15/09/2025
රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයීය බාලදක්ෂිකා සංගමය 10 වන වරටත් සංවිධානය කල ෆර්ගසන් අභියෝගතා කුසලාන තරඟාවලිය සඳහා ශාන්ත මරියා විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට සහභාගී විය.
මෙම තරඟාවලිය සමස්ථ දිවයිනේම බාලදක්ෂයින් සහ බාලදක්ෂිකාවන්ගේ දක්ෂතා වර්ධනය කීරීම උදෙසා නිර්මාණය වූ සමස්ථ ලංකාවටම විවෘත වූ තරඟාවලියකි.
දිනෙන් දින සංවර්ධන මාවතක ගමන් ගනිමින් ශාන්ත මරියා විදු මව් නාමය බබලවන්නට හැකි වීම පිළිබඳ ශාන්ත මරියා බාලදක්ෂ අප නිහතමානී සතුටකට සහ අභිමානයකට පත් වන්නෙමු.
ි