Spoken English Class

Spoken English Class Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spoken English Class, Educational Research Center, Udawalawa.

06/11/2022

ඔක්කොම පාඩම් ටික තියෙනවා.download කරන්න පුලුවන් ❤
https://www.saviyenperata.com/ මේ ලින්ක් එක පාසල් දරුවන්ට හැකිතාක් යොමු කරන්න. සෑම විෂයක ම පාඩම් මෙහි ඇත. හැකි පරිදි අධ්‍යනය කිරීමට උපදෙස් ලබා දෙන්න.

31/10/2022
26/10/2022
23/08/2022
06/08/2022
18/06/2022

IELTS !!!

රට යන්න ඉන්න බොහෝ දෙනෙකුගේ මුල්ම කඩඉම තමයි IELTS කියන්නේ. ඉතින් මම හිතුවා IELTS කරපු කෙනෙක් හැටියට මගේ අත්දැකීම් group members ලා එකක් බෙදා ගන්න.
මුලින්ම මම මගේ results කියන්නම්.

මම කරේ Academic IELTS
Reading- 8
Listening -7.5
Speaking -7.5
Writing -6.5
Overall ban score-7.5

මම මේ result එක ගත්තේ මාසයක් වගේ කාලයක් තනියම මහන්සි වෙලා. Online class එකකට enroll උනාට එකෙන් ලැබුනු දෙයක් නෑ.
ඒක නිසා ඔයගොල්ලන්ට යම් English දැනුමක් තියෙනවානම් නිකන් class වලට සල්ලි දෙන්න එපා. Self study කරන්න.
Class යන්නම ඔන්නේ නම් writing module එකට විතරක් help එක ගන්න. මොකද writing වෙන කෙනෙක් ලවා correct කරගන්න එක සමහරුන්ට හොඳ වෙන්න පුලුවන්.

Reading

Reading band 8 ගන්න මම නම් කරේ ගොඩක් practice කරපු එක. Practice papers ගොඩක් හොයා ගෙන සෑහෙන්න practice කරා. මම practice papers හොයා ගත්තේ practicepteonline.com කියන web page එකෙන්.
ඒකෙ තියෙනවා cambridge 1-16 papers ටික.
https://practicepteonline.com/cambridge-ielts-1-13-tests/
(ඒ web site එකෙන් දාපු papers උත් තියෙනවා. හැබැයි මම කරේ cambridge ටික) මේ ටික practice කරානම් හොඳටම ඇති.
හැම තිස්සේම time කරලා practice කරන්න. මොකද time එක තමයි වැදගත්ම.
අනිත් එක තමයි reading වලදි reading passage එක මුලින්ම කියවන්නේ නැතුව මුලින් පළවෙනි ප්‍රශ්නේ කියවලා ඒකේ answer එක හොයා ගන්න. ඊට පස්සේ ඊළ්ඟ ප්‍රශ්නේට යන්න.
Reading tips මම ගොඩක් ගත්තේ මේ youtube videos වලින්.

https://youtu.be/ELGrKUR0EH4
https://youtu.be/xhd17WV-Uis
https://youtu.be/bApUifcVhok

Listening

Listening හොඳ score එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම හොඳ අවදානයක් තියෙන්න ඕනේ. Exam එක වෙලාවේ අවදානය නැති උනොත් ඔක්කොම ඉවරයි. අපිට එක question එකක answer එක මිස් උනොත් ඉක්මනට ඒක අමතක කරලා අනිත් question එකට යන්න ඕනේ. නැත්නම් ඔක්කොම කර ගන්න බැරි වෙනවා. අනිත් එක test එක වෙලාවට භාවනාවක් වගේ සමවැදිලා ඉන්න ඕනේ. මගේ target එක උනේ 8 ගන්න එක. හැබැයි මගේ score එක 7.5 උනේ එක තැනක මගේ අවදානය මග හැරුනු නිසා.

මම listening practice කරෙත් https://practicepteonline.com/cambridge-ielts-1-13-tests/ site එකෙන්.

Test එකේදි හැමතිස්සෙම questions කියවගන්න දෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය අරන් listening track එක play වෙන්න කලින් questions ටික කියවගන්න. එතකොට answers හොයන්න ලෙසි.

Speaking

මගේ speaking 7.5 band එකට මම සම්පුර්ණයෙන්ම help එක ගත්තේ
https://youtube.com/playlist?list=PL1VV_9yqK5azhpaeU7BYDfMtOXaZz_xcQ you tube videos වලින්.

මේ videos වල speaking test එකේදි අහන ගොඩක් topics ගැන කියලා දෙනවා.
මම නම් පොතක් අරගෙන එක එක topic එකට අදාලව එ videos වල කියලා දෙන vocabulary ලියා ගත්තා. එගොල්ලෝ කියලා දෙන sample answers උත් ලියා ගත්තා. ඊට පස්සේ ඒවා practice කරා.
මගෙන් ඒ questions අහුවොත් මම මොනවද කියන්නේ කියලා කලින්ම ලෑස්ති උනා.
මම හිතනවා මේ band එක ගන්න ඒ system එක ගොඩක් උපකාරි උනා කියලා.

Writing

මගෙ writing band එක ගැන නම් මට ලොකු satisfaction එකක් නෑ. මම බලාපොරොත්තු උනේ band 7.
මගේ band එක අඩුවුනේ මම writng test එක වෙලාවේ කලබල උනු එකෙන්.
හැමතිස්සෙම කලබල නැතුව questions දෙකම හොඳට කියවලා answer කරන්න. මට මේකට විතරමයි coaching වලින් පොඩි හරි help එකක් ලැබුනේ. මොකද ලියපු දේවල් කාටහරි දීලා correct කර ගන්න ඔනේ නිසා. අනිත් එවානම් තනියම කරන්න පුලුවන්.
මම witing වලට help එක ගත්තේ
https://youtube.com/c/E2IELTS කියන you tube channel එකෙන්.
ඒ channel එකේ එක එක task එකට අදාල videos තියෙනවා.

Writing tasks වල අනු කොටස් ගැන විස්තර මම වෙනම නැවත ලියන්නම්.

දැනට මේ තොරතුරු උපකාරී වෙයි කියලා මම හිතනවා.

All the best for your IELTS exam!!!

Copied

https://www.facebook.com/groups/2786479541607754/permalink/2932361773686196/

06/06/2022

IELTS එකට ඕනි කරන පොත් ටික❤️

අවශ්‍ය කෙනෙක් download කරගන්න.❤️

පොඩි ඉල්ලීමක් තියනවා මේවා විකුණන්න හදන්න එපා. 😌

📌 Download link - https://bit.ly/3zapenp

උපුටාගැනීමකි

02/06/2022

රට යන්න ට්‍රයි කරන කොල්ලො කෙල්ලො වෙනුවෙන් ❤️😁

https://drive.google.com/drive/mobile/folders/1VD6BHqTidtWSain1uN_we-Kp-Yy21Ebx?usp=sharing&fbclid=IwAR2JsCLR_vrlgi3-qgr0_CzPfqBKuBsHmxos3T-g-7xBz0nZiSL0R8du33s&fs=e&s=cl

මේක බෙදාගත්තේ තරනි පණ්ඩිතා සහෝදරිය..😁❤️

මේ වගේ තවත් වැදගත් දේවල් දැනගන්න අපේ Youtube Channel එක සමගත් එකතු වෙන්න 👇❤️
https://youtube.com/c/LearnWithChathuka

IELTS පාඩම් මාලාව නොමිලේ ලබාගන්න ආකාරය දැක්වෙන Video එක මෙන්න : https://youtu.be/4ohhLKnkkNY

22/05/2022

Address

Udawalawa

Alerts

Be the first to know and let us send you an email when Spoken English Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Spoken English Class:

Shortcuts

Share