ථේරවාදි ඇසින් අටුවාව

ථේරවාදි ඇසින් අටුවාව

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ථේරවාදි ඇසින් අටුවාව, Colombo.

11/05/2019

🌹🌷🌻 දුක මාතිකා 🌻 🌷 🌹

අභිධර්ම පිටකයට අයත් ධම්මසංඝණීප්‍රකරණයේ දුක මාතිකා(පරාමාස ගොච්ඡකයේ සිට පිට්ඨි දුකය තෙක්) පිලිබඳ සරල සංෂිප්ත විවරණයක් පහත දැක්වේ.

(ත්‍රික මාතිකා පිළිබද ලිපිය https://m.facebook.com/story.php?story_fbid=788256354889154&id=726162374431886

දුක මාතිකා පිලිබඳ පලමු ලිපිය ✒ https://m.facebook.com/story.php?story_fbid=804006296647493&id=726162374431886)

🌹 09 පරාමාස ගොච්ඡකය 🌹

🌸පරාමාස දුකය🌸

🌻පරාමාසා ධම්මා - මිථ්‍යා වශයෙන් විපරීත ග්‍රහණයෙන් අල්වා ගන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻නෝ පරාමාසා ධම්මා - මිථ්‍යා වශයෙන් විපරිතග්‍රහණයෙන් නොගන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 පරාමට්ඨ දුකය 🌸

🌻පරාමට්ඨා ධම්මා - පරාමාසයන්ට අරමුණු වන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අපරාමට්ඨා ධම්මා - පරාමාසයන්ට අරමුණු නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 පරාමාස සම්පයුත්ත දුකය 🌸

🌻පරාමාස සම්පයුත්තා ධම්මා - දිට්ඨි පරාමාසය සමග ඒකෝත්පාදාදී සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻පරාමාස විප්පයුත්තා ධම්මා - පරාමාසය සමඟ මිශ්‍ර නොවූ නිස්සාරත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 පරාමාස පරාමට්ඨ දුකය 🌸

🌻 පරාමාසා චේච ධම්මා පරාමට්ඨා ච - පරාමාස නම් වූ ද , පරාමාස ධර්මයන්හට අරමුණු වන්නා වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻පරාමට්ඨා චේච ධම්මා නෝ ච පරාමාසා -පරාමාසයන්ට අරමුණු වන්නා වූ ද එහෙත් පරාමාස නම් නොවූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸පරාමාස විප්පයුත්ත පරාමට්ඨ දුකය 🌸

🌻පරාමාස විප්පයුත්තා ඛෝ පන ධම්මා පරාමට්ඨාපි - පරාමාස ධර්මයන් සමඟ මිශ්‍ර නොවූ එහෙත් පරාමාසයන්ට අරමුණු වන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 පරාමාස විප්පයුත්තා ඛෝ පන ධම්මා අපරමට්ඨාපී - පරාමාස ධර්මයන් සමඟ මිශ්‍ර නොවූ ද , පරාමාස ධර්මයන්ට අරමුණු ද නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 10 මහන්තර දුක 🌹

🌸 සාරම්මණ දුකය 🌸

🌻 සාරම්මණා ධම්මා - අරමුණ ගැනීම ස්වභාව කොට අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනාරම්මණා ධම්මා - අරමුණු නොගැනීමේ ස්වභාව අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 චිත්ත දුකය 🌸

🌻චිත්තා ධම්මා - චින්තනාර්ථයෙන් චිත්ත නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නෝ චිත්තා ධම්මා - චින්තනාර්ථයෙන් චිත්ත නම් නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 චේතසික දුකය 🌸

🌻 චේතසිකා ධම්මා - ඒකෝත්පාදා දී වශයෙන් සිතෙහි හටගන්නා බැවින් චෛතසික නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අචේතසිකා ධම්මා - ඒකෝත්පාදාදී වශයෙන් සිතෙහි හටනොගන්නා බැවින් අචේතසික නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 චිත්ත සම්ප්‍රයුත්ත ධම්මා 🌸

🌻 චිත්ත සම්පයුත්තා ධම්මා - ඒකෝත්පාදාදී වශයෙන් සිත සමඟ මිශ්‍ර වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 චිත්ත විප්පයුත්ත ධම්මා - ඒකෝත්පාදාදී වශයෙන් සිත සමඟ මිශ්‍ර නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 චිත්ත සංසට්ඨ දුකය 🌸

🌻 චිත්ත සංසට්ඨා ධම්මා - ඒකෝත්පාදා දී සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් සිත සමඟ මිශ්‍ර වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 චිත්ත විසංසට්ඨා ධම්මා - ඒකෝත්පාදාදී සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් සිත සමඟ මිශ්‍ර නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 චිත්ත සමුට්ඨාන දුකය 🌸

🌻 චිත්ත සමුට්ඨානා ධම්මා - සිත හේතු කොට හටගන්නා වූ ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻නෝ චිත්ත සමුට්ඨානා ධම්මා - සිත හේතු කොට හට නොගන්නා වූ ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 චිත්ත සහභූ දුකය 🌸

🌻 චිත්ත සහභූනෝ ධම්මා - සිත හා සමඟ එකට හට ගන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නෝ චිත්ත සහභූනෝ ධම්මා - සිත හා සමඟ එකට හට නොගන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 චිත්තානූපරිවත්ති දුකය 🌸

🌻 චිත්තානුපරිවත්තිනෝ ධම්මා - සිත හා සමඟ හට ගෙන සිත.සමඟම පෙරළෙන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නෝ චිත්තානුපරිවත්තිනෝ ධම්මා - සිත හා සමඟ හට නොගෙන සිත සමඟම නොපෙරළෙන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහභූ දුකය🌸

🌻 චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහභූනෝ ධම්මා - සිත සමඟ මිශ්‍ර වූ ද , සිත නිසා හට ගන්නා වූ ද , සිත සමඟ හට ගන්නා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නෝ චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහභූනෝ ධම්මා - සිත සමඟ මිශ්‍ර නො වූ ද , සිත නිසා හට නොගන්නා වූ ද , සිත සමඟ හට නොගන්නා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 චිත්ත සංසට්ඨ සමුට්ඨානුපරිවත්ති දුකය 🌸

🌻 චිත්ත සංසට්ඨ සමුට්ඨානානුපරිවත්තිනෝ ධම්මා -
සිත සමඟ මිශ්‍ර වූ ද , සිත නිසා හට ගන්නා වූ ද , සිත අනුව පෙරළෙන්නා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නෝ චිත්ත සංසට්ඨ සමුට්ඨානානුපරිවත්තිනෝ ධම්මා -
සිත සමඟ මිශ්‍ර නො වූ ද , සිත නිසා හට නොගන්නා වූ ද , සිත අනුව නොපෙරළෙන්නා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 අජ්ඣත්තිකා දුකය 🌸

🌻 අජ්ඣත්තිකා ධම්මා - අාත්ම භාවය අධිපති කොට අැත්තා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 බාහිරා ධම්මා - අාත්ම භාවය අධිපති කොට නැත්තා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 උපාදා දුකය 🌸

🌻 උපාදා ධම්මා - නිශ්‍රය - අාධාරය - පිහිට - පිළිසරණ නිසා හට ගන්නා වූ ද , පවත්නා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නෝ උපාදා ධම්මා - නිශ්‍රය - අාධාරය - පිහිට - පිළිසරණ නිසා නොම හට ගන්නා වූ ද , නොම පවත්නා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 උපාදින්න දුකය 🌸

🌻 උපාදින්නා ධම්මා - තෘෂ්ණා දෘෂ්ඨීන් විසින් ගන්නා ලද අරමුණක් අනුව , කර්ම ක්ලේෂයන් විසින් ස්වකීය ඵලය වශයෙන් ළඟා කොට ගන්නා ලද්දා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නෝ උපාදින්නා ධම්මා - තෘෂ්ණා දෘෂ්ඨීන් විසින් ගන්නා ලද අරමුණක් අනුව , කර්ම ක්ලේෂයන් විසින් ස්වකීය ඵලය වශයෙන් ළඟා කොට නොගන්නා ලද්දා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 11 උපාදාන ගොච්ඡකය 🌹

🌸 උපාදාන දුකය 🌸

🌻 උපාදානා ධම්මා - මම මාගේ යයි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් දැඩි කොට අල්වා ගන්නා අර්ථයෙන් උපාදාන නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නෝ උපාදානා ධම්මා - එසේ දැඩි කොට නොගන්නා බැවින් උපාදාන නම් නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 උපාදානිය දුකය 🌸

🌻 උපාදානියා ධම්මා - තෘෂ්ණා දෘෂ්ඨි නම් වූ උපාදානයන්ට අරමුණු වන්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනුපාදානියා ධම්මා - උපාදානයන් හට අරමුණු නොවන්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 උපාදාන සම්පයුත්ත දුකය 🌸

🌻 උපාදාන සම්පයුත්තා ධම්මා - තෘෂ්ණා දෘෂ්ටි උපාදානයන් සමඟ ඒකෝත්පාදාදී වශයෙන් මිශ්‍ර වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻උපාදාන විප්පයුත්තා ධම්මා - උපාදානයන් සමඟ සම්ප්‍රයුක්ත නොවූ
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 උපාදාන උපාදානිය දුකය 🌸

🌻උපාදානා චේව ධම්මා උපාදානියා ච - උපාදාන නම් වූ ද , උපාදානයන් හට අරමුණු වන්නා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 උපාදානියා චේව ධම්මා නෝ ච උපාදානා - උපාදානයන්ට අරමුණු වන්නා වූ උපාදාන නම් නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 උපාදාන උපාදාන සම්පයුත්ත දුකය 🌸

🌻 උපාදානා චේව ධම්මා උපාදාන සම්පයුත්තා ච - උපාදාන නම් වූ ද උපාදානයන් සමඟ සම්ප්‍රයුක්ත වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 උපාදාන සම්පයුත්තා චේව ධම්මා නෝ ච උපාදානා - උපාදාන සමඟ සම්ප්‍රයුක්ත වූම උපාදාන නම් නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 උපාදාන විප්පයුක්ත උපාදානිය දුකය🌸

🌻 උපාදාන විප්පයුත්තා ඛෝ පන ධම්මා උපාදානියා පි - උපාදානයන් සමඟ විප්‍රයුත්ත වූ ද , උපාදානයන්ට අරමුණු වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 උපාදාන විප්පයුත්තා ඛෝ පන ධම්මා අනුපාදානියාපි - උපාදානයන් සමඟ විප්‍රයුක්ත වූ ද , උපාදානයන්ට අරමුණු නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 12 කිලේස ගොච්ඡකය 🌹

🌸 කිලේස දුකය 🌸

🌻 කිලේසා ධම්මා - සත්ව සන්තානය කෙලෙසෙන්නා වූ ද , දවන තවන උපතාපනය හිංසන පීඩන කරන්නා වූ ද , අර්ථයෙන් ක්ලේශ නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නෝ කිලේසා ධම්මා - සන්තානය නොකෙළසන බැවින් කෙළෙස් නම් නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 සංකිලේසික දුකය 🌸

🌻 සංකිලේසිකා ධම්මා - කෙලෙසුන් හට අරමුණු වන්නා වූ හෙවත් කෙලෙසුන්ට ගෝචර වන්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අසංකිලේසිකා ධම්මා - කෙලෙසුන් හට අරමුණු නොවන්නා වූ කෙලෙසුන් ට ගොදුරු නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 සංකිලිට්ඨ දුකය 🌸

🌻 සංකිලිට්ඨා ධම්මා - කෙලෙසුන් විසින් කෙලෙසන ලද්දා වූ සංකිලිට්ඨ නම් වූ ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අසංකිලිට්ඨා ධම්මා - කෙලෙසුන් විසින් නොකෙලෙසන ලද්දා වූ අසංකිලිට්ඨ නම් වූ ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 කිලේස සම්පයුත්ත දුකය 🌸

🌻 කිලේස සම්පයුත්තා ධම්මා - කෙලෙසුන් සමඟ සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 කිලේස විප්පයුත්තා ධම්මා - කෙළෙසුන් සමඟ සම්ප්‍රයුත්ත නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 කිලේස සංකිලේස දුකය 🌸

🌻 කිලේසා චේව ධම්මා සංකිලේසිකා ච - කෙලෙස් නම් වූ ද , කෙලෙසුන්ට අරමුණ වන්නා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 සංකිලේසිකා චේව ධම්මා නෝ ච කිලේසා - කෙලෙසුන්ට අරමුණු වූ ද , කෙලෙස් නම් නොවූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 කිලේස සංකිලිට්ඨ දුකය 🌸

🌻 කිලේසා චේව ධම්මා සංකිලිට්ඨා ච - කෙලෙස් නම් වූ ද, කෙලෙසුන් විසින් කෙලෙසන ලද්දා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻සංකිලිට්ඨා චේව ධම්මා නෝ ච කිලේසා - කෙලෙසුන් විසින් කෙලෙසන ලද්දා වූ ද කෙලෙස් නම් නොවූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 කිලේස කිලේස සම්පයුත්ත දුකය 🌸

🌻 කිලේසා චේව ධම්මා කිලේස සම්ප්‍රයුත්තා ච - කෙලෙසුන් සමඟ මිශ්‍ර වූ ද , කෙලෙස් නම් වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 කිලේස සම්ප්‍රයුත්තා චේව ධම්මා නෝ ච කිලේසා - කෙලෙසුන් සමඟ මිශ්‍ර වූ ද , කෙලෙස් නම් නොවූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 කිලේස විප්පයුත්ත සංකිලේසික දුකය 🌸

🌻 කිලේස විප්පයුත්තා ඛෝ පන ධම්මා සංකිලේසිකා පි - කෙලෙසුන් කෙරෙන් විප්‍රයුක්ත වූ ද , කෙලෙසුන්ට අරමුණු වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 කිලේස විප්පයුත්තා ඛෝ පන ධම්මා අසංකිලේසිකා පි - කෙලෙසුන් කෙරෙන් විප්‍රයුක්ත වූ ද , කෙලෙසුන්ට අරමුණු නො වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 13 පිට්ඨි දුකය 🌹

🌸 දස්සනෙන පහාතබ්බ දුකය 🌸

🌻 දස්සනෙන පහතබ්බා ධම්මා - සෝවාන් මාර්ගඥානයෙන්
ප්‍රහාණය කටයුතු වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.


🌻න දස්සනෙන පහාතබ්බා ධම්මා - සෝවාන් මාර්ගඥානයෙන්
ප්‍රහාණය නොකටයුතු වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 භාවනාය පහාතබ්බ දුකය 🌸

🌻 භාවනාය පහාතබ්බා ධම්මා - සකෘදාගාමි අනාගාමි අර්හත් නම් වූ මතු මාර්ගත්‍රයෙන් ', ප්‍රහාණය කටයුතු වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 න භාවනාය පහාතබ්බා ධම්මා - සකෘදාගාමි අනාගාමි අර්හත් නම් වූ මතු මාර්ගත්‍රයෙන් ', ප්‍රහාණය නොකටයුතු වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 දස්සනෙන පහාතබ්බ හේතුක දුකය 🌸

🌻 දස්සනෙන පහාතබ්බ හේතුකා ධම්මා - සෝවාන් මාර්ගඥානයෙන්
ප්‍රහාණය කටයුතු හේතු අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻න දස්සනෙන පහාතබ්බ හේතුකා ධම්මා - සෝවාන් මාර්ගඥානයෙන්
ප්‍රහාණය කටයුතු හේතු නැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 භාවනාය පහාතබ්බ හේතුක දුකය 🌸

🌻 භාවනාය පහාතබ්බ හේතුකා ධම්මා - සකෘදාගාමි අනාගාමි අර්හත් නම් වූ මතු මාර්ගත්‍රයෙන් ', ප්‍රහාණය කටයුතු හේතු අැත්තා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻න භාවනාය පහාතබ්බ හේතුකා ධම්මා - සකෘදාගාමි අනාගාමි අර්හත් නම් වූ මතු මාර්ගත්‍රයෙන් ', ප්‍රහාණය කටයුතු හේතු නැත්තා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 සවිතක්ක දුකය 🌸

🌻 සවිතක්කා ධම්මා - විතර්කය සමඟ සම්ප්‍රයුක්ත වන බැවින් සවිතක්ක නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අවිතක්කා ධම්මා - විතර්කය සමඟ සම්ප්‍රයුක්ත නොවන බැවින් අවිතක්ක නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸සවිචාර දුකය 🌸

🌻 සවිචාරා ධම්මා - සම්ප්‍රයුක්ත වශයෙන් විචාරය සහිත වූ ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අවිචාරා ධම්මා - සම්ප්‍රයුක්ත වශයෙන් විචාරය රහිත වූ ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 සප්පීතික දුකය 🌸

🌻 සප්පීතිකා ධම්මා - සම්ප්‍රයුක්ත වශයෙන් ප්‍රීතිය සමඟ යෙදුනා වූ , ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අප්පීතිකා ධම්මා - සම්ප්‍රයුක්ත වශයෙන් ප්‍රීතිය රහිත වූ ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 ප්‍රීති සහගත දුකය 🌸

🌻 ප්‍රීති සහගත ධම්මා - ඒකෝත්පාදාදී වශයෙන් ප්‍රීතිය සමඟ මිශ්‍ර වූ , ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻න ප්‍රීති සහගත ධම්මා - ප්‍රීතිය සමඟ මිශ්‍ර නොවූ , ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸සුඛ සහගත දුකය 🌸

🌻 සුඛ සහගත ධම්මා - සුඛ වේදනාව සමඟ ඒකෝත්පාදාදී වශයෙන් මිශ්‍ර වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 න සුඛ සහගතා ධම්මා - සුඛ වේදනාව සමඟ ඒකෝත්පාදාදී වශයෙන් මිශ්‍ර නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 උපේක්ඛා සහගත දුකය 🌸

🌻 උපේක්ඛා සහගත ධම්මා - ඒකෝත්පාදාදී වශයෙන් උපේක්ෂා වේදනාව සමඟ මිශ්‍ර වූ , ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻න උපේක්ඛා සහගත ධම්මා - උපේක්ෂා වේදනාව සමඟ මිශ්‍ර නො වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 කාමාවචර දුකය 🌸

🌻කාමාවචර ධම්මා - කාම තණ්හාවට අරමුණු වන බැවින් ද , එකොළොස් කාම භූමියට අැතුළත් බැවින් ද කාමාවචර නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻න කාමාවචර ධම්මා - කාමාවචර නම් නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸රූපාවචර දුකය🌸

🌻 රූපාවචරා ධම්මා - රූපභව තණ්හාවට අරමුණු වන්නා වූ ද , පසළොස් රූප භූමියට අැතුළත් බැවින් ද රූපාවචර නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 න රූපාවචරා ධම්මා - රූපාවචර නම් නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 අරූපාවචර දුකය 🌸

🌻අරූපාවචරා ධම්මා - අරූපභව තණ්හාවට අරමුණු වන බැවින් ද , අරූපාවචර භූමියට අැතුළත් වන බැවින් ද , අරූපාවචර නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻න අරූපාවචරා ධම්මා - අරූපාවචර නම් නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 පරියාපන්න දුකය 🌸

🌻 පරියාපන්නා ධම්මා - කර්ම වට්ට විපාකවට්ට කිලේස වට්ට නම් වූ , ත්‍රිවිධ සංසාර වට්ට දුක්ඛයට අැතුළත් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අපරියාපන්නා ධම්මා - ත්‍රිවිධ සංසාර වට්ට දුක්ඛයට අැතුළත් නො වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 නිය්‍යානික දුකය 🌸

🌻 නිය්‍යානිකා ධම්මා - සංසාර වට්ට දුක්ඛයෙන් එතෙර කරවන බැවින් නෛර්යාණික නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අනිය්‍යානිකා ධම්මා - නෛර්යාණික නම් නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 නියත දුකය 🌸

🌻 නියතා ධම්මා - චුතියට අනතුරුව හෝ තමාගේ පැවැත්මට අනතුරුව , ඒකාන්තයෙන් විපාක දෙන බැවින් නියත නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අනියතා ධම්මා - චුතියට අනතුරුව හෝ තමාගේ පැවැත්මට අනතුරුව , ඒකාන්තයෙන් විපාක නොදෙන බැවින් අනියත නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 සඋත්තර දුකය 🌸

🌻 සඋත්තරා ධම්මා - තමහට වඩා උත්තරීතර ධර්ම අැති බැවින් සඋත්තර නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අනුත්තරා ධම්මා - තමහට වඩා උත්තරීතර ධර්මයක් නොමැති බැවින් අනුත්තර නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 සරණ දුකය 🌸

🌻 සරණා ධම්මා - සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් ගෙන දෙන්නා වූ කෙලෙසුන් සමඟ මිශ්‍ර වූ බැවින් සරණ නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අරණා ධම්මා - සෝක පරිදේවාදියට හේතු වන කෙලෙසුන් සමඟ මිශ්‍ර නො වූ බැවින් අරණ නම් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

ත්‍රිපිටකාචාර්ය මහා කම්මට්ඨානාචාර්ය අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ අභිධර්ම භාවනා ( 2 වැනි කොටස) ග්‍රන්ථය අැසුරින් සකස් කල ලිපියකි.

තෙරුවන් සරණයි.!!!

04/05/2019

🌹🌷🌻 දුක මාතිකා 🌻 🌷 🌹

අභිධර්ම පිටකයට අයත් ධම්මසංඝණීප්‍රකරණයේ දුක මාතිකා(නීවරණ ගොච්ඡකය තෙක්) පිලිබඳ සරල සංෂිප්ත විවරණයක් පහත දැක්වේ.

( ත්‍රික මාතිකා පිලිබඳ ලිපිය https://www.facebook.com/groups/295370684513945/permalink/338721713512175/ )

🌹01 හේතුගොච්ඡකය 🌹

(හේතු ධම්මා යනු මූලාර්ථයෙන් හෙවත් ශක්තිමත්ව පිහිටීම් අර්ථයෙන් හේතු නම් වූ ධර්මයෝය.ලෝභ දෝස මෝහ - අලෝභ අදෝස අමෝහ යන චෛතසික සදෙනය.)

(සතර සම්ප්‍රයෝග ලක්ෂණය -

ඒකුප්පාද නිරෝධාච -ඒකාලම්බණ වත්ථුතා - චේතෝ යුත්තා ද්වි පඤ්ඤාස ධම්මා චේතසිකා මාතා.

සිත සමඟ එකටම ඉපදීම එකටම නැතිවීම එකම අරමුණක් ගැනීම එකම වස්තු රූපයක් අැසුරු කිරීම යන සතරාකාරයෙන් සිතත් සමඟ මිශ්‍ර වූ ධර්ම 52 චෛතසික නම් වේ.)

🌸හේතු දුකය🌸

🌻 හේතු ධම්මා - මූලාර්ථයෙන් හේතු නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 න හේතු ධම්මා - මූලාර්ථයෙන් හේතු නම් නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 සහේතු දුකය 🌸

🌻 සහේතුකා ධම්මා - සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් සම්ප්‍රයුක්ත හේතු අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අහේතුකා ධම්මා - සම්ප්‍රයුක්ත හේතු නැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 හේතු සම්ප්‍රයුක්ත දුකය 🌸

🌻 හේතු සම්පයුත්තා ධම්මා - හේතු ධර්මයන් සමඟ ඒකෝත්පාදාදී භාවයෙන් මිශ්‍ර වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 හේතු විප්පයුත්තා ධම්මා - හේතු ධර්මයන් සමඟ එසේ මිශ්‍ර නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 හේතු සහේතුක දුකය 🌸

🌻හේතු වේව ධම්මා සහේතුකා ච - හේතු නම් වූ ද හේතුන් සමඟ යෙදුනාවූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 සහේතුකා වේව ධම්මා නව හේතු - හේතුන් සමඟ යෙදුනා වූ ද හේතූන් නොයන්නා වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 හේතු හේතු සම්ප්‍රයුක්ත දුකය 🌸

🌻 හේතු වේව ධම්මා හේතු සම්පයුත්තා ච - හේතු නම් වූ ද හේතු ධර්මයන් සමඟ මිශ්‍ර වූද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 හේතු සම්පයුත්ත වේව ධම්මා නව හේතු - හේතු ධර්මයන් සමඟ සම්ප්‍රයුක්ත වූ ද එහෙත් හේතු නම් නොවූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸න හේතු සහේතුක දුකය 🌸

🌻 න හේතු ඛෝ පන ධම්මා සහේතුකාපි - හේතු ධර්ම නොවූ ද එහෙත් හේතුන් සමඟ යෙදුනාවූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 න හේතු ඛෝ පන ධම්මා අහේතුකාපි - හේතු ධර්ම නොවූ ද , හේතූන් සමඟ නොයෙදුනා වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 02 චුල්ලන්තර දුකය 🌹

🌸 සප්පච්චය දුකය 🌸

🌻 සප්පච්චයා ධම්මා - අවිද්‍යා- තෘෂ්ණා-උපාදාන-කර්ම-චිත්ත-ඍතු අාහාරාදි හේතූන්ගෙන් හටගන්නා වූ
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අප්පච්චයා ධම්මා - හේතූන්ගෙන් හට නොගන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 සංඛත දුකය 🌸

🌻සංඛතා ධම්මා - අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්ම චිත්ත ඍතු අාහාරාදි ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාවූ ,
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අසංඛතා ධම්මා - ප්‍රත්‍යයන් විසින් සකස් නොකරන ලද්දාවූ ,
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸සනිදස්සන දුකය🌸

🌻සනිදස්සනා ධම්මා - අැසට ලක්වන ස්වභාවය වූ දැකීම් සහිත වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අනිදස්සනා ධම්මා - අැසට ලක් නොවන්නා වූ දැකීම් රහිත වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸සප්පටිඝ දුකය🌸

🌻සප්පටිඝා ධම්මා - ද්වාරාරම්මණ වශයෙන් හැපීම් සහිත වූ නොහොත් හැපීම් සහිතව හටගන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අප්පටිඝා ධම්මා - ද්වාරාරම්මණ වශයෙන් හැපීම නැත්තා වූ හැපීම් සහිතව හටනොගන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸රූපි දුකය 🌸

🌻 රූපිනෝ ධම්මා - සීතෝෂ්ණාදී විරෝධ ප්‍රත්‍යයෙන් විකාර වන ස්වභාවය අැත්තාවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අරූපිනෝ ධම්මා - සීතෝෂ්ණාදියෙන් විකාර නොවන ස්වභාවය අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 ලෝකිය දුකය 🌸

🌻ලෝකියා ධම්මා - තෘෂ්ණා දෘෂ්ඨි නම් වූ උපාදානයන්හට අරමුණු වන්නා වූ සංසාර වට්ට දුක්ඛයට අැතුලත් වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 ලෝකුත්තරා ධම්මා - උපාදානයන්හට අරමුණු නොවන්නාවූ ද සංසාර වට්ට දුක්ඛයෙන් එතර වන්නාවූ ද එතර වූද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸කේනචි විඤ්ඤෙය්‍ය දුකය🌸

🌻කේනචි විඤ්ඤෙය්‍යා ධම්මා - චක්ඛු විඤ්ඤාණාදී අැතැම් විඤ්ඤානයකින් ම දත හැකි වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 කේනචි න විඤ්ඤෙය්‍යා ධම්මා - අැතැම් විඤ්ඤාණයකින් දත නොහැක්කා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 03 අාසව ගොච්ඡකය 🌹

🌸අාසව දුකය🌸

🌻අාසවා ධම්මා - බොහෝ කල් පල් වූ සුරා මේරයක් වැනි බැවින් අාශ්‍රව නම් වූ ද , භූමි වශයෙන් භවාග්‍රය දක්වා ද ධර්ම වශයෙන් ගෝත්‍රභූ සිත දක්වා ද වහනය වෙමින් පවත්නා බැවින් ද අාශ්‍රව නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ

🌻නො අාසවා ධම්මා - බොහෝ කල් පල් වූ සුරා මේරයක් වැනි නොවූ ද , භූමි වශයෙන් භවාග්‍රය දක්වා ද ධර්ම වශයෙන් ගෝත්‍රභූ සිත දක්වා ද වහනය වෙමින් නොපවත්නා බැවින් අාශ්‍රව නම් නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸සාසව දුකය🌸

🌻සාසවා ධම්මා - කාමාසව භවාසව දිට්ඨාසව අවිජ්ජාසව නම් වූ අාශ්‍රවයන්ට අරමුණු වන්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනාසව ධම්මා - අාශ්‍රවයන්ට අරමුණු නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸අාසව සම්පයුක්ත දුකය🌸

🌻අාසව සම්පයුත්තා ධම්මා - අාශ්‍රව ධර්මයන් සමඟ ඒකෝත්පාදාදී වශයෙන් සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.
🌻අාසව විප්පයුත්තා ධම්මා - එසේ මිශ්‍ර නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸අාසව සාසව දුකය🌸

🌻අාසවා චේව ධම්මා සාසවාච - අාශ්‍රව නම් වූස අාශ්‍රවයන්හට අරමුණු නම් වූද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻සාසවා චේව ධම්මා නෝච අාසවා - අාශ්‍රවයන්හට අරමුණු වන්නාවූ අාශ්‍රව නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸අාසව අාසවසම්පයුත්ත දුකය🌸

🌻අාසවා චේව ධම්මා අාසවා සම්පයුත්තා ච - අාශ්‍රව නම් වූද අාශ්‍රවයන් සමඟ සම්ප්‍රයුක්ත වූද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අාසවා සම්පයුත්තා චේව ධම්මා නෝච අාසවා - අාශ්‍රවයන් සමඟ සම්ප්‍රයුක්ත වූ එහෙත් අාශ්‍රව නම් නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 අාසව විප්පයුත්ත සාසව දුකය🌸

🌻අාසව විප්පයුත්තා ඛෝ පන ධම්මා සාසවාපි - අාශ්‍රව ධර්මයන්ගෙන් විප්‍රයුක්ත වූද අාශ්‍රවයන් හට අරමුණු වූද,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අාසව විප්පයුත්තා ඛෝ පන ධම්මා අනාසවාපි - අාශ්‍රව ධර්ම සමඟ විප්‍රයුක්ත වූද අාශ්‍රවයන් හට අරමුණු නොවූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 04 සංයෝජන ගොච්ඡකය 🌹

🌸 සංයෝජන දුකය 🌸

🌻සංයෝජන ධම්මා - සංසාරික සත්වයන් භවරථයෙහි බැඳ දමන අර්ථයෙන් සංයෝජන නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻නෝ සංයෝජනා ධම්මා - භවරථයෙහි නොයොදන අර්ථයෙන් සංයෝජන නම් නොවෙන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸සංයෝජනීය දුකය🌸

🌻සංයෝජනීයා ධම්මා - සංයෝජන ධර්මයන් හට අරමුණු වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අසංයෝජනීයා ධම්මා - සංයෝජන ධර්මයන්ට අරමුණු නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸සංයෝජන සම්ප්‍රයුක්ත දුකය 🌸

🌻සංයෝජන සම්ප්‍රයුත්තා ධම්මා - සංයෝජන ධර්මයන් සමඟ මිශ්‍ර වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻සංයෝජන විප්‍රයුත්තා ධම්මා - සංයෝජන ධර්මයන් සමඟ මිශ්‍ර නොවූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸සංයෝජන සංයෝජනීය දුකය🌸

🌻සංයෝජනා චේව ධම්මා සංයෝජනියාච - සංයෝජන නම් වූ ද සංයෝජනයන්ට අරමුණු වන්නා වූද ,
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻සංයෝජනීයා චේව ධම්මා නෝච සංයෝජනා - සංයෝජන ධර්මයන්ට අරමුණු වූ ද එහෙත් සංයෝජන නම් නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸සංයෝජන සංයෝජන සම්ප්‍රයුත්ත දුකය🌸

🌻සංයෝජනා චේව ධම්මා සංයෝජන සම්ප්‍රයුත්තා ච - සංයෝජන නම් වූ ද සංයෝජනයන් සමඟ සම්ප්‍රයුක්ත වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻සංයෝජන සම්ප්‍රයුත්තා චේව ධම්මා නෝච සංයෝජනා - සංයෝජන සම්ප්‍රයුක්ත වූද එහෙත් සංයෝජන නම් නොවූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸සංයෝජන විප්පයුත්ත සංයෝජනීය දුකය🌸

🌻 සංයෝජන විප්පයුත්තා ඛෝ පන ධම්මා සංයෝජනීයා පි - සංයෝජන ධර්මයන් සමඟ විප්‍රයුක්ත වූ ද එහෙත් සංයෝජනයන්ට අරමුණු වූද,
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻සංයෝජන විප්පයුත්තා ඛෝ පන ධම්මා අසංයෝජනියා පි - සංයෝජන ධර්මයන් සමඟ විප්‍රයුක්ත වූද සංයෝජනයන්ට අරමුණු නොවූද,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹05 ගන්ථ ගොච්ඡකය🌹

🌸ගන්ථ දුකය🌸

🌻ගන්ථා ධම්මා - සංසාරයෙහි සත්වයන් ගැට ගසන අර්ථයෙන් ග්‍රන්ථ නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻නෝ ගන්ථා ධම්මා - ග්‍රන්ථ නම් නො වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸ගන්ථනිය දුකය🌸

🌻ගන්ථනියා ධම්මා - ග්‍රන්ථ ධර්මයන්ට හිත වූ නොහොත් ග්‍රන්ථ ධර්මයන්ට හට අරමුණු වන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අගන්ථනියා ධම්මා - ග්‍රන්ථ ධර්මයන් හට හිත නොවූ ග්‍රන්ථ ධර්මයන් හට අරමුණු නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸ගන්ථ සම්පයුත්ත දුකය🌸

🌻ග්‍රන්ථ සම්පයුත්තා ධම්මා - ග්‍රන්ථ ධර්මයන් සමඟ එකෝත්පාදාදී වශයෙන් මිශ්‍ර වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻ගන්ථ විප්පයුත්තා ධම්මා - ග්‍රන්ථ ධර්මයන් සමඟ මිශ්‍ර නො වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸 ගන්ථ ගන්ථනිය දුකය🌸

🌻ගන්ථා චේව ධම්මා ගන්ථනියා ච - ග්‍රන්ථ නම් වූද ග්‍රන්ථයන් හට අරමුණු වන්නාවූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻ගන්ථනියා චේව ධම්මා නෝ ච ග්‍රන්ථා - ග්‍රන්ථයන්ට අරමුණු වන්නා වූ ද එහෙත් ග්‍රන්ථ නම් නොවූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸ගන්ථ ගන්ථ සම්පයුත්ත දුකය🌸

🌻ගන්ථා චේව ධම්මා ගන්ථ සම්ප්‍රයුත්තා ච - ග්‍රන්ථ නම් වූ ද , ග්‍රන්ථ ධර්මයන් සමඟ මිශ්‍ර වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 ගන්ථ සම්ප්‍රයුත්තා චේව ධම්මා නෝ ච ගන්ථා - ග්‍රන්ථ ධර්මයන් සමඟ සම්ප්‍රයුක්ත වූ ද ග්‍රන්ථ නම් නොවූ ද ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸ගන්ථ විප්පයුත්ත ගන්ථනිය දුකය🌸

🌻ගන්ථ විප්පයුත්තා ඛෝ පන ධම්මා ගන්ථනියා පි - ග්‍රන්ථ ධර්මයන් සමඟ මිශ්‍ර නොවූ ද , එහෙත් ග්‍රන්ථයන්ට අරමුණු වන්නා වූද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 ගන්ථ විප්පයුත්තා ඛෝ පන ධම්මා අගන්ථනියා පි - ග්‍රන්ථ ධර්මයන් සමඟ මිශ්‍ර නො වූ ද ග්‍රන්ථයන්ට අරමුණු නොවන්නා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹06 ඔඝ ගොච්ඡකය 🌹
(මෙහි ඔ වෙනුවට දීර්ඝාක්ෂරය යොදා ගන්න)

🌸ඔඝ දුකය🌸

☀ඔඝා ධම්මා - සත්වයන් සංසාර සාගර පත්ලෙහි ගසන්නා වූ අර්ථයෙන් ඔඝ නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻නෝ ඔඝා ධම්මා - ඔඝ නම් නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸ඔඝනීය දුකය🌸

🌻ඔඝනීය ධම්මා - ඔඝ ධර්මයන්ට හිත වූ නොහොත් ඔඝයන් හට අරමුණු වන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනෝඝනියා ධම්මා - ඔඝයන්ට අරමුණු නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸ඔඝ සම්ප්‍රයුත්ත දුකය🌸

🌻ඔඝ සම්ප්‍රයුත්තා ධම්මා - ඔඝ ධර්මයන් සමඟ එකෝත්පාදා දී සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻ඔඝ විප්පයුත්තා ධම්මා - ඔඝ ධර්මයන් සමඟ මිශ්‍ර නො වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸ඔඝ ඔඝනිය දුකය🌸

🌻ඔඝා චේච ධම්මා ඔඝනියා ච - ඔඝ නම් වූ ද , ඔඝ ධර්මයන්ට අරමුණු වන්නා වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻ඔඝනියා චේච ධම්මා නෝ ච ඔඝා - ඔඝයන්ට අරමුණු වන්නා වූ ද එහෙත් ඔඝ නම් නොවන්නා වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸ඔඝ ඔඝ සම්ප්‍රයුත්ත දුකය 🌸

🌻ඔඝා චේව ධම්මා ඔඝ සම්ප්‍රයුත්තා ච - ඔඝ නම් වූ ද ඔඝ ධර්මයන් සමඟ මිශ්‍ර වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 ඔඝ සම්පයුත්තා චේව ධම්මා නෝ ච ඔඝා - ඔඝ ධර්මයන් සමඟ සම්ප්‍රයුත්ත වූ ද , එහෙත් ඔඝ නම් නොවූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸ඔඝ විප්පයුත්ත ඔඝනිය දුකය🌸
(පෙර ගොච්ඡකවලදි පිරිදිම මෙහිත් ගන්න.ඔඝ යනුවෙන් පමනක් වෙනස් වේ)

🌸07 යොඝ ගොච්ඡකය 🌹

🌸යෝග දුකය🌸

🌻යෝග ධම්මා - සත්වයන් සංසාර වට්ට දුක්ඛයෙහි යොදවන අර්ඛයෙන් යෝග නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ

🌻 නෝ යෝගා ධම්මා - යෝග නම් නොවන්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸යෝගනිය දුකය🌸

🌻යෝගනියා ධම්මා -යෝග ධර්මයන්ට හිත වූ නොහොත් යෝගයන් හට අරමුණු වන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අයෝගනියා ධම්මා - යෝගයන්ට අරමුණු නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸යෝග සම්ප්‍රයුත්ත දුකය🌸

🌻යෝග සම්ප්‍රයුත්තා ධම්මා - යෝග ධර්මයන් සමඟ එකෝත්පාදා දී සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻යෝග විප්පයුත්තා ධම්මා - යෝග ධර්මයන් සමඟ මිශ්‍ර නො වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸යෝග යෝගනිය දුකය🌸

🌻යෝගා චේච ධම්මා යෝගනියා ච - යෝග නම් වූ ද , යෝග ධර්මයන්හට අරමුණු වන්නා වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻යෝගනියා චේච ධම්මා නෝ ච යෝගා - යෝග ධර්මයන් හට අරමුණු වන්නා වූ ද එහෙත් යෝග නම් නොවන්නා වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸යෝග යෝග සම්ප්‍රයුත්ත දුකය 🌸

🌻යෝග චේව ධම්මා යෝග සම්ප්‍රයුත්තා ච - යෝග නම් වූ ද යෝග ධර්මයන් සමඟ ඒකෝත්පාදාදී භාවයෙන් මිශ්‍ර වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 යෝග සම්පයුත්තා චේව ධම්මා නෝ ච යෝගා - යෝග ධර්මයන් සමඟ සම්ප්‍රයුත්ත වූ ද , එහෙත් යෝග නම් නොවන්නා වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸යෝග විප්පයුත්ත යෝගනිය දුකය🌸

🌻යෝග විප්පයුත්තා ඛෝ පන ධම්මා යෝගනියාපි - යෝග ධර්මයන් සමඟ මිශ්‍ර නොවූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻යෝග විප්පයුත්තා ඛෝ පන ධම්මා අයෝගනියාපි - යෝග ධර්මයන් සමඟ මිශ්‍ර නොවූ ද , යෝග ධර්මයන් හට අරමුණු නොවන්නාවූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 08 නීවරණ ගොච්ඡකය 🌹

🌸නීවරණ දුකය 🌸

🌻 නීවරණ ධම්මා - නිවන් මඟ හාත්පසින්ම අාවරණය කරන අර්ථයෙන් නීවරණ නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻නෝ නීවරණා ධම්මා - නිවන් මග අාවරණය නොකරන බැවින් නීවරණ නම් නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸නීවරණීය දුකය🌸

🌻නීවරණියා ධම්මා - නීවරණ ධර්මයන්ට හිත වූ නොහොත් ඔඝයන් හට අරමුණු වන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනීවරණියා ධම්මා - නීවරණයන් හට අරමුණු නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸නීවරණ සම්ප්‍රයුක්ත දුකය🌸

🌻නීවරණ සම්ප්‍රයුත්තා ධම්මා - නීවරණ ධර්මයන් සමඟ සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻නීවරණ විප්පයුත්තා ධම්මා - නීයරණ ධර්මයන් සමඟ මිශ්‍ර නො වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸නීවරණ නීවරණිය දුකය🌸

🌻නීවරණා චේච ධම්මා නීවරණියා ච - නීවරණ නම් වූ ද , නීවරණ ධර්මයන්ට අරමුණු වන්නා වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻නීවරණියා චේච ධම්මා නෝ ච නීවරණා - නීවරණයන්ට අරමුණු වන්නා වූ ද එහෙත් නීවරණ නම් නොවන්නා වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸නීවරණ නීවරණ සම්ප්‍රයුත්ත දුකය 🌸

🌻නීවරණ චේව ධම්මා නීවරණ සම්ප්‍රයුත්තා ච - නීවරණ නම් වූ ද නීවරණ ධර්මයන් සමඟ මිශ්‍ර වූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නීවරණා සම්පයුත්තා චේව ධම්මා නෝ ච නීවරණා - නීවරණා ධර්මයන් සමඟ මිශ්‍ර වූ ද , එහෙත් නීවරණ නම් නොවූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌸නීවරණ විප්පයුත්ත නීවරණිය දුකය🌸

🌻නීවරණ විප්පයුත්තා ඛෝ පන ධම්මා නිවරණියා පි - නීවරණයන් සමඟ මිශ්‍ර නොවූ ද , එහෙත් නීවරණයන් හට අරමුණු වන්නා වූ ද ,
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻නීවරණ විප්පයුත්තා ඛෝ පන ධම්මා අනීවරණියා පි - නීවරණයන් සමඟ මිශ්‍ර නො වූ ,නීවරණයන් හට අරමුණ ද , නොවන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

ත්‍රිපිටකාචාර්ය මහා කම්මට්ඨානාචාර්ය අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ අභිධර්ම භාවනා ( 2 වැනි කොටස) ග්‍රන්ථය අැසුරින් සකස් කල ලිපියකි.

තෙරුවන් සරණයි.!!!

06/04/2019

නමෝ තස්‌ස භගවතො අරහතො සම්‌මාසම්‌බුද්‌ධස්‌ස !!!

අභිධර්ම පිටකයේ ධම්මසංඝණීප්‍රකරණයේ සදහන් ත්‍රිකමාතිකා පිළිබඳ සරල හැදින්වීමක් පහත දැක්වේ.

🌹 (01) කුසල ත්‍රිකය 🌹

🌻 කුසලා - අනවද්‍ය ඉෂ්ට විපාකදීම ලක්ෂණ කොට අැත්තාවු ,

ධම්මා - නිස්සත්ව (සත්වයෙක් පුද්ගලයෙක් නොවන්නේ නිස්සත්ව නම් වේ)
නිජ්ජීව ( ජීවයත් නොවන්නේ නිජ්ජීව නම් වේ) ස්වභාව පරමාර්ථ ධර්ම

🌻 අකුසලා - සාවද්‍ය අනිෂ්ට විපාකදීම ලක්ෂණ කොට අැත්තා වූ,
ධම්මා - නිස්සත්ව නිජ්ජීව ස්වභාව පරමාර්ථ ධර්ම

🌻 අව්‍යාකතා - කුසලා'කුසල වශයෙන් නොවදාරා අන්‍ය ස්වභාවයකින් වදාරණ ලද්දා වූ,
ධම්මා - නිස්සත්ව නිජ්ජීව ස්වභාව පරමාර්ථ ධර්ම

🌹 (02) වේදනා ත්‍රිකය 🌹

🌻 සුඛාය වේදනාය - ඉෂ්ටාරම්මණ රසානුභවනය ලක්ෂණ කොට අැත්තා වූ සැප වේදනාව හා සමඟ,
සම්පයුත්තා - ඒකොද්පාදාදී භාවයෙන් මිශ්‍ර වූ ',ධම්මා - නිස්සත්ව නිජ්ජීව පරමාර්ථ ස්වභාව ධර්ම

🌻දුක්ඛාය වේදනාය - අනිෂ්ටාරම්මණ රසානුභවනය ලක්ෂණ කොට අැත්තා වූ දුක් වේදනාව හා සමඟ
සම්පයුක්තා - ඒකොද්පාදාදී භාවයෙන් මිශ්‍ර වූ ',ධම්මා - නිස්සත්ව නිජ්ජීව පරමාර්ථ ස්වභාව ධර්ම

🌻අදුක්ඛමසුඛාය වේදනාය - මධ්‍යස්ථාරම්මණ රසානුභවනය ලක්ෂණ කොට අැත්තා වූ සැපක් නොවූ දුකක් නොවූ උපේක්ෂා වේදනාව හා සමඟ
සම්පයුත්තා - ඒකෝත්පාදාදී භාවයෙන් මිශ්‍ර වූ ', ධම්මා - නිස්සත්ව නිජ්ජීව පරමාර්ථ ස්වභාව ධර්ම

🌹 (03) විපාක ත්‍රිකය 🌹

🌻විපාකා - ඔවුනොවුන් හට ප්‍රතිපක්ෂ වූ කුසලාකුසලයන් ගේ විපාක නම් වූ, ධම්මා - නිස්සත්ව නිජ්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻විපාකධම්ම - සැප දුක් විපාක උපදවන ස්වභාව අැත්තා වූ
ධම්මා - නිස්සත්ව නිජ්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻නේවවිපාක - ඔවුනොවුන්හට ප්‍රතිපක්ෂ වූ කුසලා 'කුසලයන්ගේ විපාක ද නොවූ ,
න විපාක ධම්ම - සැප දුක් උපදවන ස්වභාව ද නැත්තා වූ ,
ධම්මා - නිස්සත්ව නිජ්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තා හ.

🌹 (04) උපාදින්න ත්‍රිකය 🌹

🌻උපාදින්න - පූර්ව භවයේ දී තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ගත් අරමුණක් අනුව රැස්කළ කර්මය විසින් ස්වකීය ඵලභාවයෙන් ලඟාකොට ගන්නා ලද්දා වූ ද ,
උපාදානියා - තෘෂ්ණා දෘෂ්ටි උපාදානයන්ට හිත වූ ද ,
ධම්මා - නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනුපාදින්න - පූර්ව භවයක දී තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ගත් අරමුණක් අනුව රැස්කළ කර්මයක ඵලභාවයෙන් ලඟාකොට නොගන්නා ලද්දා වූ නමුත් ,
උපාදානියා - තෘෂ්ණා දෘෂ්ටි උපාදාානයන්ට හිත වූ,
ධම්මා - නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනුපාදින්න - පූර්ව භවයක දී තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ගත් අරමුණක් අනුව රැස්කළ කර්මයක ඵලභාවයෙන් ලඟා කොට නොගන්නා ලද්දාවූ ද,
අනුපාදානියා - තෘෂ්ණා දෘෂ්ටි උපාදානයන්ට හිත නොවූ ද,
ධම්මා - නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.


🌹 (05) සංකිලිට්ඨ ත්‍රිකය 🌹

🌻සංකිලිට්ඨ - ලෝභාදී කෙලෙසුන් විසින් කෙලෙසන ලද්දා වූ,
සංකිලේසිකා ධම්මා - ලෝභාදී කෙලෙසුන්ට හිත වූ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අසංකිලිට්ඨ - ලෝභාදී කෙලෙසුන් විසින් නොකෙලෙසෙන ලද්දා වූ,
සංකිලේසිකා ධම්මා - ලෝභාදී කෙලෙසුන්ට හිතවූ ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අසංකිලිට්ඨ - ලෝභාදී කෙලෙසුන් විසින් නොකෙලෙසන ලද්දා වූ,
අසංකිලේසිකා ධම්මා- ලෝභාදී වූ කෙලෙසුන්ට හිත නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (06) විතර්ක ත්‍රිකය 🌹

🌻සවිතක්ක - විතර්කය ද සහිත වූ සවිචාරා ධම්මා - විචාරය ද සහිත වූ ,
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අවිතක්ක - විතර්කය රහිත වූ ,
විචාරමත්තා ධම්මා - විචාරය පමනක් අැත්තා වූ ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අවිතක්ක - විතර්කය ද රහිත වූ , අවිචාරා ධම්මා - විචාරය ද රහිත වූ,
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (07) ප්‍රීති ත්‍රිකය 🌹

🌻 පීති සහගත ධම්මා - ඉෂ්ටාරම්මණයෙහි පිනායාම ලක්ෂණ කොට අැත්තා වූ ,ප්‍රීතිය සමග ඒකෝත්පාදාදී භාවයෙන් මිශ්‍ර වූ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻සුඛ සහගතා ධම්මා - ඉෂ්ටාරම්මණ රසානුභවන ලක්ෂණ වූ කායික මානසික සුඛවේදනාව හා සමග ඒකෝත්පාදාදී භාවයෙන් මිශ්‍ර වූ,
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻උපේක්ඛා සහගතා ධම්මා - ඉෂ්ට මධ්‍යස්ථාරම්මණ රසානුභවන ලක්ෂණ වූ උපේක්ෂා වේදනාව හා සමග ඒකෝත්පාදාදී භාවයෙන් මශ්‍ර වූ
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (08) දස්සන ත්‍රිකය 🌹

🌻දස්සනේන - සෝවාන් මාර්ගඥානයෙන්
පහාතබ්බා ධම්මා - ප්‍රහාණය කටයුතු වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻භාවනාය - සකෘදාගාමි අනාගාමි අරහත් නම් වූ මතු මාර්ගත්‍රයෙන් ',
පහාතබ්බා ධම්මා - ප්‍රහාණය කටයුතු වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻දස්සනේන - සෝවාන් මාර්ගඥානයෙන් ,
නේව පහාතබ්බා - ප්‍රහාණය කටයුතු නොවූ ද ,
භාවනාය - සකදාගාමී අනාගාමී අරහත් නම් වූ මතු මාර්ගත්‍රයෙන්,
න පහාතබ්බා ධම්මා - ප්‍රහාණය කටයුතු නොවූ ද නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (09) දස්සනහේතු ත්‍රිකය 🌹

🌻දස්සනේන - සෝතාපත්ති මාර්ග ඥාන දර්ශනයෙන්,
පහාතබ්බ හේතුකා ධම්මා - ප්‍රහාණය කටයුතු හේතු අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻භාවනාය - සකදාගාමී අනාගාමී අර්හත් නම් වූ මතුමාර්ගත්‍රයෙන්,
පහාතබ්බ හේතුකා ධම්මා - ප්‍රහාණය කටයුතු හේතු අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻දස්සනේන - සෝතාපත්ති මාර්ග ඥාන දර්ශනයෙන් ද,
නේව පහාතබ්බ හේතුකා - ප්‍රහාණය කටයුතු හේතු නැත්තා වූ ද,
භාවනාය - මතුමාර්ගත්‍රයෙන්,
-න පහාතබ්බ හේතුකා ධම්මා - ප්‍රහාණය කටයුතු හේතු නැත්තා වූ ද
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (10) අාචයගාමී ත්‍රිකය 🌹

🌻අාචය ගාමිනෝ ධම්මා - කර්ම ක්ලේශ විසින් රැස් කරනු ලැබෙන්නා වූ ද,චුති ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති වශයෙන් විපාක ගෙන දෙන්නා වූ ද,
නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අපචය ගාමිනෝ ධම්මා - ලෝකෝත්තර නිර්වාණය ගෙන දෙන්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නේව අාචයගාමිනෝ - කර්ම ක්ලේශ විසින් රැස්කරනු නොලබන්නා වූ ද , චුති ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති වශයෙන් විපාක ගෙන නොදෙන්නා වූ ද ,
න අපචයගාමිනෝ ධම්මා,නිර්වාණය ගෙන නොදෙන්නා වූ ද ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (11) සෙක්ඛ ත්‍රිකය 🌹

🌻 සෙක්ඛා ධම්මා - ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන්නා වූ සප්ත ශෛක්ෂයන්හට අයත් වූ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අසෙක්ඛා ධම්මා - අශෛක්ෂ වූ ක්ෂිණාශ්‍රවයන්හට අයත් වූ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 නේවසෙක්ඛා නාසෙක්ඛා ධම්මා - සප්ත ශෛක්ෂයන්හට ද අයත් නොවූ,අශෛක්ෂ ක්ෂීණාශ්‍රවයන්හට ද අයත් නොවූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (12) පරිත්ත ත්‍රිකය 🌹

🌻 පරිත්ත ධම්මා - අල්පානුභාව අැති බැවින් පරිත්ත නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 මහග්ගතා ධම්මා - මහත් බවට පැමිණි බැවින් ධ්‍යාන ලාභීන්හට අයත් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අප්පමාණා ධම්මා - රාගාදී කෙලෙසුන්ගෙන් තොර බැවින් ප්‍රමාණ කළ නොහැකි ගුණ අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (13) පරිත්තාරම්මණ ත්‍රිකය 🌹

🌻 පරිත්තාරම්මණා ධම්මා - කාමාවචර චිත්ත චෛතසික රූප ධර්මයන් අරමුණු කොට අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻මහග්ගතාරම්මණා ධම්මා - මහද්ගත චිත්ත චෛතසික ධර්මයන් අරමුණු කොට අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 අප්පමාණාරම්මණා ධම්මා - නිර්වාණය ප්‍රධාන ලෝකෝත්තර ධර්ම අරමුණු කොට අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (14) හීන ත්‍රිකය 🌹

🌻 හීන ධම්මා - ලාමක වූ නින්දිත අකුසල නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 මජ්ඣිමා ධම්මා - හීන ද නො වූ ප්‍රණීත ද නොවූ මධ්‍යම නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻 පණීතා ධම්මා - උත්තමාර්ථයෙන් ප්‍රණීත නම් වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (15) මිච්ඡත්ත ත්‍රිකය 🌹

🌻 මිච්ඡත්ත නියතා ධම්මා - විපරීත ස්වභාව අැති බැවින් චුතියට අනුතුරුවම විපාකදීම නියත කොට අැත්තා වූ ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻සම්මත්ත නියතා ධම්මා - අවිපරීත ස්වභාව අැති බැවින් තමාගේ පැවැත්මට අනතුරුවම විපාකදීම ඒකාන්ත නියත කොට අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනියතා ධම්මා - විපරීත ස්වභාවයෙන් හෝ අවිපරීත ස්වභාවයෙන් අනේකාන්ත වූ, නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (16) මග්ගාරම්මණ ත්‍රිකය 🌹

🌻මග්ගාරම්මණා ධම්මා - මාර්ගයම අරමුණු කොට අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻මග්ගහේතුකා ධම්මා - මාර්ගයම හේතු කොට අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻මග්ගාධිපතිනෝ ධම්මා - මාර්ගයම අාරම්මණාධිපති ප්‍රත්‍ය කොට අැත්තා වූ ද , මාර්ගයෙහි පිහිටි සහජාතාධිපති ප්‍රත්‍ය අැත්තා වූ ද ,මාර්ගයම සහජාතාධිපති ප්‍රත්‍ය කොට අැත්තා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (17) උප්පන්න ත්‍රිකය 🌹

🌻උප්පන්නා ධම්මා - උත්පාද - ඨිති - භංග නම් වූ ක්ෂණත්‍රයට පැමිණෙමින් පවත්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනුත්පන්නා ධම්මා - උත්පාද - ඨිති - භංග නම් වූ ක්ෂණත්‍රයට නොපැමිණියා වූ ද , ඒ ක්ෂණත්‍රයට පැමිණෙමින් නොපවත්නා වූ ද ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻උත්පාදිනෝ ධම්මා - නිමාවට ගිය කාරණේක දේශයක් අැති බැවින් අවශ්‍යයෙන් මතු ඉපදීම ස්වභාව කොට අැත්තා වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (18) අතීත ත්‍රිකය 🌹

🌻අතීතා ධම්මා - උත්පාදාදී ක්ෂණත්‍රයට පැමිණ ඉක්මගියා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනාගතා ධම්මා - උත්පාදාදී ක්ෂණත්‍රයට නොපැමිණියා වූ මත්තෙහි පැමිණෙනු ලබන්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻පච්චුප්පන්නා ධම්මා - උත්පාදාදී ක්ෂණයට පැමිණෙමින් පවත්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (19) අතීතාරම්මණ ත්‍රිකය 🌹

🌻අතීතාරම්මණා ධම්මා - ඉපද නිරුද්ධ වූ අතීත ධර්මයන් අරමුණු කොට පවත්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනාගතාරම්මණා ධම්මා - උත්පාදාදී ක්ෂණත්‍රයට නොපැමිණි අනාගත කාලීන ධර්මයන් අරමුණු කොට පවත්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻පච්චුප්පන්නාරම්මණා ධම්මා - උත්පාදාදී ක්ෂණත්‍රයකට පැමිණි වර්තමාන කාලීන ධර්මයන් අරමුණු කොට පවත්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (20) අජ්ඣත්ත ත්‍රිකය 🌹

🌻අජ්ඣත්තා ධම්මා - අධ්‍යාත්ම සන්තානයෙහි පවත්නා වූ හෙවත් තම තමාගේ සන්තානයෙහි පවත්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻බහිද්ධා ධම්මා - ඉන්ද්‍රියබද්ධ වූ ද නො වූ ද බාහ්‍ය සන්තානයෙහි පවත්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අජ්ඣත්ත බහිද්ධා ධම්මා - අධයාත්මික වූ ද බාහිර වූ ද සන්තානයෙහි පවත්නා වූ , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (21) අජ්ඣත්තාරම්මණ ත්‍රිකය 🌹

🌻අජ්ඣත්තාරම්මණා ධම්මා - අධ්‍යාත්මික ධර්මයන් අරමුණු කොට පවත්නා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻බහිද්ධාරම්මණා ධම්මා - බාහිර ධර්මයන් අරමුණු කොට අැත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අජ්ඣත්ත බහිද්ධාරම්මණා ධම්මා - අධ්‍යාත්මික වූ ද බාහිර වූ ද ධර්මයන් අරමුණු කොට පවත්නා වූ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌹 (22) සනිදස්සන ත්‍රිකය 🌹

🌻 සනිදස්සන සප්පටිඝා ධම්මා - චක්ඛු විඤ්ඤාණයෙන් දැකිය යුතු බව නම් වූ නිදර්ශන සහිත වූ හෙවත් දැකීම් සහිත වූ ද,චක්ෂුද්වාරයෙහි අාපාතගත විය යුතු බව නම් වූ පටිඝ සහිත වූ හෙවත් හැපීම් සහිත වූ ද,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනිදස්සන සප්පටිඝා ධම්මා - චක්ඛු විඤ්ඤාණයෙන් දැකිය නොහැකි බැවින් අනිදර්ශන නම් වූ ද ,එහෙත් ද්වාරාරම්මණ වශයෙන් ගැටීම් සහිත වූ ද ,නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

🌻අනිදස්සන අප්පටිඝා ධම්මා - චක්ඛු විඤ්ඤාණයෙන් දැකිය නොහැකි බැවින් අනිදර්ශන නම් වූ ද , ද්වාරාරම්මණ වශයෙන් ගැටීමක් නැති බැවින් අප්පටිඝ නම් වූ ද , නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ අැත්තාහ.

අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ අභිධර්ම භාවනා (1 කොටස) ග්‍රන්ථය අැසුරින් සකසන ලදි.

ඉදිරි කාලයේදි එක් එක් ත්‍රිකයන් පිලිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වන්න.

තෙරුවන් සරණයි.!!!

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo