H/ Madagangoda Maha Vidyalaya ,Walasmulla

H/ Madagangoda Maha Vidyalaya   ,Walasmulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H/ Madagangoda Maha Vidyalaya ,Walasmulla, School, Walasmulla.

2021- ශිෂ්‍යත්ව විභාගය සමත් පුංච් හපනුන් 🏆️🏆️🎖️️🎖️️🎖️2021 වර්ෂයේ  ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි...
22/03/2022

2021- ශිෂ්‍යත්ව විභාගය සමත් පුංච් හපනුන්
🏆️🏆️🎖️️🎖️️🎖️

2021 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වූ හ/ මැදගම්ගොඩ මහ විද්‍යාලීය ආදරණීය දියණියන් දෙදෙනාට දීප්තිමත් අනාගතයකට සුබ පැතුම් .......

පුංචි දූ පැංචියනේ
අසන් සිහියෙන් .....
නුඹට භාරයි
නුඹේ හෙට දින.......
දිරිය ගෙන
පා තබනු නිසිලෙස......
දිනයි නුඹ
ලෝකයම මතු දින.........

Prefect Day 2022 🏆️🏆️🏆️🎖️️🎖️️"අහසට නෙත් යොමන්න.අප හුදකලාවන් වූවන් නොවේ...මුලු විශ්වයම අප හා මිතුරුව සිහින දකිමින්,වෙහෙසෙ...
17/03/2022

Prefect Day 2022
🏆️🏆️🏆️🎖️️🎖️️
"අහසට නෙත් යොමන්න.අප හුදකලාවන් වූවන් නොවේ...මුලු විශ්වයම අප හා මිතුරුව සිහින දකිමින්,වෙහෙසෙමින් අරමුණු ඉටු කරගන්නා සැමට හොදම දේ තිලිණ කරන්නට මග බලා සිටියි......"
අභිනවයෙන් සිසු නයු කිරුලු පැලදි අපේ දූ පුතුන්ට සුබපැතුම් !!!

හෙට දින (2022-01-22) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සූදානම් වන  හ/ මැදගම්ගොඩ මහ විද්‍යාලීය  දූදරුවන්ට  උණුසුම් ස...
21/01/2022

හෙට දින (2022-01-22) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සූදානම් වන හ/ මැදගම්ගොඩ මහ විද්‍යාලීය දූදරුවන්ට උණුසුම් සුබ පැතුම් ❤️❤️

නැණ ගුණ ලැබූ තම පාසලින් ජීවිතය උදෙසා  ලද පන්නරය වෙනුවෙන්  කෘත ගුණ දක්වන්නට අපේම දරු දැරියන් ගත්තා වූ  මහගු උත්සාහය අගයනු...
12/01/2022

නැණ ගුණ ලැබූ තම පාසලින් ජීවිතය උදෙසා ලද පන්නරය වෙනුවෙන් කෘත ගුණ දක්වන්නට අපේම දරු දැරියන් ගත්තා වූ මහගු උත්සාහය අගයනු වස් ................

විද්‍යාලීය ආදි ශිෂ්‍ය, 2008 සා.පෙළ කණ්ඩායම එක්ව,
එළිමහන් රැස්වීම් පරිශ්‍රය ජාතික ධජය, පාසල් ධජය සහ බෞද්ධ ධජය සහිතව, විධිමත් ව පාසල් පිරියතට අභිමානයක් එක්වන අයුරින් සකස් කර පාසල වෙත එකතු කිරීම වෙනුවෙන්,

හ/ මැදගම්ගොඩ මහ විද්‍යාලීය ප්‍රධානාචාර්‍යතුමන් ගුරු මණ්ඩලය සහ විද්‍යාලීය සිසු දරු දැරියන්ගේ ගෞරවණීය කෘතවේදීත්වය .........

පාසල් වෙනුවෙන් වැය කල අපේම දරුවන්ගේ කාලය , ධනය සහ ශ්‍රමය තවත් ඉතා විශාල දරු පිරිසක් නුවණින් පමනක්ම නොව පෞර්ෂවත් ජාතියක් ලෙස දැයට දායාද කරන්නට උපකාර වන බව ඉතා කෘතවේදී ව මෙහි ලියා තැබිය යුතුමය.

කටුවන ප්‍රාදේශීය සභා මන්ත්‍රී  රමණි ගල්පේ මැතිතුමියගේ මූලිකත්වයෙන්  ,වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ...
10/01/2022

කටුවන ප්‍රාදේශීය සභා මන්ත්‍රී රමණි ගල්පේ මැතිතුමියගේ මූලිකත්වයෙන් ,

වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මන්ත්‍රී ප්‍රතිපාදන මගින්,

හ/ මැදගම්ගොඩ මහ විද්‍යාලීය 1-5 ප්‍රාථමික අංශයේ පංති කාමර සදහා විදුලි පංකා ලබාදීම වෙනුවෙන් විද්‍යාලීය ප්‍රධානාචාර්‍යතුමන් ගුරු මණ්ඩලය සහ විද්‍යාලීය සිසු දරු දැරියන්ගේ ගෞරවණීය කෘතවේදීත්වය ......

වඩාත් සඵලදායී ඉගනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියක් සදහා ප්‍රාථමික දරුවන් වෙනුවෙන් ඉතා අවශ්‍ය ව තිබුනු අවශ්‍යතායක් වන අතර එය ප්‍රශංසනාත්මකව අගය කරන්නෙමු......

රුහුණු මිතුරු සුබ සාධක   සංගමයේ  සභාපති, ලේකම් ඇතුලු සියලු සාමාජික සාමාජිකාවන්ගේ  එකමුතුවෙන් , පාසලේ සිසු දරුදැරියන්ගේ ව...
07/01/2022

රුහුණු මිතුරු සුබ සාධක සංගමයේ සභාපති, ලේකම් ඇතුලු සියලු සාමාජික සාමාජිකාවන්ගේ එකමුතුවෙන් ,

පාසලේ සිසු දරුදැරියන්ගේ විෂය ක්‍රියාකරකම් මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා යාවත්කාලීන දැනුම එක් කරනු පිණිස , දැනුම සංවර්ධන කරනු පිණිස,

සතිපතා අධ්‍යාපනික පුවත්පත් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ,

හ/ මැදගම්ගොඩ විද්‍යාලීය විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය සහ විද්‍යාලීය දූ දරුවන් ගේ නොමද ස්තූතිය.........

මෙවැනි දායකත්වයන් අප හට ඉතාම වටිනා අතරම මෙවන් මෙහෙවරයන් දැයේ දරුවන් දැනුමින් කුසලතාවයන්ගෙන් පෝෂණය කරන්නට අනගි අත්වැලක් සපයන බැවින් එය කෘතවේදී පූර්වකව අගය කරන්නෙමු.

ලෝක ගුරු දිනය වෙනුවෙන් වැදගත් වූ සටහනක්World Teacher's  Day 👩‍🏫👩‍🏫👩‍🎨👩‍🎨ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තීය සමිති නායකයෙකු වූ එම්....
05/10/2021

ලෝක ගුරු දිනය වෙනුවෙන් වැදගත් වූ සටහනක්
World Teacher's Day 👩‍🏫👩‍🏫👩‍🎨👩‍🎨

ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තීය සමිති නායකයෙකු වූ එම්.පී.මෙන්ඩිස් මහතා විසින් ජාත්‍යන්තර ගුරු දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් 1993 දී ලෝක ගුරු සංසදය වෙත කරන ලද ඉල්ලීම ලෝකයටම පොදු ගුරු දිනයක් සැමරීම සඳහා එකඟත්වයක් ඇති වීමට මූලික හේතුව විය.

ඒ අනුව ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කෙරෙන්නේ යුනෙස්කෝ ආයතනය හා ලෝක කම්කරු සංවිධානය එක්ව ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුනු 1966 ඔක්තෝම්බර් 05දින සිහිපත් කරමිනි. ඒ අනුව ප්‍රථම වරට ලෝක ගුරු දිනයක් සමරනු ලබන්නේ 1994 දී ය.

ඔක්තෝබර් මස පස් වන දින ලොව පුරා ලෝක ගුරු දිනය සමරද්දී, ලංකාවේ එය ඔක්තෝබර් හය 06 දින සැමරීම සිදු කරනු ලබයි.

1994 වසරේ දී ගුරු සහ විදුහල්පති සේවාවන් සකසන ලද අතර ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වූයේ එම වසරේම ඔක්තෝබර් 6 දින බැවින්, එම දිනය පදනම් කරගෙන ඔක්තෝබර් හය 6 දින ලංකාවේ ගුරු දිනය සැමරීම සිදු වන බවයි.

👩‍🎨👩‍🏫👩‍🏫👩‍🏫👩‍🏫👩‍🏫
"ගුරුවරු: අර්බුදකාරීත්වයේ දී නායකත්වය දෙමින් අනාගතය යළි පරිකල්පනය කරයි" මෙවර ගුරු දිනයේ තේමාවයි.

ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු මග නොමග පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන හෙයිනි.

ළදරුවන්ට වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්නේ යම් සේද, සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයමින් දරුවෙකුට ලෝකය දකින්නට, ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට හුරු කරවන්නේ ගුරු මව් පියවරු වෙති.

දරුවන්ගේ විවිධතා හඳුනාගනිමින් ඔවුන් සතු සැඟවී ඇති ශක්‍යතා ඉස්මතු කරන ගුරුවරයා ඒ ඔස්සේ ආලෝකය කරා පියමනින්නට අවශ්‍ය ජීවය හා ශක්තිය දරුවන් වෙත ආරෝපනය කරයි. එනම් දරුවන්ගේ අනාගතය සැලසුම් කරන්නේ ගුරුවරයා බව පැහැදිලි ය. එබැවින් ඉගැන්වීමෙන් ඔබ්බට යන සුවිශේෂී හා වටිනා සේවයක් අනාගතය සඳහා සළසා දෙන්නේ ද ඔවුන්මය.

සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි.

1966 ලෝක ගුරු ප්‍රඥප්තියට අත්සන් කර දින සිට ගුරු වෘත්තීයේ ස්වාභාවය හා සංවර්ධනය පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීමට කාලය අද වන විට එළඹ තිබේ.

(Extracted & Edited Report by me U.Thilini )

පාසල් පාවහන්  පරිත්‍යාගය වෙනුවෙන් සිදු කරනු ලබන කෘතවේදීත්වය යි...............හ/මැදගම්ගොඩ  මහ විද්‍යාලීය ආදි ශිෂ්‍ය ,  DS...
16/02/2021

පාසල් පාවහන් පරිත්‍යාගය වෙනුවෙන් සිදු කරනු ලබන කෘතවේදීත්වය යි...............

හ/මැදගම්ගොඩ මහ විද්‍යාලීය ආදි ශිෂ්‍ය , DSI පාවහන් සමාගමේ නාවින්න ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන කළමනාකරු ප්‍රියන්ත මහතා වෙත පාසලේ අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් පාසල් පාවහන් ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාලයේ විදුහල්පතිතුමන් , ආචාර්ය මණ්ඩලය සහ සියලු දරු දැරියන්ගේ ගෞරවණීය ප්‍රණාමය................

පාසලට විශාල අඩුපාඩු වක් ලෙස පැවතුණු අත්‍යාවශ්‍ය  සන්නිවේදන  උපකරණ  ප්‍රදානය සදහා මෙසේ කෘතවේදීත්වය  පිරිනමන වගයී..හ/ මැදග...
10/01/2021

පාසලට විශාල අඩුපාඩු වක් ලෙස පැවතුණු අත්‍යාවශ්‍ය සන්නිවේදන උපකරණ ප්‍රදානය සදහා මෙසේ කෘතවේදීත්වය පිරිනමන වගයී..

හ/ මැදගම්ගොඩ මහ විද්‍යාලයේ ඉගනුම ලැබූ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඉංජිනේරු H.R.M ප්‍රේමසිරි මහතා විසින් රුපියල් 80,000 පමණ වටිනාකමින් යුත් අත්‍යාවශ්‍ය සන්නිවේදන උපකරණ කට්ටලයක්, විද්‍යාලයේ දරුදැරියන් වෙනුවෙන් පාසල වෙත ප්‍රදානය කිරීම පසු ගිය දා සිදුකරනු ලැබීය.

විද්‍යාලයට විශාල අඩුපාඩු වක් ලෙස පැවතුණු මෙම අවශ්‍යතාව තමන් අකුරු කල පාසල වෙනුවෙන් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විද්‍යාලයේ ප්‍රධානාචාර්‍යතුමන් , ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හද පිරි කෘතවේදීත්වය එතුමාන් වෙත පිරිනමනු ලබයී..

දකුණු පළාත්  පාසල්  සදහා  අත්‍යාවශ්‍ය පාසල් උපකරණ  මිලදී ගැනීම  වෙනුවෙන්   මන්ත්‍රී ප්‍රතිපාදන  යටතේ   දකුණු පළාත් සභා ම...
14/11/2020

දකුණු පළාත් පාසල් සදහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ
දකුණු පළාත් සභා මන්ත්‍රී , ගරු S.V.P. ආනන්ද මැතිතුමා විසින් හ/ මැදගම්ගොඩ මහ විද්‍යාලය වෙනුවෙන් රුපියල් 20,000 මූදල් පරිත්‍යාගයක් සිදුකරනු ලැබූ අතර

ඒ වෙනුවෙන් විද්‍යාලයේ විදුහල්පති තුමන්, ආචාර්ය මණ්ඩලය සහ දරුදැරියන්ගේ ගෞරවණීය ප්‍රණාමය

අත්‍යාවශ්‍ය පාසල් උපකරණ  මිලදී ගැනීම සදහා  මන්ත්‍රී ප්‍රතිපාදන  යටතේ හිටපු ධීවර , සත්ව නිෂ්පාදන , පරිසර ,විදුලි සහ ග්‍රා...
13/11/2020

අත්‍යාවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීම සදහා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ හිටපු ධීවර , සත්ව නිෂ්පාදන , පරිසර ,විදුලි සහ ග්‍රාමීය කර්මාන්ත දකුණු පළාත් සභා ඇමති තුමන්,
ගරු H.W. ගුණසේන මැතිතුමා විසින්
හ/ මැදගම්ගොඩ මහ විද්‍යාලය වෙනුවෙන්
රු. 120,000 මූල්‍ය පරිත්‍යාගයක් පසු ගිය දා සිදුකරනු ලැබූ අතර

ඒ වෙනුවෙන් විද්‍යාලයේ විදුහල්පති තුමන්, ආචාර්ය මණ්ඩලය සහ දරුදැරියන්ගේ ගෞරවණීය ප්‍රණාමය......

Address

Walasmulla
82450

Telephone

+94477212627

Website

Alerts

Be the first to know and let us send you an email when H/ Madagangoda Maha Vidyalaya ,Walasmulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to H/ Madagangoda Maha Vidyalaya ,Walasmulla:

Shortcuts

Share

Category