H/Gemunupura Junior School

H/Gemunupura Junior School school

2025 කොට්ඨාස ක්‍රීඩා උළෙල තිස්සමහාරම.තිස්සමහාරම කොට්ඨාසයේ 12න් පහළ වේගවත්ම ක්‍රීඩකයා,14න් පහළ වේගවත්ම ක්‍රීඩිකාව ඇතුළු ත...
24/06/2025

2025 කොට්ඨාස ක්‍රීඩා උළෙල තිස්සමහාරම.තිස්සමහාරම කොට්ඨාසයේ 12න් පහළ වේගවත්ම ක්‍රීඩකයා,14න් පහළ වේගවත්ම ක්‍රීඩිකාව ඇතුළු තවත් ජයග්‍රහණ රැසක් අත්කර දෙමින් දෙබරවැව ජා.පා,ජනාධිපති ක.වි,තිස්සමහාරාම ම.වි වැනිඅති දැවැන්තයන් හමුවේඅති ප්‍රබල සටනක නිරත වෙමින් ගැමුණුපුර ක.වි පැටවුන් අප විද්‍යාලයට කොට්ඨාසයේ පාසල් 22 අතරින් 06 වැනි ස්ථානය ලබා දෙමින් පසුගියදා දෙබරවැව ජාතික පාසලේ පැවති ක්‍රීඩා තරඟාවලිය අති විශිෂ්ට ලෙස නිමාවට පත් කිරීමට හැකි වූ අතර ආදරණීය අති දක්ෂයින්ව ගරු විදුහල්පති සමන් අබේවර්ධන ,නි.වි පුෂ්පා ලියනපතිරන,ක්‍රීඩා භාර ආචාරිණී මන්ති හසාරා මෙනවිය,ආචාර්ය මණ්ඩලය,දෙමාපියන්.සහෝදර සහෝදරියන් විසින් ඉතා උණුසුම් ලෙස පිලිගැනීම සිදු කෙරිනි.👋👋👋👋👋👋👋
ඔබ වැනි මිණි කැට තව තවත් මේ මිහිපිට පහල වේවා....විද්‍යාලයේ නාමය,තිස්සමහාරම නාමය අනාගතයේ බබලවන්නට ඔබ වැනි පුතනුවන්ට තව තවත් ශක්තිය ලැබේවා යන්න අපේ පැතුමයි....🏆️🏆️🏆️🏆️🏆️
මස් මාලු කිරි බිත්තර තියා වේල් තුනවත් හරියන කෑමක් නොකා නොබී ජර්සි,ට්‍රැක් කිට්,ස්කිනර්,බොටම්,ෂෝර්ට්,ටී ෂර්ට් තියා සපත්තු කූටටමක්වත් නැතුව ගහපු ගේම් එක නම් සුපිරියි පුතේ...ඔබට ජය...උදව් කල සැමට...🙏🙏🙏🙏🙏🙏🙏

"ඇදුරු හරසර 2025"ගැමුණුපුර කවියේ තවත් පරිච්ඡේදයක නිමාව සටහන් කර ශ්‍රේෂ්ඨතමයන්ගේ නික්ම යාම....බහනු ජයවීර සර්,රත්නසිරි එදි...
20/03/2025

"ඇදුරු හරසර 2025"ගැමුණුපුර කවියේ තවත් පරිච්ඡේදයක නිමාව සටහන් කර ශ්‍රේෂ්ඨතමයන්ගේ නික්ම යාම....බහනු ජයවීර සර්,රත්නසිරි එදිරිසිංහ සර්,සංක මුතුකුමාරණ සර්,සන්ද්‍යා කුමාරි මිස්,නිලූකා ප්‍රියදර්ශනී මිස්..ගැමුණුපුර ක.වි මාතාවගේ උණුසුම් සුභ පැතුම්.....

"සිනා සපිරි මුව මඬලින් පාසල වෙත යමු"ගැමුණුපුර කණිෂ්ඨ විද්‍යාලීය මව් තුරුලට සපැමිනි අපේ පුංචි සිඟිත්තන්......
30/01/2025

"සිනා සපිරි මුව මඬලින් පාසල වෙත යමු"
ගැමුණුපුර කණිෂ්ඨ විද්‍යාලීය මව් තුරුලට සපැමිනි අපේ පුංචි සිඟිත්තන්......

පින්බර වෙසඟක්🙏🙏🙏🙏🙏
04/05/2023

පින්බර වෙසඟක්🙏🙏🙏🙏🙏

"සිසු නයු අභිසෙස් 2023"
25/04/2023

"සිසු නයු අභිසෙස් 2023"

30/03/2023

කොහොමද පැනිල්ල...
නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2023
හ/ගැමුණුපුර ක.වි.තිස්සමහාරාම.

2023 වර්ෂයේ දුරුතු පොහොය වෙනුවෙන් හ/ගැමුණුපුර කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරු දැරියන් හා අනෙකුත් දරු දැරියන්ගේ මූල...
05/01/2023

2023 වර්ෂයේ දුරුතු පොහොය වෙනුවෙන් හ/ගැමුණුපුර කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරු දැරියන් හා අනෙකුත් දරු දැරියන්ගේ මූලිකත්වයෙන් හා විද්‍යාලීය බෞද්ධ සංගමයේ දායකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ධර්ම දේශනාව හා රණවරා,බෙලිමල් දන්සල.....
සියලු ලෝක වාසීන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....🙏🙏🙏🙏🙏🙏

තිස්සමහාරාම මුණසිංහ සුපර් සෙන්ටර් අධිපති සෙනරත් මුණසිංහ මැතිතුමන් විසින්, රටේ පවතින දැඩි ආර්ථික අර්බුද තත්වයේ උවද ඉතා දැ...
22/03/2022

තිස්සමහාරාම මුණසිංහ සුපර් සෙන්ටර් අධිපති සෙනරත් මුණසිංහ මැතිතුමන් විසින්, රටේ පවතින දැඩි ආර්ථික අර්බුද තත්වයේ උවද ඉතා දැඩි ආර්ථික දුශ්කරතා මතින් පෙලෙන තිස්සමහාරාම,ගැමුණුපුර කණිෂ්ට විද්‍යාලයේ අහිංසක දරු දැරියන් වෙනුවෙන් රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය කර
1 වසරේ සිට 11 වසර දක්වා පළමු,දෙවන,තෙවන ස්ථාන සඳහා වටිනා පාසල් උපකරණ කට්ටල සහ සංගීත විෂය භාර ආචාරිණී රණබාහු මහත්මියගේ ඉල්ලීම මත ඉතා වටිනා සර්පිනාවක්ද ලබා දෙමින් සිදු කරන ලද පරිත්‍යාගය වෙනුවෙන් ගෞරවණීය ස්තූතිය පුද කරන අතර මේ පිං බලයෙන් මුණසිංහ මැතිතුමාගේ සහ එම මැතිණියගේ සියලු පැතුම් ප්‍රාර්ථනා නිසැක වශයෙන් ඉටු වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර ව්‍යාපාර කටයුතු මෙන්ම මෙවන් සමාජ සේවා කටයුතු වෙනුවෙන් ශක්තිය වාසනාව ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏

Thimothy westbrooks & Elizabath westbrook යන එංගලන්ත ජාතික යුවලගේ මූල්‍ය පරිත්‍යාගයෙන් හ/ගැමුණුපුර කණිෂ්ඨ විද්‍යාලයේ ළමා...
11/03/2022

Thimothy westbrooks & Elizabath westbrook යන එංගලන්ත ජාතික යුවලගේ මූල්‍ය පරිත්‍යාගයෙන් හ/ගැමුණුපුර කණිෂ්ඨ විද්‍යාලයේ ළමා පුස්ථකාලය(Thimothy & Elizabath Kids Library)සුභ මොහොතින් අද දින දරු දැරියන් අතට පත් වුණි..අප විද්‍යාලය තුල ළමා පුස්තකාලය ඉදි කර දීමට උදව් උපකාර කල සැමට බොහොම ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

අපගේ ඉල්ලීම පරිදි ඉතා දුශ්කර ප්‍රදේශයක අධ්‍යාපනය හදාර අහිංසක දරු දැරියන්ගේ නිවේදන කුසලතා සංවර්ධනය කිරීම වෙනුවෙන් අප විද්...
10/02/2022

අපගේ ඉල්ලීම පරිදි ඉතා දුශ්කර ප්‍රදේශයක අධ්‍යාපනය හදාර අහිංසක දරු දැරියන්ගේ නිවේදන කුසලතා සංවර්ධනය කිරීම වෙනුවෙන් අප විද්‍යාලයේ(හ/ගැමුණුපුර ක.වි,තිස්සමහාරාම)"සිසුනද" මාධ්‍ය ඒකකය වෙත ඉතා වටිනා microphone කට්ටලයක් සහ තවත් උපකරණ ලබා දීම වෙනුවෙන් දකුණු කොරියාවේ සේවය කරන අරුණ ප්‍රියංකර මහතාට විද්‍යාලයේ විදුහල්පති,ආචාර්‍ය මණ්ඩලය හා දරු දැරියන්ගේ හා සිසුනද ළමා ගුවන් විදුලියේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමි.. විශාල අඩු පාඩු කම් මැද්දේ සංවර්ධනය කරමින් යන "සිසුනද" ළමා ගුවන් විදුලියට මෙවන් වූ දිරි ගැන්වීමෙන් දවසක මේ පුංචි මල් කැකුලු ලොව දිනනවා සත්තයි...🙏🙏🙏💐💐💐💐👏👏👏🎓🎓🎓

30/01/2022

Gemunupura k.v
Special dance from grade 7 students
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

Address

Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when H/Gemunupura Junior School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to H/Gemunupura Junior School:

Shortcuts

Share

Category