27/05/2026
යෝධ දිගු කුඹගස් හතරක් සහිත ත්‍රිකුණාමලය ගැඹුරු මුහුදේ නැංගුරම්ලා තිබූ නෞකාවක් පිළිබඳව මේ ජනතාව අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
'Jack-Up Vessel' ලෙස හඳුන්වන මෙම නවීනතම ජංගම අක්වෙරළ වේදිකාව මුහුදේ රළ පහරට හසු නොවී නිශ්චලව සිට වැඩ කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇත.
නෞකාව නියමිත ගමනාන්තයට ළඟා වූ පසු, එහි දැවැන්ත කුඹගස් හතර සාගර පතුල ස්පර්ශ කරන තෙක් පහත් කරනු ලැබේ.
කුඹගස් බිම සවි කළ පසු, මුළු නැව මුහුදු මට්ටමේ සිට ඉහළ අහසට ඔසවා සාගරය මැද ඇති ගොඩනැගිල්ලක් මෙන් නොසෙල්වී සිටී. මෙම අමුතු දසුන වෙරළ තීරයේ සිට නරඹන්නන් මවිතයට පත් කර තිබේ.
ලොව හොඳම ස්වභාවික ගැඹුරු මුහුදේ වරායවන, ත්‍රිකුණාමලය වරායේ නව යටිතල පහසුකම් පුළුල් කිරීම දැනට සැලසුම් කර ඇත.
ඒ මෙම අති නවීන යාත්‍රාව ගෙන්වා ඇත්තේ මුහුදේ පස් සහ පාෂාණ පද්ධති පිළිබඳ භූ තාක්ෂණික පරීක්ෂණ සිදුකිරීම සදහායි.