Geo to heart

Geo to heart geography ගැන ලොකු passion එකක් තියෙන ඔයාලටම වෙන් උනු අපේ page එක

Hello ළමායි  .🫶2021, 2022  papers  දෙකේම ඇවිත් නැති නිසා මේ අවුරුද්දේ ලොකු බරක් තියන්න පුලුවන්  lesson එකක් තමයි කෘෂිකර්...
23/11/2024

Hello ළමායි .🫶
2021, 2022 papers දෙකේම ඇවිත් නැති නිසා මේ අවුරුද්දේ ලොකු බරක් තියන්න පුලුවන් lesson එකක් තමයි කෘෂිකර්මාන්තය 📗
මේකෙ තියෙන interesting ම topic එක..... ජාන තාක්ෂණය ගැන අපි කතා කරමු..🖍️

මොකක්ද බොලෙ මෙ?
හැම ජීවියෙක්ගෙම ශරීරය හැඩගැහුණු රසායනික පදනම බැලුවොත් DNA වලට ප්‍රධාන තැනක් ලැබෙනවා.මේ DNA අණුවක් ඇතුලේ තියෙන සුවිශේෂී කොටසක් ( භෂ්ම අණුපිලිවෙලක් ) තමයි ජානය (gene) ක් ✔️
අපේ ප්‍රවේනික ද්‍රව්‍ය ඊලඟ පරම්පරාවට සම්ප්‍රේෂනය කරන්නේ මේ DNA .✅
කපුටගෙ ඊලඟ පරම්පරාවත් 🟥 පාට නැතුව ⬛ ම වෙන්නේ ඔය නිසා🌝
මේ DNA අණුවලින් ජාන වෙන් කරලා එක් විශේෂයකින් ලබාගන්නා ජානයක් තව විශේෂයකට බද්ධ කරලා වෙනස්ම ජීවී විශේෂයක් බිහි කරගැනීම මේකෙදි වෙන්නේ..
🙄 තේරුනාද මන්දා
ජාන තාක්ෂණය මේ වෙද්දී ඖෂධ ,ආහාර , වගේ ක්ෂේත්‍ර ගණනාවක දියුණුවට හේතු වෙල තියෙනවා .
තව දැනගත්ත ඕනි නම් ➡️https://youtu.be/v_MCKsZ-W0w
ශාක ශාක අතර
සත්ව සත්ව විශේෂ අතර
ශාක සත්ත්ව අතර වුනත් මේක කරන්න පුලුවන් ⬇️
https://youtu.be/cdTIJVlWJcc
( උදාහරණයක ගොඩක් පහළ photos වල තියෙනවා )

වාසි ගත්තොත්
▪️ පරිසරයට අනුකූල ජීවීන් නිශ්පාදනය කරන්න පුලුවන් නිසා
-අපතේ යෑම අඩුයි
-අස්වැන්න වැඩියි
▪️ නිශ්පාදන වලට සුවිශේෂී පෙනුමක් නැවුම් බවක් තියෙන නිසා වෙළෙඳපොළ ඉල්ලුම පුළුල් වෙනවා

මේකෙ අවාසි ගත්තොත්
මේ ජාන තාක්ෂණය සොබාදහම ට එරෙහිව තමයි ජීවීන් නිර්මාණය කරන්නේ .මේක පරිසර තුලිතතාවයට බාධාවක් .හිතකර ජීවීන්ගෙ පැවැත්මට ගැටලුවක් .
▪️ ඒ වගේම genetically modified foods වල අතුරු ප්‍රතිඵල ගැන පර්යේෂණ තාම පවතින්නේ මූලික මට්ටමේ .මොකද භාවිතයට ඇවිත් කෙටි කාලයක් නිසා ..ඒ වගේම මේව භාවිතයෙන් කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවධානමක් තියෙනවා කියල ත් හොයාගෙන තියෙනවා .ආසාත්මිකතා ඇතිවීම නම් සුලභ යි
▪️ තව දුරටත් මේ තාක්ෂණයෙන් බොහෝ වාසි ලබන්නේ දියුණු රටවල ගොවීන් .තුන් වන ලෝකයේ වගේම කුඩා වැවිලි කරුවන්ගේ නිෂ්පාදන වල වටිනාකම අඩු වෙනවා .එ වගේම කෘෂිකර්මාන්තය ආශ්‍රිත ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක රැකියා අහිමි වීමේ අවධානමක් තියෙනවා .

🟢 ඔයාල ආසයි නම් තව කරුණු හොයන්න .හැබැයි ඉතාම නිවැරැදි ලකුනු ගන්න පුලුවන් points ලියන එක ඔයාලගෙ වැඩක් .💚

Genetically modified organisms (GMOs) are living organisms whose genetic material has been artificially manipulated in a laboratory through genetic engineeri...

Geo to heart  page  එක geography  ගැන  ලොකු  passion  එකක් තියෙන ඔයාලටම වෙන් උනු අපේ page එක. මම දන්න දේ බෙදා ගන්න එක මට...
17/04/2023

Geo to heart page එක geography ගැන ලොකු passion එකක් තියෙන ඔයාලටම වෙන් උනු අපේ page එක. මම දන්න දේ බෙදා ගන්න එක මට ලොකු තෘප්තියක් . Geo syllabus එකට අදාල දේවල් මතක හිටින විදියට සහ , අමතර විෂය කරුණු ගොඩාක් අපි කතා කරමු .ඔයාලට මොන වගේ දේවල් ද කතා කරන්න ඕනෙ කියල comment කරන් යමු ළමායි.. 🤗

Address

Walasmulla

Website

Alerts

Be the first to know and let us send you an email when Geo to heart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share