WP/Mt Gulavita Primary college

WP/Mt Gulavita Primary college WP/MT Gulavita Primary College is a provincial council school(Sinhala : බප/ මතු ගුලවිට ප්‍රාථමික විද්‍යාලය - ගුලවිට) which provides primary education .

2025 වලල්ලාවිට කොට්ඨාස නිපුණතා තරඟ මාලාවේ පළමු ස්ථාන 03ක් හා සෙසු ජයග්‍රහණ ලබාගත් බප / මතු / ගුලවිට ප්‍රාථමික විද්‍යාලයේ...
24/11/2025

2025 වලල්ලාවිට කොට්ඨාස නිපුණතා තරඟ මාලාවේ පළමු ස්ථාන 03ක් හා සෙසු ජයග්‍රහණ ලබාගත් බප / මතු / ගුලවිට ප්‍රාථමික විද්‍යාලයේ සියලූ ම දූ දරුවන්ට විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්!

17/11/2025
17/10/2025
10/10/2025

ලොව පුරා සිටින සියලුම ගුරුවරුන් සැමරීම සඳහා වන ලෝක ගුරු දිනය ඔක්තෝබර් (05) දිනට යෙදී තිබේ.

එය සෑම වසරකම ඔක්තෝබර් 05 වැනි දින පවත්වන අතර 1994 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීයව ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වෙනිදා යොදාගෙන ඇත.

මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වී ඇත්තේ "ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම" යන්නයි.

ගරු කිරීමට සුදුසු තැනැත්තා ගුරුවරයා වන අතර සිය ගෞරවාන්විත සේවාව හේතුවෙන් සමාජයේ වන්දනීයත්වයටද පත්වන එක ම තැනැත්තාද ගුරුවරයා ද වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය ඔක්තෝබර් 06 දින සමරනු ලබයි.

2025 වර්ෂයේ ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි  🌍 මෙවර තේමාව - Access to Services - Mental Health in Catastrophes & Emergencies...
10/10/2025

2025 වර්ෂයේ ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි 🌍

මෙවර තේමාව -
Access to Services - Mental Health in Catastrophes & Emergencies

සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් , බලාපොරොත්තු සහගත අනාගතයක්

​ආදරණීය දුවේ පුතේ,

​ඔක්තෝබර් මාසයේ 10 වන දිනය අපිට ඉතා වැදගත් දිනයක්. ඒ තමයි ලෝක මානසික සෞඛ්‍ය දිනය (World Mental Health Day)

​🛑 මානසික සෞඛ්‍යය කියන්නේ මොකක්ද?

​අපි හැමෝටම හොඳ ශාරීරික සෞඛ්‍යයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ලෙඩ රෝග නැති නිරෝගී සිරුරක්. ඒ වගේම, හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන්නත් ඕනෑ.​මානසික සෞඛ්‍යය කියන්නේ අපේ හැඟීම්, සිතුවිලි සහ හැසිරීම් නිරෝගීව තිබීමයි.අපිට සතුටින් ඉන්න, අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, සහ යාළුවන් එක්ක හොඳ සම්බන්ධතා පවත්වන්න පුළුවන් වෙන්නේ අපේ මනස සුවෙන් තිබුණොත් විතරයි.
​සිතට දුකක්, බයක්, කෝපයක් හෝ කලකිරීමක් දැනීම වැරදි නැහැ. ඒවා සාමාන්‍යයි. හැබැයි, ඒ හැඟීම් දිගු කාලයක් තිස්සේ තිබිලා, අපේ දෛනික වැඩ කටයුතු (පාඩම් කිරීම, සෙල්ලම් කිරීම) කරගෙන යන්න බැරි වෙනවා නම්, ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්.

​🛑 අපි මේ දිනය සමරන්නේ ඇයි?
​ලෝක මානසික සෞඛ්‍ය දිනයේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා:

👉​ *දැනුවත් කිරීම* : මානසික සෞඛ්‍යය කියන්නේ අපිට තියෙන ශාරීරික සෞඛ්‍යය වගේ ම වැදගත් දෙයක් බව ලෝකයටම මතක් කර දීම.

​ 👉 *කතාබහ කිරීම* : මානසික ගැටලු ගැන තියෙන ලැජ්ජාව (Stigma) නැති කරලා, ඒ ගැන නිදහසේ කතා කරන්න අවස්ථාව ලබා දීම.

අපේ යාළුවෙක් දුකෙන් ඉන්නවා නම්, ඒ ගැන විහිළු නොකර, උදව් කරන්න පුළුවන් පරිසරයක් හදන එක අපේ යුතුකමක්.

🛑 හොඳ මානසික සෞඛ්‍යයක් තබා ගන්න පුළුවන් මේ සරල පුරුදු අනුගමනය කරන්න.

​හොඳින් කන්න, හොඳින් නිදාගන්න: නිරෝගී ආහාර ගන්න එක සහ දිනකට පැය 8-10ක් හොඳින් නිදාගන්න එක මනසටත් ඉතාම හොඳයි.

​සෙල්ලම් කරන්න සහ ව්‍යායාම කරන්න: එළිමහනේ සෙල්ලම් කිරීම, ක්‍රීඩා කිරීම හෝ ව්‍යායාම කිරීම මඟින් මනස සතුටු වෙනවා.

​විවේක ගන්න , විනෝදාංශ (චිත්‍ර අඳින එක, සිංදු අහන එක, කතන්දර කියවන එක) සඳහාත් වෙලාව වෙන් කරන්න.

​කතා කරන්න: ඔයාගේ සිතට දුකක්, බයක්, කෝපයක් දැනෙනවා නම්, ඒක හිතේ හිරකරගෙන ඉන්නේ නැතුව විශ්වාසවන්ත වැඩිහිටියෙක්ට (අම්මා, තාත්තා, ගුරුවරයා, හෝ උපදේශක ගුරුවරයා) කියන්න.

​උදව් කරන්න: ඔයාගේ යාළුවෙක් දුකෙන් ඉන්නවා නම්, සවන් දීලා, සෙනෙහසින් කතා කරන්න. ඒකත් විශාල උපකාරයක්.

​දුවේ / පුතේ,

ඔබගේ කායික සහ මානසික සෞඛ්‍යය කියන්නේ දෙක ම කාසියේ දෙපැත්ත වගේ. ඒ දෙක ම හොඳින් තියා ගත්තොත් විතරයි, ඔබට සාර්ථක, සතුටින් පිරි ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ.

එහෙනම් අපි හැමෝම තවකෙනෙකුගෙ හිනාවකට හේතුවක් වෙමු... 🌼🌱❤️

පුංචි අපේ හපනුන්ට උණුසුම් සුබ පැතුම් 💛
01/10/2025

පුංචි අපේ හපනුන්ට උණුසුම් සුබ පැතුම් 💛

Address

Walallawita

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Website

Alerts

Be the first to know and let us send you an email when WP/Mt Gulavita Primary college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category