K/POTHUPITIYA MAHA VIDYALAYA

K/POTHUPITIYA MAHA VIDYALAYA

Share

K/ Pothupitiya Maha Vidyala is a very Historical School based on near to Wadduwa and Kalutara with More than 100 years historical memorials.

03/10/2022
03/10/2022

ක/පොතුපිටිය මහාවිදුහලේ ලෝක ළමා දින සැමරැම..🎉️🎉️

Photos from SLV - Sri Lankan Volleyballers's post 20/08/2022

පොතුපිටිය කළුතර කලාපයේ තම අණසක පතුරවයි....
පසුගියදා පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ කළුතර කලාප පාසල් ක්‍රීඩා තරගාවලියේ වයස් කාණ්ඩ ත්‍රිත්වයේම ශූරතාව දිනා ගැනීමට කළුතර පොතුපිටිය මහ විද්‍යාලය සමත් වී තිබෙනවා.
තරගාවලියේ වයස අවුරුදු 16 පහළ අවසන් මහ තරගය අලුත්ගම විද්‍යාලය සමඟ පැවති අතර එම තරගයේ ජය වට දෙකට බිංදුවක් ලෙස පොතුපිටියට ලඟාකර දෙන්නට කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කල පවිඳු යස්මිත ක්‍රීඩකයා ඇතුළු ක්‍රීඩකයන් සමත් විය.
පසිඳු සඳරුවන්ගේ නායකත්වයෙන් යුත් වයස අවුරුදු 18 න් පහල කණ්ඩායම පානදුර රාජකීයන් සමඟ පැවති තරගය වට දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කරන ලදී.
වයස අවුරුදු 20 න් පහළ අශාන් මලින්ත නායකත්වය ලබා දුන් කණ්ඩායමද වාද්දුව මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම වට දෙකට බිංදුවක් ලෙස පරාජය කර තිබුනා.
කණ්ඩායමේ පුහුණුකරු ලෙස ලහිරු කුමාර මහතා කටයුතු කරනු ලබන අතර ක්‍රීඩා භාර ආචරනීය ලෙස අරෝෂා මෙන්ඩිසි මහත්මිය කටයුතු කරනු ලබයි.
ඡායාරූප : අමිල දොන් සහොදරයාගේ ගිණුමෙනි.

27/09/2021

කලකට පසු A 9, A8+සෞන්දර්යය, A8 B1 - 1 A7 B2 - 2 ඇතුළුව විෂයයන් සඳහා A , B සාමාර්ථ සහිතව විශිෂ්ඨ ලෙස අ.පො.ස. සා.පෙල විභාගය සමත් සියළු දූ පුතුන්ට පොතුපිටිය විද්‍යාලයේ සුබාශිංසන පිරිනමන අතර ඒ සඳහා උදාර කැපවීමෙන් යුතුව දරුවන් මෙහෙයවූ ආදරණීය ගුරු මව් පියවරුන්ටත්, දූ දරුවන්ගේ දෙමාපියන්ටත් විද්‍යාලයේ ගෞරව පූර්වක ප්‍රණාමය පුද කර සිටිමි.
විදුහල්පතිතුමිය

26/11/2020

පොතුපිටිය මහා විද්‍යාලයේ සියළුම දෙමව්පියන් වෙත
ගුරු ගෙදර රූපවාහිනී වැඩසටහන හා ඔබගේ දරුවන් සම්බන්ධ කරවීමටත්, ඒ ඇසුරෙන් පෙළ පොත, වැඩපොත හා දෙනු ලබන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට දරුවන් දිරිමත් කරන ලෙසටත් දෙමාපියන් වෙත ඉතාමත් කරුණාවෙන් මතක් කර සිටිමි.දරුවන්ට පැන නඟින්නා වූ ගැටළු සඳහා 1377 කෙටි දුරකථන අංකය ඔස්සේ එසැනින් පිළිතුරු ලබා ගැනීමට සම්බන්ධ විය හැකි බවද දන්වමි. මේ සම්බන්ධයෙන් දරුවන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව දරුවාගේ ගුරුභවතුන් දැනුවත් කරන ලෙස ද ඉල්ලා සිටිමි.
විදුහල්පති

Want your school to be the top-listed School/college in Wadduwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


K/POTHUPITIYA MAHA VIDYALAYA, POTHUPITIYA, WADDUWA
Wadduwa
12560

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00