08/01/2025
අපි හෝඩියෙන් ම පටන් ගනිමු...
'මව් භාෂාව' කියන්නේ තවත් එක් විෂයක් නෙවෙයි... මවක් තම කුස තුළ දරුවකු දරා ගන්නා පළමු අවස්ථාවේ සිට ම පෝෂණය, ආදරය, රැකවරණය මෙන් ම යහපත් සාර්ථක මිනිසකු වීමට අවශ්‍ය ආකල්ප ද ලබා දෙනවා... ඕනෑ ම කෙනෙකුට මව් මෙන් ම තම මව් භාෂාව ද බොහෝ දේ ලබා දෙනවා. අපි මොන භාෂාවකින් කතා කළත්, ලියූවත් අපි හිතන්නේ අපේ මව් භාෂාවෙන්... අපේ ආකල්ප ගොඩනැගෙන්නේ මව් භාෂාවෙන්.... කොටින් ම අපේ ජීවිතවල යටිපෙළ ලියැවෙන්නේ අපේ මව් භාෂාවෙන්....
ඒ නිසා මවත් මව් බසත් එක හා සමාන යි
කුඩා කල සිට ම දරුවන්ගේ මොළයටත් හදවතටත් මව්බස නිවැරදි ව නියම මාත්‍රාවට සමීප කරවමු.
අපි හෝඩියෙන් ම පටන් ගනිමු