MATHS with Pradeep kotuwewaththa

MATHS  with Pradeep kotuwewaththa 🆃︎🅷︎🅴︎ 🅿︎🅾︎🆆︎🅴︎🆁︎ 🅾︎🅵︎ 🅼︎🅰︎🆃︎🅷︎🆂︎

25/08/2026

“If you want to gain, train through the pain for your own gain

゚ ゚viralシ
#

25/08/2026

Watch, follow, and discover more trending content.

පිස්සුද බං... නන්දා මාලනීලාගේ සින්දු අහන්න සල්ලි දීලා? 😄කැම්පස් එකේ organize කරලා තිබුණු musical show එකකට ticket විකුණන...
21/08/2026

පිස්සුද බං... නන්දා මාලනීලාගේ සින්දු අහන්න සල්ලි දීලා? 😄

කැම්පස් එකේ organize කරලා තිබුණු musical show එකකට ticket විකුණන්න ආපු කොල්ලෝ ටික එහාට ගියාට පස්සේ අපේ සෙට් එක කතා වුණේ එහෙමයි.

Beet band, hip hop, rap vibe එකේ හිටපු අපිට "acoustic music" සින්දු කියන්නේ set නෑ. රේඩියෝ එකේ ඇහුණාට ඒ වෙලාවටත් ඒ ගැන ලොකු හැඟීමක් තිබුණේ නැහැ.

මේ සිද්ධිය ජපුරේ අපේ රැග් සීසන් ඉවර වෙලා, first year අන්තිම. බැච් ෆිට් එක දෝරෙ ගලන කාලේ. 😄

ඒත් show එකට එන්නේ නන්දා මාලනී, වික්ටර් රත්නායක වගේ ශ්‍රී ලාංකේය සංගීතයේ දැවැන්ත චරිත.

මුලින් නම් අපිට ticket ගන්න තරම් උනන්දුවක් තිබුණේ නැහැ.

Show එක දවසේ අපි තුන්දෙනෙක් ground එකේ ඉඳලා hostel එකට යද්දී දැක්කේ... අම්මෝ! බසා එක ළඟ ඉඳන් මල් පාරත් පහු වෙනකම් පෝලිමක්. ගෑනු ළමයි තමයි වැඩිපුරම හිටියේ. 😄

එතනම හිත වෙනස් වුණා.

"අපිත් බලමු..."

Hostel එකට දුවලා ගිහින් අලුත් T-shirt එකකුත් ඇඳගෙන, සෙන්ට් ටිකකුත් ගහගෙන ආවේ ලොකු style එකෙන්.

ඇවිත් බලද්දී...

**ටිකට් ඉවරයි!** 😅

ඉබ්බටයි කැස්බෑවටයි පින් සිද්ධ වෙන්න, දොර ළඟ තිබුණු තෙරපීම අස්සේ නොමිලේම ඇතුළට රිංගන්න නම් අපේ සෙට් එකට පුළුවන් වුණා. ඒ කාලේ ඒ වගේ වැඩවලට අපේ එවුන් පට්ට වැඩ්ඩෝ. 😂

ෂෝ එක පටන් ගන්නකම් වටපිට බල බල හිටියා. තවමත් මේක වෙනස් අත්දැකීමක් වෙයි කියලා හිතුවේ නැහැ.

ටික වෙලාවකින් මනෝජ් පීරිස් මහත්තයාගේ වාද්‍ය වෘන්දය වාදනය පටන් ගත්තා.

ජීවිතේ පළවෙනි වතාවට බටනලා හඬ එක්ක මුසු වූ ඒ සජීවී acoustic වාදනය මගේ කන්වලට වැදුණා.

ඒ මොහොත අදටත් මට මතකයි.

ඒ සංගීතය ඇතුළේ තිබුණේ recording එකකින් කවදාවත් දැනෙන්නේ නැති ජීවයක්.

ඊළඟ නිමේෂයේ...

නන්දා මාලනියන්ගේ හඬ අවදි වුණා.

*"සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ...
කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳු රැල්ලේ..."*

මගේ අත් දෙකේ හිරිගඩු පිපුණා.

එදා තමයි මට තේරුණේ...

සමහර හඬවල් "අහන" ඒවා නෙවෙයි.

**ඒවා විඳින හඬවල්.**

ඒ දවසේ ජපුර කැම්පස් එකේ ඒ ප්‍රසංගය සංවිධානය කරපු අයියලා, අක්කලාට අදත් මම පින් දෙනවා.

එදා නොගියා නම්, ඒ දිව්‍යමය හඬ සජීවීව අහන්න මට කවදාවත් අවස්ථාවක් නොලැබෙන්නත් තිබුණා.

ඊට පස්සේ නන්දා මාලනියන්ගේ ප්‍රසංග කිහිපයක්ම සජීවීව බලන්න මට අවස්ථාව ලැබුණා.

ඒත් අද මට දැනෙන ලොකුම දුක එකයි.

අපේ ඊළඟ පරම්පරාවට නන්දා මාලනියන්ගේ ඒ සජීවී හඬ අහන්න අවස්ථාවක් නැති වෙලා.

නමුත්...

තවමත් අප අතර ඒ වගේම හදවතට කතා කරන, ජීවමාන හඬවල් ඉන්නවා.

❤️ සෝමතිලක ජයමහ
❤️ සුනිල් එදිරිසිංහ
❤️ අමරසිරි පීරිස්
❤️ කරුණාරත්න දිවුල්ගනේ
❤️ එඩ්වඩ් ජයකොඩි

මේ හඬවල් YouTube වීඩියෝවලින් විතරක් හඳුනන පරම්පරාවක් බිහි වෙනවාට වඩා...

විශ්වවිද්‍යාලවල, පාසල්වල, සංස්කෘතික උත්සවවල සහ ප්‍රසංග වේදිකාවල මේ හඬවල් තවත් වැඩිපුර ඇහෙන්න ඕන.

මොකද...

**සැබෑ සංගීතය කියන්නේ speaker එකකින් ඇහෙන ශබ්දයක් නෙවෙයි.**

**එකම වේදිකාවක, එකම මොහොතක, දහස් ගණනක් මිනිස්සු එක්ක හදවතින්ම විඳින අමතක නොවන අත්දැකීමක්.** ❤️

අවසානය මෙසේ සටහන් කරමි..

හෙළ කලා කෙත අඹර පෑයූ
සුපුන් සදකි නුඹ යලි පායා නොඑන..
ඉතින් පතන්නම්
ඔබතුමියට නිවන් සුවයම වේවා🙏🙏🙏

゚ ゚viralシ #නන්දාමාලනී #සිංහලසංගීතය #සජීවීසංගීතය #මතක #කැම්පස්ජීවිතය #සංගීතය #අපේඋරුමය #ගෞරවය

17/08/2026
මල් පිපුණම ලස්සනයි...  මල් පිපෙන්නේ හිරු කිරණ නිසා. ඒ මල්වල ලස්සන ලෝකයම දකින්නේ  ඉර එලිය නිසා...පුතේ හෙට ඉර පායන්නේ ඔයා ...
09/08/2026

මල් පිපුණම ලස්සනයි... මල් පිපෙන්නේ හිරු කිරණ නිසා. ඒ මල්වල ලස්සන ලෝකයම දකින්නේ ඉර එලිය නිසා...

පුතේ හෙට ඉර පායන්නේ ඔයා වෙනුවෙන්මයි...

ඉතින් පුතේ ලස්සන මලක් දෝතින් නෙලාගන්නවා වගේ පහසුවෙන් හෙට ආරම්භ වෙන විභාගේ විජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්යය වාසනාව
සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නිබඳව ඔයාට ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා..

තෙරුවන් සරණයි!! මගේ ආදරණීය පුතේ

මම ඔයාලගේ OL ගණිතය සර්
(ප්‍රදීප් කොටුවෙවත්ත the power of maths)


02/08/2026
ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ ආරාධනා
31/07/2026

ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ ආරාධනා

අගෝස්තු 02....ශිශ්‍යත්ව ලියන දුවල පුතාල හැමෝම විෂන් එකට එන්න...උදේ 8.00 සිට.....

27/07/2026

Address

Udawalawa
70180

Alerts

Be the first to know and let us send you an email when MATHS with Pradeep kotuwewaththa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share