16/07/2021
🖍ගුරු සටන🖋
ආදරනීය දෙමාපියණි දරුවණි online පන්ති නැවැත්වීමට සිදුවීම ගැන කණගාටු වෙමි.
ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට මෙම සටහන තබමි.
දෙමාපියන් අද ඔබේ දරුවාට උගන්වන්නේ ඔබද කුඩාකල ගුරුවරයෙකුගෙන් ඉගෙනගෙන එහි අගය දන්නා හෙයිනි.
ගුරුවරුන් සටන් වදින්නේ වැඩි පඩි ඉල්ලා නොව තමන්ට නියමිත වැටුප ලබාදෙන ලෙස ඉල්ලමිණි.
දැනට සෑම ගුරුවරයෙකුටම අවම වශයෙන් රු 9000 සිට 31000 දක්වා මුදලක් විවිධ ගුරු ශ්‍රේණි සඳහා සෑම මසකම අඩුවෙන් ගෙවන බව ඔබ දන්නේද?
ඔබ සේවය කරන ආයතනය ඔබේ වැටුප මෙලෙස කපා දැමුවහොත් ඔබ කරන්නේ කුමක්ද?
මෙම ගැටළුව වසර 23ක සිට පැවත එන්නකි. කිසිදු රජයක් විසඳුම් ලබාදී නැත.
ඔබේ දරුවාගේ ගුරුතුමා
🔹සේවය කරන්නේ 7.30 සිට 1.30 දක්වා නොව (කිසිදු රජයේ සේවකයෙක් නිවසට ගොස් ඊලඟ දිනයේ වැඩ සඳහා සූදානම් නොවේ)
🔹දරුවන්ගේ විවිධ කාර්යයන් සඳහා ගන්නා අපමණ දුරකථන ඇමතුම් සඳහා දුරකථන දීමනා නොගෙවයි.
🔹දරුවන් ක්‍රීඩා හෝ වෙනත් තරඟ සඳහා රැගෙන යාමේදී කිසිදු ගෙවීමක් නොකරයි.
🔹1.30 න් පසු හවස පන්තිවල ඉගැන්වීමේදී OT ගෙවන්නේ නැත.
🔹ගරුවරයාට ලිපිද්‍රව්‍ය සපයන්නේ නැත.
🔹නල ඇඳුම් පොත් බෙඳිම් දත්ත ඇතුලත් කිරීම ආදී මෙකී නොකී අමතර රාජකාරි සඳහා කිසිදු ගෙවීමක් නැත.
🔹online සඳහා කිසිදු ගෙවීමක් නොකරයි.(තම වියදමින් Data card දමා දුශ්කරතා ඇති දරුවන්ටද Data card ලබා දේ )
ඉගැන්වීම සඳහා ලමුන් 40-50ක් සමග ගුරුවරුන් දරන වෙහෙස කෙතෙක්දැයි මේ දිනවල තම දරුවා සමග online පන්තිවලට සහභාගී වන දෙමාපියන් හෙඳින් දනී.
වසර එකහමාරක කාලයක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවී ඇත. ඒ සඳහා රජය කිසිදු පියවරක් නොගත් අතර ගුරුවරුන් තමන්ට පුළුවන් ආකාරයෙන් තම වියදමින් මෙතෙක් කල් online ක්‍රමයට උගන්වන ලදී. එය අප ස්වෙච්චාවෙන් අපේ දරුවන් වෙනුවෙන් කල සත් කාර්යයකි.
එවන් ගුරුවරු සඳහා රජය " කාළකන්ණි " ලෙස අමතමින් මර්ධනය ක්‍රියාත්මක කරමින් පවතී.
⭕️රජය විසින් ඔබේ දරුවාට ඩේටා දුන්නද?
⭕️පරිගණකයක් හෝ ටැබ් එකක් දුන්නද?
⭕️අඩුම තරමින් දුරකථන සිග්නල් ගැටලුවවත් විසඳුවාද?
ඔය ගුරුවරුන්ට බනින බැනිල්ල ඔය දෙමාපියන් ආන්ඩුවට බැන්නද.?
දරුවන් ගෙදර, අධ්‍යාපනය කඩාකප්පල් වෙලා කියලා එක දෙමපියෙක් පාරට බැස්සද..?
ආණ්ඩුවෙන් තමන්ගේ දරුවන්ට වෙන අසාධාරණයට විරුද්ධව එක වචනයක් ලිව්වද..?
ස්වෙච්ඡාවෙන් ඔන්ලයින් වලින් උගන්නපු ගුරුවරුන් ඒ වැඩෙන් අයින් උනාම දෙමව්පියන් බනින එක සාධාරණද..?
බොහෝ ගුරුවරුන්ට ලැබෙන්නේ රුපියල් 40,000ටඅඩු පඩියක් කියල දන්නවද?
බොහෝ රජයේ නිළධාරීන්ගේ වැටුප 60 000ට වැඩිය ඒ අතර ලක්ෂයකට වාඩා වැටුප් ලබන අයද ලක්ෂ 10ට වඩා මාසික වැටුප් ගන්න අයද සිටී
📌 අප ඉල්ලන්නේ වැඩි වැටුප් නොව අපට හිමි වැටුපයි.......