Sri Lanka Vidyalaya

Sri Lanka Vidyalaya 🇱🇰☸️ විජ්ජා උදපාදී ☸️🇱🇰

මරදාන ශ්‍රී ලංකා විද්‍යෘලය මහ පිරිවෙ⁣නේ උසස් අධ්‍යාපනය හදාරන පූජ්‍ය හැඳල රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේගේ ගුරුදේවෝත්තම අම...
10/08/2026

මරදාන ශ්‍රී ලංකා විද්‍යෘලය මහ පිරිවෙ⁣නේ උසස් අධ්‍යාපනය හදාරන පූජ්‍ය හැඳල රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේගේ ගුරුදේවෝත්තම අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක, ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛරාරාමාධිපති, රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති, අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ, ශාස්ත්‍රපති අතිපූජ්‍ය රජවත්තේ වප්ප අනුනායක හිමිපාණන් වහන්සේට උතුම් වූ අමා මහා නිවන් සුව ලැබේවා...

ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ ගරු කෘත්‍යාධිකාරි නා හිමි, ගරු පරිවෙණාධිපති හිමි ඇතුළු ආචාර්ය මණ්ඩල සහ මහා ශිෂ්‍ය සංගමය

🙏 පින්බර ඇසල පොහෝ දිනයක් වේවා! 🙏බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් දිනයක් වන ඇසල පොහොය, බුදු සසුනේ ශ්‍රේෂ්ඨ සිදුවීම් රැසක් සිහි...
29/07/2026

🙏 පින්බර ඇසල පොහෝ දිනයක් වේවා! 🙏

බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් දිනයක් වන ඇසල පොහොය, බුදු සසුනේ ශ්‍රේෂ්ඨ සිදුවීම් රැසක් සිහිපත් කරන පුණ්‍යමය දිනයකි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළේ ද ඇසල පුර පෝය දිනයේය. එමෙන්ම පස්වග මහණුන් අතරින් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සෝවාන් ඵලයට පත්වූයේ ද මෙම පින්බර දිනයේදීය. මෙය බුදු සසුනේ ආරම්භය සනිටුහන් කළ ඓතිහාසික අවස්ථාවක් ලෙස ද සැලකේ.

මෙම උතුම් පොහෝ දිනයේ දන්, සිල්, භාවනාදී පින්කම්වල නිරත වෙමින්, කරුණාව, මෛත්‍රිය සහ යහපත් සිතුවිලි අපගේ ජීවිත තුළ වඩවා ගනිමු.

තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් නීරෝගී සුවය, සැනසීම, සතුට සහ සෞභාග්‍යය සපිරි පින්බර ජීවිතයක් උදා වේවා!

☸️ තෙරුවන් සරණයි! ☸️

ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන - කොළඹ 10

🌿 ගුරු ගුණ අභිනන්දන – 2026 🌿කොළඹ 10 මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන වෙනුවෙන් දශක ගණනාවක් පුරා තම දැනුම, අත්දැකීම් ...
24/07/2026

🌿 ගුරු ගුණ අභිනන්දන – 2026 🌿

කොළඹ 10 මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන වෙනුවෙන් දශක ගණනාවක් පුරා තම දැනුම, අත්දැකීම් සහ කැපවීමෙන් ශිෂ්‍ය පරපුරේ නැණස පෑදූ ගෞරවනීය ආචාර්යවරුන් දෙපළක් වෙත උපහාර පුද කිරීමේ “ගුරු ගුණ අභිනන්දන” වැඩසටහන සහ පාරිවෙණික ශිෂ්‍ය හිමිවරුන්ට සහ සිසු දරුවන්ට මධ්‍ය වාර පරීක්ෂණයේ ප්‍රතිඵල සහිත ප්‍රගති වාර්තා ලබා දීමේ කෙටි උත්සව සභාව ගරු කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ගරු පරිවෙණාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් සාර්ථක ලෙස නිමාවට පත් විය.

වසර 38ක දීර්ඝ අභිමානවත් සේවා කාලය පුරාවට දේශපාලන විද්‍යා විෂය ඔස්සේ ශිෂ්‍ය හිමිවරුන්ගේ හා සිසු දරුවන්ගේ දැනුම පුළුල් කරමින් නැණස පෑදූ එල්. ඩී. එල්. කුලසේකර මහතා සහ වසර 25ක සේවා කාලයක් පුරා බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඔස්සේ ශිෂ්‍ය පරපුරේ බුද්ධිය හා ගුණධර්ම වර්ධනයට මඟ පෙන්වූ ඒ. කේ. විජයරත්න මහතා වෙනුවෙන් ගෞරවනී්‍ය ‘ගුරු ගුණ අභිනන්දන‘ උපහාරය ප්‍රදානය කෙරිණි.

දශක ගණනාවක් පුරා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ අධ්‍යාපනික උරුමය ශක්තිමත් කරමින්, ශිෂ්‍ය හිමිවරුන්ගේ හා සිසු දරුවන්ගේ ජීවිත ආලෝකමත් කළ ඔබතුමන්ලාගේ අමිල සේවයට අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමු. 🙏

📖✨ අනාගතය ජය ගන්නට ගණිත මංපෙත් හෙළි කළ මොහොත!✨📖අද දින (2026.07.17) කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේදී පැවැත්වුණු 20...
17/07/2026

📖✨ අනාගතය ජය ගන්නට ගණිත මංපෙත් හෙළි කළ මොහොත!✨📖

අද දින (2026.07.17)
කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේදී පැවැත්වුණු 2026 මධ්‍යම වාර පරීක්ෂණයේ ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටි අපේ ශිෂ්‍ය හිමිවරුන්ගේ සහ දරුවන්ගේ දක්ෂතාවයන් මෙන්ම කැපවීම අගය කරන අපූරු මොහොතක්.

තර්කානුකූල චින්තනයත්, නිවැරදි ඉලක්කයන් හඳුනාගැනීමත් ප්‍රගුණ කරවන ගණිතය විෂයයෙහි සමත්කම් දක්වමින් අපේ ශිෂ්‍ය හිමිවරුන් සහ දරුවන් ඉතා උනන්දුවෙන් මෙවර විභාගයට මුහුණ දුන්හ.

අපේ ශිෂ්‍ය හිමිවරුන්ට සහ දරුවන්ට ඉදිරි විභාග කටයුතු සියල්ලම උසස් අයුරින් සාර්ථක කර ගැනීමට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු! 🌟

📖✨ අනාගත පරපුරේ සංස්කෘත දැනුම උරගා බැලූ මොහොත! ✨📖​අද දින කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේදී පැවැත්වුණු 2026 මධ්‍යම ...
16/07/2026

📖✨ අනාගත පරපුරේ සංස්කෘත දැනුම උරගා බැලූ මොහොත! ✨📖

​අද දින කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේදී පැවැත්වුණු 2026 මධ්‍යම වාර පරීක්ෂණයේ සංස්කෘත විෂය විභාගයට පෙනී සිටි අපේ ශිෂ්‍ය හිමිවරුන්ගේ සහ දරුවන්ගේ දක්ෂතාවයන් මෙන්ම කැපවීම අගය කරන අපූරු මොහොතක්.

​සංස්කෘත භාෂාව යනු අපේ සංස්කෘතියේ සහ ධර්මයේ අභිමානයයි. අපගේ අනාගත පරපුර එම දැනුමෙන් පෝෂණය වනු දැකීම අපට මහත් ආඩම්බරයකි.

​අපේ ශිෂ්‍ය හිමිවරුන්ට සහ දරුවන්ට ඉදිරි විභාග කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු! 🌟

මධ්‍ය වාර පරීක්ෂණය 20262026.07.15 දිනශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන - කොළඹ 10
15/07/2026

මධ්‍ය වාර පරීක්ෂණය 2026
2026.07.15 දින
ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන - කොළඹ 10

අන්තර් පාරිවේණික දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම 2026 තරගාවලියේ කො/ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ ජයග්‍රහණය ලැබූ සියලුම...
14/07/2026

අන්තර් පාරිවේණික දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම 2026 තරගාවලියේ කො/ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ ජයග්‍රහණය ලැබූ සියලුම ශිෂ්‍ය හිමිවරුන්ට සහ දරුවන්ට උණුසුම් සුභ පැතුම්!

13/07/2026

ගණිත දිනය 2026

සකු සයුරෙන් දිවි සයුරට.....
02/07/2026

සකු සයුරෙන් දිවි සයුරට.....

පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන
29/06/2026

පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන

Address

Slave Island

Opening Hours

Monday 13:00 - 18:00
Tuesday 13:00 - 18:00
Wednesday 13:00 - 18:00
Thursday 13:00 - 18:00
Friday 13:00 - 18:00

Telephone

+94112693867

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Lanka Vidyalaya:

Shortcuts

Share