H / Magama Maha Vidyalaya

H / Magama Maha Vidyalaya මාගම්පුර දීප්තිමත්ම ද්විතීයික පාසල

03/10/2026

අද වගේම හෙටත්, අපේ ආදරය සහ ආශිර්වාදය හැමදාමත් දරුවන් සමඟයි. ❤️🙏
ලෝක ළමා දින වැඩසටහන -2026

🇱🇰❤️ කිරුළ එකක් වුණත්… මේ දරුවන් හතර දෙනාම අපේ රටේ දරුවෝ.මේ තරගයේ අවසන් වටයට පැමිණි දරුවන් හතර දෙනා වෙනුවෙන්, ඔවුන්ගේ පා...
29/09/2026

🇱🇰❤️ කිරුළ එකක් වුණත්… මේ දරුවන් හතර දෙනාම අපේ රටේ දරුවෝ.

මේ තරගයේ අවසන් වටයට පැමිණි දරුවන් හතර දෙනා වෙනුවෙන්, ඔවුන්ගේ පාසල් හතරම තම තමන්ගේ දරුවා වෙනුවෙන් ආදරයෙන් පෙනී සිටියා.
අපිත් එහෙමයි. ❤️

අපි අපේ ශ්‍රීනාත් පැතුම් වෙනුවෙන් පෙනී සිටියේ ඔහු අපේ පාසලේ අහිංසක, දක්ෂ පුතෙකු නිසා. ඔහුගේ සිහිනයට ශක්තියක් වෙන්න, ඔහුගේ ගමනට ආශීර්වාදයක් වෙන්න අපේ පාසල ඔහු පිටුපසින් සිටියා. 🧡

ඒත් මේ ගමනේදී අපි කවදාවත් පාසල් අතර තරගයක් දැක්කේ නැහැ.
පාසල විශාල වුණත්, පුංචි වුණත්… අපි හැමෝම පෙනී සිටියේ අපේ දරුවන්ගේ සිහින වෙනුවෙන්. දරුවන් වෙනුවෙන් අපි හැමෝගෙම ආදරය පුංචි වුනේ නෑ..❤️

ඇත්තටම, මේ දරුවන් හතර දෙනාගේ දක්ෂතා නිසාම තමයි VoiceTeens වේදිකාව මෙතරම් ලස්සන හා උණුසුම් වුණේ.

🎶 වෙනස් වූ හැකියාවන් හතරක්…
🌟 වෙනස් වූ සිහින හතරක්…
❤️ නමුත් එකම රටක අනාගතය බැබළවිය හැකි දක්ෂ දරුවන් හතර දෙනෙක්.

ජනිරු, පැතුම්, සෙනිරු සහ තසිඳු පුතේ…
ඔයාලා හතර දෙනාම අපේ රටේ දරුවෝ. 🇱🇰 ඔයාලා එක වේදිකාවක තරගකරුවන් වුණත්, හෙට දවසේ අපේ රටට ආඩම්බරයක් ගෙනෙන දක්ෂ කලාකරුවන් වන්නට හැකියාව ඇති පුංචි තරු හතරක්. 🌟

🏆 කිරුළ දිනාගත් ජනිරු පුතේ,
ඔයාගේ දක්ෂතාවයට අපේ හදවතින්ම සුබ පැතුම්! ඔයා සැබෑම දක්ෂයෙක්. මේ ජයග්‍රහණය ඔයාගේ ලස්සන ගමනක ආරම්භයක් වේවා! ❤️

❤️ සෙනිරු පුතේ, තසිඳු පුතේ,
ඔයාලා දෙන්නත් අපූරු දක්ෂතා ඇති දරුවන්. ඔයාලගේ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️

🧡 අපේ ආදරණීය ශ්‍රීනාත් පැතුම් පුතේ,
ඔයා අපේ පුංචි පාසලේ නම රට පුරා රැගෙන ගිය දරුවෙක්.
ඔයාගේ පාසල විදිහට අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.
ඔයාටත් ලස්සන අනාගතයකට අපි හදවතින්ම සුබ පතනවා.❤️

අවසානයේ අපිට වඩාත්ම වටින්නේ කිරුළ නොවෙයි…
තරගයෙන් ඔබ්බට ගොඩනැගුණු ඒ ලස්සන සහෝදරත්වයයි. ❤️

එදා දරුවන් හතර දෙනා අතර අපි දැක්ක ඒ ආදරණීය බැඳීම, හෙට දවසේ අපේ පාසල් හතර අතරත් ලස්සන සහෝදරත්වයක් බවට පත්වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🇱🇰❤️

🌟 ජනිරු, සෙනිරු, තසිඳු සහ පැතුම් —
ඔයාලා හතර දෙනාටම ආදරයෙන් පිරුණු, ජයග්‍රහණයෙන් පිරුණු, අපේ රටට ආඩම්බරයක් ගෙනෙන ලස්සන අනාගතයක් වේවා! ❤️🇱🇰❤

Raini Charuka Goonatillake Sirasa TV The Voice Sri Lanka fans Pathum Dimantha

ආදරණීය ඔබ හැමෝගෙන්ම පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ ඉන්නේ අපේ රටේ දක්ෂ පොඩ්ඩෝ හතරදෙනෙක්. ඔබේ ආදරය හා ආශිර්වාදය පමණක් මේ දරුවන්ට දෙන්න. 🙏🙏

28/09/2026
❤️ අපේ හදවත් දිනූ පුංචි තරුව... ❤️ශ්‍රීනාත් පුතේ... VoiceTeeens කුසලානය ඔයාට නොලැබුනත් සියලුදෙනාගේම හදවත් දිනුවේ ඔයායි ප...
27/09/2026

❤️ අපේ හදවත් දිනූ පුංචි තරුව... ❤️

ශ්‍රීනාත් පුතේ... VoiceTeeens කුසලානය ඔයාට නොලැබුනත් සියලුදෙනාගේම හදවත් දිනුවේ ඔයායි පුතේ..

අපේ ආදරණීය ශ්‍රීනාත් පුතා වෙනුවෙන් Vote කල post share කරමින් ශක්තියක් වුනු සියලු දෙ⁣නාටම මාගම මහා විද්‍යාලයේ හදපිරි ස්තූතිය..! 🎊️🎉️🧡

27/09/2026

🎤❤️ අපේ ශ්‍රීනාත් පුතාගේ ගායන සිහිනයේ අවසන් පියවර... ❤️🎤

අද රාත්‍රී 7.30ට The Voice Teens Grand Finale වේදිකාවට ගොඩවදින මාගම මහා විද්‍යාලයේ අපේ ආදරණීය ශ්‍රීනාත් පැතුම් දිමන්ත පුතාට මුළු පාසලේම ආශිර්වාදය සමඟ සුබ පැතුම්! 🙏🌟

පුතේ... ඔයා අද දිනුවත්, පැරදුනත්, ඔයා අපේ හදවත් දිනපු දරුවෙක්. ඒ නිසා කිසිම බයක් නැතුව, ඔයාගේ හදවතින්ම ගීතය ගයන්න.

අපි හැමෝගෙම ආශිර්වාදයත්, මුළු පාසලේම ආදරයත් ඔයාත් එක්කයි. ❤️

TVT 4 ට හැකිතාක් sms කර ඔබේ ආදරයත් අපේ ශ්‍රීනාත් පුතාට ලබාදෙන්න.
රාත්‍රී 7.30 ට සූදානමින් ඉන්න

ජය වේවා පුතේ..! 🏆

අපේ පාසලේ පුංචි ගායන තරුව ශ්‍රීනාත් පැතුම් දිමන්තගේ පුංචි ගායන සිහිනයේ තවත් සොඳුරු සන්ධිස්ථානයක්! 🎤❤️🎉 “දිය බෙරලිය” මෙන්...
26/09/2026

අපේ පාසලේ පුංචි ගායන තරුව ශ්‍රීනාත් පැතුම් දිමන්තගේ පුංචි ගායන සිහිනයේ තවත් සොඳුරු සන්ධිස්ථානයක්! 🎤❤️

🎉 “දිය බෙරලිය” මෙන්ම “හිතවතිය” ගීතයත් 1 MILLION VIEWS සීමාව පසුකර තිබීම වෙනුවෙන් අපේ හදවතින්ම සුබ පැතුම්! 🥹❤️👏

මේ පුංචි තරුවගේ හඬට ආදරය කළ ඔබ සැමගේ ආදරය හා සහයෝගය නිසයි මේ ජයග්‍රහණය මෙතරම් දුරක් පැමිණියේ. 🙏❤️

දැන් අපේ ආදරණීය ශ්‍රීනාත්ගේ THE VOICE TEENS GRAND FINALE ගමනේ අවසන් පියවරයි! 🏆🎤

❤️ සැප්තැම්බර් 27
❤️ අංක 4 – SHRIΝATH PATHUM DIMANTHA
📱 TVT 4 ලෙස ටයිප් කර 7788 වෙත SMS කරමින්
🌐 voice.sirasatv.lk හරහාද ඔබේ සහය ලබා දෙන්න.

මාගම මහා විද්‍යාලයේ අපේ ආදරණීය පුංචි තරුවට අවසන් මොහොත දක්වාම අපි අපේ ආදරය vote එකකින් ලබාදෙමු! ❤️🇱🇰

Congratulations, Shrinath! 🎉❤️
1M + 1M — What a proud moment for our school! 🌟

25/09/2026

🥹❤️ අපේ පුංචි පොඩ්ඩාගේ පොඩි කාලයේ මතකයක්.. ❤️

තනියම ගීත අහලා, තනියම පුරුදු වෙලා අපේ පාසල් වේදිකාවේ ගීත ගයපු පුංචි පොඩ්ඩා කවදාහරි දවසක ගායකයෙක් වෙයි කියලා අපිට විශ්වාසයක් තිබුනත්
කවුද හිතුවේ, ඒ පුංචි හඬ මෙච්චර ඉක්මනට මුළු රටක්ම ආදරයෙන් අහන හඬක් වෙයි කියලා. ✨🎙️🎼

ඔයාගේ ගමන ගැන අපිට හැමදාමත් ආඩම්බරයි. අපේ ආදරයත්, ආශිර්වාදයත්, විශ්වාසයත් හැමදාම ඔයා එක්කයි. 🌸🙏

සැප්තැම්බර් 27 වෙනිදාට 𝐓𝐕𝐓 𝟒 type කර 7788 ට vote කර ඒ පුංචි හීනය අපි එකතු වෙලා තවත් ලස්සනට පාට කරමු.. . 🌸🎤🎙️🎼



Thank you Sudath Priyantha for video 🙏

24/09/2026

අපේ පාසල සිසුන් 250ක් පමණ ඉන්න,
නගරයෙන් ඈත පිහිටි පුංචි ග්‍රාමීය පාසලක් වුණත්…
අද ඒ පුංචි පාසලේ නම මුළු රටක් ඉදිරියේ බැබළෙන්නේ ඔයා නිසයි පුතේ… 🌟

🙏❤️මේ ගමන ලේසි ගමනක් නොවුණත්, දුෂ්කරතා මැදින්, නොසැලී, ඔයාගේ ගායන සිහිනය අත නොහැරගෙන ආපු හැටි අපි ආදරයෙන් දැක්කා. ❤️ ඒ නිසාම අද The Voice Teens Grand Finale හි අවසන් 4 දෙනා අතරට ඔයා පැමිණීම අපිට වචනවලින් කියන්න බැරි තරම් ආඩම්බරයක්... ❤️🧡ඔයාගේ ගමන දිහා අපි බලාගෙන ඉන්නේ හරිම ආදරයෙන්..❤

පාසලක් විදිහට අපිට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් වුණේ බොහෝවිට පුංචි දේවල් වෙන්න ඇති...
ඔයාට අවශ්‍ය හැමදේම දෙන්න අපිට බැරි වෙන්නත් ඇති...
ඒත් අපේ ආදරයයි, ආශිර්වාදයයි නම් කවදාවත් පුංචි වුණේ නෑ...😍❤️

ඔයා වේදිකාවට ගිය හැම මොහොතකම අපි හැමෝම හදවතින්ම සුබ පැතුවා.
ඔයා ජයගත් හැම වටයක්ම
අපේම ජයග්‍රහණයක් වගේ දැනුණා.

අද අපිට ඕනේ එකම එක දෙයක්…

🎼ඔයාගේ ඒ පුංචි හීනය
අපි හැමෝගෙම හීනයක් කරගෙන
අවසන් පියවරත් ඔයා එක්ක යන්නයි.

යන්න… ගයන්න…
ඔයාගේ හීනයට පියාපත් දෙන්න! 🥹❤️🎶 ✨ මේ අවසන් පියවරේදීත් අපේ මාගම් පවුලේ සියලුදෙනාගෙම ආදරයත් ආශිර්වාදයත් ඔයා සමඟයි පුතේ…❤️

(සැ.යු: මෙම ගීතය ශ්‍රීනාත් පුතා VoiceTeens තරගයට ඉදිරිපත් වීමට පෙර ලබා ගත් විඩියෝවකි)

Pathum Dimantha
fans

Address

Magama
Tissamaharama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when H / Magama Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category