26/11/2025
අපේ රටේ පහෙන් එකක්ම විශාදයෙන් පෙලෙනවා. මේක නිකම්ම නිකන් සංඛ්‍යාවක් නෙමෙයි. මේ අතර ඉන්නෙ අපේ යහළුවො, පවුලේ අය, ශිෂ්‍යයෝ සහ අපිම වෙන්න පුළුවන්.
සමාජයේදී අපි අනිත් අයත් එක්ක බොහොම විවෘතව ඔලුව කැක්කුම්, උණ, තුවාල ගැන එහෙම කතා කරනවා. හැබැයි, මනසේ තියෙන ගැටළු ගැන ගත්තම අපි කවුරුත් සද්ද නෑ.
මනෝවිද්‍යාව, උපදේශනය වගේ කාරණා සමාජය විසින් ගතයුත්තක් නෑ, එතරම් වැදගත්කමක් නෑ කියලා සලකන හින්දම බොහෝ දෙනෙක් ඕනෑවටත් වඩා විඳවනවා.
නමුත් ඇත්ත මේකයි:
ඔබේ මනස කියන්නේ ඔබේ මුළු ශරීරයම ජීවත් කරවන engine එකයි. එතන ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙන පටන් ගත්තොත් ඔබේ ශරීරයේ අන් සියලු දේවල් කඩා වැටෙන්න පටන් ගන්නවා. ඒ අතරට ඔබේ ආත්ම විශ්වාසය, ආත්ම තෘප්තිය, සම්බන්ධතා, රැකියාව වගේම ඔබේ කායික සෞඛ්‍යයත් ඇතුළත්.
අන්න ඒකයි කියන්නේ මනෝ විද්‍යාව, උපදේශනය අවශ්‍ය තැනකදී ලබා ගන්නවා කියන දේවල් තමන්ගෙ තියන දුර්වලකම නෙවෙයි කියලා.
ඒවා ඇත්තටම ගත්තොත්, ආත්ම විශ්වාසය, තමන්ට තමන් ගරු කර ගන්නවා කියන එක සහ ධෛර්යවන්තකමේ ලක්ෂණ.
සෑහෙන කාලයක් තිස්සේ අපේ ලංකාවෙ අය මේ කරුණු ඒ තරම් වැදගත් දෙයක් විදියට සලකන්නේ නෑ.
ඉතින්, අධ්‍යාපනයට, සෞඛ්‍යයට වගේම කායික සෞඛ්‍යයටත් දෙන තැනම, මානසික සෞඛ්‍යයට වගේම මනසටත් දෙන්න අපි වගබලා ගන්න ඕනේ කියන්නෙ ඒකයි.
මනෝවිද්‍යා උපදේශනයකට යොමුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්කර ගනිමු.
තමන්ට හැඟෙන දේ කතා කරන එක ආරක්ෂාකාරී තැනකට පත්කරගමු.
මානසික ශක්තිය අන් සියලුම දේටත් වඩා ඉදිරියෙන් තැබිය යුතු දෙයක් බවට පත්කර ගනිමු. එය අපට, අපේ දරුවන්ට සහ රටේ අනාගතයට ඉතා වැදගත්.
✅✅සෞඛ්‍යවත් මනසක් කියන්නේ කට්ටියක් විතරක් භුක්ති විඳින්න ඕන සුඛෝපභෝගී දෙයක් නෙවෙයි, එය බේදයක් නැතුව හැම කෙනෙක්ටම තියෙන්න ඕන අත්‍යවශ්‍යතාවයක්.
ඡායාරූපය - Daily Mirror Online
One-Fifth of Our People Are Struggling — Let’s Not Ignore the Mind
These days, almost one-fifth of Sri Lankans are silently battling depression. It’s not just a statistic — it’s our friends, our family members, our students, and sometimes even ourselves.
In our society, we speak openly about fevers, headaches, or injuries… but when it comes to our mind, we tend to stay silent. Counselling, psychology, and mental wellbeing are still seen as “unnecessary” or “something to avoid.” Because of this, many people suffer longer than they should.
But here’s the truth:
Your mind is the engine that runs your entire life.
If it struggles, everything else begins to fall apart — confidence, relationships, motivation, work, and even physical health.
That’s why understanding psychology, nurturing a positive mindset, and seeking counselling when needed are not signs of weakness. They are signs of courage, maturity, and self-respect.
Sri Lankans have neglected these areas for too long. It’s time we change that culture.
Let’s start valuing emotional wellbeing the same way we value education, nutrition, and physical health.
Let’s make counselling normal.
Let’s make talking about feelings safe.
Let’s make mental strength a priority — for us, for our children, and for the future of this country.
A healthy mind is not a luxury. It’s a necessity.
Image taken from Daily Mirror Online