Royal College Trincomalee

Royal College Trincomalee

Share

ආලෝකේ උදපාදී ¤*¨¨*¤.¸¸. ..¸¤*...*¤,,.,....,,,,
\¸.Royal College TriNco¸¸.'''''''''''''
.\¸.¤*¨¨*¤ .¸¸.¸

30/10/2024
01/11/2023

🔴 ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලෝක ජාතික පාසල ආරම්භ කොට අදට (01) වසර 83 යි. චිරං ජයතු! විදු මවුනි.

එවකට ත්‍රිකුණාමලය ෂන්මුගා හින්දු බාලිකා විදුහලේ විදුහල්පතිනියක ලෙස කටයුතු කල බේබි සිල්වා සරංගුහේවා වත්මන් රාජකීය විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වූවා.

ව‍ර්ථමානයේ පාසල පිහිටා ඇති ස්ථානයට වයඹින් පිහිටි දුම්කොළ වත්ත ප්‍රදේශයේ පොල් අතු හෙවිලි කල කුඩා ශාලාවක කනිෂ්ඨ විද්‍යාලය නමින් පාසල ආරම්භ කර තිබුණා. දැන් එම ස්ථානයේ පාසල් ගුරු නේවාසිකාගාර ඉදිකර තිබෙනවා. ඇයට කෘතගුණ දැක්වීමක් ලෙස පාසලේ බුදු මැදුර අභියස 1980 දශකයේ පිළිරුවක් ස්ථාපිත කර තිබුණා. එය මේ වනවිට තිබේදැයි දන්නෙ නැහැ.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් 1985 - 89 කාලයේ මේ පාසල වසා දැමුණා. එය ඉන්දීය සාම සාධක හමුදාව භාරයේ තැබුණා. එම කාලයේ දී සංඝමිත්තා විශ්‍රාම ශාලා බිම තුල, තරුණ විදුහල්පතිවරයකු වු ආනන්ද ගුණරත්න හේවාවිතාරණ බොහෝ දුෂ්කරතා මැද පාසල පවත්වාගෙන යමින් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ගෙන එමින් සිටියා.

ත්‍රස්තවාදී ක්‍රියා යම් තරමකට පාලනය කිරීම නිසාත් ඉන්දීය සාම සාධක හමුදාව පිටව යාම නිසාත් 1991 දී පාසල යලිත් විවෘත කෙරුණා.

සංඝමිත්තා විශ්‍රාම ශාලා බිමෙන් වර්ථමාන ස්ථානයට පාසල රැගෙන පැමිණි තරුණ හේවාවිතාරණ විදුහල්පති වරයා පාසල භෞතික වශයෙන් මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද ගොඩනගනු ලැබුවා. 1997 පමණ වනවිට පාසල තුල සිසුන් 2000 කට ආසන්නව සිටියා.

ඔහුගේ කාලය තුල විද්‍යාලෝක විද්‍යාලය ලෙස හැඳින්වු පාසලට "රාජකීය" නාමය හිමිව "ජාතික" පාසල් කාණ්ඩයට ද ඇතුලත් කෙරුණා. විසි වසරක් පුරාවටම රාජකීය නාමය ඉහළින් ඔසවා තැබීමට සිය කාලය, ධනය, ශ්‍රමය හා දහදිය වැගිරූ ආනන්ද ගුණරත්න හේවාවිතාරණයන් දැන් විශ්‍රාම සුවයෙන් පසුවෙනවා.

ඔහු පාසලෙන් නික්ම ගිය පසු පාසල් ශ්‍රවණාගාරය "සදානන්දනීය" ශ්‍රවණාගාරය ලෙස ඔහුගේ නමින් නම් කෙරුණා. ඔහුගේ නමින් කිසිවක් නම් කරනවාට ඔහු තුල කිසිදු කැමැත්තක් තිබුණේ නෑ. එය මා පුද්ගලිකවම දැන සිටියා. නමුත් ඔහුට දක්වන කෘත ගුණ සැළකීමක් ලෙස එය එලෙසම සිදුකෙරුණා. ඔහු නැතත් ඔහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් කල සේවය සදා ආනන්දනීය වන හෙයින් එය එලෙස නම් කෙරුණා.

පාසලේ ආදි සිසුවකු වු අජිත් ප්‍රසන්න පාසලේ වත්මන් නියමුවා ලෙස කටයුතු කරමින් සිටිනවා. යුද සමයේ දරුවන් වෙනුවෙන් කැපවු ගුරුවරුන් බොහෝමයක් අද මහලු වියේ පසුවනවා. ඔහුන් සියල්ලන්ම එදා දරුවන් වෙනුවෙන් කල කැපකිරීම් සදාකාලික මතකයේ රැඳේවී.

රාජකීයයෙන් බිහිවු දරුවන් රාජ්‍ය බුද්ධි සේවාවේ සිට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ත්‍රිවිධ හමුදා සන්නද්ධ ඒකක, ව්‍යාපාරික හා සිනමා ලෝකය, සාහිත්‍ය හා ජනමාධ්‍ය, ක්‍රීඩා, දේශපාලනය වැනි විවිධ වෘත්තීන් තුල බැබලෙමින් සිටිනවා.

ඉතින් රාජකීය විදු මවුනි ඔබට චිරං ජයතු!

03/01/2022

සැරදේ අප විදුහල් මාතා...❤️❤️❤️

11/11/2021

නොවැම්බර් 14 වන ඉරු දින පෙරවරු 8ට ත්‍රි රාජකීය විද්‍යාලෝක ජාතික පාසලේ ශ්‍රමදානයක් සංවිධානය කර ඇති බැවින් සියලුම ආදී ශිෂ්‍ය ,ශිෂ්‍යාවන් එදිනට පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිම්.

05/11/2021

ගරු විදුහල්පතිතුමියගේ උපදෙස් මත 2022 වර්ෂය සදහා ආදි ශිෂ්‍ය නිලවරණය තෝරා ගැනිම 2021.11.07 වන දින පෙ.ව 10.00 ට පාසල් භුමියේදි පැවැත්විමට නියමිත බැවින් සියලුම ආදි ශිෂ්‍යයින් පැමිණෙන ලෙස දන්වා සිටිමි.

06/05/2021

ත්‍රි/රාජකිය විද්‍යාලෝක ජාතික පාසලේ මෙවර අ.පො.ස (උ.පෙල) විභාගයට සිසුන් 11දෙනෙකු මුහුණ දි සිසුන් 10 දෙනෙකු සමත් විය.

ඉන් එක් සිසුවෙකු සරසවි වරම් හිමි කරගෙන සිටි.J.P. සංදීප සදරැවන් සිසුවා මෙලෙස සරසවි වරම් ලබා ඇති අතර ඔහු උ.පෙල සදහා තෝරා ගෙන තිබුණේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යනය,ශ්‍රි ලංකා හා යුරෝපා ඉතිහාසය,චීන භාෂාවයි.ශ්‍රි ලංකා හා යුරෝපා ඉතිහාසයට A සාමාර්ථයක්ද,සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යනයට මෙන්ම චීන භාෂාවට B සාමාර්ථද ලබාගෙන තිබේ.
මෙම සාමාර්ථ සමග සදරැවන් සිසුවාට චීනයේ ජ ජියැං නුවර පිහිටි ජ ජියැං විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබි ඇති අතර ඔහු 2122 ජනවාරි ජ ජියැං නුවර බලා පිටත් විමට නියමිතය.සදරැවන් චීන භාෂාවට අමතරව ස්පාඤ්ඤ,ජර්මන් හා ඉංග්‍රිසි භාෂා කථා කිරිමට දක්ෂයෙකි.ඔබට අපගේ උත්තමාචාරය !

05/10/2020

සාහිත්‍යයේ මුල'කුරු කියැවූ, දෙවියෙකු බදු වූ, ගුරුපියාණන් ඔබයි.. ඔබමයි.. A.G.Hevavitharana Sir ට මහද නැගෙන උපහාරයයි.

23/09/2020

ත්‍රිකුණාමලය රාජකීය විදුහලේ වැඩ බලන විදුහල්පතිනිය ලෙස පත්වු ත්‍රි/සිංහල ම.ම. විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනී මේනකා සෙව්වන්දි චන්ද්‍රසෝම මෙනවියට ආදී සිසු අපේ උණුසුම් සුභ පැතුම්... ❤️❤️❤️

23/09/2020

ත්‍රිකුණාමලය රාජකීය විදුහලේ වැඩ බලන විදුහල්පතිනිය ලෙස පත්වු ත්‍රි/සිංහල ම.ම. විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනී ජාතික ශිෂ්‍ය භට බලකායේ කපිතාන් මේනකා සෙව්වන්දි චන්ද්‍රසෝම මෙනවියට ආදී සිසු අපේ උණුසුම් සුභ පැතුම්... ❤️❤️❤️

Photos from Royal College Trincomalee's post 01/07/2020

ආදී රාජකීයයෝ විෂබීජ නාශක දියර කෑන් පාසලට පරිත්‍යාග කල අයුරු..

Want your school to be the top-listed School/college in Trincomalee?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


North Coast Road
Trincomalee
31000