12/03/2025
හිතවත් ආදි ඉසිපතන සහෝදර සහෝදරියනි,
අප විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය, 1961 අංක 27 දරන චක්‍ර ලේඛය (1995 සංශෝධන වලට යටත්ව) නීත්‍යනුකූලව පිහිටුවා එහි මූලික වැඩකටයුතු මීට වසරකට පමණ පෙර ආරම්භ කරන ලදි.
එහිදී නව ව්‍යවස්ථාවකට අනුව ඉදිරි වැඩසටහන් කිරීම සදහා , එය සභා සම්මත කර ගැනීමටත්, පාසල සංවර්ධනයට ඔබගේ සහයෝගය ලබාගැනීමටත් , ඒ සදහා අනු කණ්ඩායම් පිහිටුවීමටත් අවශ්‍යව ඇත.
ඒ හරහා අප පාසලට , ඔබ සමීප කරවීමට "පුබුදමු ඉසිපතන " සංකල්පය හදුන්වා දෙමින් නව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සදහා මූලික සාකච්ඡාව සහ මහසභා රැස්වීම 2025.03.23 ඉරු දින පෙ.ව 8.30 ට විදුහල් ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට තීරණය කොට ඇත.
එදින පැමිණීමට පෙර,
1.ඔබගේ සමකාලීන මිතුරන්ගේ අනුකණ්ඩායමක් පිහිටුවා එම අනුකණ්ඩායමේ
සභාපති, උප සභාපති, ලේකම් , උප ලේකම් , භාණ්ඩාගාරික තනතුරු පත් කර ගන්න.
2. එය ඔබගේ සා/පෙළ විභාගයට මුහුණදුන් අවුරුද්ද , අනුකණ්ඩායම ලෙස ගණනය කරන්න( පසුගිය දා ක්‍රිකට් තරගයට මුහුණදුන් ආකාරයට)
3. එම නිලධාරීන් අපගේ මව් සංගමයේ කාරකසභිකයින් ලෙස කටයුතු කරයි.
4. "පුබුදමු ඉසිපතන " වැඩසටහනේ මූලික වැඩසටහන් , මෙම වසරේ පොසොන් පෝ දින උත්සවය සංවිධානය කිරීමෙන් ආරම්භ වී, පුරා වසරක් පුරා පැවැත්වේ.
5. දරුවන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහන්, ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන්, ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් ආදිය එක් එක් අනු කණ්ඩායම් මගින් දැනටමත් භාරගෙන ඇත.
6. එදිනට පැමිණෙන විට ඔබගේ අනුකණ්ඩායම් වලට මෙම වසර තුළ සිදුකල හැකි වැඩසටහන්, යෝජනා , සාකච්ඡා කොට එකගතාවයකට පැමිණ, එදින යෝජනා කරන්න.
7. නව යෝජනා සහ අඩුපාඩු තැන තැන විවේචනය කරනවා වෙනුවට ඔබට ඇති ගැටලු එදිනම සාකච්ඡා කිරීමට එම රැස්වීමේ දී ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න.
8. සාමාජිකත්වය ලබා නොගත් පිරිසට, එදින සාමාජිකත්වය ලබාගත හැක.
9. සාමාජිකයෙක් ලෙස මරණයකදී හිමි විය යුතු දීමනා හා වෙනත් සහයෝගයන් සදහා අවශ්‍ය පසුබිම සකස් කිරීම, පාසලට ළමුන් ඇතුළත් කිරීමේදී ඔබට සිදුවන අපහසුතා මගහැරගැනීම ආදී විශේෂ කරුණු රාශියක් එදින සාකච්ඡා කෙරේ.
ආදරණීය සහෝදර සහෝදරියනි, මේ අපේ පාසලයි. එය රැක ගැනීම අපේ යුතුකමයි. ඔබගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරමි.
නීතිවේදී, චේතිය බී කොස්වත්ත
සම සභාපති , ආදිශිෂ්‍ය සංගමය
ඉසිපතන ජාතික පාසල
බමුණාකොටුව