Special Needs Centre

Special Needs Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Special Needs Centre, Educational consultant, Kadurupokuna Road, Tangalle.

ඔට්සම් තත්වය කල්තියා හදුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ව දැනුවත් කිරීම.
16/12/2025

ඔට්සම් තත්වය කල්තියා හදුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ව දැනුවත් කිරීම.

ඔබේ දරුවාටත් ජංගම දුරකථනය නැතුවම බැරිද?                                               මෙය වර්තමානයේ ව්‍යසනයක් බවට පත්ව ඇ...
02/10/2025

ඔබේ දරුවාටත් ජංගම දුරකථනය නැතුවම බැරිද?

මෙය වර්තමානයේ ව්‍යසනයක් බවට පත්ව ඇති කතා කළ යුතුම කරුණකි.ජංගම දුරකථන භාවිතයෙන් ඇතිවන බලපෑම්.

1.දරුවන්ගේ ශරීර වර්ධනයට බලපෑම්.

දරුවන්ට ක්‍රීඩා පිටියේ,සමවයස් දරුවන් සමග උදා-බෝල ගැසීම .මෙවැනි සෙල්ලම් කිරීම් අහිමි වේ. වෙහෙස වීම් නැතිවන විට දියවැඩියාව, හෘදයාබාධ පවා සෑදීමේ අවදානමක් ඇත.දරුවන්ව එළිමහන් ක්‍රියාකාරකම්,සමවයස් දරුවන් සමග සෙල්ලම් කිරීමට යොමුකළ යුතුයි.

2.මොළය සංවර්ධනයට බලපෑම.

ඕනෑවට වඩා දුරකථන , පරිගණක තිර භාවිතයෙන් මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරයි.අඩු අවධානය, බුද්ධි වර්ධනයට බලපෑම් ඇතිවීම, ආවේගශීලී බව වැඩිවීම, සමාජ අන්තර් ක්‍රියා අඩු දරුවන් බිහිවීම, ඉගෙනුම් දුර්වලතා ඇතිවීම වැනි ගැටලු රැසක් මෙම ජංගම දුරකථනයට අධික ලෙස යොමුවීම හරහා ඇති වේ.

3.දරුවන් ප්‍රචණ්ඩත්වයට හුරුවීම.

ජංගම දුරකථනයෙන් ප්‍රචණ්ඩ ක්‍රීඩා 'චිත්‍රපට නැරඹීමට දරුවන් හුරුවීම හරහා ආක්‍රමණශීලී ගති ලක්ෂණ ඉගෙන ගන්නාබව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ.තවද දෙමාපියන්ට අකීකරු,මුරණ්ඩු ගති ඇති දරු පරපුරක් බිහි වේ.

4.විකිරණවලට නිරාවරණය වීම.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව විකිරණ විමෝචනය හේතුවෙන් ජංගම දුරකථනය දරුවන්ට අහිතකරය.මොළය ආශ්‍රිත පිළිකා සෑදීමට හේතුවන බවද පර්යේෂණ මගින් තහවුරු කරයි .

6.සමාජ සබදතාවන් අඩුවීම.

ජංගම දුරකථනයේ දිගු වේලාවක් රැදෙන දරුවා දෙමාපියන් සමග කතා නොකරයි.දෙමාපියන් කතා කළද කෝපයෙන් පිළිතුරු ලබා දේ.මෙවැනි දරුවන්ගේ සන්නිවේදනය අඩුවේ.

7.ඇබ්බැහි වීම.

මෙලෙස බොහෝ කාලයක් ජංගම දුරකථනය සමග ගත් කිරීම හරහා එයට ඇබ්බැහි වේ.මෙවැනි දරුවා සමාජයට නිරාවරණය නොවේ.දරුවන් සමාජයට නිරාවරණය කළ යුතුය.මානසික , චිත්තවේග සංවර්ධනය ඇති කළ යුතුය.

8.ඇස් පෙනීම දුර්වල වීම.

දිගු වේලාවක් තිරය දෙස බලා සිටීමෙන් ඇස් වෙහෙසට පත් වේ.

ආදරය දැනෙන ආකාරය එකිනෙකාට වෙනස්ය.මෙහිදී අප ආදරය දැනෙන ආකාරය හදුනා ගැනීම ඉතා වැදගත්ය.ඇතැම් දෙමාපියන් සිතනුයේ දරුවන්ගේ කටය...
27/09/2025

ආදරය දැනෙන ආකාරය එකිනෙකාට වෙනස්ය.මෙහිදී අප ආදරය දැනෙන ආකාරය හදුනා ගැනීම ඉතා වැදගත්ය.ඇතැම් දෙමාපියන් සිතනුයේ දරුවන්ගේ කටයුතු ඉටු කර දීමෙන් දරුවාට ආදරය ලැබෙන බවයි.දෙමාපියන් දරුවන්ට කෑම ළගටම ගෙන ගොස් ලබාදේ.රෙදි සෝදා දේ.මෙලෙස දරුවන්ගේ සෑම කාර්යක්ම ඉටුකර දුන්නත් දරුවන්ට තමා ගැන ආදරයක් නැති බව දෙමාපියන් පවසයි.දරුවන් ද අපට දෙමාපියන්ගේ ආදරය නොදැනෙන බව පවසයි.මෙහිදී අප දරුවන් ආදරය බලාපොරොත්තු වන ආකාරය හදුන්වා ගත යුතුය.කෙනෙකුගේ හැගීම් වලට ආමන්ත්‍රණය කිරීම ආදරය දැනෙනා හොද ක්‍රමයකි. මෙහිදී දෙමාපියන් අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් මෙලෙස සටහන් කරමි.

1.දරුවාට අවධානය ලබා දෙන්න.

2.ඔවුන්ගේ දක්ෂතා අගයන්න.

3.ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරන්න.

4දරුවාට සවන්දෙන්න.

දරුවන් දෙමාපියන් සමග කාලය ගත කිරීමට කැමතිය.ඔවුන්ගේ කතා අසන්න.ඔවුන්ගේ හැගීම් හදුනා ගන්න.බොහෝ දරුවන් දෙමාපියන්ගේ කාලය ඔවුන් වෙනුවෙන් නොලැබීම නිසා හුදකලා ලොවක තනි වී සිටී.එවැනි දරුවන් දෙමාපියන් සමග කේන්තියෙන් පසුවේ.අප මෙවැනි දරුවන් හදුනා ගත යුතුය.ඉක්මණින් ඔවුන්ට අවශ්‍ය ආදරය ලබාදිය යුතුය. ඔබත් ඔබේ දරුවාට හදවතට දැනෙන්න ආදරය කරන්න.

කණ්ඩායම් චිකිත්සාව ඔටිසම් දරුවන් සඳහා යොදාගන්නා චිකිත්සක ක්‍රමයකි.මෙම චිකිත්සාව තුළින් මෙම දරුවන්ගේ සමාජ කුසලතා, සන්නිවේ...
26/09/2025

කණ්ඩායම් චිකිත්සාව ඔටිසම් දරුවන් සඳහා යොදාගන්නා චිකිත්සක ක්‍රමයකි.මෙම චිකිත්සාව තුළින් මෙම දරුවන්ගේ සමාජ කුසලතා, සන්නිවේදන කුසලතා, අන්තර් ක්‍රියා වර්ධනය යන අංශ වල සංවර්ධනය සිදු කරයි.මෙහිදී දරුවන් සමග ක්‍රීඩා චිකිත්සාව සිදු කිරීමෙන් දරුවන් ඉතා කැමැත්තෙන් චිකිත්සනයට සම්බන්ධ වේ.මෙහිදී සෘජුව හා වක්‍රව දරුවන්ව නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ ගැටලු හදුන්වා ගැනීම සිදුකරයි.එම ගැටලු නිරාකරණය කිරීමට කළයුතු චිකිත්සනයන් ක්‍රීඩා හරහා සිදු කරනු ලබයි. ඔටිසම් දරුවන්ගේ සමාජශිලීබාවය වර්ධනයට කණ්ඩායම් ක්‍රියා සිදු කළ යුතුමය.මුලදී දරුවා කණ්ඩායම් ගත වීමට අකමැති වුවත් ක්‍රමිකව ක්‍රීඩාව හරහා දරුවා එයට සම්බන්ධ වේ.මෙලෙස ක්‍රියාකාරකම් කිරීම තුලින් ඉතා ඉක්මණින් දරුවාගේ සංවර්ධනය ඇතිකළ හැකිය.

ඔබත් ඔබගේ ඔටිසම් තත්වය සහිත දරුවාට ආදරය ලබාදෙන්න.                    සෑම දරුවෙකුම ආදරය ලැබීමට කැමතිය දරුවන් නොයෙක් දේ කර...
22/09/2025

ඔබත් ඔබගේ ඔටිසම් තත්වය සහිත දරුවාට ආදරය ලබාදෙන්න.

සෑම දරුවෙකුම ආදරය ලැබීමට කැමතිය දරුවන් නොයෙක් දේ කරමින් අපගෙන් ආදරය ඉල්ලයි.

ඔටිසම් තත්වය සහිත දරුවන්ගේ ඇතැම් දෙමාපියන් දරුවාට සිදුව ඇති දේ පිළිබඳව නිරන්තරයෙන් කල්පනා කරමින් දරුවාට ආදරය දීම අමතක කරයි.මෙය දරුවන්ගේ මනසට දැනේ.මෙය මා දරුවන් සමග කටයුතු කරන විට දැකගත හැකි විය.ඉතා ඉක්මණින් මැදිහත් වී ක්‍රියාකාරකම් හරහා දරුවාට අවශ්‍ය ආදරය දෙමව්පියන් තුළ ගොඩ නැංවීම සිදු කරන ලදී.මෙලෙස දෙමව්පියන් තමා සමග ක්‍රියාකාරකම් වල යෙදෙන විට දරුවන්ද සතුටින් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ විය.ආදරය හරහා දරුවන්ගේ සංවර්ධනය ඉක්මණින් ළගා කරගැනීමට අපට හැකිවිය.ඔබත් ඔබගේ දරුවාව තේරුම් ගන්න.ආදරය අවංකව ලබා දෙන්න.දරුවා තුළ සිදුවන ප්‍රතිජනනාත්මක වෙනස අත් විඳින්න. සටහන (යොවුන් හා ළමාවිය පිළිබද මනෝ විද්‍යා උපදේශිකා සයුරි තත්සරා)

ඔටිසම් තත්වය සහිත දරුවන්ගේ දෙමාපියන්ට ක්‍රියාකාරකම් පුහුණු කිරීම.          ඇතැම් ඔටිසම් තත්වය සහිත දරුවන්ගේ දෙමාපියන් චි...
22/09/2025

ඔටිසම් තත්වය සහිත දරුවන්ගේ දෙමාපියන්ට ක්‍රියාකාරකම් පුහුණු කිරීම.
ඇතැම් ඔටිසම් තත්වය සහිත දරුවන්ගේ දෙමාපියන් චිකිත්සනයන් සදහා දරුවන්ව රැගෙන යාමෙන් බැහැරව දරුවන්ව නිවෙස්වල තබාගනී.මෙය අනුවණ ක්‍රියාවකි.එය එම දරුවන්ගේ සංවර්ධනය නවතා දැමීමකි.ඔටිසම් තත්වය සහිත දරුවන්ගේ දෙමාපියන් කල් ඇතිව මැදිහත් වී උනන්දුවෙන් ක්‍රියාකාරකම් දරුවාට සිදු කරන විට ඉක්මණින් දරුවන්ගේ සංවර්ධනය ළගා කරගත හැක.දෙමාපියන්ට කළ හැකි ක්‍රියාකාරකම්.

1.දවසට පැයක් පමණ කාලයක් කථන චිකිත්සාව නිවසේදී සිදුකිරීම.දරුවා තමාව රැගෙන ගොස් දරුවාට අවශ්‍ය දෙය අතින් පෙන්වන විට ඉක්මණින් අදාල දෙය නොදී දරුවා සමග කථා කරන්න.එලෙස කථා කරන විට දරුවා වචන ඉගෙන ගනී.

2.දරුවා සමග අන්තර් ක්‍රියාකිරීම.( දරූවා සමග අවධානය බෙදා ගැනීම, මුහුණට මුහුණ බැලීම, තමාගේ වුවමනා ප්‍රකාශ කිරීමට පුහුණු කිරීම.අතින් පෙන්වමින් හැකි අයුරින් අදහස් ප්‍රකාශ කිරීමට දිරි ගන්වන්න.

3. ක්‍රීඩා චිකිත්සාව සිදු කිරීම.දරුවන් ක්‍රීඩාවට කැමතිය.ක්‍රීඩාව හරහා සන්නිවේදනයේ යෙදීම.අවශ්‍ය උපදෙස් චිකිත්සකගෙන් ලබා ගන්න.

4.දෘශ්‍ය ආධාරක භාවිතා කිරීම.(ඔටිසම් දරුවන් පිංතූර භාවිතාකර ඉගෙනීමට කැමතිය.නිවසේදී පිංතූර හරහා සංනිවේදනය සිදු කරන්න. මෙලෙස දෙමාපියන් තම දරුවන්ට කරන චිකිත්සාවන් පිළිබදව දැනුවත් විය යුතුය.තමන්ගේ කැපවීම මත දරුවා ඉක්මණින් සංවර්ධනය කරගත හැකිය. සටහන (යොවුන් හා ළමාවිය පිළිබද මනෝ විද්‍යා උපදේශිකා , විශේෂ අවශ්‍යතා දරුවන්ගේ චිකිත්සක සයුරි තත්සරා )

ඔටිසම් තත්වය සහිත දරුවන් තුළ දැකගත හැකි ලක්ෂණ.                                          1.සමාජ සන්නිවේදනයේ දුර්වලතා.    ...
19/09/2025

ඔටිසම් තත්වය සහිත දරුවන් තුළ දැකගත හැකි ලක්ෂණ.

1.සමාජ සන්නිවේදනයේ දුර්වලතා.

2.සමාජ අන්තර් ක්‍රියා ආශ්‍රිත. ගැටලු-(කෙනෙක් සමඟ එකට එකතු නොවී හුදකලාව සිටීම,අන් අයගේ හැඟීම් තේරුම්ගැනීමට නොහැකි වීම,ඇස් සබඳතා පැවැත්වීමට නොහැකිවීම)

3.හැසිරීම ආශ්‍රිත ගැටලු.(සීමිත ක්‍රියාකාරකම් නැවත නැවත කරමින් තමාගේ ලෝකයක් ජීවත් වීම.)

දරුවන්ගේ ඔටිසම් තත්වය මුලින්ම හදුන්වා ගන්නේ මවයි.                                           දරුවන් සමග කටයුතු  කරන  මවකට...
18/09/2025

දරුවන්ගේ ඔටිසම් තත්වය මුලින්ම හදුන්වා ගන්නේ මවයි. දරුවන් සමග කටයුතු කරන මවකට තමාගේ දරුවාගේ කුඩා වෙනසක් පවා දැනේ දරුවාට නම කියා ඇමතූ විට තමා දෙස නොබලා සිටීද?.තවද දරුවා මවගේ මුහුණ දෙස නොබලයි ද?මෙම ලක්ෂණ ඔබේ දරුවාටත් තිබෙනවාද?මෙම ලක්ෂණ ඔටිසම් තත්වය යැයි සැකකල හැකි මූලික ලක්ෂණ දෙකකි.දරුවාගේ වෙනස්කම් සියුම්ව නිරීක්ෂණය කරන මවකට තම දරුවාට ඔටිසම් තත්වය ඇත්ද යන්න පිළිබද ඉගි මුලින්ම හදුනා ගත හැක.එය ඔටිසම් තත්වයට කල් ඇතිව මැදිහත් වීමට ඉතා වැදගත් වේ.ඔටිසම් තත්වය හදුනා ගත හැකි ලක්ෂණ පසු සටහනක දක්වමි.

30/12/2023

29/12/2023

for developing the socialization of children

දරුවන්ගේ සමාජශීලීබාවය වර්ධනය උදෙසා පැවැත්වූ වැඩසටහන අතරතුර...

දරුවන් තුළ සුහදශීලී බව වර්ධනය  කිරීම මූලික අරමුණ කරගනිමින් මෙවර නත්තල් වැඩසටහන පැවැත්විය.චිත්තවේගී ගැටලු සහිත දරුවන් ගැට...
26/12/2023

දරුවන් තුළ සුහදශීලී බව වර්ධනය කිරීම මූලික අරමුණ කරගනිමින් මෙවර නත්තල් වැඩසටහන පැවැත්විය.චිත්තවේගී ගැටලු සහිත දරුවන් ගැටලු සහිත පරිසරයෙන් ඉවත්කර සංවර්ධනය කිරීමද මෙම වැඩසටහනේ තවත් අරමුණක් විය.වැඩසටහනේ මූලික අරමුණු ඉටුකරගැනීමට නන් අයුරින් සහය වූ පිරිසට හදපිරි තුති.සෑම දරුවෙකුම තමන්ගේ දරුවකු සේ සලකා එම දරුවන්ගේ සංවර්ධනයට සහය දක්වන සහනෝදා ආයතනයේ දරුවන්ගේ දෙමාපියන්ට හදපිරි තුති.🌷🌷
for developing the socialization of children

Address

Kadurupokuna Road
Tangalle
82200

Telephone

+94711475325

Website

Alerts

Be the first to know and let us send you an email when Special Needs Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share