12/09/2024
"සිහිනයෙන් ඇහැරෙන්න කියද්දිත් ගොඩක් අය ඇහැරෙන්නෙ නැත්තෙ, තමන් දකින සිහිනය නැතිවෙයි කියන බයට. නමුත් ආකර්ෂණ නීතියත් එක්ක වැඩ කරද්දි අපි සිහින කියන්නේ නින්දේදී දකින දේකට නෙවෙයි. සිහින කියන්නේ අපිට නිදාගන්න දෙන්නේ නැති දේකට. මොකද සිහින තමයි අපේ ජීවිතයේ වටිනාකම, නියම අර්ථය අපිට කියල දෙන්නේ."
මේ ඒ අපූරු විශ්ව ආකර්ෂණ නීතිය "The Law of Attraction" ප්‍රායෝගිකව පුහුණු කරවූ අපේ වැඩමුළුව.
සමහර වෙලාවට පොඩි මැජික් එකක් වගේ දකින මේ අපූරු විෂය, වීඩියෝ බලල ඉගෙන ගෙන ටික ටික භාවිතයට ගත්ත අය, මුකුත් techniques නැති නිසා practice කරගන්න බැරුව එක තැන නතර වුණ අය වගේම හරි මගපෙන්වීමක් නැති නිස කරන්න ගිහින් වැරදිලා ආකර්ෂණ නීතිය ගැන කිසිම විශ්වාසයක් නැති අයත් එදා මාත් එක්ක එකතු වුණා.
මෙහිදී අපි ආකර්ෂණ නීතියට අදාළ ක්‍රමවේද 21ම ප්‍රායෝගිකව පුහුණු වුණා. Vision Board එකත් මගේ පුද්ගලික අධීක්ෂණය යටතේ නිර්මාණය කරලා ඒ අනුව යටිසිත සැලසුම් කරන අභ්‍යාස කරලා Brain Script එකත් නිර්මාණය කළා. වැඩමුළුව දවස් 2ක් වුනාට ජීවිත කාලය පුරාම භාවිතයට ගන්න පුළුවන් විදියට අභ්‍යාස සියල්ලක්ම පුහුණු වෙලා Daily Ritual Set එකත් නිර්මාණය කළා.
මේ අය හදවතින්ම එකතු කළ අදහස්, අගය කිරීම් වගේම පසුව මට එවපු messages සියල්ලම එය තව දුරටත් තහවුරු කරන්නට වුණා.
මේ අති සාර්ථක පැය 16 අවසානයේ, යළි කිසි දිනක මාව මුණ නොගැහුණත්, හිතින් දකින ඕනම සිහිනයක් තනියම අතින් අල්ලන්න පුලුවන් විදියේ මගපෙන්වීමක් එක්ක මේ කණ්ඩායමත් තමන්ගේ හීන හොයාගෙන පියාසර කළා.🎯
Congratulations to the Law of Attraction New Batch! 💕