09/11/2017
1971 දී දකුණු අප්රිකාවේ උපත ලැබූ Elon Musk (ඉලොන් මස්ක්) ඔහුගේ පසුකාලීන සමාගම වන Zip2 සමාගම Compaq Computers අංශය වෙත විකුණන විටත් ඔහු මිලියනපතියෙකි. 1999 දී X.com , 2002 දී SpaceX හා 2003 දී Tesla Motors ආදි සංකල්ප ලොවට දායාද කරමින් ඔහුසාර්ථකත්වයට පත්විය.2016 දී SolarCity මිලදී ගැනීමෙන් ඔහු තම ආයෝජන කටයුතු වර්ධනය කර ගත්තේය. ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පාලන කාලය තුල උපදේශක කාර්යභාරයක් ඉටු කරමින් කර්මාන්තයේ ප්රමුඛයා ලෙස ඔහු තම ස්ථාවරය ශක්තිමත් කළේය..
PayPal
1999 දී Musk ඔන්ලයින් ෆිනෑන්ස් සේවා සමාගමක් වන X.com ආරම්භ කරන ලදී. X.com ආරම්භ කිරීම මගින් පසුව එය PayPal නම් විය. 2002 ඔක්තෝබර් මාසයේදී PayPal , e - bay විසින් ඩොලර් බිලියන 1.5 ක් ලබා ගත්තේය. විකිනුමට පෙර, Musk හට PayPal කොටස්වලින් සියයට 11 ක් හිමි විය.
www.spacex.com
මස්ක් ඔහුගේ තුන්වන සමාගම වන අභ්යවකාශ ගවේෂණ තාක්ෂණ සංස්ථාව,
හෙවත් SpaceX 2002 දී පිහිටුවිය . එහි අරමුණ වුයේ වාණිජ අභ්යාවකාශ ගමන් සඳහා අභ්යවකාශ යානා ගොඩ නැගීම යි. 2008 වන විට SpaceX හොඳින් දියුණු කරන ලද අතර, නාසා ආයතනය විසින් අභ්යවකාශ ෂටල මෙහෙයුම් වෙනුවට අනාගත අභ්යවකාශ ගමනාගමනය සඳහා සැලසුම් කරන ලද ""අන්තර්ජාතික අභ්යවකාශ මධ්යස්ථානයට"" භාණ්ඩ ප්රවාහනය කිරීම සඳහා කොන්ත්රාත්තුව ලබා දෙන ලදී.
ටෙස්ලා මෝටර්ස්
විදුලි මෝටර් රථ නිෂ්පාදනය කිරීමට බිහි වූ සමාගමක් වන ටෙස්ලා සුවිශේෂී තාක්ෂණයක් ලොවට දායාද කලහ .එය පිහිටුවා වසර පහකට පසුව එනම් 2008 දී එය තත්පර 0 සිට තත්පර 3.7 කින් 60kmh දක්වා වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් වන Roadster නිර්මාණය කරන
ලදි. එහි ඇති ලිතියම් අයන බැටරිය සැතපුම් 250 ක් පමණ ගමන් කිරීමට ප්‍රමාණවත් ය.
සමාගමෙහි ප්රථම විදුලි sedan රථය වන Tesla Model S, එක ආරොපනය කින් සැතපුම් 265 ක් පමණ ගමන් කිරීමට හැකියාවක් ඇත.එ පමණක් නොව මෙම රථයට තනිවම ධාවන ය කිරිමට (self driving) හැකිය.
https://www.tesla.com/models