12/06/2026
මේ සින්දුව අහපු දවසේ ඉදන් අද දක්වාම,
අහන හැම වාරයක් පාසාම
මගේ ඇස්වල කදුළු පිරෙනවා...
අඬනවා..
මගේ *තාත්තම්මව* මතක් වෙලා. ඇත්තටම මේ සින්දුව පපුවට හරිම බරයි..🫶🏻!
පොඩි කාලෙ මගේ අම්මා , තාත්තාට පස්සේ මට වැඩියෙන්ම ආදරය කරේ මගේ තාත්තම්මා. මං පොඩිකාලේ වැඩියෙන්ම ආසකරේ තාත්තම්මගෙ ගෙදර යන්න. එයාගෙ කාමරේ තියෙන්නේ අමුතු සුවඳක්. මං ඒ සුවඳට තාමත් ආසයි. රෑට නිදාගන්නකොට මාව තුරුලු කරගෙන සුරංගනා කතා , ජේසු ගැන කතා, ළමා කතා කියලා දෙනවා. ඇත්තටම මම සාහිත්‍යට ආස කරේ තාත්තම්මා හින්දා...
සමහර කාලවලදී ජිවිතේ ඉස්සරහට යන කොට සමහර චරිත අපිට මග හැරෙනවා..❤️🩹👤
තාත්තම්මේ...
මට ඔයාව මග හැරුණා....
එත් මං ඔයාට
ගොඩාක්...🥹❤️🩹 ආදරෙයි.🫀❤️🩹!
පා.ලි - මෙම ගීතය පද රචනා කළ සුනිල් දයානන්ද කෝනාර මහතාටත්,අපේ ළමා කාලය ලස්සන කරපු හර්ෂණ දිසානායකටත්, voice එකේ මේ සිංදුව කියපු පැතුම් දිමන්ත පුතාටත්,බෝහොමත් ම ස්තුති මාව ඒ පුංචි කාලයට අරන් ගියාට....!🥹❤️🩹🫂
සිංහල | කළු | Black..👑📚
ඉසුරු කළුතරවෙදගේ.📌🖤