Tangalle Primary School

Tangalle Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tangalle Primary School, School, මහවෙල පාර, Tangalle.

හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පුංචි වීරයන්ට උණුසුම් සුභ පැතුම් !
08/08/2026

හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පුංචි වීරයන්ට උණුසුම් සුභ පැතුම් !

2026 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට හෙටයි..ආදරණීය දුවේ පුතේ,වසර පහක පාසල් අධ්‍යාපනේ අවසන් කඩයිම එනම් ඔබේ ජීවිතයේ පළමු ...
08/08/2026

2026 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට හෙටයි..

ආදරණීය දුවේ පුතේ,

වසර පහක පාසල් අධ්‍යාපනේ අවසන් කඩයිම එනම් ඔබේ ජීවිතයේ පළමු කඩයිම දිනන්නට සැරසෙන, ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවනේ,ඔබට විදුහල්පතිතුමාගේත් පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය වන තෙක් මඟ පෙන්වූ ආදරණිය ගුරුවභවතුන්ගේත්,ඔබ පසුපසින් සිටගත් ආදරණිය දෙමාපියන්ගේත් ආදරය හා ආශිර්වාදය නොමදව හිමිවේ..ඔබ නැවත අපට සතුට රැගෙන පාසලට පැමිණෙන තෙක් අපි මඟබලාගෙන සිටින්නෙමු.

දුවේ පුතේ ඔබට විශිෂ්ඨ ජයක් ප්‍රාර්ථනා කරන්නෙමු...

අපේ චූටි යකා 🖤
29/07/2026

අපේ චූටි යකා 🖤

24/07/2026
ශිෂ්‍යත්ව ප්‍රතිඵල ප්‍රවර්ධන වැඩසටහන - පරිසර අත්වැලමෙහෙයවීම - k.H නිස්සංක ගුරු පියාණන්.
21/07/2026

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ප්‍රවර්ධන වැඩසටහන - පරිසර අත්වැල
මෙහෙයවීම - k.H නිස්සංක ගුරු පියාණන්.

🕊️🕯️
06/07/2026

🕊️🕯️

තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ,ජී. එල්. ඒ. ප්‍රියංගනී ගුරු මහත්මියගේ අවසන් කටයුතු පිළිබඳ දැනුම්දීම යි.
05/07/2026

තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ,
ජී. එල්. ඒ. ප්‍රියංගනී ගුරු මහත්මියගේ
අවසන් කටයුතු පිළිබඳ දැනුම්දීම යි.

සාතිශය සංවේගයයි! තංගල්ල ප්‍රාථමික විද්‍යාලයීය සෙවණේ සුවහසක් දරු දැරියන්ගේ නැණැස පාදන්නට දිවි හිමියෙන් කැපවුණු, අප සැමගේ ...
04/07/2026

සාතිශය සංවේගයයි!

තංගල්ල ප්‍රාථමික විද්‍යාලයීය සෙවණේ සුවහසක් දරු දැරියන්ගේ නැණැස පාදන්නට දිවි හිමියෙන් කැපවුණු, අප සැමගේ ආදරණීය ජී.එල්.ඒ. ප්‍රියංගනී ගුරු මෑණියන්ගේ අකල් අභාවය පිළිබඳ පුවත අප විද්‍යාලයීය සමස්ත ප්‍රජාව වෙත බලවත් කනගාටුවෙන් යුතුව මෙසේ දැනුම් දී සිටිමු.

මෑණියනි, ඔබ මුහුණේ නිතරම රැඳී තිබූ ඒ අව්‍යාජ, නිහතමානී සිනහව දයාබර සිසු පරපුරේ මෙන්ම සමස්ත ගුරු මණ්ඩලයේ හදවත් තුළ සදාතනික මතකයක් වනු නොඅනුමානය. දහස් සංඛ්‍යාත දරුවන්ට මවක සේ අසීමිතව ආදරය කරමින්, ඔවුන්ගේ ලෝකය දිනවන්නට මඟ පෙන්වූ ඔබගේ ඒ උදාර මෙහෙවරට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු!

සුවහසක් දරුවන්ගේ නෙත් පෑදූ ආදරණීය ගුරුතුමියණි, ඔබට අමාමහ නිවන් සුව අත්වේවා...!

ශීල සමාදානය හා ධර්ම දේශනාව: 3, 4 සහ 5 ශ්‍රේණිවල සිසු දරු දැරියන් උදෙසා පවත්වන ලද උතුම් ශීල සමාදාන වැඩසටහන සහ වැඩමවා වදාල...
27/06/2026

ශීල සමාදානය හා ධර්ම දේශනාව:

3, 4 සහ 5 ශ්‍රේණිවල සිසු දරු දැරියන් උදෙසා පවත්වන ලද උතුම් ශීල සමාදාන වැඩසටහන සහ වැඩමවා වදාල පූජනීය මහා සංඝරත්නය විසින් පවත්වන ලද ධර්ම දේශනාව.

දරුවන්ගේ මනස් ආලෝකමත් කරනු වස් මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ ආදරණීය මවුපියන් සැමට පින්! 🙏

උදා වන පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන්, විදුහල්පතිතුමාගේ මඟපෙන්වීම හා ගුරු මණ්ඩලයේ අධීක්ෂණය යටතේ තංගල්ල ප්‍රාථමික විද්‍...
26/06/2026

උදා වන පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන්, විදුහල්පතිතුමාගේ මඟපෙන්වීම හා ගුරු මණ්ඩලයේ අධීක්ෂණය යටතේ තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසා සංවිධානය කරන ලද ආගමික වැඩසටහන් මාලාව අද දින ඉතා සාර්ථකව නිමාවට පත්විය.

පළමු වැඩසටහන ලෙස, 1 ශ්‍රේණියේ දරුවන්ගේ දායකත්වයෙන් පැවැත්වුණු 'මල් දන්සල' සහ දෙවනි වැඩසටහන ලෙස, 2 ශ්‍රේණියේ දරුවන්ගේ සහභාගිත්වයෙන් පන්සල බලා පෙරහැරක් ගමන් කරන ලදී.

Address

මහවෙල පාර
Tangalle
82200

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Tangalle Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share