24/07/2024
මුල සිටම සියලුම පාඩම් ආවරණය කරන අලුත්ම පන්තිය මේ සතියේ ඉරිදා (තාවකාලික වේලාව) සිට ආරම්භ වේ....
🥇තැනින් තැන පාඩම් කොටස් ඉගෙන ගෙන විශය අවුල් වෙලා ඉන්න හැමෝටම සෙට් වෙන ගම්පහ එකම තැන.....
🥇අවදානම් කලාපයෙන් මිදෙන්න... සුරක්ෂිත වන්න.....
ඔයත් එන්න....🥇
21/05/2024
𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 | 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋
ඉංජිනේරු තාක්ෂණවේදය
2026 නව පන්ති ආරම්භය...🔴
Ziyon One මතුගම
ජුනි 02 පෙ.ව 8.00- 10.00
Zigma බදුරලිය
ජුනි 01 ප.ව 3.00- 5.00
අපගේ Whatapps සමූහයට එකතු වෙන්න...
https://chat.whatsapp.com/IzECMjr7i278Bd7w087N7P
10/04/2024
කාලෙකට කලින් කියවපු සෙන් කතාවක් තියෙයි. මතක විදියට ඒක මෙහෙමයි.
දවසක් යාළුවෝ දෙන්නෙක් එළිමහනේ ඇවිදින්න යනවා. ඒ දෙන්නා දකිනවා දොළපාරක නිදහසේ පීනන මාළු රංචුවක්. ඒක දකින එක යාළුවෙක් මෙහෙම කියනවා.
" අර බලනවා අර මාළු දිහා. උන් කොච්චර සංතෝෂයෙන්ද ඉන්නේ"
ඒක අහපු අනික් යාළුවා,
"උඹ කොහොමද එහෙම කියන්නේ. උඹ මාළුවෙක් නෙවෙයිනේ. උඹ මාළු සන්තෝෂ වෙන හැටි ගැන මුකුත් දන් නෑනේ"
කියලා උත්තර දෙනවා.
එතකොට පළවෙනි යාළුවා දෙවෙනි යාළුවට මෙහෙම කියනවා.
"තමුසේ මමද? තමුසේ කොහොමද දන්නේ මම මාළු සතුටු වෙන විදිය දන්නවද? නැද්ද? කියලා."
කතාව ඔච්චරයි. ඇත්තනේ.. අපි අනුන් නෙවෙයිනේ. ඉතිං අපිට යම් යම් දේවල් අනිත් අයට දැනන විදිය, බලපාන විදිය තේරුම් ගන්න එක ලේසි නෑ. ඒ හින්දම අපි අපිට සාපේක්ෂව පූර්ව නිගමන වලට ඇවිත් තීන්දු තීරණ ගන්නවා.
අන්න ඒ හින්දම ඔයාට පුළුවන් කණා, අන්ධයා වගේ වචන කාලාන්තරයක් තිස්සේ භාවිතා වෙන දෙවල්, සම්ප්‍රදායවල්, සාහිත්‍ය කියලා ඒවයෙන් කාටවත් හානියක් වෙන් නෑ, කාවවත් රිදවන් නෑ කියලා පූරව නිගමන වලට එන්න. එතනින් නවතින් නැතුව, ඔයාලට අයිතිය තියෙනවා, ඔයාලගේ ඒ පූර්ව නිගමනවල ඉඳලා කායික ආබාධයන් සහිත පුද්ගලයෝ සම්බන්ධව ගත්ත පුංචි හරි සාධනීය තීරණයක් හෑල්ලුවට, විහිළුවට ලක් කරලා ඔයාගේ සහවේදනයේ පරිමාව ප්‍රදර්ශනය කරන්න..
(කරුණා කරලා රියැක්ට් කරන්න කලින් ඔය රූපය ටච් කරලා සම්පූර්ණ රූපයම බලලා ඉන්න.)
Copied
09/04/2024
හිස් උදුම්මා ගත් අධ්‍යාපන ආයතන බලධාරීන්ට ( පෞද්ගලික -රජයේ ) එරෙහිව නැගී සිට ජය ලැබූ දිරිය දියණියටත් සාධාරණත්වය ඉටුකළ අධිකරණයටත් ගෞරවය පුද කරමු.......🫡🫡🫡🫡
වරලත් ගණකාධිකරණ ආයතනය සමග තනිවම සටන්කොට තම ඉල්ලීම් දිනාගත් දිරිය දියණිය.. (වරලත් ගණකාධිකාරී ආයතනය එදිරිව ගිම්හානී සේනාරත්න නඩු තීන්දුව. නඩු අංක - CA (wirt) Application no 203/2021)
ඇය නමින් ගිම්හානී සේනාරත්න. කුඩා කල සිටම දෙමාපිය රැකවරණය අහිමිව හැදූ වැඩුණු නමුත් ඉගෙනීම අත්නොහැර ධෛර්යය සම්පන්නව ජීවිතයට මුහුණ දුන් දැරිවියක්.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල - A 9
උසස්පෙළ ප්‍රතිඵල - A 2, B 1
තේරී පත්වූ සරසවිය - පේරාදෙණි සරසවිය
හැබැයි එකල ඇගේ නැගනිය කුඩාවියේ සිටි නිසා ඇයව කොළඹ තනිකර පේරාදෙණි සරසවියට යාමට තරම් අවකාශයක් ගිම්හානිට තිබුනේ නැහැ. ඒ නිසා ඇයට ඉගැන්වූ සමහර ගුරුවරුන්ගේ මූල්‍ය දායකත්වය මත වරලත් ගණකාධිකරණ ආයතනය මගින් මෙහෙවන උපාධි පාඨමාලාවට ( BSc. Applied Accounting උපාධි පාඨමාලාවට) ඇතුළු වීමට ඇයට හැකියාව ලැබෙනවා.
හෝමාගම ගොඩගම ප්‍රදේශයේ සිට දිනපතා වරලත් ගණකාධිකාරී ආයතනය පිහිටා තිබෙන ටොරිංටන් දක්වා යාම් ඒම් කරමින් ඇය ඉතා හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත උනා. තුන්වන වසර පළමු සෙමෙස්ටරය (සමස්ථයක් ලෙස ගත්තම පස්වන සෙමෙස්ටරය) වනවිට උසස් පංති සාමාර්ථයක මට්ටමේ හොඳ ලකුණු සාමාන්‍යයක් (හොඳ GPA එකක්) රඳවා ගැනීමට ඇය සමත්ව සිටියා.
මේ කතාවට හේතු පාදක වන ප්‍රශ්නය ඇතිවෙන්නෙ පස්වන සෙමෙස්ටරයෙදි. OB (Organizational Behavior- සංවිධාන චර්යාව) සහ ME (Manegerial Economics- කළමනාකරණ ආර්ථික විද්‍යාව) කියන විෂයයන් දෙකට ඇයට ලැබුනේ බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට වඩා අඩු ප්‍රතිඵලයක්. ඒක කොහොමත් වෙන්න බැරි දෙයක් බවත් පේපර්ස් දෙකටම ගොඩක් හොඳට උත්තර ලිව් බවටත් ඇය වෙත තිබුනෙ දැඩි විශ්වාසයක්. මේ නිසා ඇය දැඩිව මානසිකව ඇඳ වැටුනා. තමන්ගේ සමස්ථ ප්‍රතිඵලයම මේ නිසා නරක ප්‍රතිඵලයක් වනු ඇතැයි ඇය බිය වුනා.
ශාස්ත්‍රීය අධ්‍යාපන ක්‍රමය (Acadamic education) තුල සිසුවෙකුට තමන්ගෙ ප්‍රතිඵලය ගැන සැකසහිත බවක් තියෙනව නං නැවත සමීක්ෂණය කරන්න කියල ඉල්ලීම් කරන්න පුළුවන්. ලෝකයේ හැම රටකම වගේ බොහෝ සරසවි වල මෙම අයිතිය ඉතා හොඳින් තහවුරු කර තිබෙනවා. ලංකාවෙ පවා සමහර රාජ්‍ය සරසවි වල දරුවන්ට මෙම අයිතිය තිබෙන බව නිල වෙබ් අඩවි වල දක්වා තිබෙනවා. ක්‍රියාත්මකභාවය නම් කොහොමද දන්නෙ නැහැ, අයිතිය නම් පිළිගෙන තිබෙනවා. ලංකාව කියන්නෙ ඉතා නොදියුණු අධ්‍යාපනික සංස්කෘතියක් තිබෙන රටක්. ඒ වගේ රටක දරුවන්ගේ අධ්‍යාපනික අයිතීන් ගුරුවරුන්, කතිකාචාර්යවරුන් සහ පරිපාලන නිලධාරීන් විසින් වගේ විවිධ පිරිස් විසින් මංකොල්ල කනවා.
ගිම්හානි ඇයගේ පිළිතුරු පත්‍ර නැවත ඇගයීමක් කරන ලෙස විධිමත් ආකාරයට ගුරුවරුන්ගෙන් සහ පරිපාලන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒකට ලැබුන අපූරු උත්තර තමයි මේ.
1. අපි හරියට පේපර්ස් මාර්ක් කරනවා. ඒ නිසා රීකරෙක්ෂන් දෙන්නෙ නැහැ..
2. ළමයින්ට රීකරෙක්ෂන් ඉල්ලන්න කිසිම අයිතියක් නැහැ. බොරුවට දඟලන්න එපා තේරුමක් නැහැ..
3. ලියපු විදියට තමයි ලකුණු ලැබිල තියෙන්නේ. ආපහු ඕව වෙනස් වෙන්නෙ නැහැ.
4. අපි විභාග දහස් ගනනක් තියල තියනවා. කවදාවත් කාටවත් රීකරෙක්ෂන් දීල නැහැ. දෙන්නෙත් නැහැ. ( මේ කතා කරන්නෙ චාර්ටඩ් විභාග ගැන..)
5. ලෝකෙ කොහේවත් කැම්පස් වල රීකරෙක්ෂන් දෙන්නෙ නැහැ. ඒ නිසා අපි දෙන්නෙත් නැහැ 😁😁😁😷😷
මේ ප්‍රතිචාර කියෙව්වහම ඔබට හිතට එන හැඟීම තියෙනව නේද, ඒක හරියටම හරි. මේ කැම්පස් එකේ පරිපාලන නිලධාරීන් කියන්නෙ උද්ධච්ච කමින් පිම්බී ගිය මිනිසුන් පිරිසක්. කොහොමත් චාර්චඩ් ඉන්ස්ටිටියුට් එක කියල කියන්නෙ උඩඟු මිනිසුන්ගෙන් පිරුණු තැනක් කියන පොදු මතයක් සමාජගතව පවතිනවා. මේ පරිපාලන නිලධාරීන් ඉගෙනීමට එන දරුවන්ගෙ අධ්‍යාපන අයිතීන්ට ගරු කරන්න නම් දන්නෙම නැහැ. ඔවුන් හැසිරෙන්නෙ, කතාබහ කරන්නෙ ඔවුන්ගේ සල්ලි වලින් දරුවන් ඉගෙන ගන්නා ආකාරයට.
හොඳම දේ කියන්නෙ ඕස්ට්‍රේලියාවේ university of La Trobe විශ්ව විද්‍යාලයට අනුබද්දව ඔවුන් උපාධියක් පිරිනමනවා. මෙි ඕස්ට්‍රේලියානු යුනිවර්සිටිය ළමයෙකු රීකරෙක්ෂන් ඉල්ලා සිටිය යුතු ආකාරය හරිම ලස්සනට පැහැදිලිව ඔවුන්ගේ නිල වෙබ් අඩවිය තුල දක්වා තිබෙනවා. එය දරුවෙකුගේ අයිතියක් බව ඉතා නිවැරදිව පිළිගෙන තිබෙනවා. අඩුම තරමින් මොවුන් ඒ බව වත් දන්නේ නැහැ. ඉහෙම නැත්නං ඒ බව පිළිගන්න තරං මොළයක් නැහැ. උද්ධච්ච කමින් පිරුණු අඥානයින් පිරිසක්. උපාධි අධ්‍යාපනය ලබාදිමට නෙවෙයි මොවුන් හොඳ හරක් බැලීමට. මේ වගේ පිරිස් තමයි වර්තමානය වන විට ලංකාවේ අධ්‍යාපනය අයිති කරගෙන ඉන්නෙ.
ගිම්හානි මානසිකව කොතරම් පහල මට්ටමකට ඇඳ වැටුනාද කියනව නම් ඇයට කැම්පස් යන එක පවා එපා උනා. ඉගෙනීමට තිබුනා අසාව උනන්දුව පවා සිදී ගියා. දෙමාපිය රැකවරණය අහිමි දරුවෙක් මේ ගැන කාගෙන් පිහිටක් පතන්නද?
ඇයගේ සමාන්‍ය පෙළ සහ උසස්පෙළ ගුරුවරු අතරින් ඇයට සමීප ගුරුවරු පිරිසක් ඇයගේ මේ මානසික කඩා වැටීම හඳුනාගෙන වරලත් ගණකාධිකාරී ආයතනයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා. එහි අරමුණ උනේ මෙවැනි ආයතනවලින් සිදුකරන අසාධාරනකම්වලට එරෙහිව නැගී සිටිමින් දරුවන්ව ආරක්ෂා කරගැනීම.
නඩු විභාගයේදී වරලත් ගණකාධිකාරී ආයතනය වෙනුවෙන් අධිනීතීඥ රොමේෂ් ද සිල්වා පෙනීසිටි අතර ගිම්හානී වෙනුවෙන් අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පෙනී සිටියා.
නඩු පැවරීමත් සමඟ වරලත් ගණකාධිකරණ ආයතනයේ අර උද්ධච්ච නිලධාරීන් මේ දෙමාපිය රැකවරණය අහිමි දැරියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලා. පලිගැනීම ආරම්භ කළා. දේශන ශාලාතුල බැන වැදීම, විභාග ශාලාතුල බැන වැදීම, විවිධ තර්ජනය කිරීම් සහ බිය වැද්දීම් සිදුකිරීම, ඇයගේ බැච් එකේ සියළුම දෙනාට ඇය සමග ඇසුරු කිරීම නවත්වන ලෙස තර්ජනය කර බිය වැද්දීම සහ එමගින් ඇයව තනි කරලීම, වෙනත් බැච් වල ඇය පිළිබඳව ඇය ගැන සඳහන් කර බැන වැදීම වැනි ඉතා නින්දිත, අශෝභන, පහත් වැඩ කිරීමට ආයතනය පෙළඹුනා. නමුත් කුඩා කල සිට තනිවම ජීවිතයට මුහුණ දී පන්නරය ලබා තිබු ඇය මේ කිසිවකට බිය නොවී ඉතා නිර්භීතව තම අයිතිය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටියා. මෙවන් කටුක පරිසරයක් තුල වුවත් ඉතා නිර්භයව තම ඉතිරි අධ්‍යාපන කටයුතු නැවත පෙර පරදි කරගෙන යාමත් ආරම්භ කළා.
ගිම්හානී හරිම ලස්සනට සටහන් හදන ළමයෙක්. හැම විෂයකටම වගේ ඇය හදපු සටහන් තමයි මුළු බැච් එකම වගේ භාවිතා කලේ. තම කාලය නොමසුරුව කැප කරමින් තම දන්නා දේ කියාදෙමින්, අවශ්‍ය සටහන් සපයා දෙමින් හැකි සැම විටම ඇය ඇගේ යහළු යෙහෙළියන්ට උදව් කළා. එයින් ඇය ඉමහත් තෘප්තියක් ලැබුවා. හැබැයි මේ අමානුෂික තර්ජන වලට බියෙන් යහළුවන් දෙදෙනෙකු හැර අනෙක් සියළුම දෙනාම ඇයව ඇසුරු කිරීම නවතා දැමුවා. බිය නොවී ඇය සමග සිටි මිතුරන් දෙදෙනා තම අධ්‍යාපන කටයුතු සඳහා ගිම්හානිගේ උදව් ලබාගන්නා බවත් එමගින් තම විභාග ප්‍රතිඵල උසස් වී තිබෙන බවත් ආයතනයේ නිලධාරීන් ඉදිරියේ මෙන්ම ගරු අධිකරණයටත් නොබියව දැනුම් දුන්නා. එම ප්‍රකාශයන් මේ නඩුවේ තීන්දුවට පවා යහපත් බලපෑමක් ඇතිකල බව කියන්නේ කොන්ද පන තියෙන එවැනි දරුවන්ව ඇගයීමක් විදියට.
මෙතරම් බාධක, කරදර, තාඩන - පීඩන මධ්‍යයේ පවා නීතිඥවරුන් සමග එක්ව තම නඩුවට අවශ්‍ය ලිපිලේඛන සැකසීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කර දෙමින් ගිම්හානී ප්‍රමුක කාර්යභාරයක් ඉටුකලා. අසාධාරණයට එරෙහිව තනිවම සටන් කලා.
අවුරුදු තුනක කාලයක් නඩු කටයුත්ත ඇඳීගියා. ඒ අතර කාලය තුල ඇයගේ උපාධිය අවසන් උනා. රැකියාවන් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නිසා දැනට පවතින ප්‍රතිඵල දක්වමින් ප්‍රතිඵල ලේබනයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියද වරලත් ගණකාධිකරණ ආයතනයේ මේ අමනුෂ්‍ය නිලධාරීන් එය ලබාදුන්නේ ද නැහැ.
"ඔය මිනිස්සු නයි වගේ මිනිස්සු ටිකක්. ඔයාට උපාධියවත් හම්බවෙන එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එකේ වෙන කිසිම කෝස් එකක් ඔයාට කරන්න දෙන එකක් නැහැ.."
බොහෝ දෙනා ඇයට පැවසූ දේ තමයි ඒ. මේවා බොහොම බරපතල මට්ටමේ මානසික අපයෝජනයන්. මේ දේවල් පිළිබඳව ආයතනයේ ඉහළ සිට පහළ නිළධාරීන් සියල්ලම පාහේ දැන සිටියද ඔවුන් කාටවත් දරුවන් නැතිව ඇති. දරු සෙනෙහස නැතිව ඇති.
අවසානයේදී අධිකරණ නියෝගයකින් තමයි ප්‍රතිඵල ලේඛනයක් පවා ලබාගැනීමට හැකියාව ලැබුනෙ. හොඳ රැකියා අවස්ථා කිහිපයක් පවා මේ අතරතුර ඇයට මඟ හැරී ගියා. නමුත් එකම සැනසීම නම් අධිකරණය ඇයගේ ඉල්ලීම දරුවෙකුගේ ඉල්ලීමක් ලෙස ඉතා කාරුණිකව පිළිගෙන තිබීමයි. දෙමාපිය රැකවරණය අහිමි දරුවෙකුට අධිකරණය මගින් හෝ රැකවරණය ලබාදිය යුතු යැයි තේරුම්ගෙන තිබුනා.
නඩු කටයුත්ත්තේ විනිසුරුවරුන් වූයේ එම්. ටී. මොහොමඩ් ලෆාර් සහ එස්. යූ. බී. කරලියද්ද යන අභියානාධිකරණ අගවිනිසුරුතමන්ලා. මේ අතරිනුත් මෙහොමඩ් ලෆාර් විනිසුරුවරයා විශේෂයි. ඔහු මෙය එක් දරුවෙකු සම්බන්ධ කර්තව්‍යයක් ලෙස නොව සමස්ථ දරුපරම්පරාවක් හා සම්බන්ධ නඩු කටයුත්තක් ලෙස සලාකා ක්‍රියා කලා. අවසානයේදි ගිම්හානිගේ සියළු ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉටු කරන ලෙසත්, ඇයට මුදලින් රුපියල් හැට දහසක වන්දි ගෙවන ලෙසටත් වරලත් ගණකාධිකරණ ආයතනයට නියෝග කරමින් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉතා වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කළා.
ඇත්තෙන්ම මෙය එක් දරුවෙකුගේ නොව සමස්ථ දරු පරම්පරාවලම කොන්ද පණ හදන නඩු තීන්දුවක් බව පැවසීම තමයි වඩා හරි. තමන්ගේ කතිකාචාර්යවරයා හෝ කතිකාචාර්යවරිය ෂේප් කරගෙන ඉන්න ඕන නැත්නම් ලකුණු අඩුකරයි, මගේ ක්ලාස් එක නැති කරයි වගේ නිරන්තරව බියෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න ඕන නැහැ. ඔබේ ලකුණු ගැන සැකයක් පවතී නම් එය නැවත සලකා බලන ලෙස ඉල්ලීම ඔබේ අයිතියික්. එයට හිස නැමිය යුතුයි.
මෙතැන් සිට ලංකාවේ ඕනෑම සරසවියක් තුල, සරසවි දරුවෙකුගේ රීකරෙක්ෂන් අයිතිය පිළිගත යුතු වෙනවා. අපි හරියට මාර්ක් කරනවා අපි රීකරෙක්ෂන් දෙන්නෙ නැහැ වගේ උද්දචිච කතා කියන්න බැහැ. ඔබට එවැනි අසාධාරණයක් වේ නම් හෝ ඔබේ දරුවෙකු හෝ මෙවැනි අසාධාරණයකට ලක්වේ නම් ඒ වෙනුවෙන් පෙනීසිටින නීතිමය මූලාශ්‍රයක් දැන් සමාජය සතු තිබෙනවා. එය නිදහස්, දැනුම් සමාජයක් සඳහා වූ සංවර්ධනාත්මක ජයග්‍රහණයක්.
Copied from අමරනාත් බටගොඩ.
09/04/2024
තාත්තා යනු බොහෝ දෙනෙකුට අවසානය දක්වා නොතේරෙන පොතකි 🤍🙏🏻