14/04/2026
🌿🌞
නව සූර්ය කිරණ සමඟ ආරම්භ වන මේ සුන්දර අවුරුදු උදාව,
පරණ දුක් දුරලා, නව සිහිනයන්ට දොරගුළු විවෘත කරන මොහොතක් වේවා.
සුවය බෙදා හදවත් සැනසෙන පාරක් දිගට යන
අපේ හෙද සේවය වගේම,
ඔබගේ ජීවිතයත් සෙනෙහසින්, කරුණාවෙන්,
සතුටින් සහ සාර්ථකත්වයෙන් පිරී පවතීවා.
සියළු දෙනාටම සෞඛ්‍යය, ශාන්තිමත් ජීවිතයක්,
සතුටින් පිරි පවුල් ජීවිතයක්,
සාර්ථක අනාගතයක් ලැබේවායි අපේ ආශීර්වාදයයි.
මේ නව අවුරුද්ද,
ඔබගේ සියලු සුන්දර සිහින සැබෑ වන,
ආශා ඉටු වන,
සිනාවන් නොනවතින වසරක් වේවා!
🌸🌿
තවද, මේ අලුත් අවුරුද්දෙන් අනතුරුව
සුවය සෙවීමට කැපවෙන නව පරපුරක්
අප සමඟ එක් කර ගැනීමට,
සිසුන් බඳවා ගැනීම ආරම්භ කරන බව
ආදරයෙන් දැනුම් දෙමු.
සුවය සේවයට කැපවීමට සිහින දකින
ඔබ සැමට අප සමඟ එක්වීමට
හදවතින්ම ආරාධනා කරමු!
🌞✨
ඇක්සිස් ලංකා හෙද විදුහල – සියඹලාණ්ඩුවෙන්
2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට
හදවතින්ම සුභ පැතුම්! 🌸
Nilantha Asela
ඇක්සිස් ලංකා මොණරාගල