Srimal Pathirage

Srimal Pathirage I commenced my teaching career in 1998 and established an English Institution called "Super Vision English Institute".

02/06/2022

To ponder

21/09/2021
11/08/2021
11/08/2021
15/07/2021
09/07/2021

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා (Lambda) නැමැති කොවිඩ් වෛරස ප්‍රභේදය, "තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු” (variant of Interest) ලෙස වර්ග කිරීමත් සමගම ලොව පුරා ඒ පිළිබඳ කතා බහක් ඇති වී තිබෙනවා. දකුණු ඇමරිකානු රටක් වන පේරූ රාජ්‍යයෙන් පළමුව හමුවූ බවට නිල වශයෙන් වාර්තා වන මෙම ප්‍රභේදය මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30 කින් පමණ හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් - 19 ඇති කරන, විකෘති වෛරස ප්‍රභේද දෙකක් වන ඇල්ෆා සහ ඩෙල්ටා පිළිබඳව ශ්‍රී ලාංකික අපට අත්දැකීම් තිබුණත් තවමත් මෙම ලැම්ඩා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැහැ. එනමුත්, කල් වෙලා ඇතිව ම අප මේ සටහන තබන්නේ, ඒ සම්බන්ධව පැතිර යා හැකි ව්‍යාජ පුවත් සහ මිත්‍යා මත පහසුවෙන්ම හඳුනාගැනීමට හැකි වන පරිදි , පවත්නා තත්වය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තතු විත්ති ඔබ හා බෙදා හදා ගැනීමට යි.

පසුගිය 2020 වසරෙහි අගෝස්තුවේ මුලින්ම වාර්තා වී ඇති මෙම ප්‍රභේදය පිළිබඳව කතාබහ අළුත් වී ඇත්තේ පේරු දේශයෙන් වාර්තා වෙන අධික කොවිඩ් මරණ ප්‍රතිශතයට ලැම්ඩා ප්‍රභේදය මූලික හේතුවක් විය හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීන් විසින් සැක පළ කිරීමත් සමගයි. එනමුත්, මෙහිදී අප අවධාරණය කල යුතු කාරණාව වන්නේ මෙම දත්ත සහ ප්‍රතිශත පිළිබඳව අර්ථකතනය කිරීමේ දී ඒ ඒ රටෙහි රෝග හදුනා ගැනීමට ඇති පහසුකම්, රෝග හඳුනා ගැනීමට පරීක්ෂාවන් කරන ප්‍රතිශත සහ එම සෞඛ්‍ය පද්ධතියේ දරාගැනීමේ හැකියාවන් පිළිබඳ හොඳ දැනීමක් ඇතිව පමණක්, අදාළ තත්ත්වයන් අනෙක් රටවල් වලට සහ ලෝකයට බලපාන ආකාරය පුරෝකථනය කළ යුතු බවයි.

දැනට අප රටෙහි පැතිරෙමින් පවතින ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේද අයත් වන්නේ, ලැම්ඩා ප්‍රභේදය දැනට ගොනු කර තිබෙන කාණ්ඩයට වඩා වැඩි තිව්‍රතාවයකින් යුතු වෛරස ප්‍රභේද ගොනු කර ඇති, “දැඩි අවධානයක් යොමු කළ යුතු " (variant of concern) කාණ්ඩයටයි.

ලැම්ඩා ප්‍රභේදය තවමත් එලෙස වැඩි අවධානයට යොමු කල යුතු වූවක් ලෙස හඳුනාගෙන නොමැති අතර එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු ප්‍රභේදයක් ලෙස පමණක් නම් කර තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට වරින් වර, සමහර රටවල් සහ ප්‍රදේශ වල රෝගීන් පොකුරු ඇති වීම සඳහා හේතු වූ ලැම්ඩා ප්‍රභේදයෙහි සමස්ත බලපෑම කෙබඳුදැයි අනුමාන කිරීම සඳහා සම්පුර්ණ දත්ත තවමත් ලැබී නොමැති අතර ඊට අදාළ පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. දැනට පවතින තොරතුරු වලට අනුව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවට පමණක් තීරණය කර ඇති මොහොතක පවා, ලංකාව තුල ද මෙම වෛරස ප්‍රභේදය පිළිබඳව මෙලෙස කතා බහක් ආරම්භ වීම ඇත්ත වශයෙන්ම අපි සතුටට පත් විය යුතු කාරණාවක්. මෙවැනි, තමාගේ සෞඛ්‍යයට බලපාන සාධක පිළිබඳව තේරුම් ගැනීම සහ ඊට පිළියම් සෙවීමට උනන්දුවක් දැක්වීම පුද්ගල බලකරණයේ ලක්ෂණයක් .

මෙතෙක් නව කොවිඩ් වෛරස ප්‍රභේද වලින් ප්‍රවේශම් වීමට අප භාවිතා කල නිවැරදි මුහුණු ආවරණ භාවිතය, පුද්ගල දුරස්ථභාවය සහ නිතර දෑත් පිරිසිදු කර ගැනීම මෙම ලැම්ඩා ප්‍රභේදයෙනුත් අපට ආරක්ෂාව සලසනවා. විවිධ එන්නත් වර්ග වලට මෙම නව ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කිරීමේ හැකියාවෙහි වෙනසක් ඇති ද යන්න පිළිබඳව තවම පර්යේෂණ සිදුවෙමින් පැවතුනත්, එන්නත්කරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකි බව දැනට පවත්නා තොරතුරු මඟින් වටහා ගන්න පුලුවන්.

අවසාන වශයෙන් කිව යුත්තේ , මෙම ප්‍රභේදය දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් “තව දුරටත් අධ්‍යනය කළ යුතු ප්‍රභේදයක්” ලෙස පමණක් නම් කර තිබුනත් ඉදිරියේ දී නව දැනුම එකතු වීමත් සමඟ, “ දැඩි අවධානයට යොමු කලයුතු ප්‍රභේදයක්” ලෙස හඳුනා ගැනීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව නවතම විද්‍යාත්මක තොරතුරු සමග ඔබව යථාවත් කිරිමට අප නිරතුරුව සූදානමින් සිටිනා බවයි.

Address

Sri Jayewardanepura Kotte

Telephone

0717200824

Website

Alerts

Be the first to know and let us send you an email when Srimal Pathirage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category