Veyangoda Central Past Students Association

Veyangoda Central Past Students Association This is the official veyangoda central past students association FB page Past Student Association (OBA)

පිහිනුම් තටාක ව්‍යාපෘතිය යථාර්ථයක් කරා...අප පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත නව පිහිනුම් තටාකය සඳහා ව...
11/08/2026

පිහිනුම් තටාක ව්‍යාපෘතිය යථාර්ථයක් කරා...

අප පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත නව පිහිනුම් තටාකය සඳහා වූ මූලික කටයුතු මේ වන විට වේගයෙන් ක්‍රියාත්මක වේ.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ලබා දුන් ආයතන නියෝජිතයන් සහ ආදිශිෂ්‍ය සංගමය එක්ව සිදු කළ ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව, ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරිණි. දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අත්වැල් බැඳගත් සියලුම දෙනාට අපගේ ස්තූතිය!

🎵 අපේ දරුවන්ගේ විශිෂ්ට දක්ෂතාවන්ට උපහාරයක්!පසුගියදා පැවති කලාප සංගීත තරගවලදී අප විද්‍යාලයීය Orchestra කණ්ඩායම අතිවිශිෂ්ට...
01/08/2026

🎵 අපේ දරුවන්ගේ විශිෂ්ට දක්ෂතාවන්ට උපහාරයක්!

පසුගියදා පැවති කලාප සංගීත තරගවලදී අප විද්‍යාලයීය Orchestra කණ්ඩායම අතිවිශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගත්තා

🔰 සමූහ - ගී අනුවාදන: ප්‍රථමස්ථානය
🔰 ඒකල - වයලීන් වාදනය: ප්‍රථමස්ථානය
🔰 ඒකල - තබ්ලා වාදනය: ප්‍රථමස්ථානය

මෙම දක්ෂතා අගයමින්, කණ්ඩායමට දිගුකාලීනව අඩුපාඩුවක්ව පැවති රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් 'ස්වරමණ්ඩල' සංගීත භාණ්ඩයක් දරුවන් වෙත ත්‍යාග කිරීම පසුගියදා සිදුකරුණා.
මේ සඳහා මූලික දායකත්වය ලබාදුන් විද්‍යාලයීය ආදි සිසු සංගමය සහ එම අරමුදලට දායක වූ orchestra කණ්ඩායමේ දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන්ට සහ ආදිසිසු විධායක කමිටු සාමාජිකයින්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. එසේම, මේ සියල්ල පසුපස සිටිමින් අවශ්‍ය මගපෙන්වීම ලබාදුන් කණ්ඩායම භාර ඉසුරු කොඩිසිංහ ගුරුතුමාට ද අපගේ ප්‍රණාමය හිමිවේ.
ඉදිරි පළාත් සහ සමස්ත ලංකා තරගවලදීත් මෙවර ජයග්‍රහණ මාලාව අප පාසල වෙතම දිනා ගැනීමට අපේ දරුවන්ට ශක්තිය හා ධෛර්යය ලැබේවා යන්න අපගේ එකම පැතුමයි! ❤️✨

20/07/2026

සොඳුරු සිහිනයකි රෑ... 🌙✨

සංගීතයත් සමඟ බැඳුණු සොඳුරු මතකයන් රැසක් සමඟින් ගත කළ අපූරු රාත්‍රියක සුන්දර මොහොතක්. 🎶❤️

අද තමයි දවස මතකයේ රැඳෙන සොඳුරු සංගීත රාත්‍රිය! 🌟🏆
19/07/2026

අද තමයි දවස

මතකයේ රැඳෙන සොඳුරු සංගීත රාත්‍රිය! 🌟🏆

14/07/2026
09/07/2026

සොඳුරු සිහිනයකි රෑ
📅 ජූලි 18 (සෙනසුරාදා) | ප.ව. 6.30 සිට
📍 වේයන්ගොඩ බණ්ඩාරනායක එළිමහන් රංග පීඨය
🎟️ ප්‍රවේශ පත්‍ර: LKR 3000/=
ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි ස්ථාන:
• MyTickets.lk
• තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් (නිට්ටඹුව)
• Caravan Fresh (නිට්ටඹුව)
• ආරියදාස පොත් හල (වේයන්ගොඩ)
• ප්‍රසංග දොරටුවෙන්
📞 විමසීම්: 0713860903 / 0716253088

Address

Bandaranayake Central College
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when Veyangoda Central Past Students Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category