Dumbara Primary Model School

Dumbara Primary Model School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dumbara Primary Model School, School, Teldeniya, Teldeniya Town.

05/09/2022

ෆ්ලෙමින් නම් දුප්පත් ස්කොට්ලන්ත ගොවියෙක් තම ගොවිපලේ වැඩ කරමින් සිටියදී, හදිස්සියේ ඇසුණු කෑ ගැසීමක් නිසාවෙන් ඒ දෙසට දිව යයි...

ඔහු දකින්නේ තම දරුවාගේම වයසේ කුඩා දරුවෙක්, අසල වූ මඩ වගුරෙහි ගිලී යමින් සිටින බිහිසුණු දර්ශනයි.
ඔහු තම දිවි දෙවනි කොට දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වෙයි...

ඉන්පසු දවසේ, විසිතුරු කරත්තයක් ස්කොට්ලන්ත ජාතිකයාගේ නිවස වෙතට ඇදී යයි, අලංකාර ඇඳුමින් සැරසුණු වංශාධිපතියෙක් ඉන් පිටතට පැමිණ, ගොවියා වෙත තමන් පිරිමි ළමයාගේ පියා ලෙස හඳුන්වා දෙයි...

“ඔබ මගේ පුතාගේ ජීවිතය බේරුවා, ඒ වෙනුවෙන් මට ඔබට මුදල් ලබා දිය යුතුයි”
වංශාධිපතියා පැවසීය...

" නැහැ..., මා කළ උපකාරය සඳහා මුදල් භාරගත නොහැකිය, එය ඕනෑම මනුෂ්‍යයෙක් ඒ මොහොතේ කරන දෙයක්...”

ස්කොට්ලන්ත ගොවියා පිළිතුරු දෙමින් පැවසීය..

ඒ මොහොතේ ගොවියාගේ පුතා නිවසේ දොර ළඟට පැමිණියේය.

“ඒ ඔබේ පුතාද..?”
වංශාධිපතියා ඇසීය...

“ඔව්...”
ගොවියා පිළිතුරු දුන්නේය.

“ ඔබ මගේ මුදල් ත්‍යාග භාර නොගන්නේ නම්, මම කැමතියි මගේ පුත්‍රයාගේ දිවි ගලවා ඔබ කල උපකාරයට, ඔබගේ පුත්‍රයාව ලන්ඩන් නගරයට රැගෙන ගොස් උසස් අධ්‍යාපනය ලබාදෙන්න...”
දුප්පත් ගොවියා එයට එකඟ විය...

කාලයාගේ ඇවෑමෙන් ගොවියාගේ පුත්‍රයා ලන්ඩනයේ ශාන්ත මරියා රෝහල් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගනී...

ඉන් නොනවතින ඔහු ලෝක ඉතිහාසයේ සුවිශිෂ්ට සොයාගැනීමක් වූ 'පෙනිසිලින්' නම් පළමු ප්‍රතිජීවකය නිපදවමින්,
"ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්" ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්වෙයි...

ඉන් වසර ගණනකට පසු වංශාධිපතියාගේ පුත්‍රයාට නියුමෝනියාව වැළඳෙයි...

ඔහු මරණයෙන් බේරාගන්නා ඖෂධය අන් කවරෙකුත් නොව 'පෙනිසිලින් ය...'

වංශාධිපතියාගේ නම රැන්ඩොල්ෆ් චර්චිල් ය.
ඔහු නොදත් බොහෝ දෙනෙක් ඔහුගේ පුතාගේ නම දනී.
ඒ මහා බ්‍රිතාන්‍යයයේ කීර්තිමත්ම අග්‍රාමාත්‍යවරයා වූ,
"ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් ය."

ඒ අහිංසක දුප්පත් ගොවියා තම දිවි දෙවැනි කොට කල උපකාරය නොවන්නට, පසු කලෙක දෙවනි ලෝක මහා සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය ප්‍රමුඛ හමුදා ජයග්‍රහණය කරා මෙහෙය වූ වින්ස්ටන් චර්චිල් බිහිසුණු වගුරේ ගිලී යන්නට තිබුණි....
එසේ වූවා නම් ලෝක ඉතිහාසය වෙනස්ම අයුරකින් ලියවෙන්නට ඉඩ තිබුණි....
එසේම සාමිවරයාගේ ප්‍රතිඋපකාරය නොවන්නට, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් තම දුප්පත් පියාගේ පිය උරුමයෙන් ලද ගොවිතැන රැකියාව කොට ගොවියෙක් ලෙසම මිය යන්නට ඉඩ තිබුණි...
එය එසේ වූවා නම් අදටත් මරණාසන්න කෝටි ප්‍රකෝටි ගණනක් ජීවිත රැකගන්නා ප්‍රතිජීවකයක් බිහි නොවන්නට ඉඩ තිබුණි...

පළමු වර මරණයෙන් ගැලවුණු වින්ස්ටන් චර්චිල් දෙවන වර මරණය හමුවේ පරාජය වන්නටත් ඉඩ තිබුණි...

එක්තරා මිනිසෙකුගේ මනුෂ්‍යත්වය, ලෝකයක ඉරණම වෙනස් කරන්නට හේතු විය.
එනිසාවෙන් මනුෂ්‍යත්වය දිගු කල හැකි සෑම මොහොතකම නොපැකිලව ඉදිරිපත් වන්න...

එහි ප්‍රතිඵලය කවදා හෝ පෙරළා ඔබට ලැබෙනු නිසැකය...

අප, අප වෙනුවෙන් කල දේවල් අපත් සමඟ මියයයි....

අප, අන් අය වෙනුවෙන් කල දේවල්, අප මියගියද සදාකාලිකව පවතී...

උපුටා ගැනිමකි..

25/11/2020
07/11/2020
2020.09.04 දින මහනුවර රතු කුරුස සංවිධානය විසින් පැවති වැඩ සටහන
04/09/2020

2020.09.04 දින මහනුවර රතු කුරුස සංවිධානය විසින් පැවති වැඩ සටහන

2020.09.03 දින තෙල්දෙණියේ පොලිසිය පාසල හා ඒකාබද්ධව පැවැති ශ්‍රමදානය
04/09/2020

2020.09.03 දින තෙල්දෙණියේ පොලිසිය පාසල හා ඒකාබද්ධව පැවැති ශ්‍රමදානය

පාසල් ආරම්භයට පෙර අද දින විෂබීජානුහරණය කිරිම
03/07/2020

පාසල් ආරම්භයට පෙර අද දින විෂබීජානුහරණය කිරිම

1 ශ්‍රේණිය දරුවන් සඳහා පැවරුම්
24/06/2020

1 ශ්‍රේණිය දරුවන් සඳහා පැවරුම්

4   ශ්‍රේණියේ දරුවන් සඳහා
01/06/2020

4 ශ්‍රේණියේ දරුවන් සඳහා

Address

Teldeniya
Teldeniya Town

Website

Alerts

Be the first to know and let us send you an email when Dumbara Primary Model School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category