Aruna Preschool

Aruna Preschool Education

18/08/2026

“පුංචි හිත් කියන්නේ හරිම සුන්දර ලෝකයක්… 🌈

ඒ ලෝකයේ දුකකට වඩා සතුටට ඉඩ වැඩියි. පුංචි හිනාවකට, සෙල්ලමකට, යාළුවෙකුගේ ආදරයට වුණත් එයාලගේ මුළු ලෝකයම සතුටින් පුරවන්න පුළුවන්. ඒ නිසාම දරුවන්ගේ සතුට රැකගැනීම කියන්නේ ඔවුන්ගේ ළමා ලෝකය රැකගැනීමයි. ❤️”

අරුණ පෙර පාසල
මහගල්වැව

දීර්ඝ නිවාඩුවකට වැටුණත්, ඔයාලා නැතුව පෙර පාසල හරිම පාලුයි… 🥺💔ඔයාලගේ පුංචි කටහඬවල්, ඒ ආදරණීය හුරතල්කම්, ඒ ලස්සන මුණු ටික ...
18/08/2026

දීර්ඝ නිවාඩුවකට වැටුණත්, ඔයාලා නැතුව පෙර පාසල හරිම පාලුයි… 🥺💔
ඔයාලගේ පුංචි කටහඬවල්, ඒ ආදරණීය හුරතල්කම්, ඒ ලස්සන මුණු ටික නොදැක ගෙවෙන හැම දවසකම ලොකු හිස්කමක් දැනෙනවා. 🥹

ඉතිං පුතේ, ඔයාලා ඔයාලගේ පුංචි ලෝකයේ හරිම සතුටින් කාලය ගත කරනවා ඇති… 💕
ඒත් ටීචලාට නම් ඔයාලගේ තොරතෝංචියක් නැති පුංචි කියවිලි, සිනාවල්, දඟකම් නැතුව හරිම පාලුයි. 🥺🌸

මේ දින කීපය ඉක්මනින් ගෙවිලා, ආයෙත් ඔයාලගේ පුංචි පා සද්දෙත්, සිනාවත්, කටහඬත් අපේ පන්ති කාමරය පුරවන දවස එනකම්…
අපි ඇඟිලි ගනිමින් බලාගෙන ඉන්නවා පුතේ. 🥹❤️

අරුණ පෙර පාසල
මහගල්වැව

🌈💚 සතුටින් ඉගෙන ගනිමු!සෙල්ලම, අත්දැකීම් හා නිර්මාණශීලී ක්‍රියාකාරකම් තුළින් දැනුමට පියවර තබමු. ✨🌱අරුණ පෙර පාසලමහගල්වැව
18/08/2026

🌈💚 සතුටින් ඉගෙන ගනිමු!
සෙල්ලම, අත්දැකීම් හා නිර්මාණශීලී ක්‍රියාකාරකම් තුළින් දැනුමට පියවර තබමු. ✨🌱

අරුණ පෙර පාසල
මහගල්වැව

🌿🦶 ස්පර්ශයෙන් අත්දැකීමක්!විවිධ ස්වභාවික ද්‍රව්‍ය මත පා තබමින් ඒවායේ ස්වභාවය හඳුනාගැනීමට අවස්ථාව ලබාදී, දරුවන්ගේ සංවේදන ක...
18/08/2026

🌿🦶 ස්පර්ශයෙන් අත්දැකීමක්!
විවිධ ස්වභාවික ද්‍රව්‍ය මත පා තබමින් ඒවායේ ස්වභාවය හඳුනාගැනීමට අවස්ථාව ලබාදී, දරුවන්ගේ සංවේදන කුසලතා වර්ධනය කරමු. 💚✨

අරුණ පෙර පාසල
මහගල්වැව

🌱🎨 පුංචි ඇඟිලිවලින් අපූරු නිර්මාණයක්!පරිප්පු ඇට අලවමින් දරුවන්ගේ සියුම් චලන කුසලතා හා නිර්මාණශීලීත්වය වර්ධනය කරමු. 💛අරුණ...
18/08/2026

🌱🎨 පුංචි ඇඟිලිවලින් අපූරු නිර්මාණයක්!

පරිප්පු ඇට අලවමින් දරුවන්ගේ සියුම් චලන කුසලතා හා නිර්මාණශීලීත්වය වර්ධනය කරමු. 💛

අරුණ පෙර පාසල
මහගල්වැව

රසම රස ගස්ලබු කෑල්ලක් කමුද..😍අපේ පුංචි පැටව් එකතු වෙලා හදපු ලස්සන නිර්මාණයක්🌼🌼අරුණ පෙර පාසලමහගල්වැව
18/08/2026

රසම රස ගස්ලබු කෑල්ලක් කමුද..😍
අපේ පුංචි පැටව් එකතු වෙලා හදපු ලස්සන නිර්මාණයක්🌼🌼

අරුණ පෙර පාසල
මහගල්වැව

🍃🌸 සොබාදහම තුළින් නිර්මාණශීලී ඉගෙනුමක්! 🌸🍃ශාක පත්‍ර සීල් කරමින් සියුම් චලන කුසලතා හා නිර්මාණශීලීත්වය වර්ධනය කරගනිමින් ලස...
18/08/2026

🍃🌸 සොබාදහම තුළින් නිර්මාණශීලී ඉගෙනුමක්! 🌸🍃

ශාක පත්‍ර සීල් කරමින් සියුම් චලන කුසලතා හා නිර්මාණශීලීත්වය වර්ධනය කරගනිමින් ලස්සන මලක් නිර්මාණය කළෙමු. 💚

අරුණ පෙර පාසල
මහගල්වැව

13/08/2026

දරුවෝ මෙච්චර සතුටින් ඉන්න තැනක් දැකලා තියෙනවද? 💛🌈

දරුවෙකුගේ සතුට කියන්නේ පුංචි දෙයක් නෙවෙයි… ඒක ඔවුන්ගේ ඉගෙනීමේත්, වර්ධනයේත් ප්‍රධානම කොටසක්. 🥰

දරුවාගේ මනස සතුටින් නම්,
ආදරය පිරුණු වටපිටාවක් තියෙනවා නම්,
නිදහසේ සෙල්ලම් කරන්න, අත්විඳින්න, අත්හදා බලන්න අවස්ථාව තියෙනවා නම්…
එතැනින් දරුවාගේ සැබෑ හැකියාවන් මතු වෙනවා. 🌱✨

අපි නොදැනුවත්වම දරුවන්ට කරන ලොකුම අසාධාරණයක් තමයි, ඔවුන්ව දවස පුරා පන්තිකාමරයකට හිර කරලා පොතේ දැනුම විතරක් ලබාදෙන තැන්වලට යොමු කරන එක.

📚 පොතේ දැනුම වැදගත්…
නමුත් සතුටින් ඉගෙනීම ඊටත් වඩා වැදගත්.

ඒ නිසා ඔබේ දරුවා වෙනුවෙන් තැනක් තෝරද්දී,
“මෙතැනින් මගේ දරුවාට කොච්චර දේවල් ඉගෙනගන්න පුළුවන්ද?” කියන එකට විතරක් නෙවෙයි,

“මෙතැන මගේ දරුවා සතුටින් ඉඳීවිද?” ❤️

කියලත් හිතන්න.

සතුටින් ඉන්න දරුවෙක් තමයි ලස්සනට ඉගෙන ගන්නේ… ලස්සනට වැඩෙන්නේ… ලස්සන අනාගතයක් ගොඩනගන්නේ.🥰

අරුණ පෙර පාසල
මහගල්වැව

12/08/2026

බබාලා සතුටින් නම්… අපේ ලෝකයත් ලස්සනයි! 🌸💖
අරුණ පෙර පාසල
මහගල්වැව

🌸 අද දවසේ මං දුටු හරි ලස්සන අගය කල යුතුම වැඩක්ඉතිං මට මෙහෙම මගේ අදහස ලියන්න හිතුනා..🥹 අද උදෑසන ශිෂ්‍යත්ව විභාගයට යන්නට ප...
09/08/2026

🌸 අද දවසේ මං දුටු හරි ලස්සන අගය කල යුතුම වැඩක්
ඉතිං මට මෙහෙම මගේ අදහස ලියන්න හිතුනා..🥹

අද උදෑසන ශිෂ්‍යත්ව විභාගයට යන්නට පෙර, අම්මා තාත්තා සමග පුංචි පුතෙක් පැමිණියා..(විදුර පුංචි පුතා)ඉතිං මට වැඳ ආශිර්වාද ලබාගෙන ගියා.🙏

එදා ඔහුගේ පුංචි අත අල්ලාගෙන අකුරු කියා දුන් මුල් ගුරුතුමිය අදටත් මතකයේ තබාගෙන පැමිණීම ඇත්තටම ගුරු හදවතකට ලැබෙන වටිනාම තෑග්ගක්. 🌷

ඒ වගේම ⭐️🌟🌟🌟🌟🌟🌟🌟
තමන්ගේ දරුවාට “ඔබ කොතැනින් ආවාද, ඔබට මුලින්ම මඟ පෙන්වූ අය කවුද කියලා කිසිදා අමතක කරන්න එපා” කියලා කියා දෙන ඒ ආදරණීය දෙමාපියන්ටත් හදවතින්ම ගෞරවය පුද කරනවා. ❤️

දරුවෙකුගේ අධ්‍යාපනයට වඩා වටින්නේ ඔහුගේ ගුණගරුකකම, වැඩිහිටියන්ට ගරු කිරීම, කෘතවේදී වීම සහ මුල අමතක නොකිරීමයි. ඒ වටිනා ගුණ දරුවාගේ හදවතට කුඩා කාලයේදීම එක්කරන දෙමාපියන් ඇත්තෙන්ම අගය කළ යුතු දෙමාපියන්. 🌻

අද ඔබ මට ලබාදුන් ඒ ගෞරවය මගේ ගුරු ජීවිතයේ තවත් ලස්සන මතකයක් වේවි පුතේ… 🥹❤️
ඔබේ විභාගය සාර්ථක වේවා!
ඔබ යන හැම මඟකම යහපත් මිනිසෙකු ලෙස ඉදිරියට යන්නට හැකි වේවා! 🌟🙏

අරුණ පෙර පාසල
මහගල්වැව

Address

Aruna Preschool Meeghajadura
Suriyawewa
82016

Opening Hours

Monday 07:30 - 12:00
Tuesday 07:30 - 12:00
Wednesday 07:30 - 12:00
Thursday 07:30 - 12:00
Friday 07:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Aruna Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share