22/07/2026
සම්මුඛ පරීක්ෂණ ෆයිල් එකේ ලිපිගොනු නිවැරදිව හදාගන්න. 🫶🇰🇷💫
🇰🇷💫 𝟐𝟎𝟐𝟓 වසරේ විභාගය සමත් කොරියානු රැකියා අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි විය යුතු දිනයන් , වේලාවන් සහ ස්ථානයන් සම්බන්ධයෙන් ඔබ මේ වන විටත් දැනුවත් ... 🇰🇷♥️✈️
🌻 පහත සඳහන් ලේඛනයන් සියල්ලම අනුපිළිවෙලකට සකසා සියලු සහතික වල මුල් පිටපත / පිටපත් ( 𝐎𝐫𝐠𝐢𝐧𝐚𝐥 𝐜𝐨𝐩𝐲 & 𝐏𝐡𝐨𝐭𝐨 𝐜𝐨𝐩𝐲 ) සියල්ල පැහැදිලිව වෙන වෙනම ගොනු කර සූදානම් කර ගන්න.
🌻 පළමුව සියලුම අයදුම්පත් පිරවීම සඳහා නිල් පෑනක් භාවිතා කරන්න. ( අකුරු පැහැදිලිව කියවා ගැනීමට හැකි අයුරින් අයදුම්පත් පුරවන්න. )
☘️(𝟎𝟏.) අයදුම්පත්‍ර අංක 01 🌻 ( 𝐑𝐄𝐂/𝐅/𝟗𝟐 )
( JOB APPLICATION FORM NORMAL EPS TOPIK - 2025
මෙම ඇමුණුම A4 size ප්‍රමාණයෙන් print කරගෙන එහි ඇතුලත් සියලු කරුණු සම්පූර්ණ කර ගත යුතුය.
⭕️ අයදුම් පත්‍ර සම්පූර්ණ කිරීමේදී දුරකථන අංක ගැන වැඩි අවධානයක් යෙදවිය යුතු අතර, ඔබ විවාහක පුද්ගලයෙකු නම් දුරකථන අංක 03ක් ද, ඔබ අවිවාහක පුද්ගලයෙකු නම් දුරකථන අංක 02ක් ද සඳහන් කළ යුතුය. එසේම අංක කිහිපයක් හෝ එකිනෙකට සමාන අංක සඳහන් නොකළ යුතුය.
𝟎𝟐.) අයදුම්පත් අංක 02 🌻( 𝐑𝐄𝐂/𝐅/𝟏𝟕𝟓 )
( APPLICATION FOR CONFIRMATION OF VISA ISSUANCE )
මෙම පෝරමය Legal Size ප්‍රමාණයෙන් print කරගත යුතුය. මෙහි Education යටතේ ඔබ ඉගෙන ගත් පාසල හෝ විශ්ව විද්‍යාලයේ නම යොදා, 2 යටතේ High සහ 3 යටතේ City එක සඳහන් කරන්න.
👉 එමෙන්ම තොරතුරු සඳහන් කිරීමේදී මව / පියා / සහෝදර ,සහෝදරියකු හෝ ඥාති සම්බන්ධතාවයක් ඇති අයෙකුගේ තොරතුරු ඇතුළත් කළ යුතුය. ✅
⭕️ ඔබ විසින් භාගත කරන්නා ලඳ අංක 1 අංක 2 යන අයදුම්පත්‍රයන් දෙකම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර ඔබ විසින් සම්පූර්ණ කරගෙන රැගෙන යා යුතුයි.
𝟎𝟑.) ගමන් බලපත්‍රය හා එහි පිටපත 🌻
ගමන් බලපත්‍රය සහ එහි ඡායාරූපය සහිත පිටුවෙහි පිටපතක් ද මෙහිදී අවශ්‍ය වෙයි. එම ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් ලබා ගනිද්දි photo page එක සහ all countries පිටුව (එය නැත්නම් ඒ වෙනුවෙන් ඇති පිටුව) සහ පසුව වෙනස් කිරීම් සිදු කර ඇත්නම්, එම පිටුවද සහිතව ඡායා පිටපතක් ලබා ගන්න. ✅
𝟎𝟒.) ජාතික හැඳුනුම්පත හා එහි පිටපත 🌻
ඔයාලගෙ ජාතික හැඳුනුම්පත අලුත් කර ඇත්නම් නව ජාතික හැඳුනුම්පතෙහි අංකය ඔබගේ ගුවන් ගමන් බලපත්‍රයට ( වෙනස් කිරීම් සිදු කිරීමට ඇති පිටුවට ) අනිවාර්යයෙන් ඇතුලත් කර කර යුතු අතර එම පිටුවෙහි ඡායා පිටපතක් ද රැගෙන යා යුතුය. ✅
⭕️ ඔබගේ ජාතික හැඳුනුම්පත පැහැදිලිව තිබීම අවශ්‍ය වන අතරම අපැහැදිලි හැදුනුම්පත් කාර්‍යාංශය විසින් භාර ගැනීමක් සිදුවන්නේ නැති බවත් හිතවතී පිටුවෙන් දැනුවත් කරනවා.
𝟎𝟓.) ඔබ නමින් ඇති බැංකු ගිණුම් පොත හා එහි පිටපත 🌻
ඔබ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් පොතක් හා එහි ඡායාපිටපතක් රැගෙන යා යුතුය. මෙම ඉතිරි කිරීම් බැංකු ගිණුම රාජ්‍ය බැංකුවක් හෝ ප්‍රධාන වාණිජ බැංකුවක එකක් විය යුතු අතරම, එහි ඔබගේ නම , ජාතික හැඳුම්පත් අංකය, බැංකුවේ නම, බැංකු ශාඛාව සහ ගිණුම් අංකය සහිත විස්තර එහි පැහැදිලිව අඩංගු විය යුතු අතර බද්ධ ගිණුම් ( joint account ) මේ සඳහා බාර ගනු නො ලැබේ.
🔽 ඒ අනුව පහත සඳහන් බැංකුවල ගිණුම් පිටපත් පමණක් භාර ගැනීම සිදුකරනු ලැබේ.
▪️ලංකා බැංකුව
▪️මහජන බැංකුව
▪️සෙලාන් බැංකුව
▪️හැටන් නැෂනල් බැංකුව
▪️නේෂන් ට්‍රස්ට් බැංකුව
▪️කොමර්ෂල් බැංකුව
▪️සම්පත් බැංකුව
▪️ජාතක ඉතිරි කිරීමේ බැංකුව
▪️ජාතික සංවර්ධන බැංකුව
▪️පෑන් ඒෂියා බැංකුව
කොරියානු රැකියා සඳහා යොමුවීමෙන් පසු කරනු ලබන සියලුම ගෙවීම් මෙම ගිණුමට බැර කරන බැවින් සහ ගිණුම් අංකය වෙනස් කිරීමට නොහැකි බැවින් මේ වන විට සක්‍රීයව පවතින ගිණුමක විස්තර පමණක් ඉදිරිපත් කළ යුතුය. ✅
⭕️ බැංකු පොතෙහි ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් නොවන අවස්ථාවලදී බැංකු පොතේ පිටපතක ජාතික හැදුනු අංකය සඳහන් කර බැංකුව මගින් සහතික කර ඉදිරිපත් කිරීම ද අනිවාර්ය බව හිතවතී පිටුවෙන් මතක් කරනවා.
𝟎𝟔.) ලබා ගෙන ඇති ඉහළම අධ්‍යාපන සහතිකය හා එහි පිටපත 🌻
ඔයාලගෙ ඉහළම අධ්‍යාපන සහතික අතර අ:පො:ස ( සා / පෙළ ) හෝ අ:පො:ස ( උ / පෙළ ) සහතික, උපාධි සහතිකය හෝ අධ්‍යාපනය ලැබූ අවසන් වසර සඳහන් සහතික වලින් එකක් මෙහිදී ලබා දෙන්න.
⭕️ මෙලෙස ඔබ විසින් ලබාගත් ඉහළම අධ්‍යාපන සහතික පතක් නොමැතිනම් පාසල හැරයාමේ සහතිකය ( අස්වීම් සහතිකය ) අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතු බවත් හිතවතී පිටුවෙන් මතක් කරනවා.
⭕️ ඔබට වෘත්තීය සුදුසුකම් තිබේ නම් එම සහතිකය හා එහි පිටපතක් ද රැගෙන යන්න. ( NVQ මට්ටමේ සහතිකයක් ) ✅
👉 ඩිප්ලෝමා සහතික පත් ඉදිරිපත් නොකළ යුතුය.❎
𝟎𝟕.) ග්‍රාමසේවා සහතිකය හා එහි පිටපතක්🌻
මෙහිදී මාස 06ක් ඇතුලත ඔබ විසින් ලබා ගත් ග්‍රාම නිළධාරී සහතිකයක් වීම අනිවාර්යය වේ. එම සහතිකයේ පිටපතක් ද සූදානම් කර ගන්න. අදාළ සේවා සහතිකය ලබා ගැනීමේ දී " විදේශගතවීම සඳහා අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීම සඳහාය " ලෙස ලබා ගන්න.
⭕️ ලිපිනය සඳහන් කිරීමේදී ගෘහ අංකය / වරිපනම් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වේ.
👉 එය නොදන්නේනම් අදාළ වසමේ ග්‍රාමසේවක නිළධාරියාගෙන් විමසන්න. ✅
𝟎𝟖.) උප්පැන්න සහතිකය හා එහි ඡායා පිටපතක් 🌻
⭕️ උප්පැන්න සහතික සඳහා ද පරණ සහතික ඉදිරිපත් කරන්න එපා. මෑත දිනකදි ලබා ගත් එකක් ඉදිරිපත් කරන්න. ✅
𝟎𝟗.) ඔබ විවාහකයෙකුනම් විවාහ සහතිකය හා එහි ඡායා පිටපතක් 🌻
𝟏𝟎.) විභාග ප්‍රවේශපත්‍රය ( Admission sheet ) හා එහි ඡායා පිටපතක් 🌻
𝟏𝟏.) වර්ණ ඡායාරූප 02 ක් 🌻
👉 ගමන් බලපත්‍ර ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02ක් අනිවාර්යයෙන් රැගෙන යා යුතු අතර ඔබ විසින් ප්‍රවේශපත්‍රය ලබා ගැනීමේදී ඉදිරිපත් කල ඡායාරූපයට සමාන විය යුතුය. එමෙන්ම සුදු පැහැති පසුබිමෙන් යුතු 3.5mm x 4.5mm ප්‍රමාණයේ ( Passport size ) ඡායාරූප 02 ක් විය යුතුය. ✅
⭕️ මතක ඇතිව ඡායාරූප ලිපි කවරයක දමා කවරය මත ඔබගේ අයදුම්පතෙහි අංකය යොදා රැගෙන යන්න. ✅
☘️(𝟏𝟐.) මින් පෙර දකුණු කොරියාවේ සේවය කර ඇති පුද්ගලයන් සඳහා🌻
මින් පෙර දකුණු කොරියාවේ සේවය කළ, සේවා කාලයට අදාළව ලබාගත් සේවා සහතිකයේ (Certificate Of Career ) ඡායා පිටපතක් හා විදේශකයින් ලියාපදිංචි කිරීමේ අංකය ( Alien Card Number ) රැගෙන පැමිණීම අනිවාර්ය වේ. එය ඔබට EPS ගිණුම ඔස්සේ ද භාගත කර ගත හැකිය. ✅
🟪 ඉහත ලිපි ලේඛන ඔබ විසින් ඉදිරිපත් කිරීමේදී එම සහතිකපත් වල ඔබගේ නමේ හෝ ජාතික හැදුනුම්පත් අංකයේ යම් වැරදීමක් හෝ ගැටලුවක් සිදුව ඇත්නම්, ඒ සඳහා ඔබගේ ප්‍රදේශයේ සාම විනිසුරුවරයකු ඉදිරියේ එහි නිරවද්‍යතාවය සනාත කොට ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක්, රැගෙන යාම අනිවාර්යය වේ. ( ඉංග්‍රීසි භාෂාවෙන් නම් වඩාත් හොඳයි ✅.)
🟥 ඉහත සියලුම ලේඛන නිවැරදිව එක්වරම රැගෙන ඒම අනිවාර්යය වන අතර ලබා දී ඇති දිනයට සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීම අනිවාර්යය විය යුතුය.✅
🟩 විශේෂයෙන්ම, ඔබ විසින් සම්මුඛ පරීක්ෂණයේ දී ලබා දෙන අයදුම්පත් පිරවීමේ දී ඔබටම අනන්‍ය වූ ජංගම දුරකතනය අංකයක් ලබා දිය යුතුය. වෙබ් අඩවියේ ඔබ රැඳී සිටින කාල සීමාවේදී කාර්‍යාංශය මගින් ඔබට සියලුම තොරතුරු කෙටි පණිවඩ මගින් ලබාදෙනු ලබන්නේ එම අංකයට වන අතර වෙබ් අඩවියට ලියාපදිංචි වීමෙන් අනතුරුව වෙනත් අංකයන් මාරු කිරීම කරදරකාරී වේ.
🟦 සියලුම සහතික වල ඡායා පිටපත් ( Photo copy ) අනිවාර්යයෙන් රෝස පැහැති 🩷 සාමාන්‍ය ෆයිල් කවරයකට ඇතුලත් කර ඔබගේ විභාග අංකය ලිපිගොනුවේ ඉහළ දකුණු කෙලවරෙහි පැහැදිලිව පෙනෙනෙ ලෙස සඳහන් කරන්න.
👉 Orginal සහතික සහ ඡායා පිටපත් වෙන්කර රැගෙන යන්න.
✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎
තොරතුරු එකතුව සහ පැහැදිලිකර දීම,
කොරියන් හිතවතී පිටුවෙන් පමණයි. ✍♥️🇰🇷✈️
👉 නව කරුණු ඇත්නම් comment තීරුවෙන් පහදන්නම්. ✅
👉 මෙහි කිසිදු තොරතුරක් වෙනස් කර හෝ මකා දමා බෙදා හැරීම නොකල යුතු අතර ගැටලු ඇත්නම් මෙම post එක හරහා පමණක් විමසීම් කරන්න. ✅
සැමට ජයෙන් ජය .. 🪴💐🩷
වැඩේ හරියටම කරගන්න. යහලුවන් ට බලන්නත් mention කරන්න, share කරන්න. එකතුවෙලා වැඩේ කරගන්න. 👏
🇰🇷✈️
fans