17/08/2026
පසුගිය මාස 2ක පමණ කාලය තුල ආදිශිෂ්‍ය සංගමය හරහා කරන ලද සාකච්ඡවන්හි ප්‍රතිඵලයක් ලෙස, අලුබෝමුල්ලේ සුමනසාර නාහිමියන් නායකත්වය දරන ජපාන තේරවාදී සංගමය හරහා රු.ලක්ෂ 30 කට ආසන්න මුදලක් ( 29,55,700/= ක මුදලක්)අප පාසලේ ඉදි වීමට යෝජිත පිහිණුම් තටාකය වෙනුවෙන් වූ ආදිශිෂ්‍ය සංගමයේ අරමුදල වෙත ලැබුනු බව සතුටින් මතක් කිරීමට කැමැත්තෙමූ .🤝🙏
අලුබෝමුල්ලේ සුමනසාර නාහිමියන් ඇතුලූ ජපාන තේරවාදී සංගමයට වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ නමස්කාරපූර්වක ස්තූතිය 🙏