Sathi pasala Thangalle Education zone

Sathi pasala Thangalle Education zone sathi pasal concept

සති පාසල තංගල්ල අධ්‍යාපන කලාපයේ ආරම්භක සති පාසල හ/ අගුණකොලපැලැස්ස මහානාග ජාතික පාසලේදී.... තංගල්ල අධ්‍යාපන කලාපය මගින් ම...
16/04/2021

සති පාසල

තංගල්ල අධ්‍යාපන කලාපයේ ආරම්භක සති පාසල හ/ අගුණකොලපැලැස්ස මහානාග ජාතික පාසලේදී....

තංගල්ල අධ්‍යාපන කලාපය මගින් මෙහෙයවනු ලබන සති පාසල් ආදර්ශ සැසි මාලාව අංක 01 හ/ අගුණකොලපැලැස්ස මහානාග ජාතික පාසලින් 2021. 04. 05 වන දින හා 2021. 04. 06 වන දින ආරම්භ කරන ලදි.

නිවැරදි සිහිය පාසලේදී අධ්‍යාපන කටයුතු වලදී වඩාත්ම වැදගත් වන අතර දරුවාගේ වැඩිහිටි වියේදී ජීවිතය සාර්ථක කර ගැනීමෙහිලා වඩා ප්‍රයෝජන වනු ඇත.

සිග්මන් ෆ්‍රොයිඩ් විසින් ජීවිතයේ කුණාටු සමය ලෙසින් විසින් හදුන්වා දෙනු ලැබූ නව යොවුන්විය ආදර්ශ පන්ති වශයෙන් තෝරා ගන්නා ලද අතර 9 වසර දරුවන් මෙහිදී පලමු කණ්ඩායම ලෙස සති පාසලට සහභාගී කරවාගන්නා ලදි.

මොකක්ද මේ සති පාසල??

බුදු දහමට අනුව සම්මා සතිය ලෙස සරලව හදුන්වා දිය හැකිය. නිවැරදි සිහියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම, නිවැරදි සිහියෙන් ඇවිදීම, නිවැරදි සිහියෙන් කතා කිරීම, සිහියෙන් ආහාර ගැනීම, සිහියෙන් සවන් දීම, සිහියෙන් සියලුම එදිනෙදා කටයුතු සිදු කිරීමට දරුවාගේ මනස පුරුදු පුහුණු කිරීම මෙහිදී සිදු කරනු ලබන්නේය.

සති පාසලෙන් ලැබෙන ප්‍රයෝජන?

නිවැරදි සිහියෙන් මෙම ක්‍රියාකාරකම් සිදු කිරීම තුලින් දරුවාගේ මතකය වැඩි දියුණුවීම මෙහිදී සිදුවන වැදගත්ම ප්‍රයෝජනයයි. දරුවා පාඩම් කරන විට, පංති කාමර ක්‍රියාකාරකම් සිදු කරන විට, ලිවීමේදී, කියවීමේදී, ඉදිරිපත් කිරීමේදී ඇතුලු ඉගෙනුම සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් ඇතුලු එදිනෙදා සියලු කටයුතු සිදු කිරීමේදී මෙම සතියෙන් සිහියෙන් සිදු කිරීම සාර්ථක පුද්ගලයකු වීමෙහිලා වඩා වැදගත් වනු ඇත.

සති පාසල් සැසි ආරම්භය හා පවත්වා ගැනීම.

මෙම සංකල්පය ලොව පුරා දරුවන් වෙනුවෙන් විවිධාකාරයෙන් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ලංකාවේද විවිධාකාරයෙන් ආරම්භවනු දැකගත හැකි ප්‍රවණතාවයකි.

ඒ අනුව ප්‍රවීණ ගුරු උපදේශකවරුන් පාසල් විදුහල්පති ප්‍රධානව විදුහලේ ශිෂ්‍ය උපදේශන අංශය මගින් මෙම සංකල්පය දරුවන්ට ලබාදීමේ වගකීමේ නියමුවරුන් වනු ඇත.

තංගල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රථම සති පාසල ඒ අනුව ප්‍රවීණ ගුරු උපදේශකවරුන් දෙපලක් වන ඊ. ඒ. රේණුකා මහත්මිය හා ඩී.ජී.පියසිරි මහත්මා විසින් මේ අනුව මහානාග ජාතික පාසලේ විදුහල්පති නිශ්ශංක විජේසූරිය මහතා ප්‍රමුඛ විදයාලයීය ශිෂ්‍ය උපදේශන අංශය හා විද්‍යාලයීය ගුරු භවතුන්ගේ දායක්ත්වයෙන් 9 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් සාර්ථක අයුරින් පවත්වන ලදි.

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Sathi pasala Thangalle Education zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category