History With Malcome

History With Malcome අපි ඉතිහාසයට පියවර තබමු

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ, කෞතුකාගාර අධිකාරීසාම්ප්‍රදායික කලා සහකාරප්‍රදර්ශන සැලසුම් නිලධාරීපර්යේෂණ සහකාරඅධ්‍යාපන ...
24/11/2025

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ,

කෞතුකාගාර අධිකාරී
සාම්ප්‍රදායික කලා සහකාර
ප්‍රදර්ශන සැලසුම් නිලධාරී
පර්යේෂණ සහකාර
අධ්‍යාපන ප්‍රවර්ධන නිලධාරී
ප්‍රධාන ආරක්ෂක නිලධාරී

යන තනතුරු සඳහා ඉතිහාසය / පුරාවිද්‍යාව ප්‍රමුඛ උපාධිධාරීන්ට අයදුම් කළ හැකියි.

අවසාන දිනය 2025.12.15

IMF එපාද?2024 ජනාධිපතිවරණයේදී සාකච්ඡාවල වූ ප්‍රධාන මාතෘකාවක් තමයි IMF (International Monetary Fund) නැතිනම් ජාත්‍යන්තර ම...
30/09/2024

IMF එපාද?

2024 ජනාධිපතිවරණයේදී සාකච්ඡාවල වූ ප්‍රධාන මාතෘකාවක් තමයි IMF (International Monetary Fund) නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳාගත යුතුද නැතිද යන්න. එහිදී ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආධාර ලබාගත යුතුයි කියලා සඳහන් කරපු පිරිසක් වගේම සෘජුවම IMF විරෝධී කණ්ඩායමක් ජනාධිපතිවරණ සටනේ නියැලුණා. එහිදී ඔවුන් ජනතා බලය ඉල්ලීමේදී IMF ප්‍රධාන මාතෘකාවක් වශයෙන් ඉදිරියට ගෙන එනු ලැබුවා. 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය හරහා අපට නිගමනයකට එන්න පුළුවන් ජනතාව IMF නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලංකාවේ මූල්‍යමය වශයෙන් පවතින ගැටලු විසඳාගත යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනතාව සතු වූ අදහස මොකක්ද කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු විසඳාගත යුතුයි කියලා ප්‍රධාන වශයෙන්ම සඳහන් කරපු අපේක්ෂකයින් කිහිපදෙනෙක් ජනාධිපතිවරණ සටනේ දැකගත හැකි වූවා සේම සෘජුවම IMF විරෝධී ජනාධිපති අපේක්ෂකයින් කිහිපදෙනෙක් ද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිරික්සා බලන විට හඳුනා ගත හැකි විය. එහිදී, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්‍ෂ හා දිලිත් ජයවීර යන අපේක්ෂකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සෘජුවම හෝ වක්‍රව ඒ් හා පක්ෂව අදහස් ඉදිරිපත් කර තිබුණු අතර පානි විජේසිරිවර්ධන, සිරිතුංග ජයසූරිය, මහින්ද දේවගේ හා නුවන් බෝපගේ IMF විරෝධී අදහස් ඉදිරිපත් කර තිබිණි. ඉහත කී ජනාධිපති අපේක්ෂකයින් ලබාගත් ජනතා මනාප අනුව ඔවුන්ගේ මතය ජනතාව විසින් පිළිගත් ආකාරය හඳුනාගත හැකිය. එහිදී,

ජාතික ජන බලවේග අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද - 5,634,915 – 42.31%
සමගි ජන බලවේග අපේක්ෂක සජිත් ප්‍රේමදාස - 4,363,035 – 32.76%
ස්වාධීන අපේක්ෂක (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ) රනිල් වික්‍රමසිංහ - 2,299,767 – 17.27%
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂක නාමල් රාජපක්‍ෂ - 342,781 – 2.57%
ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂ අපේක්ෂක දිලිත් ජයවීර - 122,396 – 0.92%

ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පක්ෂව අදහස් පළ කල ප්‍රධාන අපේක්‍ෂකයන්ගේ ඡන්ද ප්‍රතිශතයන් පමණක් ගණනය කලද එය 95.83% ලෙස දැක ගත හැකියි. එසේම සෘජුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකග නොවන කණ්ඩායම් ලබාගත් ඡන්ද හා ප්‍රතිශත පරීක්ෂා කර බලන කල,

සමාජවාදී සමානතා පක්ෂ අපේක්ෂක පානි විජේසිරිවර්ධන - 4,410 – 0.03%
එක්සත් සමාජවාදී පක්ෂ අපේක්ෂක සිරිතුංග ජයසූරිය - 8,954 – 0.07%
ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂ අපේක්ෂක මහින්ද දේවගේ - 5,338 – 0.04%
සමාජවාදී ජනතා සංසදයේ අපේක්ෂක නුවන් බෝපගේ - 11,191 – 0.08%

මේ අනුව පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සෘජුවම විරෝධතාවයක් දැක්වූ ජනාධිපතිවරණ අපේක්ෂකයින් සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 0.22% ක අතිශය සීමා සහිත ප්‍රතිශතයක් පමණක් ලබාගත් බවයි.

අවසාන වශයෙන් පැහැදිලි වන කරුණ නම් 2024 ජනාධිපතිවරණයේ ඡන්ද බෙදී ගිය ආකාරය දෙස බලන කල තවදුරටත් “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳාගත යුතුයි.” යන්න තවදුරටත් සමස්ත සමාජය තුළ සත්‍යයක් නොවන බවයි.

පෞද්ගලිකව ජාත්‍යන්තර අරමුදල හරහාම ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික ගැටළු විසඳාගත යුතුයි යන්නට 100% මාද එකඟ නොවුනද 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය දෙස බලන කල පෙනී යන්නේ IMF විරෝධී අදහසට ජනතාව තුළ කිසිදු පක්ෂපාතිත්වයක් නොමැති බවයි.

මැල්කම් ඩෙප් වීරසිංහ.
තවදුරටත් කියවන්න - https://historywithmalcome.blogspot.com/2024/09/imf.html

කවුද මේ ගුණසේන සමාගමේ ලාංඡනයේ ඉන්නෙ? 🤔ගුණසේන මහත්තයද? කෙනෙක් කියනව  වික්ටර් රත්නායක ලු.. කපුගේ ලු.. තව කෙනෙක් සනත් නිශාන...
18/05/2023

කවුද මේ ගුණසේන සමාගමේ ලාංඡනයේ ඉන්නෙ? 🤔ගුණසේන මහත්තයද? කෙනෙක් කියනව වික්ටර් රත්නායක ලු.. කපුගේ ලු..
තව කෙනෙක් සනත් නිශාන්ත ලු. 😋

මේ ගැනත් හරියට විස්තර ඇතුව දැන ගන්න ගමන් ගුණසේන සමාගම පටන් ගත්ත හැටි පොතට සිතැති අය විදියට හොයල බැලුවොත් හොදයි.

එම්. ඩී. ගුණසේන මහත්තයාගෙ සම්පූර්ණ නම මලගලගේ දොන් ගුණසේන. හොරණ වෑවල තුන්දෙනක්ගෙන් යුක්ත ගොවි පවුලක බාලයා වුන ගුණසේන අධ්‍යාපනය ආරම්භ කලේ වෑවල රජයේ පාසලෙන්. ඉන්පසු වැඩිදුර ඉංග්‍රීසි ඉගෙනගන්න දෙමාපියන් ඔහු වෙස්ලි විද්‍යාලයට ඇතුලත් කරනවා.

ඒත් පවුලේ ආර්ථික ප්‍රශ්න එක්ක හතරෙ පංතියෙදි ඉස්කෝලෙන් අයින් වෙලා ග්‍රෑන්ඩ්පාස් වල වෙද මහත්තයෙක්ගෙන් ආයුර්වේද ඉගෙනගන්න යනවා.

මේ වෙද්දි ඔහුගේ වැඩිමහල් සහෝදරයා කොළඹ පොඩි සිල්ලර කඩයක් කරමින් හිටියෙ. පාලි සංස්කෘත අමාරුවෙන් ඉගෙනගන්න ගුණසේන මල්ලි දැකපු අයියා කියනවා ජොබ් එකක් කරන්න කාලෙ හරි කියල.

එහිදී තරුණ ගුණසේන ස්වකැමැත්තෙන්ම වෙස්ලි මුද්‍රණාලයට අනුයුක්ත boys industrial home ආයතනයේ අකුරු ඇමිණුම් ශිල්පය හදාරන්න පටන් ගන්නවා. ඊට පස්සෙ දිනමිණ පුවත්පතේ අකුරු ඇමුණුම් ශිල්පියෙක් විදියට කටයුතු කරනවා.

පසුව දිනමිණෙන් ඉවත් වෙලා එවකට ප්‍රකට වික්ටරි මුද්‍රණාලයේ අකුරු අමුණන්නෙක් විදියට කටයුතු කරනවා. ඔහුගේ මුද්‍රණ ශිල්පීය දැනුමත් කාර්‍යශූරත්වයත් නිසා එහි කළමනාකාරීධූරය දක්වාම ඔහු ගමන් ගන්නවා.

අවසානයේ 1912 වර්ෂයේ වික්ටරි මුද්‍රණාලය බදුගන්න ඔහුට හැකිවෙනවා. 1913 දී එහි එම්.ඩී. ගුණසේන සහ සමාගම නමින් ඔහු තම මුද්‍රණ කටයුතු ආරම්භ කරනවා.

මෙහෙම පොඩි තැනක ඉදන් ආපු ගුණසේන මහත්මයාගෙ ආයතනයේ නිල ලාංඡනය මාටින් වික්‍රමසිංහ මහතාගේ මැදහත්වීමෙන් 1949 දී G.S. ප්‍රනාන්දු කියන කලාකරුවා විසින් නිර්මාණය කරනවා. එහි සිටින්නේ 12 වන සියවසේ දී ලියන ලද අමාවතුර සහ ධර්ම ප්‍රදීපිකාව හි කීර්තිමත් කතුවරයා වූ ගුරුළුගෝමින් ය. මෙම ලාංඡනය මුලින් භාවිතා කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහගේ 'සාහිත්‍යෝදය කතා' කියන පොතටයි. එතැන් පටන් ලාංඡනය රටේ ගුණාත්මක සාහිත්‍යය නියෝජනය කරන්න සමත් උනා.

"අපි ජාතියට කියවීම හුරුකලෙමු" යන තේමා පාඨයෙන් බිහිවුන ගුණසේන සමාගම දැන් පරම්පරා තුනක් තිස්සෙ සාර්ථකව ඉදිරියට ආපු ආයතනයක්. එකල ලාංකේය බෞද්ධ පුනුරුදය සඳහා මෙන්ම අපේ නිදහස් සටන තුලදිත් මිනිසුන් තුල චින්තනමය වෙනසක් ඇතිකොට සබුද්ධිමත් ජනතාවක් රටට දායද කිරීමට කල මෙහෙයට පොතපතට ආදරය කරන අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකල යුතුමයි !

- Copied

History With Malcome

මේ නාසා ආයතනයේ එල්ලා තියෙන  පෝස්ටරයක්. ඒකෙ ඉන්නෙ මී මැස්සෙක්.ඉතින් නාසා ආයතනයට මොකටද මී මැස්සෙක් ඉන්න පෝස්ටරයක්.. ?දන්නව...
04/05/2023

මේ නාසා ආයතනයේ එල්ලා තියෙන පෝස්ටරයක්. ඒකෙ ඉන්නෙ මී මැස්සෙක්.

ඉතින් නාසා ආයතනයට මොකටද මී මැස්සෙක් ඉන්න පෝස්ටරයක්.. ?දන්නවද, ඒක ඇතුලෙ හරි ලස්සන කතාවක් තියෙනවා.

ඔබ කවදාහරි අහලා තියෙනවද, වායු ගතිකව මී මැස්සෙකුගේ ශරීරය පියාසර කිරීමට සැදී නැති බව?,වාසනාවකට මී මැස්සොත් ඒක දන්නෙ නෑ.

භෞතික විද්‍යා නියමයන් නම් කියන්නෙ මී මැස්සෙකුට පියාසර කරන්න බෑ කියලා. ඒකට හේතුව වායුගතික මූලධර්මය අනුව උගේ විශාල ශරීර ප්‍රමාණයට සාපේක්ෂව පියාපත්වල පළල පියාසර කිරීමට ප්‍රමාණවත් නොවෙන තරම් කුඩාවීම. නමුත් මී මැස්සො දන්න භෞතික විද්‍යාවක් නෑ. උන් දන්න එකම දේ වෙන්නෙ ජීවත් වෙන්න සහ තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගන්න නම් පුලුවන් තරම් මධු තියෙන මල් හොයාගෙන පියාඹන්න ඕන කියලා විතරයි.

ලෝකයා කුමක් කීවත් ඕනෑම දුෂ්කරතාවයක්, ඕනෑම නරක තත්වයක් හමුවේ සෑම මොහොතකම අපි කරන්නත් ඕන ඒකයි. පියාපත්වල ප්‍රමාණය මොකක් වුවත් අපි හැමෝම මී මැස්සන් කියලා හිතුවොත් ඒක ලේසියි.

ඉතින් ජීවිතේ මොන තරම් බර වුනත්, ඔබේ සන්තකය මී මැසි පිහාටුවක ටත් වඩා කුඩා වුනත් ඒ ගැන හිතන්න එපා. ජීවිතේ රසවත් ව භුක්ති විඳින්න ඕන නම්,

එන්න අපි පියාඹමු....

Copied

සුභ අලුත් අවුරුද්දක් වේවා ! 2023 ☺️🌞History With Malcome
14/04/2023

සුභ අලුත් අවුරුද්දක් වේවා ! 2023 ☺️🌞

History With Malcome

ජේසු :-  ඔබ කවුද ?බුදුන් :- මම ගෞතම බුද්ධ වෙමි !ජේසු :- මම එම්මානුවෙල් හැමෝම දන්නෙ ජේසු කියයි. බුදුන් :-  මම රජ සැප අත්හ...
09/04/2023

ජේසු :- ඔබ කවුද ?

බුදුන් :- මම ගෞතම බුද්ධ වෙමි !

ජේසු :- මම එම්මානුවෙල් හැමෝම දන්නෙ ජේසු කියයි.

බුදුන් :- මම රජ සැප අත්හැරලා ආවා.

ජේසු :- මම දෙව් සැප අත්හැරලා ආවා.

බුදුන් :- ගියා මා කන්ථක අසුපිටින්.

​ජේසු :- මාද ගියෙමි බූරුවෙනු පිටින්.

බුදුන් :- එතෙර වුනෙමි මා නේරංජනා ගඟෙන්

ජේසු :- එතෙර වුනා මා ජෝර්දාන් ගගෙන්.

බුදුන් :- වෛරයෙන් වෛරය සංසිඳෙන් නේ නැහැනේ ජේසු !.

ජේසු :- එහෙනම් අසල්වැසියාට ප්‍රේම කරමු!

බුදුන් :- වසර හයක් මා අත්ථකිලමතානු යෝගි වුනා.

ජේසු :- මාද දින 40 ක් යාඥා කළා භවනා කළා.

බුදුන් :- අඹ ගහෙන් අඹ. තල ඇටෙන් තල. තමන් වැපිරූ දේ තමන්ට

ජේසු :- අත්තික්ක ගහෙත් ගොකුටු නැහැ.

බුදුන් :- පිට දුන්නා මා බෝ ගසට

ජේසු :- දිවි දුන්නා මා කුරුසයට.

බුදුන් :- මා යන්නම් නිවනට

ජේසු :- මාත් යන්නම් ස්වර්ගයට

🍃☸✝🙏

Copied.

තාර යොදා හානිකරන තිබූ සීගිරිය බිතුසිතුවම් ආචාර්ය ලුසියානෝ මරෙන්සි විසින් ප්‍රතිසංස්කරණ කිරීම (1967)History With Malcome
14/03/2023

තාර යොදා හානිකරන තිබූ සීගිරිය බිතුසිතුවම් ආචාර්ය ලුසියානෝ මරෙන්සි විසින් ප්‍රතිසංස්කරණ කිරීම (1967)

History With Malcome

"ශ්‍රී ලාංකික කලාවේ නිරූපිත කාන්තාවෝ"ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2023කොළඹ ජාතික කෞතුකාගාරය ඔබ සැමට ආරාධනා ! History Wit...
07/03/2023

"ශ්‍රී ලාංකික කලාවේ නිරූපිත කාන්තාවෝ"

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2023
කොළඹ ජාතික කෞතුකාගාරය

ඔබ සැමට ආරාධනා !

History With Malcome

මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?තරඟයකදී  (පින්තූරය බලන්න) කෙන්යාව නියෝජනය කරන මළල ක්‍රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහි...
11/02/2023

මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?

තරඟයකදී (පින්තූරය බලන්න) කෙන්යාව නියෝජනය කරන මළල ක්‍රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහිපය තුළදී, ඔහු තරඟය අවසන් කර ඇතැයි සිතා මග නතර විය. පිටුපසින් පැමිණි ස්පාඤ්ඤ මළල ක්‍රීඩක අයිවන් ෆර්නැන්ඩස් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගෙන කෙන්යානුවාට කෑ ගැසීමට පටන් ගත්තේය. නමුත් මුටායි ස්පාඤ්ඤ භාෂාව තේරෙන අයෙක් නොවීය. එම නිසා ස්පාඤ්ඤ ජාතිකයා ඔහුව දිනුම් රේඛාව කරා තල්ලු කළේය.

මාධ්‍යවේදියෙක් අයිවන්ගෙන් මෙසේ ප්‍රශ්න කලා.
"ඇයි ඔබ එහෙම කළේ?"
* අයිවන් : මගේ සිහිනය නම් කවදා හෝ අපට සාමූහිකව ප්‍රජා ජීවිතයක් ගත කළ හැකි වීමයි.

* මාධ්‍යවේදියා : නමුත් ඇයි ඔබ කෙන්යාවට ජයග්‍රහණය කිරීමට ඉඩ දුන්නේ?

* අයිවන් : මම ඔහුට ජය ගැනීමට ඉඩ දුන්නේ නැහැ. ඔහුයි දිනන්නට නියමිතව සිටියේ.

* මාධ්‍යවේදියා : නමුත් ඔබට ජයග්‍රහණය කළ හැකිව තිබුනා.

* අයිවන් :
නමුත් ඒ ජයග්‍රහණයේ අර්ථය කුමක්ද?
එම පදක්කමේ ගෞරවය කුමක් වනු ඇත්ද?
මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?

සාරධර්ම පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වේ. අපි අපේ දරුවන්ට උගන්වන්නේ කුමන සාරධර්මද?
අපද අපගේ දරුවන්ට ජයග්‍රහණයන් වෙනුවෙන් වංචනික, වංක, වැරදි මාර්ග ඉගැන්වීමට ඉඩ නොදෙමු.

(උපුටා ගැනීමකි.)

සිතන්නට බොහෝ දේ ඇත..

උණුසුම් පුවත්  නේපාලයේ කඳු ගුහාවක තිබී සොයාගත් ටිබෙට් භික්ෂුවක්, දැන් ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකේ, වයස අවුරුදු 206 ...
29/01/2023

උණුසුම් පුවත්

නේපාලයේ කඳු ගුහාවක තිබී සොයාගත් ටිබෙට් භික්ෂුවක්, දැන් ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකේ, වයස අවුරුදු 206 කි!

ඔහුව සොයාගනු ලැබුවේ “තකාටේට්” නම් ගැඹුරු භාවනාවක සිටියදීය.

පුරාවිද්‍යාඥයන් මුලින්ම ඔහු මමියක් යැයි සිතූ නමුත් පසුව ඔහු ජීවත්ව සිටනබව තහහුරු වීය

මොහු සොයාගන්නා මොහොතේ ඔහුගේ එක අතක ගුලිකර තබා සිටි කොල කැබැල්ලක මෙසේ සඳහන්ව තිබතිබිනි

"ඔබ ෆේස්බුක් හි කියවන සියල්ල විශ්වාස නොකරන්න විශේෂයෙන්ම ජන්දකාලෙට"

Copied

Celebration of Thai Pongal 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐌𝐮𝐬𝐞𝐮𝐦 18th January 2023. You are Most Welcome History With Malcome
17/01/2023

Celebration of Thai Pongal 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐌𝐮𝐬𝐞𝐮𝐦 18th January 2023.

You are Most Welcome

History With Malcome

Address

Veyangoda

Alerts

Be the first to know and let us send you an email when History With Malcome posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category