ඇත.

Photos from Agri with RADU's post 28/04/2024

HND Agriculture

Photos from Agri with RADU's post 18/04/2024

කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය - සිතාඑළිය

සීතාඑළිය කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය, ගන්නොරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ස්ථානයකි. අර්තාපල් සහ කැරට් වැනි එලවළු බෝග අභිජනනය සිදු කිරීම, වැඩිදියුණු කල ශෂ්‍ය විද්‍යා ක්‍රම මඟින් අස්වනු වැඩිකිරීම, යහපත් කෘෂි පිලිවෙත් මඟින් රෝග පලිබෝධ හා පාංශු පෝෂක කළමණාකරනය කිරීම මෙම ආයතනයේ ප්‍රධාන පර්යේෂණ කාර්යයන් වේ. එමෙන්ම දේශීය බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා අර්තාපල් පටක රෝපිත පැල නිෂ්පාදනය, අර්තාපල් කුඩා ආකන්ද නිෂ්පාදනය ද සිදු කෙරේ.

Photos from Agri with RADU's post 18/04/2024

චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය, බටඅත

බට අත පිහිටුවා ඇති කෘෂි තාක්‍ෂණ උද්‍යානය 2008 දී ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ය. හරිත උද්‍යාන සංකල්පය සාක්‍ෂාත් කර ගත් ශ්‍රී ලංකාවේ දෙවන කෘෂි තාක්‍ෂණ උද්‍යානය මෙය වේ. හිටපු කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂ මහතාගේ සහ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ අදහසකට අනුව ගොවීන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා මෙම උද්‍යානය පිහිටුවන ලදී.
කෘෂි තාක්‍ෂණ උද්‍යානය වියලි කලාපයේ සීමාවෙන් ඔබ්බට අක්කර 50 ක් පමණ පැතිරී ඇති අතර ඉහළ බෝග විවිධත්වයකින් යුත් විවිධ කෘෂිකාර්මික භෝග වලින් සමන්විත වේ. උද්‍යානයට ඇතුළු වන ස්ථානයේ ලොව ප්‍රථම කෘෂි කාර්මික ස්මාරකය පිහිටා ඇත. එම ස්මාරකය සාම්ප්‍රදායික ගොවියා සහ කෘෂිකර්මාන්තය අතර ඇති බැඳීම සංකේතවත් වන පරිදි දෙඅතේ අතැඟිලි බැඳෙන සේ ගොඩ නඟා ඇත.
මෙහෙවර
සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම සහ ආර්ථික ඵලදායිතාවය සදහා නව තාක්ෂණයන් පිළිබද දැනුම හා කෘෂිකාර්මික ගොවිපලක අත්දැකීම් ලබා දීම තුළින් තිරසාර කෘෂි සංවර්ධනයට උර දීම.

Photos from Agri with RADU's post 18/04/2024

කෘෂි තාක්ෂණ උද්‍යානය, ගන්නෝරුව

කෘෂි තාක්‍ෂණ උද්‍යානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන ශ්‍රී ලංකාවේ ඇති හොඳම උද්‍යානකි. මධ්‍යම කඳුකරයට පිවිසෙන දොරටුව වන මහනුවර නිවර්තන දේශගුණය තුළ උද්‍යානය පැති තුනකින් මහවැලි ගඟේ වළල්ලකින් වට වී ඇත. කෘෂිකාර්මික ආශ්‍රිත ආයතන බහුතරයක් ඇති තැන. මුළු භූමි ප්‍රමාණය 2km2 වේ. මුහුදු මට්ටමේ සිට මධ්‍යන්‍ය උන්නතාංශය අඩි 1550 (මීටර 473) පමණ වේ. උද්‍යානයේ ක්‍රියාකාරී කමිටුව පහත සඳහන් ඒකකවල නියෝජිතයින්ගෙන් සමන්විත බැවින් කාර්යක්ෂම කළමනාකරණය සඳහා මෙම ස්ථානය වඩාත් සුදුසුය.

18/04/2024

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ප්‍රධාන වගකීම වන්නේ 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත බලාත්මක කිරීම සහ ඒ යටතේ ඇති රෙගුලාසි අනුව කටයුතු සිදු කිරීමයි.පළිබෝධනාශක ලියාපදිංචි කිරීම මගින් පළිබෝධනාශක පාලනය කිරීම, ආනයනය කිරීම, ඇසුරුම් කිරීම, ලේබල් කිරීම, ගබඩා කිරීම, සංයෝජනය කිරීම, ප්‍රවාහනය, විකිණීම සහ භාවිතය සඳහා පනත මඟින් විධිවිධාන සපයයි. කෘෂිකර්මාන්තය, මහජන සෞඛ්‍යය, ගෘහස්ථ, කාර්මික හා පශු වෛද්‍ය වැනි පළිබෝධනාශක නිෂ්පාදනවල සමස්ත ක්‍රියාවලිය පනතේ විෂය පථයට අයත් වේ. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයට පැවරී ඇති ජාතික වගකීම වන්නේ උසස් තත්වයේ පළිබෝධනාශක පමණක් මිනිස් සෞඛ්‍යයට අවම වශයෙන් අනතුරුදායක වන පරිදි ශ්‍රී ලංකාවේ වෙළඳපොළට ඇතුළු කිරීමයි.

17/04/2024

ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණය

1961 දී මුවර්මන් හා පානබොක්කේ ලංකාවේ පාංශු වර්ගීකරණය මුලින්ම ඉදිරිපත් කළ අතර මහා පරිමාණ පාංශු ඝණ 14ක් හදුනාගෙන ඇත. මෙරට පාංශු වර්ගීකරණයේදී ප්‍රධානතම සාධකයක් ලෙස දේශගුනය සළකා ඇති අතර පස් වර්ග හඳුනා ගැනීමේදී වියළි කලාපයට ආවේණික පස් සහ තෙත් කලාපයට ආවේණික පස් ලෙස වෙන වෙනම හදුනාගෙන ඇත.
වියලි කලාපයේ දක්නට ලැබෙන පස් වර්ග

(1) රතු දුඹුරු පස
වියලි කලාපය පුරාම බහුලව දක්නට ඇත. වාර්ෂික වර්ෂාපතනය 1500mm ට වැඩි ප්‍රදේශ වල මෙම පස් වර්ගය හමු වේ. පසේ වයණය ම්‍ධ්‍යස්ථ ස්වභා‍වයෙන් යුක්තය. අනුරාධපුරය, පොළොන්නරුව, වව්නියාව, මොණරාගල, හම්බන්තොට වැනි ප්‍රදේශ වල මෙම පස ප්‍රධාන ව‍ශයෙන් ව්‍යාප්ත වී ඇත. වියළ සදාහරිත වනාන්තර හා වාරි ජල සම්පාදනයෙන් විවිධ ආහාර බෝග වගාවට යොදා ගත හැක.

(2)රතු කහ ලැටසෝල් පස
මන්නාරමට දකුණින් පිහිටි පුත්තලම ප්‍රදේශයට ආසන්න වෙරළාසන්න බිම් වල රතු කහ ලැටසෝල් පස් දක්නට ලැබේ. ජලවහණය ඉතා හොද අතර වයණය මධස්ථ වේ. වාරි ජල‍ය යොදාගෙන ගොවිතැන් කටයුතු සදහා යොදා ගැනීමට හැක.

(3)කැල්සියම් සහිත රතු කහ ලැටසොල් පස
යාපනය අර්ධද්වීපය ප්‍රදේශයේ මෙම පස් වර්ගය දක්නට ලැබේ. හුණුගල් මත නිර්මාණය වූ පස් වර්ගයකි. රතු කහ ලැටසෝල් පසට සමානය. වාරි ජලය භාවිතා කර ආහාර බෝග වගා කරයි.

(4)කැල්සියම් සහිත රතු දුඹුරු පස
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාතේ රතු දුඹුරු පස් දක්නට ලැබේ. මනා ජලවහණයකින් යුක්ත වන අතර වයණය මධස්ථය. වාරිජලය යොදාගෙන වී වගාව සහ එළවලු වගාව සිදුකරනු ලැබේ.

(5)මැටි පස
මන්නාරම‍ට උතුරු දෙසින් තිබෙන පස් වර්ගයකි. ග්‍රැමසෝල්ස් ලෙසද හදුන්වනු ලබයි. ජලවහණය ඉතා දුර්වලය. තද අලු පැහැයේ සිට කලු වර්ණය දක්වා පැහැය වෙනස් වේ. වාරි ජල සම්පාදනයෙන් වී වගාව ඉතා හොදින් සිදුකළ හැක.

(6) සෙලඩයිට් සහ සොලනේට්ස්
වියළි කලාපයේ වෙරළාසන්නව මඩකලපුව, කල්මුනේ, මන්නාරම යන ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ. රලු වයණයකින් යුක්තය. දුඹුරු පැහැ වේ. අම්ල ගතියෙන් යුක්තය. තෘණ වගාව සඳහා වඩා සුඳුසුය.

තෙත් කලාපයයේ දක්නට ලැබෙන පස් වර්ග

(1)රතු කහ පොඩ්සොලික් පස
ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය 3000mm ට වැඩි කදුකර ප්‍රදේශයන්හි ව්‍යාප්තව පවතී. නුවරඑළිය, මහනුවර, මාතලේ ප්‍රදේශයන් වල බහුලවම දක්නට ලැබේ. හොදින් ජලවහනය සිදුවන අතර සියුම් වයණයකින් යුක්ත වේ.එමෙන්ම අම්ල ගතියද අධිකය. බහුලවම තේ වගාව සිදුකරනු ලබන්නේ මෙවැනි පසක් සහිත බිම් වලය. වන වගාව සඳහාද යෝග්‍ය වේ.

(2)රතු දුඹුරු ලැටසෝල් පස
මෙම පස මාතලේ, මහනුවර යන ප්‍රදේශ වල බහුලවම දක්නට ලැබෙන පස් වර්ගයකි. ඊට අමතරව කඳු සහ රැළි භූ දර්ශනයක් සහිත ප්‍රදේශ වල නිම්නයන්හි ද මෙම පස් වර්ගය දැක ගැනීමට හැකිය. මධ්‍යස්ථ ජල වහනයකින් යුක්ත මෙම පස රතු දුඹුරු වර්ණයෙන් යුක්තය. මෙම පසෙහිද වයණය සියුම්ය. විවිධ බෝග වගා කරයි.

(3)නොමේරූ දුඹුරු පස්
කඳුකර හා රැළිබිම වල බහුල ලෙස ඛාදනයට ලක්වූ බෑවුම් වල මෙම පස දක්නට ලැබේ. දුඹුරු හා කහ වර්ණයෙන් යුක්තය. නොගැඹුරු ජල වහණයකින් යුක්තය. වයණය මධ්‍යස්ථ වේ. අම්ල ගතිය අවමය. බහුල ලෙස මෙම පසින් යුත් බිමි භාවිතා කරනුයේ වන වගාව සඳහාය. වාරි ජල සම්පාදනයෙන් එළවලු වගාවද සිදු කිරීමට හැකිය.

(4)හැල් හා අර්ධ හැල් පස
වෙරළබඩ හා කොළඹ, ගම්පහ, කලුතර, යන දිස්ත්‍රික්කයන් හි බහුල ලෙස දක්නට ලැබේ. තද දුඹුරු හා කාල වර්ණයෙන් යුක්තය. ඵෛන්ර්‍ර්‍ද්‍රීය ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා ඉහලය. පහත් බිමි වල බහුල ලෙස ව්‍යාප්ත වී ඇත.

(5) රෙගසෝල් පස
තෙත් කලාපයේ වෙරළ තීරයේ දක්නය ලැබෙන පස් වර්ගයකි. මීටර් 3කට වඩා ගණකමකින් යුක්ත වේ. වැලි කැට වලින් සමන්විත වී ඇත. වර්ණය සුදු පැහැයයි. ජලවහණය අධිකය. පොල් හා කජු වහාවට මෙම පස සුදුසු වේ. (මෙම පස වියළ කලාපයේ මුලතිවු, ත්‍රි'මලය, මඩකලපුව, පොතුවිල්, කල්මුනේ, ප්‍රදේශ වලද දක්නට ලැබේ)

(6)දියළු පස
ලංකාවේ සෑම ගංඟා නිම්නයකම දියළු පස දක්නට ලැබේ. ජල වහනය වෙනස්වන සුලුය. දුඹුරු අළු, කලු පැහැයෙන් යුක්තය. වයණය වැලි හා මැටි වලින් සමන්විතය. වී වගාව පිණිසත් කර්මාන්ත සඳහා මැටි ලබා ගැනීමටත් යොදා ගනී. (වියළි කලාපයේ ගංඟා නිම්න වලින් මෙම පස් වර්ගය දක්නට ලැබේ.)

Want your school to be the top-listed School/college in Wariyapola?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Wariyapola

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 18:00 - 22:00
Sunday 18:00 - 22:00