නෙතු කවුළු

නෙතු කවුළු විශ්වය දකින්නට කවුළුවක්
An eye beyond the Universe

අටමස්ථානාධිපති හිමියන් පත්කරගන්නේ කොහොමද?================================== # අටමස්ථානයඅටමස්ථානය කියන්නේ අනුරාධපුර පෞරාණ...
24/05/2026

අටමස්ථානාධිපති හිමියන් පත්කරගන්නේ කොහොමද?
==================================

# අටමස්ථානය

අටමස්ථානය කියන්නේ අනුරාධපුර පෞරාණික නගරයේ පිහිටි පූජනීය ස්ථාන අටක්. ඒවායෙන් ප්‍රමුඛත්වය හිමිවන්නේ ශ්‍රී මහා බෝධියට යි. බෞද්ධයන් එම බෝධිය බුදුන් පාරිභෝග කළ වස්තුවක් නිසා ඉතා ගෞරවයෙන් සලකනවා. අටමස්ථානාධිපති හිමියන් වාසය කරන්නේ ශ්‍රී මහා බෝධිය පිහිටි උඩමළුව විහාරයේ යි. ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩම කළ අනුරාධපුර මුල් යුගයේ පටන් එය අවසානය දක්වාත් උඩමළුව විහාරයේ අධිපති හෝ අටමස්ථානාධිපති හිමිවරුන් ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ නැහැ

ඉංග්‍රීසි පාලන කාලයේ 1905 අංක 8 දරන පනත මඟින් අටමස්ථාන භාරකාරත්වය එවක ආණ්ඩුව අටමස්ථාන කමිටුවට බාර දුන්නා. මේ වනවිටත් අටමස්ථානයට අයත් පූජනීය ස්ථාන කුමක් ද කියා නිශ්චිත එකඟත්වයක් පැවතුණේ නැහැ. ඉන් පසු 1909 ජනවාරි 19 වැනි දා අනුරාධපුර කච්චේරියේ දී විශේෂ රැස්වීමක් පැවැත්වුණා. අටමස්ථාන කමිටුවේ සාමාජිකයන් සහ ආණ්ඩුකාර හෙන්රි මැකලම් අතර එම සාකච්ඡාව පැවැත්වුණේ විවිධ පාර්ශ්ව විවිධ ආකාරයෙන් හැඳින්වූ අටමස්ථානය පිළිබඳ නිත්‍යනුකූල එකඟත්වයක් ඇතිකර ගැනීමට යි. එදින සාකච්ඡාවේ දී ශ්‍රී මහා බෝධිය සමඟ රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනාරාමය, ලෝවාමහාපාය සහ ලංකාරාමය යන පූජනීය ස්ථාන අටමස්ථානයට අයත් ස්ථාන ලෙස තීරණය කෙරුණා. එදින අනුමත වූ කරුණු අනුව අනුරාධපුරයේ ඉසුරුමුණිය අටමස්ථාන විහාරයක් වශයෙන් සැලකෙන්නේ නැහැ

# අටමස්ථාන පාලනය

අටමස්ථානයට අයත් පූජනීය ස්ථානවල අධිපතිත්වය දරන්නේ අටමස්ථානාධිපති හිමියන්. එම විහාරවලට භාරකාර හිමිවරුන් පත්කිරීමේ බලයත් අටමස්ථානාධිපති හිමියන් සතු යි. අටමස්ථාන පාලනය සඳහා භික්ෂුන් සහ ගිහි සාමාජිකයන්ගෙන් සහිත කමිටුවක් තිබෙනවා. වර්තමානයේ අටමස්ථාන කමිටුවේ ගිහි සාමාජිකත්වය හිමි ව ඇත්තේ බුලන්කුලම හෙවත් නුවරවැව පවුලේ ප්‍රධානියාට යි.

# නුවරවැව පවුල

මහනුවර යුගයේ නුවර වැව, කලා වැව සහ පදවිය වැව යන වැව් තුනෙන් සීමා වූ බිම් ප්‍රදේශ වන නුවර කලාවිය පාලනය කළේ නුවරවැව මහවන්නියා යි. දෙවන පෑතිස් රජ සමයේ ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩ ම කරවන අවස්ථාවේ මෙරටට පැමිණ බෝධි භාරකාරත්වය ඉසිලු බෝධිගුප්ත පරම්පරාවෙන් නුවරවැව මහවන්නියා පැවත එන බව ජන විශ්වාසය යි. ඒ අනුව රජ කලේ පටන් ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ගිහි භාරකාර ධුරය ද දැරුවේ නුවරවැව පවුලේ ප්‍රධානියා යි. එය ඉංග්‍රීසි පාලන කාලෙත් ක්‍රියාත්මක වුණා.

# අටමස්ථානාධිපති

අටමස්ථානාධිපති හිමියන් තෝරා පත් කර ගැනීම සිදුවන්නේ අටමස්ථාන කමිටුව මඟින්. අටමස්ථානාධිපති හිමියන් පත්කර ගැනීමේ දී බොහෝවිට සිදුවන්නේ බුලන්කුලම පවුලේ ප්‍රධානියා යෝජනා කරන නම කමිටුවේ අනෙක් සාමාජිකයන් ස්ථිර කිරීම බව පසුගිය ඉතිහාසය දෙස බැලීමේ දී පෙනෙනවා. සියම් නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් වන මේ පදවිය ලබන ස්වාමින් වහන්සේ එම නිකායේ අනුනායක පදවියක මට්ටමේ ගෞරවයට පාත්‍ර වෙනවා. දළදා වහන්සේගේ භාරකාරත්වය සියම් නිකායේ මහා නායක හිමිවරුන් දරන බැවින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරත්වය හොබවන නාහිමිපාණන් වහන්සේ අටමස්ථානයේ අනුනායක හිමියන් ලෙස සැලකුණු බවට ද මතයක් තිබෙනවා.

මල්වතු විහාරයේ මහා නායක හිමියන්ගේ නිර්දේශය මත රජු අටමස්ථානය සඳහා නායක හිමිනමක පත් කළ බව මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරය හෙබවූ මැදගම දේවමිත්ත මහානායක හිමියන් උතුරු මැද පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා වෙත 1800 ගණන්වල දන්වා සිටි අවස්ථාවේ ඒජන්තවරයාගේ පිළිතුර වී ඇත්තේ එම තනතුර පත් කිරීමේ බලය ඇත්තේ නුවරවැව පවුලට සහ පළාතේ මුලාදෑනීන්ට බව යි

අද ක්‍රියාත්මක අටමස්ථානාධිපති පදවිය මහනුවර යුගයේ ආරම්භ වූ බවයි පෙනෙන්නේ. එවකට වනගත ව පැවති අනුරාධපුරයේ ක්‍රියාත්මක වූ එකම පන්සල පිහිටියේ ද ශ්‍රී මහා බෝධියේ පමණ යි. අටමස්ථාන සංකල්පය ඇතිවීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධියේ නායක හිමියන් ම අටමස්ථානාධිපති තනතුරට පත්වූ බවට සාධක තිබෙනවා. අදත් ක්‍රියාත්මක වන්නේ එම සංකල්පය යි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ අටමස්ථානාධිපති සහ අනුනායක හිමියන් වශයෙන් මුලින් ම පත්කර ඇත්තේ උළුක්කුලමේ හාමුදුරුවන් වන අතර ඉන් පසුව ඇලගමුවේ හිමියන් ද අනතුරුව පාළුවැවේ හිමි ද එම පදවිය දරා තිබෙනවා

# නායක හිමියන් පත්කිරීම

අටමස්ථාන භාරකාර කමිටුව පත් කරන අටමස්ථානාධිපති හිමියන් ගැන මුලින් ම මල්වතු පාර්ශ්වයේ සංඝ සභාවට දැන්විය යුතු යි. ඉන්පසු මල්වතු මහා නායක හිමියන් ද එම පත්වීම අනුමත කොට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දන්වනවා. ඉන් පසු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අත්සන් කළ සන්නස් පත්‍රයක් පිරිනමා පදවිය රාජ්‍ය මට්ටමින් පිළිගත් බව තහවුරු කෙරෙනවා.

එදා මෙදාතුර අටමස්ථානාධිපති හිමිවරු
1816 ඉපලෝගම ශ්‍රී සුමන බුද්ධරක්ඛිත

1843 පයිලිගම රේවත

1863 කළුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛීත

1872 උඳුරව හල්මිල්ලෑවේ ශ්‍රී සුමන රතනපාල

1885 පහළ තලාවේ ශ්‍රී සුමන මේධංකර

1908 පල්ලේගම ශ්‍රී සුමන රේවත

1944 උඳුරව හල්මිල්ලෑවේ ශ්‍රී සුමන රේවත

1977 පල්ලේගම ශ්‍රී සුමන ඥානරතන

1997 පල්ලේගම ශ්‍රී සුමන සිරිනිවාස

2022 නොවැම්බර් 11 සිට පල්ලේගම හේමරතන

කුසුම්සිරි විජේවර්ධන උපුටා ගැනීමකි
නෙතු කවුළු ✍️❤️

වැඩි විස්තර සදහා
https://www.facebook.com/navodyapathirana.NethuKawulu?mibextid=ZbWKwL

හෙළයේ මහා රජුන් හා ඇවිළුණ නාගයෝ  ==================================දුටුගැමුණු කුමරු එළාර රජු ද ඔහුගේ දෙමළ සේනාව ද නසා දි...
23/05/2026

හෙළයේ මහා රජුන් හා ඇවිළුණ නාගයෝ

==================================

දුටුගැමුණු කුමරු එළාර රජු ද ඔහුගේ දෙමළ සේනාව ද නසා දිග්විජය කළේය. ඉන්පසු රජ දුටුගැමුණුගේ යෝධ පියවර වූයේ මහා සෑය රුවන්වැලිසෑය නැංවීමය. ඒ සඳහා ඔහුට මහමෙව්නා උයනේ පිහිටි පෞරාණික රන් තෙළඹු වෘක්ෂය කපා හෙළන්නට සිදුවිය. එම සිදුවීම දුටුගැමුණුට එරෙහිව මාරක විරෝධාකල්පයක් පැන නැගීමට හේතුවූ අතර එකී විරෝධයට මුල්වූ ගාඩි වංශය දේශපාලනිකව සංවිධානය කළේ නාග ගෝත‍්‍ර බළමුලූව විසින්ය. එය පාගා දමා මහා සෑය නැංවීම සඳහා දුටුගැමුණු රජු එඩිතර විය

එහෙත් මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේලා රැුගෙන මහ රහතුන් වහන්සේලා පෝක් සමුද්‍ර සන්ධිය හරහා වැඩමවීමේ දී උන්වහන්සේලාට මහා විරෝධතාවකට මුහුණ දීමට සිදුවූ බව මහාවංශය සඳහන් කරයි. එම විරෝධතාවේ පෙරමුණ ගත්තේ ද නාගයන්ය. එය දිය ගොඩ දෙකින්ම සිදුවූ යුද්ධයක් බඳු වූයේය. භක්තිමත් බෞද්ධයන් ලෙස ඉතිහාසය පුරා හමුවන නාග ගෝත‍්‍රික මූල නාගයන් මෙලෙස මහා සෑයට විරෝධය පළ කළේ මන්ද? විටෙක නාගයන්ගේ දේශපාලනික උභතෝකෝටිකය වන්නේ ද එයමය. දුටුගැමුණු රජුට බෞද්ධත්වය වඩාත් හොඳින් ආරෝපණය කර ගැනීමට මෙම විරෝධතා හේතු වූයේය. අන් අතකින් මහා සෑයේ තැන්පත් කරන්නට ලබාගත් සර්වඥ ධාතූන් වහන්සේලා එතුවක් කල් දිවිහිමියෙන් රැකගෙන සිටියේ ද නාගයන්ය

නාගයන් සතුව තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජතුමා අත්පත් කරගත් ශූර මෙහෙයුම වෙනම කතිකා කළ යුත්තකි. නාගයන් සතුවූ ප‍්‍රබලතම ඓතිහාසික සම්පත වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාය. නාග-යක් දිගු කාලීන වෛරය දුටුගැමුණු සමයේ කූටප‍්‍රාප්තියට පැමිණ කෙළවර වූයේ නාගයන්ගේ ඓතිහාසික සම්පත දුටුගැමුණු අතට පත්වීමෙනි.

ගැටුම නොනැවතුණි. නාගයෝ කෙටි කලක් දුර්මුඛව සිටියෝය. දුටුගැමුණු රජු මහා සෑය නංවන කාර්යයේය. සිවුසතළිස් වසරක (44) එළාර පාලනය නිමා කොට ලක් පොළෝ තලය මත නංවන අසහාය නිර්මාණය ඉදිකිරීම ඇරඹුණේය. ජන හද තුළ වූයේ දුටුගැමුණු ඉර, හඳ පවතිනතාක් රට කරවන පාලකයා විය යුතුය යන්නය. එය කෙතරම් ගැඹුරු ලෙස කාවැද තිබුණේ ද යත් විජය රජු සිංහලයන්ට දායාද කළ සිංහල ජාතික ධජය ද දුටුගැමුණු සමයේ වෙනස් වූයේය. තනි සිංහ රුවින් යුත් සිංහල ජාතික ධජය සිංහයා දෙපසින් ඉර සඳ ලකුණු ඇතුළත්ව තව මුහුණුවරක් ගත්තේය. ඒ ගැමුණු සමය සදාතනික වන බවට තවත් අරුතක් විය

ඉදිවන මහා සෑය ඒ විස්මයට තවත් බලාපොරොත්තුවක් එක් කළේය. සසුන් භාරධාරී තෙරුන් වහන්සේලා රාජ දේශපාලනික භාරධාරින් වහන්සේලා වන තරමට සසුන රාජ්‍ය පාලනය සමග සහවාස ගත කෙරිණි. මේ සියල්ල වඩාත් කේන්ද්‍රගත වූයේ මහා සෑයට සර්වඥ ධාතුන් වහන්සේලා ලද උදම් සහගත ජයෙන් අනතුරුවය

මහා සෑ ගර්භයේ ධාතු නිදන් කළ මංගල්‍යයට පසුව දුටුගැමුණු මහ රජ දුටු රුදුරු සිහිනය ඔහුගේ ආත්මය සසල කළේය. එතැන් පටන් මහා සෑය නංවා එහි රන්කොත බඳින තුරු ඔහුට ඉවසීමක් නොවිණි. මහා සෑ මළුවට විත් එහි කටයුතු කඩිනම් කරවීම හැර ඔහු අතින් එකල වෙනත් රාජ්‍ය පාලන කටයුත්තක් ඉටු නොවිණි. එය කෙතරම් බරපතළ වූයේ ද යත් රජ දුටුගැමුණු රාජ සභාව පැවැත්වූයේ මහා සෑ මළුවේදීය. හිමිදිරියේ මහා සෑ මළුවට පැමිණි මහ රජු රාත‍්‍රිය ළඟා වනතුරු එහි සිටිමින් වැඩ මුර ඉක්මන් කළේය

එක් සැඳෑවක මහ රජතුමාගේ හිස මැදට පැන ගත් නාගයෙක් ඔහුගේ හිස හරි මැද පාදා පෙනය පුම්බා විෂ දළින් ඇන සත් වරක් හිසමුදුනට ගසා නික්මුණේය

පුරුෂ වීර්යයෙන් පිරිපුන් රජ මරණයට මුහුණ දෙන්නට විය. මේ අතර නාගයා රජුගේ රාජකීය වෙදැදුරාට ද පහර දී මරා දැමුවේය. නාග ප‍්‍රහාරයෙන් ඔත්පල මහ රජු සත් දිනක් මරණය සමග සටන් කොට මරණයට පත්වූයේය

දුටුගැමුණු මහ රජ ඝාතනය කළ මෙම අභිරහස වසර දෙදහසක් මුළුල්ලේ සිංහල අපි ද ඉතිහාස කතාකරුවන් ද සඟවා ගෙන පැමිණ ඇත්තෙමු. ඒ මන්ද යැයි නොදනිමි. ඒත් සිංහල ජන කතාකරු අපූරු ජන කථාවක් ජනප‍්‍රවාද ගත කර ඇත. ඒ අනුව දුටුගැමුණු මහ රජු යුද්ධය දිනූ විගස යාපනයේ නාගදීපයට ගොස් උයනක් ඉදිකළේය. විවේකය, සැහැල්ලූව ඇවැසි විට ඒ නාග උයනට සපැමිණ තනිකඩ වීම රජුගේ සිරිතය. දිනක් උයන්පල්ලා වූ ”ජයසේන” නාග පොකුණට බැස සුහුඹුල් නාග කෙළිත්තියක් හා රාග හුරතලයක වෙළී සිටිනු දුටු රජුට කාම උද්දීපනය වී ජයසේනගෙන් නාග කෙළිත්තිය උදුරා ගෙන ඇය හා රමණය කළේය. ඉන් කෝපයට පත්වූ ජයසේනව ගෙල පාගා මහ රජ මරා දමන්නට උත්සාහ කළ බවත්, රජු අතින් එහිදී ජයසේන මිය ගිය බවත් සඳහන් වේ. ඒ මොහොතේ ”තෝ නාගයෙක් වෙලා ඇවිත් මරමි” යැයි පවසා ජයසේන අවසන් සුසුම හෙළා ඇති බව ජනප‍්‍රවාද කතාව වැඩිදුරටත් කියයි.

එසේ නම් දුටුගැමුණු මහ රජු රුවන්වැලි සෑ මළුවේ දී විෂ විද මරා දැමුවේ ඔහුමද? නොවේ නම් කවුරුද? නාගයන් විසින් දුටුගැමුණුට එරෙහිව කාලයක් පුරා ගෙන ගිය වෛරයේ අවසානය මෙයද? මෙහි පවසන නාගයා නාගයකු ද නොවේ නම් නාග ගෝත‍්‍රිකයකු ද? මේ කිසිවක් නිශ්චිත කරගැනීමට ඉතිහාසය අපට ඉඩදී නැත. සරලව පවසතොත් දුටුගැමුණු මහ රජතුමාගේ මරණ පරීක්ෂණ වාර්තාව ජනගත නොවුණේය. එය ඉතිහාසවේදීන් ඉතිහාසගත කිරීමක් ද නොකළෝය. ගැමුණු රජු සිරිතේ සියල්ල ලියා ඇත. ඔහුගේ බිසව ද ඔහුගේ මරණය ද ඉතිහාසයෙන් සඟවා තබා ඇත. ඒ මන්ද? දුටුගැමුණු හිස මස්තකයට විද එතුමා මරා දැමූ නාගයා කාගේ කවුදැයි අපි තවමත් නොදනිමු. ඒත් ඔහු හෝ එම සර්පයා ඓතිහාසික රාජ දේශපාලන බල අරගලයක ජීවමාන සාධකයක් බව පැහැදිලිය. සියවස් විස්සක් ගෙවී ගොස් ඇතත් සිංහල ජාතියේ අසහාය රාජවිරුවාගේ මරණ පරීක්ෂණය සොයා බැලිය යුතුය. කිසිවෙක් ඒ ගැන නොසිතති. ඒත් මෙය ඉතිහාස නිමිත්තකි.

ඒ අනුව දුටුගැමුණු රජ ඝාතනය කළ නාගයා එකල රජු අතින් පරාජය වූ නාග ජන ගෝත‍්‍රයේ වෛර ප‍්‍රාර්ථනාවද? නොවේ නම් ද්‍රවිඩ ජන මූලයේ වෛර ප‍්‍රාර්ථනාවද? එසේත් නොවේ නම් නාග උයනේ දී තම පෙම්වතිය පැහැරගත් ශෝකය වෛරයට පෙරළී දුටුගැමුණු රජු අතින් මිය ගිය ජයසේනගේ ආත්මය ද? එසේත් නොමැති නම් දුටුගැමුණු රජතුමාගේ කර්ම විපාකයද? එසේ නොවේ නම් මේ සියලූ සාධක එකට එක්වී සිදුවූ නියාමයක් ද? කෙසේ නමුත් අවසානයේ දුටුගැමුණු රජුම බලයෙන් පහකළ සද්ධාතිස්සට ලක්දිව රජ පදවිය යළිත් ලැබුණේය. ගැමුණු පුත් කුමරු සාලිය රාජ දේශපාලනය හැර පියා රොමැන්ටික දාර්ශනිකයකු වූයේය. එළාර ඝාතනය කළ දුටුගැමුණු රජු ද ඝාතනය විය. මහා සෑය සදාතනික වූයේය. ඉතිහාසය සර්ව සාධාරණ රිද්මයක අකුරු මාත‍්‍රාවක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි
https://www.facebook.com/navodyapathirana.NethuKawulu?mibextid=ZbWKwL

සුජිත් අක්කරවත්ත මහතාගේ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනීමකි
නෙතු කවුළු ✍️❤️
නෙතු කවුළු

අවුරුදු  03කට පසුව ඩිජිටල් අවකාශයේ  ඔබේ ආදරණීය ඉතිහාසගවේෂී  පිටුව " නෙතු කවුළු  "  යළිත් සක්‍රීය බව සතුටෙන් දැනුම් දෙමි ...
23/05/2026

අවුරුදු 03කට පසුව ඩිජිටල් අවකාශයේ ඔබේ ආදරණීය ඉතිහාසගවේෂී පිටුව " නෙතු කවුළු " යළිත් සක්‍රීය බව සතුටෙන් දැනුම් දෙමි !

වැඩි විස්තර දැනගනිමුද 👇
https://www.facebook.com/navodyapathirana.NethuKawulu?mibextid=ZbWKwL

"මේ අඹ ගසේ තියෙන අඹ වලින් ටිකක් කඩාගත්තට කමක් නැද්ද?”දින දෙක තුනක් තිස්සේ නිල නිවසේ නතර වී සිටි පරණවිතාන මහතාගේ වැඩිමහල්...
26/11/2023

"මේ අඹ ගසේ තියෙන අඹ වලින් ටිකක් කඩාගත්තට කමක් නැද්ද?”
දින දෙක තුනක් තිස්සේ නිල නිවසේ නතර වී සිටි පරණවිතාන මහතාගේ වැඩිමහල් සොහොයුරි සේවකයකුගෙන් ඇසුවාය. එසේ අසා මඳ වේලාවක් අඹ ගෙඩිවලින් අතු ඉති බරවී තිබූ අඹ ගස දෙස නෙත් හෙළා සිටියාය.
”කමක් නැහැ. නෝනා මහත්තයා ඒත් අපේ ලොකු මහත්තයගෙන් අවසර ගත්තොත් මල්ලක් පිරෙන්න අඹ කඩල දෙන්න පුළුවන්.” ඩිංගිරි නම් වූ සේවකයා ඇයට කීය.
”මේ අඹවලට මෙහෙමම ඉදෙන්න අරිනවද?” ඊළඟට ඈ ඇසුවාය.
”වෙන මොනව කරන්නද? ඔය දවල් වෙන කොට වඳුරු රංචුවක් ඒවි. උන්ගෙන් නම් අඹ ගහ බේරාගන්න බැහැ.”
”ඇයි උන්ව එලවන්නේ නැද්ද?”
”ලොකු මහත්තයා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ලොකු මහත්තයා කියන්නේ සතුන්ගේ පංගුව සතුන්ට දෙන්න ඕන කියල.”
”එතකොට අපේ මල්ලි අවසර දුන්නොත් අඹ ටිකක් කඩා ගන්න පුළුවන් ද?”
”මොකද බැරි?”
”මං හැන්දෑවේ ගෙදර යන්නයි කල්පනා කෙරුවෙ?”
ඉන් පසුව ඇය තම සොහොයුරා වැඩ කරමින් සිටින කන්තෝරු කාමරය දෙසට ගියාය. තම සොහොයුරා උදේ පාන්දර තේ එක බීමෙන් පසුව එක දිගටම කුමක්දෝ ලියමින් හා කියවමින් සිටින අයුරු දැක ගත්තාය. එබඳු වෙලාවකදී තමන්ගේ සොහොයුරා වුවද කතාබහට යාමට ඇය පි‍්‍රය නොකළාය.
”මල්ලිට මල්ලිගෙ වැඩ කටයුතු තමන්ගේ පාඩුවේ කරගෙන යන්නට ඉඩ දෙන්න ඕන. මම ආවේ මල්ලිට උදව් පදව් කරන්න මිසක් වෙන අහවල් දේකට යැ.” ඇය කල්පනා කරමින් ඉස්තෝප්පුවේ හිඳ ගත්තාය. ඇයට උවමනා කර තිබුණේ කොයියම් මොහොතකදී හෝ තම සොහොයුරා හුනස්නෙන් නැගිට සිටියහොත් කතා බහ කරන්නය.
”මල්ලියේ අර අඹ ගහෙන් අඹ ටිකක් කඩාගත්තට කමක් නැද්ද?” තමන් විසින් ඇසිය යුතු වූ ප්‍රශ්නයට සුදුසු වචන ඇය සිතින් ගළපා ගත්තාය. එතෙක් ඇය කල්පනා කරමින් සිටියාය. කොයි මොහොතකදී හෝ ඔහු තමන් සිටින පැත්තට ඇස් හරවනු ඇත. ඒ මොහොත එළඹෙනු තුරු නිශ්ශබ්ද වී සිටිය යුතුය. නිල නිවාසය පිහිටි වත්තේ කුරුල්ලන්ගේ සංගීත සංධ්වනිය හිමිදිරි යාමයේ දී අපූරුවට ඇසිණ. කෙමෙන් හිරු නැගෙත්ම ඒ සංධ්වනිය මැකී යයි. එහෙත් ඉඳහිට අත්තක ලැගගත් කුරුල්ලකු නඟන ගීතය ඇසේ. පරණවිතාන මහතා ලියමින් සිට එකවරම එය නතර කොට ඉස්තෝප්පුව දෙසට දෑස් යොමු කරනු අක්කා දුටුවාය.
”මල්ලී...”
”ආ අක්කනේ.”
”මල්ලිට බාධාවක් දන්නේ නෑ පොඩි කාරණයක්?”
”මොකක්ද?”
”අර පිටිපස්සේ අඹ ගහෙන් අඹ ටිකක් කඩාගත්තට කමක් නැද්ද මල්ලියේ?”
”ඔය ඩිංගිරිට කියල ඒක කරගන්න බැරියැ.”
”කමක් නැද්ද එහෙම කළාට?”
”හ්ම්.”
ඔහු නැවතත් තම කාර්යය පටන් ගත් බවක් පෙනිණි. “හ්ම්” කීවේ ඒ නිසාය. එහෙත් දැන් නිසි අවසරය ලැබී ඇති. සොහොයුරිය ඩිංගිරි මුණ ගැසීමට ගියාය.
”එහෙමනන් අඹ ටිකක් කඩල දෙන්න පුළුවන් ද ඩිංගිරි?” සොහොයුරිය ඇසුවාය.
”හොඳයි.”
විශාල පන් මල්ලකට අඹගෙඩි විස්සක් පමණ කඩා දුන්නේ ඩිංගිරිය. “මේවා නියම අඹ. මේ පැත්තේ පුරාණයේ ඉඳලම අඹ වතු තිබිල තියෙනවා. රජවරු කාලා තියෙන්නෙත් මේ අඹ තමයි.” ඩිංගිරි කීවේ තම හාම්පුතාගේ මතයක් තමන්ගේ මතයක් ලෙස තහවුරු කිරීමටය.
”මේවාට කියන්නේ ගිරාඹ කියල නේද?” සොහොයුරිය මල්ලෙන් අඹ ගෙඩියක් අතට ගනිමින් විමසුවේ සැක හැර ගැනීම සඳහාය.
”මේ තමයි නියම ගිරාඹ. පේන්නේ නැද්ද මේ තියෙන්නේ පුංචි ගිරා හොටය.” ඩිංගිරි කීවේ සිනාසෙමිනි.
කෙමෙන් දහවල් වෙන්නට විය. නොදැනීම කාලය ගතවී ගිය බවක් ඇයට දැනිණි. තේ කෝප්පයක් හදල දුන්නොත් මල්ලි බොන්න කැමති වේවි යැයි ඇය සිතුවාය. ඒ සමඟ ඇගේ මල්ලි, පරණවිතාන, ඒ පැත්තට හෙමින් පැමිණ සිටියේය.
”මොකක්ද අක්කා කීවේ?” ඔහු විමසිලිමත් විය.
”නෑ මං ඩිංගිරි ලව්වා අඹ ටිකක් කඩාගන්නද කියල ඇහුවේ.”
”මේක අඹ වාරය මයේ හිතේ.” ඔහු පිළිතුරු දුන්නේ වෙනත් අයුරකිනැයි ඈ සිතුවාය. මල්ලිගේ හැටි එහෙම තමයි. වෙලාවකට අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ සිනාමුසු අයුරකිනි.
”ඩිංගිරි ඔය අඹ කැඩුවේ” ඔහු ඊළඟට ඇසුවේය.
”ඔව් මම ඩිංගිරි ලව්වා අඹ කඩවා ගත්තා.”
”කෝ මේ ඩිංගිරි?”
ඩිංගිරි තම හාම්පුතා සමීපයට පැමිණියේය. අක්කා තේ හැදීමට මුලුතැන්ගෙට ගියාය.
ඩිංගිරියෝ ඔය මල්ලේ අඹ කීයක් තියෙනවද?”
”විස්සයි අපේ මහත්තයෝ.”
”ගණන් ඇතිව තව ටිකක් කඩල දෙන්න පුළුවන්ද?”
”එහෙමයි අපේ මහත්තයෝ. කීයක් විතර ද?”
”තව දහයක් දොළහක් විතර.”
ඩිංගිරි ඉක්මනින් අඹ කඩන අයුරු පරණවිතාන මහතා බලා සිටියේය. අක්කා විසින් පිළිගන්වන ලද තේ පානය කරමින් ඔහු අඹ ගහ යටට ගියේය. ඩිංගිරි ද අසලක සිටියේය.
”ඩිංගිරි තේ වතුර ටිකක් බිව්ව ද?”
”එහෙමයි මහත්තයෝ.”
”හොඳයි ඩිංගිරි එහෙමනන් මට පොඩි වැඩක් කරල දෙන්න ඕන.”
”හොඳයි අපේ මහත්තයො.”
”ඕවායින් හොඳ අඹයක් පොළට අරන් ගිහින් පොළේ විකුණන්නෙ කීයටද කියල දැනගත්තොත් හොඳයි.”
ඩිංගිරි මල්ලෙන් අඹයක් අතට ගෙන දුව ගියේ පොළටය. පොළේ ගිරාඹයක් විකුණන ගණන කීයදැයි ඔහු දැන ගත්තේය. ගිරාඹයක මිල කෙතරම් දැයි දැන හැඳින ගත් ඩිංගිරි ඒ වග පැමිණ තම හාම්පුතාට සැල කළේ ඇසෙන නොඇසෙන පරිද්දෙනි. එහෙත් එසේ කළේ කුමකටද යන්න ඔහු සඟවාගෙන සිටියේය.
තම සොහොයුරන් අඹ පිරවූ පැස ද රැගෙන ඇය කැටුව යාමට පැමිණ රථයට නැගුණු පසුව පරණවිතාන මහතා තම කන්තෝරු කාමරයට ගියේය. කරදාසියක් අතට ගෙන ලියුමක් ලියුවේය.
මුල්‍යධිකාරිතුමා වෙතට ලියන වග නම්,
මගේ සොහොයුරිය වෙත තෑගි කිරීමට මාගේ නිල නිවස පිහිටා ඇති වත්තේ ගිරඹ ගසින් අඹ ගෙඩි 30 ක් කඩවා දුන්නෙමි. එක් අඹයකට රුපියල් දෙක ගණනේ අඹගෙඩි 30 කට රුපියල් 60 ක් මගෙන් වැය වෙන පරිදි නිල කටයුතු ඉටු කරන මෙන් ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසි
පරණවිතාන"
උපුටා ගැනීම Wimuktha Pathmasiri මහතාගේ පිටුවෙන්. ස්තූතියි එතුමාට.

_______________________________________
පසුව ලියමි...
මෙහි පරණවිතාන මහත්මා මෙන්ම
සොයුරියත්, ඩිංගිරිත් එවැනිම වූ
ශීලාචාරබවින් යුක්ත වීම
සැලකිය යුතුය.

Athula Siriwardhane

උපුටා ගැනීමකි
නෙතු කවුළු ✍️ ❤️

26/11/2023

සිව් හෙළයේ සිංහයා ස්වකීය ජීව්තය මව්බිම වෙනුවෙන් පුදා අද නොවැම්බරයේ විසි හය වනදාට වසර 205 යි

මොණරවිල කැප්පෙටිපොළ , ඇහැලේපොල කුමාරිහාමි ගෙ ලොකු අයියා කියන්නෙම විරළ ගණයේ මනුස්සයෙක් , වීරයෙක් ,.... ඒකයි බ්‍රිතාන්‍ය වෛද්‍ය හෙන්රි මාෂල් ඒ හිස් කබළ පවා එරටට අරන් ගියේ වැඩි දුර පරියේෂණ කරන්න .....ඒත් අපේ අය මොකද කරේ ඒ උතුම් මනුෂ්‍ය රත්නයෙ හිස් කබළ නැවත ලබාගෙන වළ දැම්මා

මේ නිකන්ම නිකන් පොළවට පස් වෙලා යන්න ඕනි මතක අමතක වෙලා යන්න ඕනි මිනිස්සු නෙවෙයි ...මැරෙන බව දැන දැන ජීවිතය වෙනුවට රට ලේසියෙන්ම තෝරගන්න ඔබට මට හරි ලේසිද ........අවංකවම කීවොත් ඒක හරි අමාරු තීරණයක්

මරණය දණ්ඩනය ක්‍රියාත්මක වෙන අවසන් තත්පරය හමුවේත් කැප්පෙටිපොළ නිළමේතුමා දක්වපු එඩිතර බව නිසා ජාති ආලය නිසා එතුමන්ගේ හිස් කබල වෛද්‍ය ජෝන් මාර්ෂල් විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර තිබුණු කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයට පරිත්‍යාග කරනවා. එහිදී කරපු පර්යේෂණවලින් ඒ හිස් කබලේ සාමාන්‍ය මිනිසුන්ගේ දැකිය නොහැකි සුවිශේෂ ලක්ෂණ තිබුණු බවයි කියන්නේ.

කැප්පෙටිපොළ මහ විරුවාගෙ නිර්බීත ගති ලක්ෂණ සමාන වෙන්නෙ මේ ලෝකෙ හිටපු එකම එක පුද්ගලයෙක්ට විතරක් බව ඒ පර්‍යේෂණ වලින් කියවෙනවා..ඒ ස්කොට්ලන්ත යුද විරුවෙක් වුණ ශ්‍රීමත් විලියම් වොලස්ට.

ඉතො චතොහං වර ජම්බුදීපේ
හිමාලයේ හෙමමයයහිකූටේ
කප්පායුකො දෙව වසත්වහුත්වා
මෙතත්‍යෙය නාථස්ස සුණොමි ධම්මං

විලියම් වොලසුත් ස්කොට්ලන්ත යුද විරුවෙක් ..හිස් ගැසුම් කන්න වුණ...
මේ කැප්පෙටිපොළ නිළමෙ තුමාගෙ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙන මොහොතෙ එතුමන් කල අවසන් ප්‍රාර්ථනය ..ඒකෙ තේරුම එතුමන් කල පින් බෙලෙන් හිමාල පර්වත ප්‍රාන්තයේ කල්ප ආයුෂ ඇති දිව්‍ය රාජයෙක්ව
ඉපදිලා අවසානයේ මෙතේ බුදුන්ගෙන් බණ අසා නිවන් දකිත්වා යන්නයි......ඒත් මගේ නම් ප්‍රාර්ථනය ඔබතුමා මේ ලක්දිව කොහේ හෝ නැවත ඉපදී දවසෙන් දවස දූෂණය වන්නා වූ විනාශ වන්නා වූ ඔබතුමන්ගෙත් මගෙත් අපි හැමෝගෙමත් අම්මා වූ මේ ලක් මවුන් විනාස වෙන්නට නොදී බේර ගන්න ....සසර අවසානයේ නිවන් දකින්නට මත්තෙන් !

වීර කැප්පෙටිපොළ මහ විරුවන් ගැන නෙතු කවුළු පළ කරපු ලිපි සියල්ලක්ම මේ පහළ ලින්ක් එකෙන් ගිහින් කියවන්න පුළුවන් ...අපිට මව්බිමේ ස්වකීය නිවහල් බව රැකගෙන ජීවත් වෙන්න එදා 1818 දී පණ පුදාපු මේ විරුවන් අද අපේ ලක් අම්මා 2023 දී මෙහෙම ශෝකාන්තයකට පැටලෙන බව එදා දැනගෙන උන්නා නම් ඔවුන් ළය පැළී මියැදේවි

https://www.facebook.com/navodyapathirana.NethuKawulu?mibextid=ZbWKwL

🥀 කැප්පෙටිපොළ හිස් කබලට මොකද වුණේ
https://www.facebook.com/2458268327739485/posts/2970530056513307/?app=fbl

🥀 1818 විමුක්ති අරගලයේ සැගවුණ කතා
https://www.facebook.com/2458268327739485/posts/2965973493635630/?app=fbl

🥀 කැප්පෙටිපොළ විරුවාට මරණ දඩුවම දුන්නෙ මෙහෙමයි
https://m.facebook.com/story.php?story_fbid=2955989427967370&id=2458268327739485&mibextid=Nif5oz

මොණරවිල වීරයාණන් ගැන සවිස්තරාත්මක ලිපියක් එතුමන්ට උපහාර පිණිස අද පළ කරනවා ..එතෙක් මේ ලිපි කියවන්න

නෙතු කවුළු ✍️ ❤️

වීඩියෝ ව Gauthama shrawaka යූ ටියුබ් චැනලයෙන්..හරිම ලස්සන කැප්පෙටිපොළ උපහාර ගීයක්..අහලම බලන්න...ඔබේ හදවතටම ඒ ජ්‍යාත්‍යාලය දැනෙන බව මට විශ්වාසයි

Video credit goes to Gauthama shrawaka youtube channel
https://youtu.be/5EJwkWnajRQ?si=s7BhWpQkD_zYV6K8

යුතුකම ඉටුකරමු ❤️
24/11/2023

යුතුකම ඉටුකරමු ❤️

දෑස නොපෙනෙන දැවැන්තයා.. යන්නම යන්න ගිහින්..🥺🥺  මනසින් උසස්යැයි පම්පෝරි ගසන මේ වගේ තිරිසන් නරුමයන් බහුල ප්‍රදේශයක අනේකවි...
17/11/2023

දෑස නොපෙනෙන දැවැන්තයා.. යන්නම යන්න ගිහින්..🥺🥺

මනසින් උසස්යැයි පම්පෝරි ගසන මේ වගේ තිරිසන් නරුමයන් බහුල ප්‍රදේශයක අනේකවිධ බාධක, තර්ජන, පහරකෑම්, අසීමිත වේදනා සියල්ල විඳ දරාගනිමින් දෑස නොපෙනනුණත් ගව් ගණන් ඇවිද ගිය මහවටත් ගල්ගමුවටත් අවට ඉන්න මානුෂීය මිනිස්සුන්ටත් හැර උන් විතරක් හිටියම ඇති කියල හිතන ආත්මාර්ථකාමී කාළ කණ්ණි රැළකට අධික හිසරදයක් වූ දැවැන්තයා අද මඩ වගුරකම අවසන් හුස්ම හෙළයි..

තමන්ගෙ වගකීම යුතුකම නිසි කල, නිවැරදිව නොපිරිහෙලා ඉටු කිරීම⁣ට අපොහොසත් වූ බහුතරයක් වනසන ජීවි පිංබත් බැලයිනි.. උඹලට මේකෙ ශාපෙන් කෙසේවත් නිදහස් විය නොහැක.. මරණ මංචකයේදී මෙවන් කෲරතම අපරාධයන්ට ඉර හඳ පවතිනාතාක් කල් වන්දි ගෙවීමට සිදුවන අතරම එය තොප ගිලින බත් ඇටයක් පාසා ම හත්මුතු පරම්පරාවටම පඩිසන් දෙන සාපයක් බව සපථ කරමින් ආයෙත් මේ පව්කාරයොන්ගෙ හුළඟවත් වදින් ඉසව්වක නොඉපදී යහපත් ආත්ම භවයකට දසේ නම් දෑස් නොපෙනෙන වනඅලියා වෙනුවෙන් අපි පුණ්‍යානුමෝදනා කරමු..

✍️ - සෙනෙහස් පැතුම්❤️

කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල**********************************************මහනුවර දළදා මාළිගාව පිහිටා තිබෙන ස්ථානය මෙ...
16/11/2023

කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල
**********************************************

මහනුවර දළදා මාළිගාව පිහිටා තිබෙන ස්ථානය මෙරට සෑම දෙනෙකුම පාහේ දන්නා බව අමුතුවෙන් පැවසිය යුතු කරුණක් නොවේ. එහෙත් සෙංකඩගලපුර රජ මාළිගය හෙවත් රජවාසල පිහිටා තිබූ ස්ථානය මෙරට බොහෝ දෙනෙක් දන්නේ නැත. මහනුවර ජීවත්වන අයගෙන් බොහෝ දෙනෙක් ද ඒ අතර සිටීම පුදුමයට කරුණකි. රජ මාළිගාව පිහිටා තිබුණේ ද, දළදා මාළිගය අසලමය. මෙරට රජ මාළිගා අතුරින් තවමත් මේ තරමින් හෝ ඉතිරිව පවතින එකම රජමැඳුර මෙය පමණකි.


දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන යන රජවාසල පුරාවිද්‍යාත්මක කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනාගාරයක් නොවිය යුතුය. මෙරට බොහෝ දෙනෙකුගේ අදහස එයයි. කෙසේ වුවත්, පැරණි රජවාසල වශයෙන් සඳහන් වන්නේ එදා රජවාසලෙහි අමුත්තන් පිළිගැනීම සඳහා භාවිතා කළ ගොඩනැගිල්ලයි. නැතහොත් දැකුම් (දකින* මාළිගයයි. එසේ නම් රජවාසලෙහි අනෙකුත් ගොඩනැගිලිවලට සිදුවූයේ කුමක්ද?
ඉංග‍්‍රීසින් කන්ද උඩරට පාලන බලය ලබා ගැනීමත් සමඟම මෙරට රජවරුන්ගේ පාලන ක‍්‍රමය ද අවසන් විය. ඒ නිසාම මෙරට පිහිටි රජමැඳුරු ද විනාශ වූ අතර එහි නටබුන් පමණක් තැනින් තැන අදට ද දක්නට ලැබේ. එහෙත් තරමක් දුරට සතුටුදායක මට්ටමින් හෝ ඉතිරිව පවතින එකම රජමැදුර පිහිටා තිබෙන්නේ සෙංකඩගල පුරවරයේ ය. ඒ ”මහනුවර රජවාසලයි”. රජවාසල පිහිටා තිබෙන්නේ දළදා මාළිගාව අසලය. දැනට පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් භාවිතා කරන රජවාසල, මහනුවර දළදා මාළිගය දේව වීදිය ඉදිරිපිට පිහිටි සුදු සේලයෙන් වර්ණවත්ව පවතින දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පිහිටා තිබේ. වර්තමානයේ දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පැවතිය ද, අතීතයේ සේනාසම්මත වික‍්‍රමබාහු රජතුමාගේ සිට පාලකයන් දොළොස් දෙනෙක් වාසය කර තිබෙන විශාල මන්දිරයකි.


🥀වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස සෙංකඩගලපුර රජවාසල

එදවස ජර්මන් ජාතික ජොහාන් වොල්ෆ්ගංග් හෙයිඞ්ට්, ඕලන්ද තානාපති ඩැනියෙල් ග‍්‍රීන් සමඟ පැමිණි අවස්ථාවක තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ. ”වත්මන් දළදා මාළිගාව අසල පිහිටි සෙංකඩගල රජවාසලට එදවස පිවිසිය යුතු වූයේ කළුගල් පඩි හෙවත් පියගැටපෙළ දහනවයක් පසු කරමිනි. අශ්වයන් පවා මෙම කළුගල්වලින් ගෙනවුත් රජුට පෙන්විය යුතුව තිබුණි. මාළිගයට ඇතුඵ වන දොරටුවේ ඉදිරිපස කළුගලින් සාදා ඇති ඝන තාප්පයකි. ඉන් ඇතුඵ වන විට දැකිය හැකි ගොඩනැගිලි මැටි බිත්තිවලින් ආවරණය කර ලී කණු මත සාදා ඇත. ප‍්‍රධාන දොරටුවෙන් ඇතුඵ වන විට පිවිසෙන්නේ එවන් ගොඩනැගිල්ලකටය. රජුගේ සෙබඵ ඉතාමත් පරීක්ෂාකාරීව සිටියෝය. ගොඩනැගිල්ල මැදින් තවදුරටත් ඉදිරියට යාමේදී කදිමට සකසා තිබූ මැද මිදුලකට පිවිසිය හැක. එහි මැද කොටසේ කළුගල් අතුරා සාදා ඇති මාර්ගයකින් තවත් ගොඩනැගිල්ලකට පිවිසිය යුතුව තිබේ. මෙය දිගින් සහ පළලින් තරමක් විශාල ගොඩනැගිල්ලකි. එහි වහලය ලී කණු පේලි දෙකක් මත ඉදිකර තිබුණි. එය මැදින් ඉදිරියට ගමන් කිරීමේ දී අවසානයට දකුණු පැත්තෙන් හමුවෙන්නේ එළිමහන් බිමකි. රජතුමා සිංහාසනාරූඪ සිට ඇත්තේ එහිය.”

මෙය සනාථ කරන සිතියමක් නෙදර්ලන්ත හේග් නුවර කෞතුකාගාරයේ ද, එහි පිටපතක් මහනුවර ජාතික කෞතුකාගාරයෙත් තිබේ. මෙම සෙංකඩගලපුර රජවාසල සිතියම අඳින ලද්දේ ක‍්‍රි.ව 1765 වසරේ දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේ දී ඕලන්ද ජාතිකයකු විසිනි. එම සිතියමට අනුව මහා වාසල සංකීර්ණය තුළ නරේන්ද්‍රසිංහ රජු සෑදු අලූත් විහාරය, විමලධර්මසූරිය රජු සෑදු දළදා මාළිගයේ පැරණි විහාරය, සිංහාසනය ඇති ස්ථානය, තනාපති මඟුල් මඩුව, ලැඟුම් ගේ, බේත් ගේ, බිසෝවරුන්ගේ ලැගුම් ගේ, රජතුමා සතු ඉස්තරම් භාණ්ඩ තබා ඇති කාමර, තුවක්කු ගබඩාව, දුනු හී ගබඩාව, කුඵබඩු කාමරය, රජතුමාගේ සොහොයුරන් සහ පවුලේ සාමාජිකයන් නැවතී සිටි කාමර, වෙඩිබෙහෙත් සහ තුවක්කු සාදන මඩු, රජුගේ අලූත් ලැඟුම් ගේ, වැසිකිළි, ඇත්හල ආදී ගොඩනැගිලි ආදිය පිහිටා තිබුණි. සංස්කෘතික ත‍්‍රිකෝණය මඟින් සිදු කරන ලද කැණීම්වල දී සිතියමේ සඳහන් කරුණු සනාථ කරගෙන ඇත.



🥀ඉංග‍්‍රීසීන් අල්ලාගත් පසු රජ මාළිගය

එහෙත් දැනට තිබෙන රජ මාළිගයේ ස්වරූපය ඊට වඩා බොහෝ වෙනස්ය. අද දක්නට ලැබෙන්නේ ක‍්‍රි.ව 1798 දී රජ වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් අලූතින් සාදා එක් කරන ලද කොටස්ය. කෙසේ වුවත්, ලූතිනන් කර්නල් බාබට් මහනුවර ආක‍්‍රමණය කළ අවස්ථාවේ දී මෙය දක්නට ලැබුණු ආකාරය විස්තර කර තිබුණේ මෙසේය. ” රජ මාළිගා ගොඩනැගිල්ල ගින්නෙන් හානිවී තිබුණි. එය දැවැන්ත රජ මාළිගාවකි. ප‍්‍රධාන දොරටුවෙන් මාළිගයට ඇතුඵ වන විටම ඉදිරියෙන් දක්නට ලැබෙන්නේ අලංකාර ලෙස කැටයම් කරන ලද, ගල් කුලූණුවලින් සාදා ඇති මහා ශාලාවකි. එම කුලූණු අතර සම දුරින් දැව ආධාරක මත සවි කරන ලද ඇත්දළය. මාළිගය මැද ආරක්ෂිත මිදුලකි. එම ඇත්දළ සහිත මහා ශාලාව පසුකර යන විට බුද්ධ ප‍්‍රතිමා සහිත පිළිම ගෙයකි” යනුවෙනි. ක‍්‍රි.ව 1815 වසරේ හෝ ආසන්න දිනයක දී ලූතිනන් ලිට්ල්මන් අඳින ලද චිත‍්‍රයකට අනුව, අද දක්නට ලැබෙන රජවාසල එදාත් දැකගත හැකි විය. ජෝන් ඬේවිගේ විස්තරය ද ඒ හා සැසඳේ.

කි‍්‍ර.ව 1815 වසරේ ඉංග‍්‍රීසීන් විසින් අඳින ලද සැලැස්මකට අනුව රජ මාළිගය සමන්විත වූ ආකාරය මෙසේ දැක්වේ. සටන් පුහුණු වන ස්ථානය (හරමක්කාර මඩුව), මහ වාසල, සැතපෙන ගේ, උල්පැන් ගේ, හලූ මණ්ඩපය, ආයුධ මණ්ඩපය, දකින ශාලාව (රජු සහ ප‍්‍රධානීන් හමුවන), මුද්දර මණ්ඩපය (රාජකීය මුද්‍රාව තිබූ), කවිකාර මණ්ඩපය, මඟුල් මඩුව, සාන්ති මණ්ඩපය (රජුට සෙත්සාන්ති කරන ස්ථානය), දකින මණ්ඩපය (විදේශීය තානාපතින් රජු හමුවන තෙක් නැවතී සිටින ස්ථානය), මහ ගබඩාව සහ අරමුදල (මෙම ගොඩනැගිලි දෙක පිහිටා තිබුණේ ඉංග‍්‍රීසි සමයේ කච්චේරිය වශයෙන් හා පසුව මහ අධිකරණය වශයෙන් භාවිතා කළ ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේය), උඩ ගබඩාව, මැඳ වාහල, දළදා මැඳුර, පල්ලේ වාහල, දෙමළ ඉලංගම් මඩුව, කූණම් මඩුව, ජලතිලක මණ්ඩපය සහ ගබඩා අටුව වේ.

කෙසේ වුවත්, ඉංග‍්‍රීසින් සෙංකඩගල රජ මාළිගය අල්ලාගත් පසු, දැන් ඉතිරිව පවතින රජවාසල කොටස නිවහන කරගෙන ඇත්තේ මහනුවර ඉංග‍්‍රීසි නියෝජිතයා වූ ජෝන් ඩොයිලිය. ඉන්පසු ඉහළ ඉංග‍්‍රීසි නිලධාරීන්ගේ වාසය සඳහා රජවාසල ගොඩනැගිල්ල යොදාගෙන තිබේ. එහිදී පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත. එසේ වුවද, පැරණි ස්වරූපයෙන්ම දැනට ද වෙනස් නොවී පවතින්නේ එහි ඉදිරිපස ප‍්‍රවේශය හා එයට සම්බන්ධ ශාලාව පමණි. ජෝන් ඩොයිලි ක‍්‍රි.ව 1811 වසරේ දී තබා ඇති සටහනකට අනුව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ දියණිය සහ කිරි අම්මා මියයාමෙන් පසු රජ මාළිගයේ විවිධ ආකාරයේ අද්භූත ශබ්ද ඇසීමට පටන්ගෙන තිබෙන බවට මතයක් පැවති බවත්, නොකඩවා ජනෙල්වලට තට්ටු කිරීම හා පය තබා යන අඩි ශබ්ද ඇසුණු බව කියැවේ.

බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙම ගොඩනැගිල්ල දිසාවේ දිසාපතිවරුන්ගේ නිවාස බවටත් පත්වී තිබේ. එම කාලයේ රජ මැඳුරේ බිත්තිවල අලංකාර බිතුසිතුවම් ඇඳ තිබුණු අතර, ඔවුන් වසරක් පාසා බිත්තිවල හුණු දියර ආලේප කර තිබෙන්නේ එම චිත‍්‍ර වැසී යන අයුරිනි. ඉතිහාසයේ සොඳුරුතම සිහිවටන ඒ ආකාරයෙන් වියැකී ගියේ ඉංග‍්‍රීසීන්ගේ කුරිරු බව පසක් කරමිනි.

ඉංග‍්‍රීසීන් සෙංකඩගල පුරවරයට ඇතුල්වීමත් සමඟම ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු රජ මාළිගයට ගිනි තබා පලාගියේ රජ වාසලෙහි ඇති රහස්‍යභාවය ඔවුන්ගෙන් වසන් කිරීම සඳහා විය යුතුය. කෙසේ වෙතත්, රජවාසලට ඇතුළ්විය යුතු වූයේ දැවැන්ත උළුවස්සකිනි. එය උසින් අඩි නවයයි අඟල් තුනක් ද, පළලින් අඩි පහක් ද වේ. මෙම දොර උඵවස්සෙහි ඇති විශේෂත්වය නම්, උඵවස්සෙහි ඇතුඵ පැත්තේ කට්ටයක් කපා එයට දොර ඇතුළත් කර තිබීමයි. මෙම උඵවස්සට දොර පියන් පත් දෙකකි. උඵවස්ස වටේටම දිවෙන අලංකාර පලාපෙති මඟින් එදා ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය මනාව පෙන්නුම් කෙරේ. ප‍්‍රධාන උඵවස්ස දෙපස පිටත බිත්තියේ රාජකීයත්වය පෙන්නුම් කිරීම සඳහා ඉර හඳ දෙක හා ගජසිංහ රූප සහිත පිළිස්සූ මැටි පුවරු දක්නට ලැබේ. ගොඩනැගිල්ල එළියේ සහ ඇතුළත බිත්තිවල ද, සායම් කරන ලද සිංහ උඵ අල්ලා තිබෙනු දැකගත හැකිය. මෙහි ඇතුළත බිත්ති චිත‍්‍රවලින් අලංකාරව තිබී ඇති බව බිත්තිවල ආලේප කර ඇති හුණු ඉවත් කිරීමේ දී දැක ගැනීමට ලැබුණු බව ද සඳහන්ය. රජ වාසල ඇතුළත සී මැඳුරු කවුඵ පිහිටා තිබූ අතර, ශ‍්‍රී වික‍්‍රම රාජ සමයේ දී මෙම පෙදෙස ”දකින ශාලාව” වශයෙන් භාවිතා කර තිබෙන බව පෙනී යයි.



🥀අගබිසව වාසය කළ මැද වාහල

මැද මිදුලක් සහිතව පිහිටි මෙම ගොඩනැගිල්ල පැරණි කච්චේරි ගොඩනැගිල්ල සහ ජාතික කෞතුකාගාරය අතර පිහිටි ගොඩනැගිල්ලකි. මෙහි බිත්ති උසින් අඩුය. සමාන හතරැුස් ආකාරයෙන් පිහිටි ජනේල කුඩාය. ඒවාට බීරඵ සහිත පොලූ සවිකර තිබේ. වහලයට පෙති උඵ සෙවිලි කර තිබෙන අතර, වහලයේ මුදුන්වල මැටි කොත් සතරකි. අගබිසව වාසය කළ මෙම ගොඩනැගිල්ල මහනුවර දක්නට ලැබෙන පැරණිතම ගොඩනැගිල්ලය. එදා පැවති ස්වරූපය වෙනස් නොකර අද ඒ ආකාරයෙන්ම පවතින ගොඩනැගිල්ලකි. දකින මණ්ඩපය (රජු හමුවීමට පැමිණෙන විදේශීය තනාපතිවරු, රජුගේ අවසරය ලැබෙන තෙක් නැවතී සිටි ස්ථානය) වශයෙන් පැවැති ගොඩනැගිල්ල අද දක්නට නොමැති අතර, එය මඟුල් මඩුව හා උඩ වාහල්කඩ (මෙයද අද නොමැත) අතර පිහිටා තිබුණි.

🥀පල්ලේ වාහල

වර්තමානයේ මහනුවර ජාතික කෞතුකාගාරය වශයෙන් සඳහන් වන ස්ථානයේ පල්ලේ වාහල පිහිටා තිබුණි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා මෙහි පළමුවෙන්ම පදිංචිව සිටියා යැයි විශ්වාස කෙරේ. පසුව රජ බිසෝවරුන්ගේ වාසය සඳහා වෙන් කෙරිණි. මැද වාහලට වඩා තරමක් විශාල ගොඩනැගිල්ලක් වුවද සමාන ලක්ෂණ බොහොමයකි. දළදා මාළිගයට නැගෙනහිරින් උස භූමියක පිහිටා තිබෙන පල්ලේ වාහල මැද මිදුලක් සහිත මිටි ගොඩනැගිල්ලකි. කුඩා වා කවුළුවලින් යුක්තය. රටඋඵ සෙවිලි කර තිබේ. පල්ලේ වාහලට ඇතුඵවන උඵවස්ස දැව භාවිතා කර තිබුණ ද කැටයම් දක්නට නොලැබේ. උඵවස්ස දෙපස බිත්තියේ කලූගලින් නිම කළ කැටයම් සහිත පුවරු දෙකකි. වහලයේ මැටි කොත් දෙකකි. එහෙත් කුඩා වා කවුඵවලට බීරඵ පොලූ යොදා ඇත.

🥀 ජලතිලක මණ්ඩපය

සෙංකඩගල පුරවරයට අපූර්ව අලංකාරයත් සුන්දරත්වයත් එක්කරන, කිරිමුහුද මැද පිහිටි කුඩා දුපත හෙවත් ”ජලතිලක මණ්ඩපය” රජතුමාගේ විවේකය ගත කිරීම සඳහා භාවිතා කළ ස්ථානයකි. මෙය ”කුණ්ඩසාලේ” යන නමින්ද ව්‍යවහාර කර තිබේ. ක‍්‍රි.ව 1850 වන විටත් මෙහි අෂ්ටාශ‍්‍ර කුටියක් තිබී ඇත. ඉංග‍්‍රීසීන් මහනුවර අල්ලා ගැනීමෙන් පසු වෙඩි බෙහෙත් ගබඩාවක් වශයෙන් භාවිතා කර, තවත් වසර කිහිපයක් ගත වීමෙන් පසු එම ගොඩනැගිල්ල කඩා බිඳ දමා ඇත. ජලතිලක මණ්ඩපය ද, පත්තිරිප්පුව, මඟුල් මඩුව ඉදිකළ දේවේන්ද්‍ර මුලාචාරියාගේ නිර්මාණයකි. ජෝන් ඩොයිලි ඔහුගේ දිනපොතෙහි ක‍්‍රි.ව 1812 ජූනි 12 දින තබන ලද සටහනකට අනුව මෙසේ සඳහන් කර තිබේ. ”ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසින් ළඟදී සාදන ලද වැව මැද කුණ්ඩ ශාලාවක් ගොඩනංවා කොකු උඵ සෙවිලි කරන ලදී. ඒ වැවෙහිම එකකට එක කුඹ ගස බැගින් වූ යාත‍්‍රා දෙකක් ද සාදා, පාරු දෙකක් ද සාදන ලදී. වැව මැද තිබෙන කුණ්ඩ ශාලාවට යාම සඳහා දිගහැරීමට හා හැකිළීමට හැකි පාලමක් ද රජු තැනෙව්වෝය” වශයෙනි.

🥀උඩරට රජවරු සහ ඉංග‍්‍රීසීන් ඉදිකළ මඟුල් මඩුව

උඩරට රජවරු සහ ඉංග‍්‍රීසි යන දෙපිරිසේම සහභාගිත්වයෙන් මෙරට ඉදිවූ එකම ගොඩනැගිල්ල මෙය වේ. ඒ අනුව, ක‍්‍රි.ව 1784 වසරේ දී ශ‍්‍රී රාජාධි රාජසිංහ රජතුමා විසින් මඟුල් මඩුව ඉදිකිරීම ආරම්භ කර ඇති බව ඉංග‍්‍රීසි ලේඛක ජේ. සී ලූවිස් සනාථ කර ඇත. ඔහු සඳහන් කරන ආකාරයට ක‍්‍රි.ව 1796 රාජාධි රාජසිංහ රජ සමයේ ඉංග‍්‍රීසීන් මහනුවරට ඇතුඵ වන විටත් මෙම ගොඩනැගිල්ල සාදා නිමකර නොමැත. මහා වංශයේ මෙම ගොඩනැගිල්ල පිළිබඳව සඳහනක් නොමැත. කෙසේ වුවත්, කන්ද උඩරට නායක්කාර වංශික රජවරු දෙදෙනෙක් වන රාජාධි රාජසිංහ සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රට පාලන කටයුතු සිදු කළේ මෙම ගොඩනැගිල්ලේ සිටය. රාජ සභාව පවත්වාගෙන යාම, යුක්තිය පසිඳලමින් අධිකරණ කටයුතු මෙහෙය වූයේ ද මෙහි සිටය. එදා ”මහ නඩුව” යන නමින් ද මඟුල් මඩුව හඳුන්වා දී ඇත. මහ නඩුව යන්නෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යන තේරුම ද ලබා දෙයි. එදා රාජ සභාව පවත්වන අවස්ථාවල දී මෙම ගොඩනැගිල්ලේ ඇති දැව කුළුණු අතර රතු පැහැති රෙදිවලින් රැුළි පාලම් ඇද අලංකාර කර සරසා තිබුණි. මහනුවර යුගය දැව නිර්මාණ සම්බන්ධයෙන් විශේෂ දක්ෂතා දක්වා තිබූ බවට මඟුල් මඩුව කදිම සාක්ෂියකි. මෙය පොලොන්නරු මඟුල් මඩුවෙන් ආභාෂය ලබා ඉදිකළ දැව ගොඩනැගිල්ලකි.

රාජාධි රාජසිංහ රජු මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා භාරදී තිබෙන්නේ දේවේන්ද්‍ර මුලාචාරියාටය. නාලන්දා කැලයෙන් කපාගෙන එන ලද හල්මිල්ල, නා ආදී දැව භාවිතා කර තිබේ. එහෙත් රාජාධි රාජසිංහ රජුට මෙය අවසන් කිරීමට ඉඩ ලැබී නැත. ඉන්පසු බලයට පත්වෙන මෙරට අවසන් රජුවන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ද මෙහි ඉදිකිරීම්වලට සම්බන්ධවී ඇත. ක‍්‍රි.ව 1803 වසරේ දී ඉංග‍්‍රීසීන් සෙංකඩගල පුරවරය ආක‍්‍රමණයේ දී රාජකීය ගොඩනැගිලි බොහොමයක් ගිනි තබා විනාශ කරන ලද අතර, එහිදී මඟුල් මඩුවට ද හානි සිදුවෙන්නට ඇත. ඉංග‍්‍රීසීන් පාලනය ආරම්භ මුල් කාලයේ දී පමණ මෙහි වැඩ නිමවී තිබේ. ගල් පදනමක් මත ඉදිකරන ලද මඟුල් මඩුව ලී කණු පේලි හතරක් මත රැුඳුණු තද හැඩ සහිත පෙති උළු සෙවිලි කළ වහලයකි. එහි මුදුන දෙපස මැටි කොත් දෙකකි. සෑම පැත්තෙන්ම විවෘතය. කණු මත විශාල බාල්ක, කුරුපා හා යට ලී විසිතුරු ලෙස කැටයම් කර තිබුණි. ඒවා පිහිටියේ කැටයම් කළ පේකඩ මතය. වහලය සෑහෙන දුරක් කණුවලින් පිටතට නෙරා තිබේ. මෙහි දකුණු කෙළවරේ උස් වේදිකාවක් තිබූ බවට සළකුණකි. බොහෝ විට එහි රජවරු විනිශ්චය සභාව පැවැත්වීමට යොදාගත් ස්ථානය බව පෙනේ. ඉංග‍්‍රීසීන් විවෘත ගොඩනැගිල්ල වටා බිත්ති බැඳ භාවිතයට ගත්ත ද, ක‍්‍රි.ව 1875 හත්වැනි එඞ්වඞ් රජුගේ උඩරට ආගමනය නිමිත්තෙන් එම වටේ බිත්ති කඩා බිඳ දමා තවත් දික්කර ඇත. ඒ අනුව උඩරට රජවරුන් සහ ඉංග‍්‍රීසි ආණ්ඩුව යන කොටස් දෙක සම්බන්ධ වෙමින් මෙරට ඉදිකළ එකම ඓතිහාසික ගොඩනැගිල්ල මෙය වශයෙන් ඉතිහාසයට එක්වී අවසන්ය.

🥀බිසෝ උල්පැන්ගේ

දළදා මාළිගය ඉදිරිපිට කිරිමුහුද ඉවුරේ පිහිටි සුදු පැහැති ගොඩනැගිල්ල බිසෝ උල්පැන්ගෙයයි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ බිසෝවරු ස්නානය කිරීම සඳහා භාවිතා කළ ස්ථානයයි. වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරමින් පවතී. ක‍්‍රි.ව 1806 වසරේ දී වැවේ ඉවුරෙහි කොටසක් අයත් වන ආකාරයෙන් සාදා ඇති දෙමහල් ගොඩනැගිල්ල තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබේ. උඩුමහලේ සොල්දර තට්ටුව ඇඳුම් මාරුකර ගැනීම සඳහා භාවිතා කර ඇත. මෙම ගොඩනැගිල්ල ද දේවේන්ද්‍ර මූලාචාරියාගේ නිර්මාණයකි. දියවඩන නිලමේ මෙම උල්පැන්ගෙයහි ද ප‍්‍රධානියා වේ. පහත මාලය වැව්දිය පිරි තටාකයකි. පැරණි ජල තටාකය අඩි 40 දිගක් ද, අඩි 25 පළලකින් ද සහ අඩි 5 ක ගැඹුරකින් ද යුක්තය. මෙම ජල තටාකයට බැසගත් බිසෝවරු ස්නානය, ජල ක‍්‍රීඩා, සහ මාලූන්ට කෑම ලබාදීම ආදිය සිදු කළහ. මෙහි සිට කිරිමුහුද මැද පිිටි ජලතිලක මණ්ඩපය දක්වා ගමන් කිරීම සඳහා කඹවලින් සෑදු පාලමකි. කි‍්‍ර.ව 1815 වසරේ ඉංග‍්‍රීසීන් විසින් සෙංකඩගල පුරවරයේ රාජකීය ගොඩනැගිලි සියල්ල ගිනි තබා විනාශ කළ අතර, මෙම ගොඩනැගිල්ල ද ඊට අයත් විය. ක‍්‍රි.ව 1857 දී නාන තටාකය ගල් සහ පස් යොදා වසා දැමූහ. ඉන්පසු විශාල කුළුණු සාදා දෙමහල් ගොඩනැගිල්ලක් සාදා පුස්තකාලයක් බවට පත්කර ඉංග‍්‍රීසි නිලධාරීන්, හමුදා නිලධාරීන්, වතු හිමියන්ගේ ප‍්‍රයෝජනයට යොදා ගත්හ. පසු කාලයේ මෙම පුස්තකාලය නඩත්තු කිරීම අපහසු වූ හෙයින් එහි පොත්පත් මහනුවර නාගරික පුස්තකාලයට ලබා දී තිබේ. ඉන්පසු මෑතක් වනතුරු පොලිස් මුරපොළක් වශයෙන් ද යොදා ගැණුනි.

සිසිර කුමාර බණ්ඩාර මහතාගේ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනීමකි

නෙතු කවුළු ✍️ ❤️

Address

Main Street , Warakapola
Warakapola

Website

Alerts

Be the first to know and let us send you an email when නෙතු කවුළු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to නෙතු කවුළු:

Shortcuts

Share